ප්‍රතාප් ඔෆිස් එකේ ඉදන් ගෙදරට ආවේ කොහොමද කියලවත් සිහියක් තිබ්බේ නෑ.එයා කරන්නේ මොනාද කියන්නේ මොනාද කියලවත් එයාට තේරෙන්නේ නෑ..අඩුම තරමේ මේ දේට මුහුණ දෙන්නේ කොහොමද manage කර ගන්නේ කොහොමද කියලවත් එයාට තේරුමක් නෑ.
Security අසරණ විදිහට ප්‍රතාප් දිහා බැලුවේ ගේට්ටුවෙන් මෙහාට ගේ ඇතුලට අඩියක් තියන්න ඒ මනුස්සයාට අවසර දීලා නැති වෙද්දි උනත් වැඩට ඉන්න කෙනාගේ කෑ ගැහිල්ලට ගේ ඇතුලට ආවත් ලේ විලක් මැද වැටිලා ඉන්න නෙහාරව උස්සලා ගන්නවත් ඒ මනුස්සයා බය උනා.මොකද පිටින් හොඳ පෙනුමට හිටියත් ප්‍රතාප්ගේ ඇතුලේ ඉන්න මාරාවේෂ වෙන යකා ගැන ඒ මනුස්සයා හොඳටම දන්නවා.
කුස්සියේ ලේ පිරිලා නෙහාර ඇදන් උන්න ලා කොළ පාට ශර්ට් එක දුඹුරු පාට වෙලා එක අතක එළවළු කපන පිහිය මිටි මෙලවෙලා තියෙද්දි දකුණු අතේ තාමත් වතුර මලක් වගේ ලේ විදිමින් තිබ්බා.නෙහාරගේ මූණ තෙතයි..උඩට විදින ලේ වලින් පෙඟිලා.ඒ ඇස් වැහිලා..වෙලාවකට කඳුළු පුරවගෙන,තව වෙලාවකට හිනාව පුරවගෙන , තවත් වෙලාවකට හොර පූසෙක් වගේ, ප්‍රතාප්ගේ ඇගට යට වුණ වෙලාවට රාගයෙන් පුරවගෙන ප්‍රතාප් දිහා බලන ඒ ඇස් පියවෙලා ගිහින්.තරහා වෙලා උන්නත් එයා එනකල්ම ගෙයි දොරකොඩට වෙලා බලන් උන්නු කොල්ලා ප්‍රතාප් ආවත් අද ඇස් ඇරලා බලන්නේ නෑ.
තමන්ගේ බරවත් දරාගන්න බැරිව පණ නැතිව තියෙන කකුල් දෙකට කොහොම හරි හයිය ගත්ත ප්‍රතාප් නේශුව දෝතට ගත්තා.බර අඩු වෙලා සෑහෙන්න..සතියකට පස්සේ ප්‍රතාප්ට තේරුණා එයාගේ නේශූ මේ සතියට කෙට්ටු වෙලා කියලා.වෙනදා තව ටිකක් තුරුළු වෙලා බෙල්ල වටේ අත් ඔතාගෙන බෙල්ල අස්සෙම මූණ ඔබා ගන්න කොල්ලාගේ ඔලුව අද ඔහේ හෙල උනා.ප්‍රතාප් කරේ බැදන් උන්න ටයි එකෙන් තද කරලා බැන්ද දකුණු අත අරගෙන නෙහාරගේ බඩ උඩම තිබ්බ ඇන්ටි ප්‍රතාප්ට ඉඩ දීලා පැත්තකට උනා.
" ඇයි නේශු උඹ මෙහෙම කරන්නේ මට...?"
" ඇයි කියපං බං..මං ආදරේ විතරක්ම දෙද්දි උඹ මට වේදනාව කලකිරීම විතරක්ම දෙන්නේ...?"
" මං මොනාද කරන්න ඕනි කියපං නේශූ උඹව සනසන්න..."
" ඇයි බං මට මෙහෙම එපා කරවන්නේ..?"
" මට ආදරේ නැත්තත් දරුවන්ට හරි ආදරේ ඇති කියලා හිතුවා..ඒත් නෑ බං..උඹ මට ආදරෙත් නැ..දරුවන්ට ආදරෙත් නෑ..උඹට ආදරෙත් නැ..මට දුක ඒකයි බං.."
