යුග්ම ෆෝන් එකත් අරගෙන පැත්තකට ගියේ අයුකගෙන් ආව කෝල් එක නිසා..ටිකක් වෙලා ring වෙනකල් බලන් හිටපු කොල්ලා කෝල් එක අන්සර් කරලා කනේ තියා ගත්තේ වටපිට බලලා.
" හෙලෝ චූටි මහත්තයා ගෙදර ගියාද..?"
" ම්ම්ම්..ඇයි ගත්තේ..."
"ඊළඟ පාර මාව බලන්න ආවම මාවත් අරම වඩාගන්න ඕනි හරිද..?"
"කොහොමද..?"
" ඔයාගේ අයියා වඩා ගත්තා වගේ..මං ඇති කියනකල් මාව උස්සගෙන ඉන්න ඕනි.."
" ඒ මොකෝ..ම්ම්ම්..."
" වඩාගන්නෝනේ..එච්චරයි..."
" එච්චරමද ඕනි..ම්ම්..?"
" ඔව්..එච්චරයි..."
" වඩා ගත්තාම ඇතිද..? වඩාගෙන ගහන්න එපාද..?"
" ගහන්නේ මොකටද..? වඩා ගත්තම ඇති.."
" ම්ම්..මං එන්නද දැන් වඩා ගෙන ඉදලා යන්න.."
"........."
" දේව්..."
" ම්ම්ම්.."
" ඔයාට ඕනිද මම දැන් එන්න.."
" ඕනි එපා දෙකම..."
"එක උත්තරයක් දෙන්න අයුක අයියේ.."
" ඒක තමා ඉතින්..ඕන එපා දෙකම.."
"..."
" හරි හරි..ඔයා එන්න..ඒත් අද එපා..හෙට එන්න..ඔයා ඇවිත් ගියා විහ්..."
" අයියේහ්හ්හ්..."
අයුක කියන්න ගිය දේ නැවතුනේ මන්ධීර්ගේ කෑ ගැහිල්ල නිසා.
" ම්..ම්..මං ප්..පස්සේ ගන්නම්.."
" එපා..ලයින් එක කට් කරන්න එපා..ඔහොම ඉන්න.."
යුග්ම කට් කරන්න එපා කියපු නිසා අයුක ෆෝන් එක පැත්තකින් තියලා එයා ඉස්සරහා දසමහා යෝදයා වගේ හිටගෙන ඉන්න මන්ධීර් දිහා බැලුවා..මන්ධීර් රතුවෙලා..කම්බුල් වෙව්ලනවා..ඕනෑවට වඩා එළියට නෙරපු උඟුරු ගැටේ හරි වේගෙන් උඩ පහල ගියා.
" මොකද පොඩි පුතේ බෙරිහන් දෙන්නේ.."
මන්ධීර්ගේ සද්දෙට දුවගෙන ආව නිතිකත් ඇහුවේ කලබලෙන් වගේ.
" තමුසේ...අයියේ...තමුසේ..තමුසේ අර මෝඩයා එක්ක සෙට්ද..?"
" කවුද..?"
" යුග්ම..යුග්ම...උඹ ඌ එක්ක සෙට් ද..?"
ඔව් කිව්වොත් මුන් දෙන්නාගේ වලි ආයේ පටන් ගන්නවා..මන්ධීර් අප්පච්චිට කිව්වොත්...අයුක එතනින් පස්සේ හිතන්නවත් කැමති නෑ..ප්‍රතාප් ලංකාවට එනකල්වත් යුග්මව පරිස්සම් කරන්න ඕනි...මන්ධීර් ප්‍රශ්න වලින් ඈත් කරලා එයාව පරිස්සම් කරන්න ඕනි..මොකද යුග්ම මන්ධීර් ඇවිලෙනවා කියන්නේ එකෙක් මැරෙනකල් මුන් දෙන්නාම නවත්තන්නේ නෑ.. එහෙම සම්බන්දයක් නෑ කිව්වොත් යුග්ම තරහා වෙනවා..යුග්මගේ හැටියට ආයෙම අයුකගේ මූණවත් බලන එකක් නෑ..අයුක පැත්තක තියලා තිබුණු ෆෝන් එක අතට ගුලි කර ගත්තේ අසරණව..
