Chapter 30🌌

1K 146 33
                                    

(මම මේ Chapter එක ලියන්නේ Aashiqui 2 එකේ Tum Hi Ho Song එක අහන් ඉතින් මන් ඔයලගෙන් Request කරනවා කැමති නම් එක අහලා හෝ එක play වෙන්න දලා කියවන්න කියලා❤️)

Jk-"ට්-ටේ...ක්-කොහෙද යන්නේ...."

Th-"ජන්කුක් මාව අතඅරින්න..."

Jk-"ට්-ටේ ප්ලීස් යන්න එපා..."

Th-"ජන්කුක් මාව අතාරින්න..."

Jk-"ටේ...ය්-යන්න එපා...."

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ අත් වලින් අල්ලලා නැවැත්තුවත් ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අත් වලින් තමන්ගේ අත් මුදව ගෙන යන්න ගියා.

ජන්කුක් එතනම ඇදේ වාඩි වෙලා අඩන්න ගත්තේ එදා රාත්‍රිය මතක් කරමින්.ටේහ්‍යුන්ග් කෙලින්ම ගියේ දොර ඇරන් එලියට.

දොර ලගම තිබ්බ පඩි පෙල ලගම වාඩි වුන ටේහ්‍යුන්ග් සිගරට් එකකුත් පත්තු කරගෙන අහස දිහා බලන් ජන්කුක් එක්ක ගත කරපු college කලය හිතින් මවන්න පටන් ගත්තා.

සිගරට් එකත් ඉවර වෙද්දි ටේහ්‍යුන්ග් අවසාන ටික පගලා විසික් කරලා දැම්මා.

ටේහ්‍යුන්ග් ඔහේ අහස දිහා බලන් ඉද්දි ජන්කුක් හිමීට ඇවිත් ටේහ්‍යුන්ග්ට ටිකක් පිටි පස්සෙන් ඉද ගත්තා.

ටේහ්‍යුන්ග්ට ජන්කුක්ගේ සුවද දැනුනා.එත් ටේහ්‍යුන්ග් පිටි පස්ස නොබලා අහස දිහාම බලන් ඉදියා.ටිකකින් ජන්කුක් ඉස්සරහට ඇදිලා ඇවිත් ටේහ්‍යුන්ග් ලගින්ම ඉද ගත්තා.ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ හද එලියෙන් දිලිසෙන මූණ දිහා ගොඩක් වෙලා බලන් ඉදියා.හිතට දැනෙන අමුතුම හැගීම් ඉවස ගන්න බැරි වුන ජන්කුක් ටේහ්‍යුන්ගේ අතක් උඩින් තමන්ගේ අතක් තියන ගමන් උරහිසට ඔලුව තියා ගත්තා.

Jk-"මාත් එක්ක තරහා වෙන්න එපා ටේ..."

කටින් පිට වෙන්න හදන ඉකිය අමාරුවෙන් නවත්ව ගන්න ගමන් ජන්කුක් කිවුවේ ටේහ්‍යුන්ගේ උර හිසේ ඔලුව තියන් ඇස් පියන් කවදාවත් නැතුව හිතා ගන්න බැරි තරම් ජන්කුක්ට සැහැල්ලුවක් දැනුනා.

Jk-"ත්-තවත් බෑ ටේ...ම්-මට ඔයාව ඔනේ අ-අවුරුදු කීයක් මන් ඉවසුවද ටේ...ම-මට තවත් බෑ ටේ....මට ඔනේ...මට ඔයාව ඔනේ මගේ බෙයාර්...ඔ-ඔයා නැතුව මට එක තප්පරයක් තව ඉන්න බෑ පන.මට මෙහෙම කරන්න එපා...ඔයා දන්නවද මට ඔයාව ඔන තරම ප්ලීස්...මන් ලගට එන්න මෙහෙම ඉදියා ඇති නැද්ද ටේ...මන් ඔයා කියන විදිහට ඉන්නම් බෑ මට තවත් මෙහෙම ඉන්න....මන් වදින්නම් පන මන් ලගට එන්න..මන් අදරෙයි ගොඩක්"

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now