" මං උඹට ආදරෙයි කියලා දැන දැන..යුගාන් ඔයා නැතිව හුස්මක් ගන්නවත් දන්නේ නෑ කියලා දැන දැන..යුග්මට ඔයා නැතිව ඇදුමක්වත් තෝරගන්න බෑ කියලා උඹ දන්නවා..අපේ දෝණිට අම්මා ඕනිමයි මේ කාලෙට කියලා දැන දැනම කොහොමද බං හිත හදාගත්තේ යන්න..උඹට හිතන්නවත් පුළුවන් උනාද බං.."
ඩොක්ටර්ස්ලා එනකල් නෙහාරව එයාගේ උකුලෙම තියාගෙන ප්‍රතාප් හිමීට ඒ ඔලුව අතගෑවා.ප්‍රතාප්ගේ ඇස් අඟින් පුංචි කඳුළු බින්දුවක් ගලාගෙන ගියා.ප්‍රතාප්ගේ ජීවිතේම උනේ නෙහාර.නෙහාර තමා එයාගේ පවුල..එයාගේ ලේ වලට පණ් පෙව්ව මේ පිරිමි රූපේ තමා ප්‍රතාප්ගේ හැමදේම උනේ.දරුවෝ තුන් දෙනාට ආදරේ නෑ හිත්න්න එපා..ඒ එයාගේ ලෝකේ..එයාට කියලා පවුලක් දුන්නේ නෙහාර වෙද්දි..නෙහාර නැතිනම් කවදාවත් එයාගේ ලේ වලට ජීවයක් ලැබෙන්නේ නැතිවෙද්දි, එයාගේ පව්ල නෙහාර නෙවෙයිද..?එතනින් එහා එයාගේ ලෝකෙම හැදුවේ නෙහාර නෙවෙයිද..?ඔහේ පාවුණ එයාගේ ජීවිතේ එකට එකතු කරලා පිළිවෙලක් කරේ නෙහාර නෙවෙයිද..? ප්‍රතාප්ට ජීවතේ අර්ථවත් කරගන්න හේතු දුන්න මනුස්සයා එයාව දාලා යන්න උත්සහා කරා කියලා දැනෙද්දි හිතට එන්නේ දුකක්ද..? කලකිරීමක්ද..? කේන්තියක්ද කියලා ප්‍රතාප්ට හරියට තේරුම් කර ගන්න බෑ..නෑ...ප්‍රතාප්ට තේරුණේ නෑ ඒ දැනෙන්නේ ඒ හැමදේම එකට කැලතිලා එකතු වෙලා දැනෙන එයාට එයාවත් දරාගන්න බැරි හැඟීමක් කියලා.
ප්‍රතාප් එයාට දැනෙන හැමදේම තේරුම් ගන්න උත්සහා කලා..ඒ රළු අත් හරි පරිස්සමට නෙහාරගේ ඔලුව අතගානවා.ඒ ඇස් කඳුළු පුරවගෙන නෙහාරගේ පියවුණු අස් දිහා බලන් ඉන්නවා.
" මට සමාවියන් බං..උඹට දරාගන්න බැරි වෙන තරමටම උඹව රිද්දුවාට..වෙනදාට රිඳුණු ගමන් දුවගෙන ඇවිත් මට තුරුළු වෙන්න තිබුණු අවසරේ අයින් කරාට..මට තිබුණා උඹ තාම පුංචි කියලා හිතන්න..මට තිබුණා උඹ එක්ක කේන්ති නොගෙන ඉන්න..උඹ මේ තරමට බොළඳයි කියලා තේරුම් ගන්න..මට සමාවියන් මැණික..උඹව අසරණ කරාට...දරුවන්ව දාලා එක මොහොතකට ඈතකට යන්න හිතන්නවත් බැරි උඹව මං මැරෙන්න හිතෙන තරමටම අනාථ කරාට.."
