" යුගාන්..."
" ඕ අප්පච්චි..."
" අම්මාට කතා කරන්න..."
" ඉතින් ඔයා උඩ තට්ටුවේ ඉන්න මට බෙරිහන් දෙන වෙලාවේ අම්මාටම කතා කරන්න තිබ්බානේ.."
ශර්ට් අතේ බොත්තම් දමමින් උන් ප්‍රතාප් කෝපයෙන් පිරිණු දෑසින් කාමරයේ දොර රෙද්දේ එල්ලි උන් යුගාන් දෙස හැරි බැලුවේය.
" ඇයි අනේ..මං අරහේ ඉදන් දුවගෙන ආවා අප්පා..ලෑස්ති වෙන එකත් පැත්තක දාලා.."
" එහෙනම් පලයං..යකෝ මං මුන්ට ඕනි ඕනි කියන දේ දෙනවා..ඒත් මට දෙයකට උදව්වක් ඕනි උනාම එකෙකුට බෑ ඒක කරන්න.."
" මගේ දෙයියෝ.."
ප්‍රතාප්ගේ කෑ ගැහිල්ල ඇහිලා කුස්සියේ උන්න නෙහාර කාමරේට ආවේ යුගාන්ට යන්න කියලා හිසින් සන් කරන ගමන්.
නෙහාරගේ කට හඩ ඇහුනත් හැරිලවත් නොබලපු ප්‍රතාප් පාඩුවේ එයාගේ වැඩේ කරගෙන ගියා.වෙනදා ප්‍රතාප් යට කලිසමේ ඉදන් හැමදේම නෙහාරගේ උවමනාවට වෙද්දි අද ඒ එක දේකටවත් අවසර නැතිව නෙහාර බලන් හිටියා.
රණ්ඩුවෙන් පස්සේ දවසේ ප්‍රතාප් ළඟට තිබ්බ අඩිය නෙහාර ආපස්සට තිබ්බේ " මාව අල්ලන්න තියා හිතන්නවත් එපා උඹ " කියලා එදා ප්‍රතාප් ගුගුරපු විදිහ නිසා.සතියක් ගෙව්නා..ප්‍රතාප් තාම නෙහාර එක්ක වචනයක් කතා කරන්නේ නෑ..ගෙදර එන්නේ රෑ දෙළහත් පහු වෙලා..මේ සතියට නෙහාර අතින් හදපු තේ එකක්වත් ප්‍රතාප් බිව්වේ නෑ..දවස් දෙකක් තිස්සේ උදේ 11 ඉදන් කෑම එකකුත් උස්සන් නෙහාර ප්‍රතාප්ගේ ඔෆිස් එකේ ලොබි එකට වෙලා බලන් හිටියා.ඒත් ප්‍රතාප්ගේ කාමරේ දොර ප්‍රියන්මදාට ඇර වෙන කාටවත් ඇරුනේ නෑ..බලන් ඉදලා ඉදලා බැරිම තැන හවස 5 වෙද්දි නෙහාර ගෙදර ගියේ දරුවෝ තුන් දෙනා ගෙදර එන නිසා.
ඒ දවස් දෙකෙන් පස්සේ ප්‍රතාප්ගේ ඔෆිස් එකේ ගේට්ටු නෙහාරට වැහුණා..ඒ ආරක්ෂක හේතූන් මත ඔෆිස් ස්ටාෆ් එකට ඇරුණම පිට කිසිම කෙනෙකුට ඇතුළු වීම තහනම් කියන නියෝගය මත.
සතියකට පස්සේ අද පලවෙනි වතාවට ප්‍රතාප් යුගාන්ට කිව්වා අම්මාට කතා කරන්න කියලා.ඉතින් ඒක ඇහුණ නෙහාර අඩියට දෙකට මේ දවස් ටිකේ ප්‍රතාප් නිදියන පහළ තට්ටුවේ room එකට ආවා.
" මං රෂියා යනවා..මාස දෙකකට.."
" අනේ මගේ දෙයියෝ...මේ හද්..."
මේ හදිස්සියේ ඇයි කියලා අහන්න හදපු නෙහාර කට වහාගෙන බිම බලා ගත්තේ කණ්ණාඩියෙන් පෙනුන ප්‍රතාප්ගේ රැවිල්ලත් එක්ක..
" මාස දෙකක් කිව්වාට ඊට වැඩි වෙන්නත් පුළුවන්..ප්‍රියන්මදාත් යන්වා..ඒ නිසා මං ගැන කරදර වෙන්න එපා.."
