අටවන කොටස

1.5K 420 104
                                    

වර්ෂ 1882

පසුදා උදෑසන තෙක්ම මාලිගාව වෙත පයින්ම ආ ජන්කුක් හා ටේහ්‍යුන් රාජ සභාව ඉදිරියේ දණ ගසාගෙන බලා සිටියේ මහරජු ඔවුන්ගේ ඉරණම තීන්දු කරන තෙක්ය.

ටේහ්‍යුන්ගේ දෑසින් කඳුලු බිඳු නොකඩවා ඔහුගේ දෙකොපුල් තෙමා ගලාගෙන යද්දී ඔහු විටෙන් විටේ තම පෙම්වතා දෙස බැලුවේය.

"කිසිවක් වෙන්නෑ. මම ඉන්නවා නේ...." ජන්කුක් ටේහ්‍යුන් දෙස බලා තොල් මැතිරුවේය.

ටේහ්‍යුන් ජන්කුක්ව විශ්වාස කළේය. ඔහුට අවශ්‍ය වූ එකම දෙය මිය යන තෙක් ජන්කුක් සමග සිටීම පමණි.

මොහොතකට පසු අධිරජු / ජන්කුක් ගෙ පියරජු රාජ සභාවට පැමිනියේය.

"ජන්කුක්...... ඔබ ඇලීනා කුමරිය හා විවාහ විය යුතුයි!!! එයයි ඔබට ලැබෙන දණ්ඩනය!!" රජතුමාගෙ විදානයත් සමග ජන්කුක් ගෙ දෙපා පණ නැති විය.

"පියාණෙනි?"

"ඔබට රාජ්‍ය බලය අවශ්‍ය නැති වග සැබෑය. නමුත් ඔබ ඇලීනා කුමරිය හා විවාහ වී රාජ්‍යය තුල කුමාරයෙකු සේ විසිය යුතුයි"

"නෑ පියාණෙනි.... මට නොහැකියි ඇය හා විවාපත් වීමට..... කෙසේද ඔබ දඬුවමක් විදියට විවාහයක් ලබා දෙන්නෙ?? මගේ පමණක් නොවේ ඇගේ ජීවිතයද විනාශ වෙයි..."
ජන්කුක් පැවසුවේ යොන්ෂුගේ මුවෙහි රැඳුනු සිනහව මග අරිමින්ය.

"මෙයයි මාගෙ අවසාන තීරණය... සෙබලුනු මොහුව රැගෙන යනු"

"පියාණෙනි... ටේහ්‍යුන්? ඔහුට කුමක්ද සිද්ධ වන්නේ......"
සෙබලුන් රැගෙන ජන්කුක්ව රැගෙන යද්දී ජන්කුක් කෑ ගැසුවේ තවමත් දණ ගසාගෙන ඔහු දෙස බලා සිටින ටේහ්‍යුන් දෙස බලමින් ය.

"රාජ කුමාර ජන්කුක් ව රැගෙන යන්න...."

රජුගේ විදානයත් සමග සෙබලුන් ජන්කුක් ව ඇදගෙන යන්නට විය.

"ටේහ්‍යුන් මැණික... ඔබට කුමක්වත් සිද්ධ වෙන්නෙ නෑ... හරිද? මම වදන් දෙනවා ටේහ්‍යුන්..... අප දෙදෙනා නැවත සතුටින් ඉමු. හරිද මැණික... අඬන්න එපා..."
ජන්කුක් ද්වාරය ලඟට යන තෙක්ම උමතුවෙන් කෑ ගැසුවේය.

"ටේහ්‍යුන්ට මරණ දණ්ඩනය නියම කරනවා...."
රජු නියෝග කර සියසුනෙන් නැගිටින විට ද්වාරය අසල සාටි ජන්කුක්ට දැනුනේ කවුරුන් හෝ ඔහුට තදින් පහරක් ගැසුවා සේය.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Where stories live. Discover now