Chapter 08

857 126 3
                                    

After One Week

සතියක් ගෙවිලා ගියේ ටේහ්‍යුන්ග් කලින් කිවුවා වගේම ටිකෙන් ටික ජන්කුක්ගෙන් පලි ගනිද්දි.ඒ ජන්කුක්ගේ කම්පැනි එක ටික ටික කඩා වට්ටලා.ඇත්තටම ටේහ්‍යුන්ග් මේ ජන්කුක්ගෙන් පලි ගන්නවද ජන්කුක් එච්චර දුර්වලද තමන්ගේ කම්පැනි එක කඩා වැටෙනවා බලන් ඉන්න තරම්?

එත් ඇත්ත එක නෙමෙයි ජන්කුක්ට මහන්සි අවුරුදු ගානක් ටේහ්‍යුන්ග් එක්ක තරග කරලා ජන්කුක්ට මහන්සි ටේහ්‍යුන්ග් එක්ක තරග කරන්න ගිහින් නිකරුනේ එයගේ තරුණ කාලය වැය වුනා ජිවිතේ විදින්න තියන කාලය නැති වුනා.ජන්කුක්ට බෑ තවත් ටේහ්‍යුන්ග් එක්ක තරග කරන්න ජන්කුක් හරි ඉවසීමෙන් ටේහ්‍යුන්ග්ගේ හැම වැඩක්ම බලන් ඉදියා.

කැබින් එකට වෙලා ජන්කුක් ඉදියේ ඔලුව ගහගෙන.එත් කැබින් එකේ දොර ඇරෙනවාවත් ජන්කුක්ට ඇහුනේ නෑ මොකද ඒ තරමට ජන්කුක්ට මහන්සියට ෆයිල්ස් උඩම ලැප් එකත් ඔන් එකේදිම නින්ද ගිහින්.

ජිමින් දොර ඇරන් කැබින් එක ඇතුලට ආවා.ජිම්න් හිමිට ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගේ හිස පිරිමැදින්න ගත්තේ හදදත සියුම් වේදනවාකින් රිදුම් දෙද්දි.

Jm-"මට සමාවෙන්න කුකී ඔයා වෙනුවෙන් මට මුකුත් කර ගන්න බැරි එකට..."

ජිමින්ගේ ඇස් වලින් කදුලු බින්දුවක් රූටලා ගිහින් ජන්කුක්ගේ කොන්ඩේ අතරම සැගවිලා ගියා.ෆයිල්ස් උඩම නිදන් ඉන්න ජන්කුක්ගේ මූණට එබුනු ජිමින් දැක්කා ඒ ලස්සන කඩවසම් රූපය ටික ටික වෙනස් වෙලා තියන විදිහ.ඇස් යට කලු වෙලා තොල් වෙලිලා.වෙහෙසකර පාට මූණ ටිකක් සුදු මැලි වෙලා ගිහින්.ජන්කුක් මේ දවස් ටිකේම කම්පැනි එකේ ඉදන් වැඩ කරා ඒ ටේහ්‍යුන්ග් එක්ක තරග වදින්න නෙමෙයි වෙන වැඩකට.

Jm-"කුකී...."

හෙමීට ඔලුව පිරිමදින ගමන් ජිමින් ජන්කුක්ට කතා කරා.

Jm-"නැගිටින්න අපි ගෙදර යමූ..."

Jk-"ම්හ්......"

කෙදිරිල්ලකුත් එක්ක ජන්කුක් හිමිට ඇස් ඇරලා කෙලින් වුනා.

Jk-"ජ්-ජිමිනා...."

Jm-"ඔව් කුකී දැන් අටත් පහු අපි ගෙදර යමූ නේද?"

Enemy's Love  (TK/YM/NJ/HS)✅Donde viven las historias. Descúbrelo ahora