තෙවන කොටස

1.5K 441 108
                                    

"ඔයා තමයි මගේ රස්සාව මට නැති කලේ....."

"මොකක් මම?"

"ඔව්...... තමුසෙ.... තමුසෙගෙ මල්ලි එදා මාත් එක්ක නිදාගෙන ඉන්නකොට බලෙන් ඇදගෙන ගියේ.....  තමුසෙ හිතන්නෙ මම ආසාවට මගෙ ඇඟ විකුණනවා කියලා.... පිනට කරන වැඩක් කියලද හිතුවේ...? ආ..?"

ඔහු කියන විට ජන්කුක්ගේ මතක හිමීට අවධි උනා....

"එදා කායි එක්ක හිටපු.....?"

"කායි.. ඔව් කායි තමා.... මාව ඇති වෙන්න පාවිචි කරලා මට කීයක්වත් නොදී ඇයි ගියේ...?"
ඒ කොල්ලා කෑ ගහනකොට පාරෙ ඉන්න මිනිස්සු කීපදෙනෙක් ඔවුන් දිහා හැරිලා බලනවා ජන්කුක් දැක්කා.

"කෑ ගහන්න එපා මනුස්සයො... මිනිස්සු බලනවා... ඇරත් තමුන් කතා කරන්නෙ හරියම මම උඹත් එක්ක නිදා ගත්තා වගේනෙ..." ජන්කුක්ට ක්ෂණිකව අප්‍රිය තාවයක් දැනුන නිසා
මෙච්චර වෙලා අල්ලගෙන හිටපු ඒ කොල්ලාගෙ අත අත අරින ගමන් කෙඳිරුවා.

"මම ඉල්ලුවා සල්ලි .. මට සල්ලි නොදී ඔය දෙන්නා ගියේ... ඔහෙගෙ මල්ලි මාත් එක්ක පැය තුනකට වඩා හිටියා... ඔව්. පැය තුනකට වඩා මට වද දුන්නා.... ඇඳ පුරාම ලේ.... සල්ලි දෙන්නෙත් නැතිව ගියේ... මාව එතනින් අස් කලා... හැමදේටම වග කියන්න ඕනෙ ඔහේ..."


Flashback

"අනේ......"
කායිගේ අතත් අල්ලගෙන පිටව යන ජන්කුක් දිහා කායිට ඔහුගේ පහස ලබා දුන් කුඩා කොල්ලා, එහෙමත් නැති නම් ටේහ්‍යුන් බලා සිටියේය....

"යන්න එපා..." කම්මුල් තෙමාගෙන කඳුලු ගලාගෙන යනකොට නැගිටින්න හැදුවත් යටිකයින් දැනුන වේදනාව නිසාම ටේහ්‍යුන් එතනම පොලව මතට ඇදගෙන වැටුණා...

"එපා...." ටේහ්‍යුන් හිමීට තොල් මැතිරුවා.....

"ආයෙ ගියොත් මාව මරයි උන්...."

"අම්මේ... මට රිදෙනවා....."
සිවිලිමේ කැරකෙන විදුලි පංකාව දිහා බලාගෙන ටේහ්‍යුන් කිව්වේ දහදියෙන් තෙත් වී මුහුණට වැටුනු හිස කෙස් අතින් පස්සට කරන ගමන්....

"අම්මේ.. ඇයි මාව දාලා ගියේ... ඔයාගෙ ටේට අමාරුයි අම්මේ.... එයාලා මට රිද්දනවා අම්මේ... මට හුඟක් රිදුනා..  අම්මේ... මාවත් ඔයා ගාවට ගන්නකෝ......"

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Where stories live. Discover now