ඩොක්ටර්ස්ලා දෙන්නෙක් එක්ක මුළු කාර්යමණ්ඩලයක්ම ඇවිත් ඉද්දි එක්කෙනෙක් හෙමිට නෙහාරව ප්‍රතාප්ගේ උකුලෙන් අරගෙන ඇදෙන් තිබ්බා.
"පොඩ්ඩක් එළියෙන් ඉන්න සර්.."
ප්‍රතාප් වචනයක්වත් නොකියා බිම බලාගෙනම කාමරෙන් එළියට ගිහින් පුටුවක වාඩි උනා.
" සර්..patientට දෙන්න අපි ළඟ දැනට තියෙන blood මදි..අපි request කලා blood bank එකෙන්..but...ටිකක් හදිස්සි..patientගේ condition එකත් එක්ක මේ මට්ටමට අල්ලන් ඉන්න අමාරුයි..අපිට patient ට ගැලපෙන blood group එකක් හොයා ගන්න බැරි වෙයිද ඉක්මනින්..."
" මම O-..මගෙන් ගන්න පුළුවන් නේ.."
" සර් එහෙනම් ready වෙනවද checkup එකකට.."
" Ok.."
ප්‍රතාප් කල්පනා කරලා කරලා යුග්මට කෝල් එකක් ගත්තා.පන්තියේ උන්නත් vibrate වෙන ෆෝන් එක හොරෙන් බලද්දි අප්පච්චි කියන නම screen එකේ පෙන්නද්දි කොල්ලා හොරෙන්ම ෆෝන් එක කනේ තියාගෙන පහත් උනා.
" මගේ පුතේ..පොඩ්ඩක් ගෙදරට වරෙන්.."
" එන්නම් අප්පච්චි..."
ඇයි මොකද ඒ මොකුත් නෑ..එන්නම් කිව්ව කොල්ලා පුටුවෙන් නැඟිටලත් ඉවරයි.අප්පච්චි කීයටවත් school time එකේ කතා කරන්නේ නෑ..කතා කරනවා නම් ඒ කරන්නම දෙයක් නැතිකමට.අනික සැරින් සැරේ කැඩෙන කටහඩින් යුග්මට තේරුනා මොකක් නමුත් හොඳක් නෙවෙයි කියලා.
" යුග්ම ඔය මොකද මිනිහෝ.." පන්තිය අතරමැද පන්තියෙන් එළියට යන එයාගේ දක්ෂම ගෝලයාගෙන් පිසික්ස් සර් ඇහුවේ කේන්තියෙන්.
" Sorry..I have to go now.."
Sir වචනයක් කියන්න කලින් කොල්ලා ගිහිල්ලත් ඉවරයි.
බයික් එක ගේට්ටුවෙන් ඇතුලට දැම්ම යුග්ම දැක්කේ ඇම්බියුලන් එක වගේම මල් පෝච්චියකුත් පෙරලගෙනම නවත්තලා තිබ්බ අප්පච්චිගේ කාර් එක.නැවැත්තුවා කිව්වාට එන්ජිම තාම වැඩ.
" අප්පච්චි.."
ගේ ඇතුලට කලබලෙන් දුවගෙන ආව කොල්ලා ප්‍රතාප් ළඟ බ්‍රේක් ගැහුවා වගේම රතුපාට හීනි රේඛා මතු වෙච්ච අප්පච්චිගේ ඇස් දැක්කම කොල්ලා ගැස්සුන..
" කෝ අම්මා..."
ප්‍රතාප් මොකුත් නොකියා එයා ඉදගෙන හිටපු සෝෆාවේ තැනකට තට්ටුවක් දැම්මේ සන්සුන් වෙන්න කියනගමන් ඉද ගන්නත් ආරාධනා කරමින්.
" මොකක්ද උනේ..?"
ප්‍රතාප් හිමින් හිමින් යුග්මට වෙලා තියෙන දේ කිව්වා වගේම ඒ ඇස් දෙකත් රතු වෙන්න තප්පරයක් ගියේ නෑ.
" මේ අහපං..මං අම්මිට ලේ දෙන්න ඕනි...එතකල් අම්මිව බලා ගනින්.."
යුග්ම මොකුත් නොකියා ඔලුව වැනුවා.
