හත්වන කොටස

1.5K 418 87
                                    

වර්ෂ 2021

එදා දවසම ජන්කුක් ගත කලේ ටේහ්‍යුන් එක්ක.

ටේහ්‍යුන් ජන්කුක් ඉදිරියේ නුරුස්සන ස්වරූපයක් පෙන්නුවත් ඔහු හදවතින් ඒ දේට ආශා කළා...

අනේ ජන්කුක් එක්ක හැමදාම ඉන්න පුළුවන් උනා නම් කොච්චර දෙයක්ද?

ඒත් ටේහ්‍යුන් දැනගෙන හිටියේ ඒක වෙන්නෙ නැති දෙයක් කියලා.... තමන් ඔහු එකක් ඉන්න කොච්චර ආසා කලත් ජන්කුක්ට තමන්ව අප්‍රසන්නයි කියලා ටේහ්‍යුන් දැනගෙන හිටියා.......

"ටේහ්‍යුන්......"
කාමරය ඇතුලට එන ගමන් ජන්කුක් කතා කරපු නිසා ටේහ්‍යුන් කල්පනා වෙන් මිදුනා.

"ඔව්?"

"දෙයක් අහන්නද?"

"ම්...." ඔලුව හොලවලා අනුමැතිය පලකරපු ටේහ්‍යුන් ජන්කුක් ගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.

"ඔය මාලෙ ඔයාට කොහෙන්ද?" ටේහ්‍යුන්ගෙ බෙල්ලෙ තියන මාලය පෙන්වමින් කියනකොට ටේහ්‍යුන් අත ඇතුලට දාලා මාලෙ එලියට ගත්තා.

"මගෙ අම්මා දුන්නෙ..... ඒක පරම්පරාවෙන් පරම්පරාවට දෙන මාලයක්...." මාලයේ පරවි අනුරූප අතගාන ගමන් ටේහ්‍යුන් කෙඳිරුවා.

"මට ඒක දැකලා පුරුදුයි"

"වෙන්න බෑ ජන්කුක්....... ඔයාට මේක ඕනෙද? ඒත් කණගාටුයි දෙන්න බෑ.. ඒ වෙනුවට ඔයාට මාව දෙන්නම්" ජන්කුක් ආශාවෙන් ටේහ්‍යුන්ගෙ මාලය දිහා බලාගෙන ඉන්නවා දැකපු ටේහ්‍යුන් කීව.

"පිස්සුද? මට ඕනැති මාලයක් නෑ"

"එහෙනම් මාවද ඕනෙ....?"

"තමුන් මානසික ලෙඩෙක්... ඔය මානසිකත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න....."
ජන්කුක් කිව්වෙ ආවේගයෙන්.

දොර අරින සද්දයක් ඇහුන නිසා ජන්කුක් තමන්ගෙ කතාව නැවැත්තුවා.

"ඒ කායි වෙන්න ඇති. ඔව්ව එයා ඉස්සර එහෙම කියනවා නෙවේ...."
ජන්කුක් කියනකොට ටේහ්‍යුන් හිමීට හිස සෙලෙව්වා.

"අයියේ...... ආවද??"
කායි පහල ඉඳන් කෑ ගහනවා.

"මම උඩ...... පොඩ්ඩක් එන්නකො"

මොහොතකට පස්සෙ කායි කාමරේ දොර ඇරගෙන ආවා.... තමන් දුටු දසුනෙන් කායි පුදුමයට පත් උනා.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Where stories live. Discover now