පොද වැස්සේ මන්ධීර් වගේම එයාගේ යාළුවෝ උන සූටෙයි දික්කයි එක්ක ගේට්ටුව දිහාට ඇවිදන් ගියේ තෙමි තෙමි.
"අඩෝ වෙනදට මේ වෙද්දි දම්පාට කුඩයක් මුගේ ඔලුව ඉහළින් ඇල්ලෙන්න ඕනි.." 🌂 🌂🌂
"මොකට හරි හිත රිද්දගෙන ගියේ..අද කීයටවත් ආයේ මාව හොයන් එන්නේ නෑ.." මන්ධීර් කිව්වේ සුසුමක් හෙලමිනි.
ඒත් මන්ධීර් වැරදියි.වෙනදා වැස්ස දවසට වගේම අදත් මන්ධීර්ගෙ ඉහට උඩින් දම්පාට කුඩයක් ඉහලුනා.ඔව්..ඒ යුගාන්..හැමදාමත් වගේ මන්ධීර්ව නොතෙමෙන්න වගබලා ගත්ත කෙනා.
සූටෙයි,දික්කයි තෙමි තෙමීම ඉස්සර වෙද්දි මන්ධීර් යුගාන් තියන අඩියක් ගාණට වේගේ බාල කලා.යුගාන් සැරින් සැරේ මන්ධීර් දිහා බැලුවත් මන්ධීර් කොයි වෙලාවෙවත් යුගාන් දිහා නම් බැලුවේ නෑ..එයා ටිකක් පහත් වෙලා හිමීට කුඩේ යටින් යුගාන් එක්කම අඩිය තිබ්බා..වෙනදාට වචනෙකින් හරි බනිනවා හරි රවනවා හරි..ඒත් ගාථා කියපු වෙලේ මොකක් හරි මඟුලකට කොල්ලා හිත රිදව ගත්තා කියලා දැනන් හිටපු මන්ධීර්ට ආයේ කොල්ලාව රිද්දන්න ඕන උනේ නෑ.
යුගානුත් මොකුත් නොකියම මන්ධීර්ව එයාව ගන්න ආපු කාර් එක ළඟටම එක්කරගෙන ගියා.
අහංකාරකම...මන්ධීර් ආයේ කොල්ලාගේ මූණවත් බැලුවේ නෑ..නොතෙමා එක්කරගෙන ආවට ස්තූතී කරේවත් නෑ.එයා කාර් එකට නැගලා දොර වහා ගත්තා.යුගාන් තවමත් කාර් එක ළඟ හිටගෙන බලාගෙන.කළු කරපු වීදුරු නිසා එයාට මන්ධීර්ව පෙනුනේ නෑ.ඒත් මන්ධීර්ට හොඳටම පේනවා සුපුරුදු විදිහට ශටර් එක ඉස්සරහා කුඩේ ඉහළගෙන බලාගෙන ඉන්න කොල්ලාව.කොල්ලාගේ උරහිසේ බාගයක් තෙමිලා..මන්ධීර් නිකමට තමන් දිහා බැලුවා.වැහි බින්දු දෙක තුනක පැල්ලම් ශර්ට් එකේ තිබුණා උනාට යුගාන් වගේ කොල්ලා තෙමිලා හිටියේ නෑ.ඒත් තිබුණ අහංකාරකමට මන්ධීර්ට ශටර් එක පහත් කරලා කොල්ලාට ස්තූති කියන්නවත් හිතුණේ නෑ.යුගාන්ට නම් ස්තූතියක් ඕනි උනේ නෑ..ඒත් එයාට මන්ධීර්ගේ නපුරු මූණෙන් එක හිනා රැල්ලක් ඕනි උනා.
"යමු.."