ඩොක්ටර්ස්ලා නර්ස්ලා කලබලෙන් නෙහාරගේ වටේ එක එක වැඩ.පැත්තක තිබුණු පුටුවක වාඩි උන ප්‍රතාප් එයාගෙන් ලේ ගන්න දීලා නෙහාර දිහාම බලන් හිටියා.
" සර්...මීට වඩා සර්ගෙන් ලේ ගන්න බෑ..සර් දුර්වල වෙයි..සර්ගේ පුතා..."
" එපා..එයාලා වැඩෙන ළමයි..මගෙන් පුළුවන් තරම් ගන්න.."
අන්තිමට ප්‍රතාප්ට සිහිය නැති වෙද්දි නෙහාර උන්න critical situation එකෙන් මිදිණා වගේම ප්‍රතාප්ගේ අතට සේලයින් කට්ටක් ඇමිණුනා.යුග්ම හිමීට සුදු මැලි උන අප්පච්චිගේ තොල් තෙත් කලා..බටර් ගෑවා.යුග්මට ජීවිතේ පළවෙනි වතාවට අප්පච්චි නැත්තම් එයාලා කොච්චර අසරණ වෙනවද කියලා හිතුනා.ප්‍රතාප්ගේ මුරණ්ඩුකම්,දඩබ්බරකම් අඩුවක් නැතිව ගෙනත් තිබුණු යුග්මට තේරුනා අප්පච්චි නැති එක මොහොතකට එයා හුළං ගිය බැලුමක් නෙවෙයිද කියලා.
" අම්මා ඔයාට මගේ දෙයියෝ කියන්නේ ඇයි කියලා දැන් තේරෙන්නේ...අම්මා ඔයා නැතිව ජීවත් වෙන්න බෑ කියන්නේ මේකයි...ඔයාට ටික වෙලාවකට සිහි නෑ කියලා දැනෙද්දි මට දැනෙන්නෙත් මහා අසරණකමක්..අනාරක්ෂිත ගතියක්..අම්මා ඒ හැඟීමට කැමති නෑ..ඒකයි..මටත් දැන් හිතෙනවා මෙච්චර කල් රැඟුවේ මොන මඟුල උනත් අප්පච්චි ඉන්නවා කියන හැඟිමෙන්..ඒකයි මට මේ ටික වෙලාවකට උනත් ඒ අසරණකම දැනෙන්නේ.."
ප්‍රතාප් පියවෙලා ගිය ඇස් දිහා බලාගෙන යුග්ම හිතුවා.දෙතුන් වතාවක් හිතලා හිතලා යුග්ම හෙමින් ප්‍රතාප්ගේ ඔලුව අතගෑවා.ඇත්තටම ඒ පළවෙනි වතාව.යුග්ම එයාගේ අප්පච්චිගේ කෙස් අතර ඇඟිලි යවපු පළවෙනි වතාව.බෙල්ල ලඟට කඩා හැලෙන කොණ්ඩේ නිසා යුග්ම හිතුවේ අම්මාගේ වගේ සිනිදු ඇති කියලා.ඒත් නෑ ඒ කෙස් හරි ඝනයි.
" නේශුට කොහොමද..?"
යුග්ම ඉක්මන්ට එයාගේ අත ඇදලා අරන් සාක්කුවට දාගෙන කෙලින් හිටගෙන උඟුර පෑදුවා.
" එයා critical situation එකෙන් එළියට ආවාලු..ඒත් තාම සිහිය නෑ..ඔයාට කොහොමද..?"
" ශේප්..මෙන්න මේ මඟුල ගලවපං..."
" ඒත් ඔය සේලයින් බෝතලේ ඉවරවෙනකල්වත් ඉන්න අප්පච්චි..."
ඒත් ප්‍රතාප් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි වෙද්දි එයාම කැනියුලාව ගලවගෙන නෙහාරගේ ඇඳ ළඟට ගියා.
" අප්පච්චි..ප්‍රියන්මදා කතා කලා.ෆ්ලයිට් එක කැන්සල් කරන්නද අහලා..මං එපා කිව්වා අප්පච්චි.."
" ඇයි..?"
