හයවෙනි කොටස

1.6K 426 151
                                    

ජන්කුක් ටේහ්‍යුන්වත් අරගෙන පාර දිගේ එනකොට ජන්කුක් ගෙ බෑග් එකත් අරගෙන ජිමින් පස්සෙන් දුවගෙන ආවා....

"ජන්කුක් ටැක්සි එකක යං බං.... මිනිස්සු බලනවා..."

"තව පොඩ්ඩ දුරයිනෙ බං"

"හා යමන්කො...."
ජන්කුක් මේ වෙලාවෙ තමන් කියන දෙයක් අහන්නෙ නෑ කියලා තේරුම් ගත්ත ජිමින් නිශ්ශබ්දව ජන්කුක් ගෙ පස්සෙන් ආවා

පැය කාලකට විතර පස්සෙ ජන්කුක් ගෙ ගේ ඉස්සරහට ආවට පස්සේ ජිමින් ලවා දොර ඇරවා ගත්ත ජන්කුක් ටේහ්‍යුන්වත් උස්සගෙනම කාමරයට ආවා.

"උඹේ කාමරේද තියන්නෙ"

"ඔව්..." නිශ්ශබ්දව ටේහ්‍යුන්ව ඇඳ මත තිබ්බ ජන්කුක් සුසුමක් හෙලලා පැත්තකින් වාඩි උනා.

"එයා රස්නෙයි බං.. හොඳටම උණ" ටේහ්‍යුන්ගෙ නළලට අත තිබ්බ ජිමින් කෙඳිරුවා

"සීතලෙ එලියෙ ඉඳලා වෙන්න ඇති, පහලට ගිහින් වෙට් ටිෂූ අරගෙන එන්න පුලුවන් ද උඹට.."

"ම්... හරි... අනේ මන්දා උඹ කරන දේවල් හරිද කියලා..."

ජන්කුක් ටේහ්‍යුන් දීහා බලාගෙන හිමීට ඔලුව අතගාන්න පටන් ගත්ත නිසා ජිමින් එලියට ගියා.

"ඔයාට අමාරුයි ද ටේහ්‍යුන්..... මම දන්නවා මගෙ අතේ වැරැද්දක් නෑ කියලා, මොකද මම කලේ මගෙ මල්ලිව බේරා ගත්ත එක..... ඒත් මම නිසා නේද ඔයාට එලියෙ නිදා ගන්න උනේ... මට සමාවෙන්න. මම ඔයාව හොඳ කරන්නම්......"

"ජන්කුක්, ආ...." ටික වෙලාවකට පස්සේ ටිෂූ අරගෙන කාමරයට ආපු ජිමින් ටිෂූ පෙට්ටිය ජන්කුක් ට දුන්නා.

ඕඩික්ලෝන් වලින් ටිෂූ පොඟවපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ නළල උඩින් තියලා බෙඩ් ෂීට් එක පොරවලා නැගිට්ට

"යමු" ජිමින් ඉස්සරහ උනා

"කොහෙද?"

"ඇයි බං කොලේජ්"

"උඹ යන්න.... මම එන්නෑ..."

"ඇයි... උඹ ට පිස්සු ද... මේ ගණිකාවක් නිසා වැඩ පාලු කරගන්නෙ"

"එයා ගණිකාවක් නෙවෙ..." ජන්කුක් කිව්වෙ ක්ෂණිකව හිතට දැනුන ආවේගයක් එක්ක

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Where stories live. Discover now