නෙහාරගේ ඇස් කඳුලින් පිරුණා.එයාවත් එක්කන් යන්න කියන්න හිතුනා..එයාව තනියම දාලා ප්‍රියන්මදා එක්ක යන්න එපා කියන්න හිතුනා..ඒත් කිව්වේ නෑ..ඊළඟට ඒ කටින් පිටවෙන්නේ තිත්ත කුණුහරප වැලක් කියලා දන්න නිසා.
" ක්..ක්..කවද්ද යන්නේ..."
" අද..මේ දැන්..."
" අයියේ..."
" එළියට පලයං.."
" මාවයි දරුවන්වයි දාලා යන්න එපා මගේ දෙයියෝ..අනේ තරහාට ඔච්චරම පළිගන්නේ ඇයි කියන්නකෝ.."
" මූසලකමට කඳුළු පෙරන්න එපා ඕයි..වැදගත් ගමනක් යන්න යද්දිවත්..මම මේ ආසියාවෙම එපෙල්ලෝ එකේ භාරකාරිත්වය ගන්න යනවා..උඹ මෙතන ඉදගෙන අඩ අඩ හැමිනෙනවා..."
" අනේ..."
" මතකද මං උඹෙන් ඇහුවා..මාත් එක්ක ටික දවසකට රෂියා ගිහින් එමුද කියලා..උඹ මොකක්ද කිව්වේ...දරුවෝ දාලා එන්න බෑ කිව්වා..දැන් බොරුවට අනේ පණේ ගාන්න එපා ඕයි..අප්පිරියයිනේ..බලනවා ප්‍රියන්මදා..ඒකිටත් ළමයි ඉන්නවා..හැබැයි ඒකි..යමු කියපු ගමන් ok sir..එච්චරයි.."
" ඇත්තද..? වේසා ගෑණු කොහොමත් එහෙමයි..දරුවෝ මිනිහලා අදාළ නෑනේ බොස්ට පුක දෙන්න තියනවා නම්..මට වඩා කොහෙවත් යන ගෑණුන්ගේ කුණු හුත්තවල් ලොකු වෙලානේ මහත්තයාට දැන් නේද..? හරි..කමක් නෑ..යන්න..කොහොමත් අර ඒ කාලේ ඉදන් තියන වටේ යන පුරුද්ද අතහරින්න බෑනේ ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා..උඹ පලයං මගේ මහත්තයෝ..ඒක එක වට වේසාවියෝ එක්ක හැමිනෙන්න..ප්‍රියන්මදා විතරක් මොකද අර රුසියාවේ ඉන්නවානේ මහා වේසිත්..මෙච්චර කල් මටනේ තහනම් උනේ උඹව අල්ලන්න නේද..? හැබැයි අද ඉදන් උඹටත් මාව අල්ලන්න තියා ළඟටවත් එන්න තහනම්..කොටින්ම මට උඹේ හුස්ම දැවටුණු හුළඟක්වත් වදින්න තියන්න එපා..අද මේ ගෙදරින් දොට්ට තියෙන අඩිය උඹට ආයෙම වතාවක් ඇතුලට තියන්න බෑ..උඹට මාවයි මගේ දරුවොයි කියන්නේ තහනම් කලාපයක්.."
නෙහාර ක්ෂණික ආවේගෙට කෑ ගැහුවට නෙහාර දිහාට හැරුණු ප්‍රතාප් ඉස්සරහාට තියන අඩියක් ගානේ එයාගේ අඩියක් පස්සට තිබ්බා.
" මාව මගේ ගෙදරින් එළියට දාන්න උඹට හයියක් තියනවද මගේ සුදු මැණිකේ..?"
" ම්ම්ම්හ්හ්ම්ම්..."
නෙහාර බිත්තියටයි ප්‍රතාප් අතරටයි හිරවෙද්දි ප්‍රතාප් නෙහාරගේ කන ළඟට පහත් වෙලා මිමිණූවේ husky voice එකකින්.හිතාමතාම ගන්න තද හුස්මෙන් නෙහාරගේ කන කිති කැවෙද්දි නෙහාර ඇකිලිලා ගියා.
" අයියේහ්හ්..." ප්‍රතාප්ගේ කෝට් එක නෙහාරගේ ඇඟිලි වලට මිරිකිලා ගියා වගේම ඒ ඇස් පිය වෙලා ඇස් අඟින් කඳුළු බින්දුවක් රූරලා ගියා.