මන්ධීර්ගේ අණත් එක්ක කාර් එක පණ ගැන්වෙද්දි ඉස්සරහාට කැරකෙන රෝද නිසා යුගාන්ට අඩියක් පස්සට ගන්න උනා.ඒත් කොල්ලාට සිහියක් තිබ්බේ නෑ කොල්ලා ඉන්නේ වතුර වලක් ඉස්සරහා කියලා.
අනේ..කොල්ලාගේ සුදු කලිසම මඩවතුර වලින් නෑවුණා.මන්ධීර් යන්නම ගියා යුගාන්ගේ ඇස් වලට ආයෙම කදුළු පුරවලා.ඉකිගහලා අඩන්න ඕනි උනත් පිරිමියෙක්ට ප්‍රසිද්ධියේ අඩන්න හොඳ නෑ කියන සමාජ තහනම මතක් උනා.ඒත්...යුගාන්ට බෑ එයාගේ කඳුළු පාලනය කරන්න.
"යුගානයා...කොහෙද යකෝ උන්නේ..."
"උඹලානෙ මාව දාලා ගියේ.."
"දාලා ගියා පකක්..තෝනේ පිස්සාට හැතැම්ම නෑ වගේ කුඩෙත් ඉහළගෙන අපිව දකින්නෙවත් නැතිව දිව්වේ.."
" උඹලා කොහෙද හිටියේ..?"
"හිටියේ පහළම තට්ටුවේ පඩිපෙළ මුල තෝ එනකල්..."
"මං දැක්කේ නෑ බං යමන්.."
"අනේ අනේ හුත්තා...දැන්වත් ඔය එක එක පකයෝ පස්සේ යන එක නවත්තපං..නැත්තම් අද ඔය උඹේ කලිසමේ රැඳුණු මඩ පාර අර ගලක තියලා ඇඹුවා වගේ පට්ටම ආඩම්බරයෙන් ඉන්න උඹේ මල්ලිගේ කලිසමෙත් රැදෙයි..උඹ මොන මඟුල කරත් ඌට බිම බලාගන්න වෙන වැඩ කරන්න එපා.."
යුගාන් සුසුමක් හෙලා ඉස්සරහාට ඇදෙද්දි අමල්ක හා විරන්ත ඔහු පසුපසම ඇඳුණි.
Race course එකට යනකල් පයින් ඇවිදන් ආපු කොල්ලෝ තුන් දෙනා ආපු 120 බස් එකට නැග්ගේ ළමයි අස්සේ තෙරපිලා.වැස්සේ බාගෙට තෙමිලා තෙමිච්ච කුඩෙත් එක්ක බස් එක්කට නඟිනවා තරම් සාපකාරි වැඩක් ලොවෙත් නෑ..ඒ අස්සේ මේ ටයිම් එකට බස් වල ඉන්නෙම ස්කූල් ළමයි වෙද්දි උන් ළඟ කොහොමත් ගස් ගඳයි..වැස්සට පෙඟිච්ච නිසා ඒ ගඳ කොහොමත් වැඩියි..ඒත් යුගානයා ළඟ එහෙම නෑ..ඌ ළඟ කොයි වෙලේ බැලුවත් සුවඳයි..ෆ්‍රෙෂ්..ඌ ළඟ කොහොඹ බේබි ඕඩිකොලොන්ග් සුවඳයි..ඌ ලොකු එකා උනාට ඌ තමා නෙහාරගේ පොඩිම එකා.නෙහාර ඒ කාලේ ඉදන්ම ආස උනා යුගාන් ලඟින් ඕඩිකොලොන්ග් සුවඳ දැනෙනවාට.ඒ කාලේ ඉදන් ගාලා ගාලමද කොහෙද කොල්ලා නෑවත් ඌ ළඟින් ඕඩිකොලොන්ග් සුවඳ යන්නේ නෑ.
සාක්කුවේ තිබුණ ෆෝන් එක කීපවතාවක් vibrate වෙනවා දැනෙද්දි කොල්ලා එක අතකින් බස් එකේ ශීට් එකක් අල්ලගෙන අනිත් අතින් ෆෝන් එක ගත්තා.