" න්..න්..නෑහ්..එහෙම නෑ..."
" එහෙනම් ඌ.. අර ආව වෙලේ කියපු කතාවේ තේරුම මොකක්ද ආහ්..?"
" මොන කතාවෙද..?"
" උඹ මගේ...."
" අනේ ඕයි මේ..ඌ කිව්ව මඟුලවල් මං දන්නේ නෑ..මට අදාළත් නෑ..මට පිස්සුද මේ දෙකයි පනහේ සිපයි එක්ක යාළු වෙන්න..මං කවුද කියන එක අමතක වෙලාද උඹට..උඹ හිතනවද මං මගේ නම්බුවයි ගෞරවෙයි ඇමතිකමයි පැත්තකට දාලා ඌ වගේ එකෙක් එක්ක යාළුවෙයි කියලා.. මං තමුසේ වගේ මෝඩයෙක් නෙවෙයි මන්ධීර්..ඒක මතක තියා ගන්නවා... "
" එහෙනම් කමක් නෑ..හැබැයි තමුසෙලා දෙන්නා අතර මොකක් හරි මඟුලක් තිබ්බොත් මං ඌව මරණවා..මට උගේ අයියාව දෙන්න ඌ කැමති නෑ වගේම මගේ අයියාත් ඌට දෙන්න මං කැමති නෑ..ඒ නිසා තමුසෙත් උගෙන් ඈත් වෙලා ඉන්නවා..."
මන්ධීර් කේන්තියෙන් කෑ ගහන දිහා අයුක වගේම නිතිකාත් බලන් හිටියා.අයුකගේ ඇස් වල කඳුළු පිරිලා...නිතිකා නම් ඉන්නේ මොකක්ද කියන්න ඕනි කියලාවත් හිතා ගන්න බැරිව..අයුක රූපෙනුයි ගතිගුණ වලිනුයි හැම අතින්ම නිතිකා වගේ උනාට මන්ධීර් තනිකරම හිච්චි මනමේන්ද්‍ර කෙනෙක්..
" අම්මා...ඔයත් මෙයාට කියන්න හොඳේ...මං අරූටත් කියන්නම්කෝ..ඌට දෙන්න උන් මෙහේ නෑ කියලා...මට බෑමයි උගේ මස්සිනා වෙන්න ඌට මගේ අයියා දීලා.. ඊව්...හිතන්නෙවත් කොහොමද යකෝ... අයියයි යුග්මයි...ඊව්...ඊව්..මොන ඒස වැඩක්ද ඒ..."
අඩිපොළොවේ ගගහා කියව කියව අහල පහළ තියෙන බඩු වලටත් පයින් ගහන ගමන් යන මන්ධීර් දිහා අම්මයි පුතයි බලන් හිටියා.
" ලොකූ..."
" leave me alone amma..don't wanna talk about it now.."
" come for dinner for downstair within one hour.."
නිතිකා පිටවෙලා යන දිහා බලන් හිටපු අයුක දොර ලොක් කරලා අතේ තිබුණු ෆෝන් එක දිහා බැලුවා.යුග්ම තාම කෝල් එකේ.
" ච්..ච්..චූටි මහත්තයා..." අයුකගේ කටහඩ වෙව්ලනවා වගේම ඒ ඇස් වල කඳුළු නලියනවා.
" Anything to say minister Ayuka Dewan Manamendra..?"
" මේ අහන්න.."
" අහන්න දේවල් තව ඉතිරි වෙලා නෑ ඇමතිතුමා..මං සේරම අහගෙන හිටියනේ..ම්ම්..මං කැපුනා එහෙනම්..."
" pranav...please listen to me baby..please.."
" Good bye ඇමතිතුමා.."
" ච්...චූටි..අහන්නකෝ...අහන්නකෝ...මේ අහන්නකෝ...ච්..."
