දහහතර වන කොටස

1.4K 420 103
                                    

මල සිරුරු දෙකක් විලේ පාවෙමින් පවතින වගට ලද ආරංචිය අනුව දෝයොං ගම්මානයෙ  ගම්වාසීන් ගං ඉවුරට රැස් වී බලාගෙන සිටියේ ප්‍රධානියා පැමිනෙන තුරුය.

ඒ වන විටත් සූර්යයා අවරට ගොස් ගංගාව රත් පැහැයෙන් දිලිසෙමින් තිබුනි.

ඒ වන විටත් ධීවරයන් විසින් ඒ මල සිරුරු දෙක ගොඩ ගෙන  සලුවකින් ආවරණය කර තිබුනි.


"ප්‍රධානීතුමා...."
ගම්මෙහි ලාබාල ප්‍රධානී ගං ඉවුරට පැමිණි විට රැස්ව සිටි ජනයා ඔහුට ආචාර කලෝය.

"කොහිද සිරුරු"

"ගොඩට ගත්තා ප්‍රධානීතුමනි"

"ජිසූ.... ඔබට නොහැකි නම් ඒ සිරුරු දෙස බලන්න කරුණාකර මෙතන නවතින්න"

මේවන විටත් තමාගෙ අත තදින් අල්ලාගෙන සිටින තම පෙම්වතිය දෙස බලනා අතර තුර ප්‍රධානී කීවේ ඇය දැනටමත් බිය වි ඇති වග වටහා ගත් නිසාය.

"ඔව් ජින්..... මාත් එසේ සිතනවා. ඔබ ළඟට ගොස් බලන්න"
තම පෙම්වතා ගෙ අත අතහැරි ජිසූ ඔහුට යෑමට ඉඩදුන්නේ ය.

"මළ සිරුරු හදුනා ගත්තා ද?"

"නෑ ප්‍රධානීතුමනි.... මුහුණු විකෘති වී නැතත් ඔවුන් දැක පුරුදු නෑ"

"හ්ම්....."

මළ සිරුරු වසා තිබූ ස්ථානයට ගිය ප්‍රධානී ජින් ශරීර දෙක වසා තිබූ සලුව ඉවත් කර බැලුවේය.

එකිනෙකාගෙ දෑත් තදින් අල්ලාගෙන තෙත් පොලොව මත වැතිරි තිබෙන ප්‍රාණ නිරුද්ද සිරුරු පරීක්ෂා කල ජින් ගෙ මුව පුදුමයෙන් ඇරුනි

"රාජකුමායා???? ඔව්... රාජකුමාර ජන්කුක්???"

තම පියා ජීවත්ව සිටි කාලයෙ එක් වරක් මාළිගාවට ගොස් තිබූ ජින්ට කරුණාවෙන්ත රජකුමරු හමුවී තිබුනි.

කට කතාවලට අනුව රාජකුමරුට පෙම්වතෙකු සිටි වගත් අද උදෑසන ඔහුව මරාදමා තිබූ වගත් ජින් දැනගෙන උන්නේය.

"එසේනම්? මේ ඔහුගෙ පෙම්වතාද?"
විශ්වාස සනාත කර ගැනීම උදෙසා රාජකුමරුගෙ ගෙල සලකුණු කරගෙන තිබූ රාජකීය ලාංචනය දුටු ජින් එය සනාථ කරගත්තේය.

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Where stories live. Discover now