පහලොස් වන කොටස

1.4K 413 91
                                    

සතියක් ගත වෙලා ගියේ කාටත් නොදැනී. ඒ පුංචි කාලය පුරාවට ජින් ටේහ්‍යුන්ට හිතුවෙනත් නැති විදියට ලං උනා. යාළුකමට එහා ගියපු ආදරයට පොඩ්ඩක් මෙහා තිබුනු සහෝදර බැඳීමක්!

ගෙවුණු සතිය පුරාවට ජින්ව බලන්න ආව ජිමින්ව කීප වතාවක්ම ටේහ්‍යූන්ට හම්බුනා ට ජන්කුක් එදා රණ්ඩුවෙන් පස්සෙ ආවෙම නෑ.

ටේහ්‍යුන්ට ඕනෙ කලා එක වතාවක් හරි ජන්කුක් ව හම්බෙලා කතා කරන්න. ජන්කුක් ගෙ මූණ බලන්න. ටේහ්‍යුන් ජන්කුක් වෙනුවෙන් තමන්ට තිබුන ඒ නමක් දන්නෙ නැති හැගීමට වචනයෙන් විස්තර කරන්න බැරි තරමටම ආදරය කලා.
ඒ හැඟීම කොයි මොහොතක කොතැනක ඇති උනාද නොදැන සිටියත් , ඒ හැඟීම ඇති උන හේතුව නොදැන සිටියත්, අඩුම තරමෙ ඒ හැඟීමට දෙන නම වත් නොදැන සිටියත් ඒ දැනෙන හැඟීම තව තවත් විඳින්න ටේහ්‍යුන්ට ඕනෙ කලා.


"ටේ.... ගුඩ් මෝනින්"

"ගුඩ් මෝනින් ජින්"
උදෙන්ම නැගිටලා වෙනදා වගේම කඩේ වැඩවලට උදව් කරන්න ටේහ්‍යුන්, ජින්ට සුභ පැතුවෙ හිනා වෙලා.

"කෝ සෝබින්?" සේවකයාව සොයන ගමන් ටේහ්‍යුන් වට පිට බැලුවා.

ජින්ට විතරක් නෙවෙ තමන්ට කරුණාවෙන් සලකන සෝබින්ටත් ටේහ්‍යුන් හුගක් ආදරය කලා. අම්මාගෙන් දැනුන ආදරය තරම් ආදරයක් නොලැබුනත්, පිට කෙනෙක් වෙනුවෙන් මෙච්චර ආදරයක් කරුණාවක් දක්වන්න කෙනෙක්ට  පුලුවන් ද කියලා ටේහ්‍යුන් කල්පනා කලා.



"ටේහ්‍යුන්......"

"ඇයි අයියෙ?"

"ඊයෙ ජන්කුක් ආවා"
ජින් බිම බලාගෙන කිව්වා.

"මොකක් ද?"

"ඔව්. ඊයෙ ඔයා නිදාගෙන ඉන්නකොට ඔයාව බලලා ගියා. ඔය දෙන්නා , ඔයා කායි එක්ක ඉන්න කලින් ඉඳන් අඳුරනවාද?"

ජින් ඇහුවෙ ඊයෙ රෑ නිදාගෙන සිටි ටේහ්‍යුන්ගෙ නළල  සිප ගත්ත ජන්කුක් ව සිහිපත් කරන ගමන්.

"න්.... නෑ.. නෙ!!" ටේහ්‍යුන් පුදුමෙන් ඇහුවා

"ඇයි ජින්?"

"නෑ... එහෙමත් නෙවේ... ඒක නෙවෙ.. හවස් වරුවෙ අපි යමුද පික්නික් එකක් ටේ" ජින් ඇහුවෙ කල්පනාවකට වැටිලා ඉන්න ටේහ්‍යුන්ගෙන්.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Onde histórias criam vida. Descubra agora