ටීක්...ටීක්..ටීක්......
ඇමතුම විසන්ධි වෙලා යද්දි අයුකගේ ඇස් කොනේ රැදිලා තිබුණු කඳුළු බින්දුවක් කම්බුල් දිගේ ඔහේ ගලාගෙන ගිහින් නිකටින් පහළට වැටිලා හැංගුනා.
" am sorry... am sorry... am sorry..."
තමාගේම හිසකෙස් අත් දෙකෙන්ම ඇද ගත් අයුක තමාට ඇසෙන්නට පමණක් මුමුණා ගත්තේ වේදනාවෙනි.
තවත් පස් හය වතාවක්ම යුග්මට කෝල් කලත් ප්‍රතිචාරයක් නැති වෙද්දි අයුක ෆෝන් එකත් පොළොවේ ගැහුවේ කේන්තියෙන්.
කට්ටියම කාලා සාලෙට වෙලා කයියක..ඒත් යුගාන් මන්දනාගේ පස්සෙන්ම කුස්සියට ඇදුනේ හොරගල් අහුල අහුල.
" අහ්..හා...තියපං තියපං ඔය පිඟාන බිඳින්නේ නැතිව..ආවොත් ඇත්නම් මොකක් හරි බිඳලමනේ යන්නේ උඹ ලොකූ.."
" බයින්න එපා ලොකු නැන්දේ ඉතින් පැටියාට..."
" යෝ..මුගේ හුරතලේ...ඕවා මං හොඳ ගන්නම් උඹ පලයං පැටියෝ සාලෙට..."
" උදව්වක් කරන්න ආවාමත් එලවනවානේ අප්පා..ම්හුක්..මහා ඕන්නෑ..ඊට පස්සේ බොරුවට කියවනවා අරහේ රිදෙනවා..මෙහේ රිදෙනවා..මුං එකෙක්වත් මට උදව් කරන්නැ..මංම මැරෙන්න ඕනි...අරකයි මේකයි.."
" අනේ අම්මෝ පැටියෝ මේ..මං උඹට යන්න කියන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි උඹ මෙතන ඉදන් එක වැඩේ දෙක කරන නිසා..ඒකයි.."
" හුහ්..ඔයාට කොහොමත් ලොකු පොඩීවනේ..මාව නෙවෙයිනේ..ඔව් ඉතින් මලයා වගේම ඉන්නවනේ..ඒකට මං නෑනා වගේනේ ඔය නෑනලා නෑනලා තරහයිනේ..ඒකනේ මේ..පැටියාට වෙනස්කම..."
" අනේ පලයං බං...වෙන නෑනලා වගේ නෙවෙයි අපි..අනේ නේශුවා..මගේ පොඩි එකා..."
මන්දනා සුසුමක් හෙලුවේ නෙහාරව මතක් වෙලා.මන්දනාට කොහොමත් නෙහාර කියන්නේ දරුවෙක් වගේ..තමන් ළඟට වෙලා ඇස් දෙකත් බෝල කරගෙන බලාගෙන ඉන්න යුගාන් නෙහාරවම මතක් කරද්දි මන්දනා යුගාන්ගේ ඔලුව හෙමින් අතගෑවා.
" ලොකු නැන්දේ...මේ...අහන්නකෝ..මං දැන් ඉස්කෝලේ යන්නම ඕනි නෑ නේද..?"
" ආන්..ආන්..උඹ මෙච්චර වෙලා මෙතන දොන්තයා උන හේතුව එළියට ආවා..යසයි යසයි...දැන් ඔය කියන්නේ හෙට ඉස්කෝලේ යන්න බෑ කියලා නම් මං උඹව හෙට පුකට පයින් දීලා එළවන්නේ..නිකන් නෙවෙයි පුකට පින්න කොළ හතක් තියලා..අම්මා වගේම හරකෙක් වෙන්න යනවා...පොඩි ගස් බල්ලා..."