" ඔයා ඒ ගමන යන්න..අම්මිගේ මේ මෝඩ වැඩ නිසා ඔයා කීයටවත් ඔයාගේ දියුණුවට බාධා ඇති කර ගන්න එපා..අනික ඔයා අද නැවතුනා කියන්නේ අම්මි ඊළඟ වතාවේ මීට වඩා වැඩි දෙයක් කරයි ඔයාව නවත්ත ගන්න..."
" ඒත් එයා මේ තත්වේ ඉද්දි.."
" එයාගේ heart beat එක හොඳට වැඩ..එයාගේ ලේත් දැන් හොඳට වැඩ..සිහිය නොඑන්නේ දුර්වල නිසා..සේලයින් එකෙන් එයාට පණ එයි..ඔයා යන්න..මං සේරම බලාගන්නම්.."
" ඒත් එයා තව ප්‍රෙශර් වෙයි.."
" මං බලන්නම් කිව්වානේ.."
" තව ටිකකින් යුගාන් එයි..දුවත් එයි..එයාලා මේක දැන ගන්නවට මං කැමති නෑ..යුගාන්ට එපා වෙයි..."
" අම්මිට තව ටිකකින් සිහිය එයිනේ..ඇන්ටි කුස්සියත් අස් කරලා..ශේප්..."
" හ්ම්..."
" ඔයා යන්න ලෑස්ති වෙන්න..නොගියොත් අම්මිගේ මුරණ්ඩු ගතිය වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නෑ.."
" පැටියාගේ අම්මේ..."
හවස පන්ති ඉවර වෙලා ඩ්‍රයිවර් එක්ක ආපු යුගාන් කාර් එකෙන් බැස්සෙම නෙහාරට කතා කරගෙන උනත් අද නෙහාර වෙනුවට දොරකොඩ හිටියේ ප්‍රතාප්..
" අහ්..මං මේ රුසියාවෙද ඉන්නේ..?"
යුගාන් ඇහුවේ නෝන්ඩියට උනත් ප්‍රතාප්ගේ රැවිල්ලත් එක්ක කොල්ලාගේ කින්ඩි හිනාව මැකිලා ගිහින් හොර බැල්ම මතු උනා.
" නෑ ඉතින්..ඔයා අපිටත් නොකියම යන්න ඇතියි කියලනේ මං හිතුවේ..ඒ උනාට පැටියාගේ අප්පච්චි කොහොමද පැටියාට නොකියා යන්නේ නේද..? ඔයා මං එනකල්ද බලන් හිටියේ..ප්ලයිට් එකත් කල් දාලා..."
" හ්ම්ම්.."
" මං දන්නවනේ..ඔයා එච්චර නරක නෑ..මං ඔයාව බදා ගන්නද..?"
" ම්ම්ම්.."
" ඔයා නැතිව ආයේ පාළුවෙන් ඉන්න වෙනවනේ ඉතින් අයියෝ..ඉක්මන්ට එන්න හොඳේ..කල් යන්න යන්න පැටියාට දුක හිතෙනවා වැඩිනේ..ඒත් කමක් නෑ එතකොට ඔයා Asian CEO of Eppello...මං එයාගේ ලොකු පුතා..ගැම්මක් තමා ඉතින්.."
ප්‍රතාප්ගේ කුස වටේ අත යවලා ප්‍රතාප්ගේ පපුව තරම්වත් උස නැති කොල්ලා ප්‍රතාප්ගේ බඩේම ඔලුව තියාගෙන කියවලා අන්තිම හරියෙදි ප්‍රතාප්ගේ කම්බුලකුත් මිරිකුවා.
" අම්මි පොඩ්ඩක් පිස්සු නැටුවට..මං එයාව shape කර ගන්නම් අයියෝ..පොඩ්ඩක්වත් බය වෙන්න එපා..ඒත් අම්මිව එහෙට ගන්න හිතන්නවත් එපා..මට යකා වැහේවි හොඳේ..ඔයා ඉක්මනින් එන්න ඒ වෙනුවට.."
" හ්ම්ම්..හ්ම්ම්..."