" මං ආසම ඕකට..සිංහනාද..ඒ උනාට බලු කෙඳිරිය උඹේ..මං උඹට එකක් ආයෙම වතාවක් කියන්නම්..හොඳට මතක් කරලා බලපං..දැන් අවුරුදු විසි දෙකකට ළඟයි මයේ අම්මා මං උඹව කසාඳ බැදලා..එක දවසක් හරි උඹේ මතකෙට එනවද කියපං මං උඹෙන් නැතිව වෙන එකෙකුගෙන් සැනසිලා..උඹට සැකවත් හිතිලා තියෙනවද..? ආහ්..,එහෙම තියාගෙනත් උඹ මගේ සුදු මැණිකේ ක්ෂණික කේන්තියට කටට එන දේවල් කියනවා..උඹ තාමත් අර අවුරුදු විස්සක් වෙද්දි ජීවිතේ විනාස කර ගන්න බය නැතිව බිලි වෙච්ච කොල්ලාමයි බං..එකක් මතක තියා ගනින් මං කාංචන නෙවෙයි..හැබැයි අවුස්ස ගත්තොත් ඌට වඩා තිරිසනෙක් වෙයි මම...උඹ හැදිලා ඇති කියලා හිතුවා මැණික..ඒත් උඹ ඊට වඩා නැහැදිලා..මං ඉස්සරහා කුණුහරප කියන්න එපා කියලා තියෙද්දි උඹ හරී අපූරුවට කුණුහරප වපුරනවා..එදා කිව්වාට වඩා බලු කතා කිව්වා අද මට..මට සමාවියන්..මට කියන්න තියෙන්නේ එච්චරයි..පරිස්සමට ඉදපං..මගේ පපුවේ තාම හුස්ම ගන්නේ උඹ මයේ අම්මා...උඹ මගේ පපුවේ හුස්ම ගන්න කල් මට වෙන ගෑණු ඕනි නෑ..මගේ ආදරේ විශ්වාස කරන්න බැරි නම්..උඹේ ආදරේවත් විශ්වාස කරපං..ඔය ආදරේ උඹේ මිනිහව දපනේ දාගන්නවත් බැරි තරම් දුර්වලද..? උඹට උඹේ ආදරේ අවිශ්වාස උනාට මට උඹේ ආදරේ මටත් වඩා විශ්වාසයි..මොකද මේ ඇස් වලින් වෑහෙන්නේ කඳුළු නෙවෙයි ආදරේ..මං වෙනුවෙන් උපන් ආදරේ..මං ඒ ආදරේට කොච්චර වහා වැටිලද කියනවා නම්..මැනික උඹේ බැල්මටත් කෙලින් වෙන මගේ පිරිමිකම වෙන එකෙක්ව අමු හෙලුවෙන් දැක්කත් කෙලින් වෙන්නේ නෑ..මාව අයිති උඹට..උඹ නොදන්නවා උනාට මගේ ඇගේ තියන හැම කේෂනාලිකාවක්ම ඒක දන්නවා.."
" මගේ දෙයියෝ.."
" උඹට පුළුවන් ඔච්චරමයි බං..මගේ දෙයියෝ කියාගෙන අඩාගෙන පපුවට තුරුළු වෙන්න.."
මෙච්චර වෙලා නෙහාරගේ කොණ්ඩ අහුරක් අල්ලගෙන නෙහාරගේ කනට ළං වෙලා හෙමින් මුමුණපු ප්‍රතාප් අන්තිමට නෙහාරට ඒ පපුවට තුරුළු වෙන්න අවස්ථාවක් දුන්නා.නෙහාර ප්‍රතාප්ගේ ශර්ට් එක මිරිකලා අල්ලගෙන ඒ පපුවට ගුලි වෙලා ඉකිගගාහා අඩද්දි ප්‍රතාප් හෙමින් ඔලුව අත්ගෑවා.
" දැන් මට යන්න දෙන්න.."
ප්‍රතාප්ට යන්න දෙනවා වෙනුවට තව තව ප්‍රතාප්ගේ ශර්ට් එක අත්වලට මිරික ගත්ත නෙහාර පුළුවන් තරම් ප්‍රතාප්ගේ පපුව අස්සට රිංගන්න උත්සහා කරා.
" මට පරක්කු වෙනවා යුගාන්ගේ අම්මේ..."
" අනේ එහෙම කතා කරන්න එපා..මං ඔයාගේ නේශූනේ..එහෙම කතා කරන්න එපා මට..."
" නෙහාර..අහකට වෙන්න..."
" අනේ බෑ..අනේ බෑ..අනේ අයින් කරන්න එපා..මට මෙහෙම ඉන්න දෙන්න..අනේ මාව ඔයා ළඟින් ඈත් කරන්න එපා..."
නෙහාර පොඩි දරුවෙක් වගේ එල්ලි එල්ලි ප්‍රතාප්ගේ අස්සෙම රිංගුවේ අඩ අඩා..ප්‍රතාප්ගේ ශර්ට් එකම නෙහාරගේ ඇඟිලි වලට මිරිකිලා පොඩි වෙලා..ඒත් නේශු අතහරින පාටක් නෑ..ඒ අයදින ඇස් දිහාවත් නොබලන්න පරිස්සම් උන ප්‍රතාප් බලෙන්ම නෙහාරව එයාගෙන් අයින් කරේ නෙහාර ආයෙම ප්‍රතාප්ගේ ඇඟේ එල්ලෙන්න දගලද්දි..
