නව වන කොටස

1.4K 418 87
                                    

මොහොතක් ටේහ්‍යුන්ව තමන්ගෙ පපුවට තුරුලු කරගෙන හිටපු ජන්කුක් වට පිට බැලුවේ කරන්න දෙයක් දන්නෙ නැති නිසා.......

අඩුම තරමෙ pain killer එකක් ඇර ටේහ්‍යුන්ට දෙන්න බෙහෙතක්වත් ජන්කුක් දැනගෙන හිටියෙ නෑ. ටේහ්‍යුන් වචනයක් වත් කරන්නෙ නැතිව තදින් තමන්ගෙ පපුවෙ ගුලි වෙලා ඉන්න හැටි බලාගෙන ඉන්න බැරි තැන ජන්කුක් හිමීට ටේහ්‍යුන්ගෙ ඔලුව අත ගෑවා...

"මට සමාවෙන්න ටේහ්‍යුන්...... මට සමාව දෙන්න....."
හිමීට ජන්කුක් මුමුණද්දී ටේහ්‍යුන්ගෙ ඇස් වලින් ගලාගෙන ගිය කඳුලු කැට ජන්කුක් ගෙ පපුව තෙමුවා. ඒ කදුලු ගැලුවෙ වේදනාවට ද, නැති නම් වෙන හේතුවකටද කියලා ජන්කුක් තියා ටේහ්‍යුන් වත් දැනගෙන හිටියෙ නෑ.



"ජන්කුක්...... පහලට එන්න....."
පහල ඉඳන් අම්මා කතා කරනකොට ටේහ්‍යුන්ව ඇඳ උඩ හාන්සි කරවපු ජන්කුක් හිමීට සාලෙට ආවා.

"ජන්කුක්? මොකක් ද මේකෙ තේරුම.....??"

ජන්කුක් පහලට එනකොටම තාත්තා තදින් අහපු නිසා ජන්කුක් ට ටිකක් තරහ ගියා.

"මගෙන් අහන්නෙ මෙයාගෙන් අහන්න ඕනෙ දේ නේද??"
කායිව පෙන්වන ගමන් ජන්කුක් ආවේගයෙන් කෑ ගැහුවා.

"ජන්කුක්....... ගණිකා මඩමක ඉන්න කොල්ලෙක් ගෙවල් අස්සෙ දාගෙන මොකක්ද නටන්න හදන අලුත්ම නාඩගම??"

"තාත්තෙ එයා......"

"ජන්කුක් එයාට ආසයි" කායි එකපාරටම මැදින් පැනලා කෑ ගැහුවා.

"මම ආසයි?? මොකක් ද ඔයා අදහස් කලේ කායි.... ? මමද ඔයාද?"

"ඔයා එයාව යට කරගෙන ඉන්න ආසයි..."

"ෂික්..... තමුසෙට ලැජ්ජා නැද්ද? අම්මෙ අම්මා ඇස් දෙකෙන්ම දැක්ක නේද කවුද ටේහ්‍යුන් එක්ක හිටියෙ කියලා... මමද කායිද??"
ජන්කුක් කෑ ගැහුවෙ තරහෙන්.

"හරි.... ඇයි ටේහ්‍යුන්ව මෙහෙට ගෙනාවෙ?"
ජන්කුක් ගෙ තාත්තා අහනකොට ජන්කුක් නිරුත්තර උනා...

ජන්කුක් ට ඕනෙ උනේ නෑ කායි කරපු කියපුවා ගැන කියලා අහිංසක අම්මයි තාත්තගෙයි හිත රිද්දවන්න.

"තා..ත්තෙ මම..... එයා...ට.... උදව්..........."

"දැක්කනෙ.. උත්තර කෝ... ඔයාට දෙන්න උත්තරයක් නෑ ජන්කුක්..... ඒ කොල්ල කායි මත් කරලා උගෙ පහත් ආශාවල් සම්පූර්ණ කරගන්න හැදුවෙ...."

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Where stories live. Discover now