" පැටියා ගැන කරදර වෙන්න එපා..අම්මි ඉන්නකල් පැටියා හොඳින්..බලන්න..ඔයාට කරදරයක් නැතිම කෙනා මම..ඒ නිසා ගේන ජාති වලින් වැඩි කොටහක් මට ඕනි..තේරුනාද පැටියෝ..?"
" හරි මැණික..."
යුගාන්ගේ ඔලුව අතගාපු ප්‍රතාප් මිමිණූවේ එයාගේ ඔලුවේ හරි මැදට හාදුවක් තියන ගමන්.
" අයියෝ..ඔයා කිස් දෙන්නත් දන්නවද..? තව එකක් දෙන්න මෙතෙන්ට.."
යුගාන් එයාගේ දබර ඇඟිල්ලෙන් එයාගේ නහය පෙන්නද්දි ප්‍රතාප්ට නෙහාරව මතක් උනා.නෙහාරත් මුලින්ම ඉල්ලුවේ නහයට හාදුවක්..අදටත් එයා වැඩිපුර ආස ප්‍රතාප්ගේ තොල් එයාගේ නහයේ තැවරෙනවට.
" ම්ම්ම්..."
" හැබැයි කම්බුල් දෙකයි නළලයි පව්නේද..?ඒවාටත් දෙන්න.."
ප්‍රතාප් නහයට දුන්න හාදුව මදි උන යුගාන් කම්බුල් වලටයි නළලටයි ඉල්ලද්දි ප්‍රතාප් හිනාවෙවිම යුගාන්ගේ මූණේ හාදු තිබ්බා.
" ඔයාට මාව කිස් කරන්නත් දුන්න එකේ එද්දි මට විතරක් තනියම කන්න tobleron ලොකු box එකක් ගේන්න හොඳේ.."
ප්‍රතාප්ගේ ඇගෙත් වැදිගෙන ගේ ඇතුලට යන යුගාන් දිහා බලාගෙන ප්‍රතාප් සුසුමක් හෙලුවා.
" මට මේ හුරතලේව දාලා රට යන්නත් ලෝභ හිතෙද්දි උඹ ඉන්නකල් හැමදේම හොඳින් කියලා හිතන මේ කොල්ලාව දාලා යන්න හිත හදා ගත්තේ කොහොමද බං..ඌ දන්නවා නම් අම්මි කල දේ..ඌ උඹට තරම් කාටවත් වෛර කරන එකක් නෑ.."
" ලොකූ.."
" ඒ පාර මොකද..? ආයේ හාදු දෙන්න නම් දෙන්නේ නෑ හොඳේ.."
" ම්ම්..අම්මි අසනීපෙන් නිදි..එයාට හෙට වෙනකල් කරදර කරන්න එපා.."
" අයියෝ..ඒ බොරුවක් අනේ..මමනේ එයාට කිව්වේ අසනීපයි වගේ ඉදලා ඔයාව රවට්ටලා යාළු කර ගන්න කියලා..හුටා..පාවා දුන්නානේද..?"
" නෑ එයාට ඇත්තටම අසනීපයි..ඩොක්ටර්ස්ලත් ඇවිත් බලලා ගියා..එයාට හෙට උදේ වෙනකල් කල් දෙන්න පුතේ.."
පාවා දුන්නා නේද කියලා හිතාගෙන දුවන්න ගිය යුගාන්ට ප්‍රතාප් කියද්දි යුගාන්ගේ මූණ අදුරු උනා.
" එයා අසනීප වෙලා ඉද්දි ඔයා ගියාම අපිට කවුරුත් නෑනේ අප්පච්චි.."
" එයාට තව ටිකකින් හොඳ වෙයි..ගිහින් බලලාම යන්නකෝ.."
යුගාන් නොපෙනි යද්දි ප්‍රතාප් ආයේ සාලේ තිබුණු සෝෆා එකට බර උනා.යුහාෂි ඉන්නේ මූණ එල්ලගෙන..එයාටත් ප්‍රතාප් එක්ක යන්න එන්න ඕනිලු..ඒත් එතනදිත් නෙහාර අවුල් යයි කියලා ප්‍රතාප් බයයි.
_______________________________________________
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඊයේ දෙන්න හිටියේ..ඩේටා ඉවර උනානේ ළමයි