" අපෝ...ඔයත් මහා වැල්ලේ ගෑණියක් වගේ අනේ..බෙරිහන් දෙන්න ගියාම.."
" පලයං පලයං..මගේ යකා අවුස්ස ගන්නේ නැතිව.."
" ඒ මේ...ඒක නෙවෙයි ලොකු නැන්දේ..ඇයි පුකට පින්නකොළ හතක් තියලා පයින් ගහන්නේ.."
යන්න හැරුණු යුගාන් ආපහු හැරිලා ඇවිත් මන්දනාගේ උරහිසට ඇඟිල්ලෙන් ඇන ඇන ඇහුවේ බෝල ඇස් තව බෝල කරන ගමන්..ඒ කියන්නේ කොල්ලා ඉන්නේ දැවෙන ප්‍රශ්නෙක කියන එක.
" මං දන්නේ නෑ බං..අපේ අම්මා තමා මට ඔහොම බනින්නේ ඉස්සර..ආත්තම්මා ආවම උඹත් අහලා මට කියපංකෝ..මං ඇහුවට මට කියන්නේ නෑ..උඹ ඉතින් ආත්තාම්මාගේ චූඩා මානික්‍ය නේ.."
" ඊව් ඊව්..ලොකු නැන්දේ..ඔයා නම් ලොකු නැන්දා කමට ගැලපෙන කෙනෙක් නෙවෙයි.."
" උඹත් මගේ බෑනා වෙන්න ගැලපෙන එකෙන් නෙවෙයි.."
" ඔව් ඉතින් බෑණා වෙන්න බෑනේ..මං ලොකු අක්කාව බඳින්න යෑ..අනික චිරාන් අයියාව බඳින්න කියන්න නම් එපා හොදේ..මගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා හූම්.."
" නෙදකින් නෙදකින්..මේ පොඩි ගස් බල්ලා...මූ මොන්ඩිසෝරියෙන් එක පාර ඒ ලෙවල් වලට ගියාද මන්දා..ඇයි යකෝ පහා වසරෙදි නෑකම් කියා දෙනවානේද මුන්ට..අම්මාපා දැන් ඉන්න උන් නම්.."
" මේ මං එහෙනම් නිදා ගන්න යනවා මංජනෝ..ගුඩ් නයිට් ඒයි..මහත්තයා නැතුව පාළු නම් ඔයා එන්න මමයි යුග්මයි ගාවට.."
මන්දනාගේ කම්බුලකට හාදුවක් තිබ්බ යුගාන් යන්න ගියේ මන්දනාගේ මූණේ හිනාවක් ඇදෙද්දි..
" උඹව මෙහේ දාලා අරුන් දෙන්නා ගිය එකට මට තරහයි බං..උඹව පරිස්සම් කර ගන්නේ කොහොමද බං මං.."
මන්දනා තමන්ටම කියා ගත්තේ පිජාමා එකත් ඇදන් තාර පැටියා වගේ පැන පැන යන යුගාන් දිහා බලාගෙන.
යුග්ම කාමරේට වෙලා පාඩම් කරනවා..යුගාන් කාමරේට ආවත් යුග්ම නෙවෙයි හැරිලාවත් බැලුවේ.
" යුග්මයෝ..මං නිදා ගන්නෝ.."
" ම්ම්.."
" මං නිදා ගන්නවා කියන එකේ තේරුම ඔයත් දැන් නිදා ගන්න ඕනි කියන එක.."
" ම්හ්..මං මේ ටික පාඩම් කරලා එන්නම්..අයිනට වෙලා නිදා ගන්නවා.."
" අනේ යුග්මයෝ..එනවකෝ.."
" මං දැන් සැරයක් කිව්වානේ.."
" හරි ඉතින්..ඔයා අප්පච්චි වගේ කෑ ගහන්න එපා.."
යුග්මට අත මිටි මොලවලා පාරක් ගහපු යුගාන් ගස්සගෙන ගිහින් ඇදට පැන්නා.
_____________________________________________
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
හරිම කම්මැලි ළමයි..හරිම කම්මැලි.