විසි වන කොටස

1.4K 411 126
                                    


"ටේහ්‍යුන්....... මැ.....ණීක...?"
ටේහ්‍යුන්ගේ නිසල සිරුර තමාට තුරුලු කරගත් ජන්කුක්ගේ දෑසින් කඳුලු වැගිරුනි.

"මගෙ මැණික...... ඇස් අරන්..න කෝ..... විහිලු කරන්න එපා මැණික....... ඔහොම ඉන්..න එපා..... අනේ.... මගෙ මැණිකට ගොඩක් රිදෙන්න ඇති....... අනේ...... මගෙ ටේහ්‍යුන්ට රිදෙන්න ඇති..... මහ රජතුමනි.... ඔබයි මෙය කලේ.....  මගෙ ටේහ්‍යුන්......... මැණික......"

















"ජන්කූ........ ජන්කූ නැගිටින්න.... මොකද මේ දාදිය දාලා....."
ටේහ්‍යුන් ජන්කුක් ව හොලවන ගමන් කෑ ගැහුවා.

"ජන්කූ....."

"ටේහ්‍යුන්.........?"

"කූ...?"

"ඔයා හොඳින් නේද මගෙ මැණික..... මගෙ නෙලුම් මල... ඔයා හොඳින්ද?"
ජන්කුක් ඇහුවෙ ටේහ්‍යුන්ව තමන්ගෙ තුරුලට ගන්න ගමන්.

"කූ.... මම හොඳින් ඇයි මේ?"

ජන්කුක් ගෙ දාදිය ගලන මූණත්, තමන්ට කරන නුහුරු උවත්, සමීපයි සේ දැනෙන ආමන්ත්‍රණය ත් නිසා පුදුමයට පත් උන ටේහ්‍යුන් කෙඳිරුවා.

"න්... නෑ..... හීනයක්...."
තමන්ගෙ තුරුලෙන් ටේහ්‍යුන්ව මුදවන්නෙ නැතිවම ජන්කුක් කිව්වෙ සංසුන් වෙන්න උත්සාහ කරන ගමන්.

"කූ... මොනවාද ඔච්චර බය වෙන්න තරම් දැක්කෙ?"
ටේහ්‍යුන් ඇහුවෙ තවමත් වේගයෙන් ගැහෙන ජන්කුක් ගෙ හදවතට සවන් දෙන ගමන්.

"න්..... නෑ අපි ඒ ගැන කතා නොකර ඉමු ටේ......."

ජන්කුක් කියනකොට ටේහ්‍යුන් ඔලුව හොලවලා ජන්කුක් ට තවත් තුරුලු වෙද්දී, ජන්කුක් කල්පනා කලෙ ඔහු දුටු සිහිනෙ ගැන.

ටේහ්‍යුන් ඔහු ඉදිරිපිටම වස දීලා මරලා දානවා???

"නෑ..... මම එහෙම දේකට ඉඩ දෙන්නෑ...."
තමාටම කියා ගත්ත ජන්කුක් ටේහ්‍යුන්ව තවත් තමන්ගෙ තුරුලට ඇද ගත්තා.

********************************




"මම හරියටම හවස 2කට මෙතනට එනවා. එක්සෑම් එක ඉවර උන ගමන් මම මෙතන, හරිද? මගෙ බැංකුවෙ තියෙන්නේ මම එකතු කරපු සල්ලි. තාත්තා ගෙ ඒවා නෙවේ.... අපි සල්ලි ටික අතට අරගෙන දුරකට යමු... හරිද??"

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Where stories live. Discover now