" ඔයා දැන් ගියොත් මං මැරෙනවා.."
" ඔයාට මොනා වෙලාද කියලා මට තේරුම් ගන්න බෑ නෙහාර..ඇයි ඔයා ඔහොම..ඇයි මේ..ම්ම්ම්...පදනමක් නැති දේවල් වලට රණ්ඩු අවුස්සගෙන තරහා අරන්..කියන්න තියෙන සේරම බලු කතා ටික කියලා..ඒකම ඒකම ඒකම again and again repeat කරලා..දැන් ඇත්තටම මාව black mail කරන්න අරගෙන..ඇයි මේ..ම්ම්..ඇයි මේ කියපං..."
" අනේ මට ආදරේ කරන්නකෝ..මට ආදරෙයි නේද..? ඔයා මට ආදරෙයි නේද අයියේ..? ආදරෙයි නේද ඔයාගේ නේශූට...ආදරේ කරනවා නේද..?"
" මං උඹට ආදරේ නැතිව වෙන කාට..."
ප්‍රතාප් කියන්න ගිය දේ නැවතුනේ එයාගේ ෆෝන් එක ring වෙන්න ගත්ත නිසා.නෙහාරගේ මූණ ඇඹුල් උනේ ප්‍රතාප් ඒක අන්සර් කරලා එයාව මඟහරි කියලා උනත් ප්‍රතාප් ඒ කෝල් එක කට් කරලා සයිලන්ට් දැම්මා.
බර සුසුමක් හෙලපු ප්‍රතාප් හරියට පොඩි ළමයෙක් සීනි බෝල හම්බෙනකල් ඇස් අයාගෙන බලා ඉන්නවා වගේ තමන් දිහා බලාගෙන ඉන්න නෙහාර දිහා බැලුවා.
ප්‍රතාප්ගේ අතැගිලි හෙමින් හෙමින් නෙහාරගේ හිසකෙස් අස්සේ යද්දි නෙහාරගේ ඇස් පිය වුණා..පූස් පැටියෙක් වගේ පුරු පුරු ගගා ඒ අතේ පහසම තව තව හෙව්වා.
" ඔයාට මහන්සීද...?"
නෙහාර සද්ද නෑ..ඒත් ඔව් කියන්න ඔලුව වැනුවා.
" පොඩ්ඩක් තුරුළු වෙලා නිදාගත්තම හරියයිද..?"
ඔව් කියන්න යන්තම් ඔලුව වැනුවත් ආයෙම කරන්ට් වැදිලා වගේ මූණ දිහා බලපු නෙහාර ප්‍රතාප්ගේ බඳ වටේ අත දාලා ඒ බඩ උඩ ඔලුව තියා ගත්තා.
" නිදා ගන්න බෑ..ඔයා මාව නිදිකරලා යනවා අදත් කලින් වගේම.."
" යන්නේ නෑ වස්තුව..සත්තයි.."
" බෑ..."
" මාත් එක්ක රෂියා යමු.."
" බෑ..බෑ...යුගාන්ට මං නැතිව බෑ..යුග්මට වෙන අය හදන කෑම් කන්න බෑ..දෝණිට මං නැතිව කොණ්ඩේ ගොතා ගන්නවත් බෑ අනේ..."
" එතකොට ප්‍රතාප්ට විතරද ඔයාව අත්‍යාවශ්‍ය නොවෙන්නේ පැටියෝ...?"
" එහෙම නෙවෙයි මගේ දෙයියෝ..ඒත්..."
" උඹ මාව හරි ඉක්මන්ට අතහරින ලස්සන මගේ මැණික ඒ.."
තමන්ගේ බඳ වටේ එතිලා තිබුණු නෙහාරගේ සිනිදු අත් දෙක අයින් කල ප්‍රතාප් නෙහාර බලන් ඉද්දි කාමරෙන් එළියට ආවාත් ආයෙම නතර උනේ එයා ඉස්සරහා හිට ගත්ත යුග්ම නිසා.
" ඇයි..?"
" අම්මි ගැන හිතලවත්..දැන් නොයා හවස යන්න බැරිද..?"
" හ්ම්.."
තාත්තාගෙයි පුතාගෙයි කතාව එච්චරක්ම වෙද්දි යුහාෂි එක්ක ප්‍රතාප් පිටත් උනා වගේම යුග්ම එක්ක යුගාන් ඉස්කෝලෙට ගියා.
________________________________________________
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ප්‍රතාප් නෙහාර ආදරේ දැන් ඉවර කරමු නේද?