දොලොස්වන කොටස

1.4K 400 38
                                    

වර්ෂ 1882

"ටේහ්‍යුන්....... මැ.....ණීක...?"
ටේහ්‍යුන්ගේ නිසල සිරුර තමාට තුරුලු කරගත් ජන්කුක්ගේ දෑසින් කඳුලු වැගිරුනි.

"මගෙ මැණිකට අමාරුද හුඟක්??"

"මගෙ මැණික...... ඇස් අරන්..න කෝ..... විහිලු කරන්න එපා මැණික....... ඔහොම ඉන්..න එපා..... අනේ.... මගෙ මැණිකට ගොඩක් රිදෙන්න ඇති....... අනේ...... මගෙ ටේහ්‍යුන්ට රිදෙන්න ඇති..... මහ රජතුමනි.... ඔබයි මෙය කලේ.....  මගෙ ටේහ්‍යුන්......... මැණික......"

ජන්කුක් ටේහ්‍යුන්ව අමතමින් ඔහුව බදාගෙන කෑ ගසද්දී බලාසිටිනවුන්ගෙ දෑසට පවා කඳුලු ඉනුවෙ සියලු අසම්මතයන් බිඳ දමමින් ය

"ඔහුට මාලිගයෙන් පිටතට රැගෙන යන්න"

මහ රජු ඈත බලාගෙන අණ කරද්දී ජන්කුක් ව ටේහ්‍යුන්ගෙන් වෙන් කර සෙබලුන් ඔහුව නැගිට්ටුවේය

"මහ රජතුමනි...... කරුණාකර එක් ඉල්ලීමක්... මට අවසන් වතාවට දෙයක් දෙන්න..."
සෙබලුන් ගෙන් මිදෙන්ට දඟලමින් ජන්කුක් බැගෑපත්ව ඉල්ලුවේය.

නමුත් මහරජු නිශ්ශබ්දය.

"කරුණාකර....."

"පියාණෙනි..... කරුණාකර........" ජන්කුක් කෑ ගසමින් ඉල්ලුවේය.

"පියාණනි... අයියණ්ඩි රාජ්‍ය වෙනුවෙන් බොහෝ දේ කලා නොවෙද? ඔහුගෙ ඉල්ලීම ඉටු කරමු"

ජිමින් කීවේ චකිතයෙන් ය.

"හ්ම්.. කුමක්ද ඔබට අවශ්‍ය ජන්කුක්?"

"මහරජුනි කරුණාකර...... ටේහ්‍යුන්ව මට ගෙනියන්න දෙන්න..... කරුණාකර...... "

"ටේහ්‍යුන්ව රැගෙන ගොස් ඔබ කුමක් කරන්නද ජන්කුක්...?"

"ඔහු මගේ පෙම්වතා.... මම ඔහුව මෙසේ සීතල පොලවක් මත දමා යන්නෙ නෑ කෙසේවත්...."

ජන්කුක් කෑ ගැසුවේ පොලොව මත වැටී සිටින ටේහ්‍යුන් දෙස බලමින් ය.

"ගෙන යන්න..... කොහොමත් ඔහු වැන්නෙක්ගෙ මල සිරුරක් වත් අපට අනවශ්‍ය යි"
මහ රජු ජන්කුක් ගේ ප්‍රකාශයෙන් සසල වූවා සේම ලැජ්ජාවට පත් වූ නිසා ජන්කුක් ගෙ දෑස් මග හැර කීවේය.

රජු ගෙන් අවසර ලද සැනෙන් සෙබලුන්ගෙන් මිදුනු ජන්කුක් ටේහ්‍යුන් ගෙ නිසල සිරුර තම දෑත් අතරට ගත්තේය.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Where stories live. Discover now