දෙන්නෙක්ගෙන් මැසේජ් ඇවිත්..එකක් යක්ෂ මූණ තියෙන emoji එක්කින් වෙද්දි අනික මන්ධීර්ගෙන් උනා.
කොල්ලා මුලින්ම බැලුවේ යක්ෂ මූණේ මැසේජ් එක..ඇත්ත..මොන දේ උනත් ඒ යක්ෂ මූණ තියෙන contact එකේ අයිතිකාරයා තමා යුගාන්ට first වෙන්න ඕනි..මොකද ඒ උගේ මල්ලි.
👹️- bus ekt naggada thamuse..?
👹️- kema ganna salli ithiri neda athe..?
👹️- hoda kadekin kanna gannawa..
👹️- 5ta ne iwara..?
👹️- mn enkl bus ekt naginna epa..mn enwa thamusewa ganna
👼 - yna gmn inne
👼 - thiyenwa thiyenwa..
👼 - hari hari oii..thamuseth kanawa harida..ammita duka hithei..
👼 - mwa ganna enwnm ikmnt waren hode..mta ba rasthiyadu wenna
👹️ - 🖕
අනිත් පැත්තට රිප්ලයි එක ආවේ මැද ඇඟිල්ලේ emoji එක වෙද්දි screen එකට රැව්ව යුගාන් චැට් එකෙන් අයින් උනේ මූණ දෙක කරගෙන.අනිත් මැසේජ් එකේ නම් එයාට චැට් එක ඕපන් කරලා බලන්න දෙයක් තිබ්බේ නෑ..ඒකි තිබ්බේ Tnx කියලා විතරයි.අහක බලාගෙන දාපු ආප්පයක් වගේ වෙලා තිබුණ මූණ දැන් නම් අප්පෙට වැටුණ කුණු බිත්තරේ වගේ උනා.
"කමක් නෑ..එයා එහෙම හරි මැසේජ් එකක් දැම්මානේ පළවෙනි වතාවට.."
යුගාන් කිව්වේ මුණේ මැවෙන හිනාව වළක්වන්න උත්සහා කරන ගමන්.
"gdra giyada?kewada..?"
දාපු ගමන්ම මැසේජ් එක සීන් උනා..විනාඩි ගාණක් ටයිපින් කියලා වැටුණා.යුගාන්ට නම් උඩ පැන පැන නටන්න තරම් සතුටුයි.එයා ඇහිපිය නොගහා බලාගෙන හිටියේ මන්ධීර්ගෙන් එන රිප්ලයි එක දිහා.
"😶"
විනාඩි ගාණක් ටයිපින් වැටුණත් අන්තිමට රිප්ලයි එක ආවේ emoji එකකින් වෙද්දි යුගාන් නිකන් හුළං ගියපු බැලුම වගේ උනා.ෆෝන් එක කුඩු කරන්න හිතුණත් යුගාන් ඒක සාක්කුව ඇතුලට දාගෙන සාක්කුවත් තද කරලා අල්ල ගත්තා.
"ගොං බේසිකයා..ඕකෙන් මං දැන් මොකක්ද හිතා ගන්න ඕනි..කෑවා කියලාද නෑවා කියලද..මූට කොමන් සෙන්ස් කියලා මඟුලක් ඇත්තෙම නැද්ද...ලෝකල් සෙලිබ්‍රිටි...දෙන්න තියෙන්නේ මූට..."
දත්මිටි කකා බැන බැන උන්න යුගාන්ට තව ටිකෙන් බහින තැනත් අමතක වෙනවා..හොඳ වෙලාවට විරන්ත යුගාන්ව ඇදගෙන බස් එකෙන් බැස්සේ.
"මොන ලෝකෙද බල්ලෝ ඉන්නේ..?"
"අද අපිට තියෙන ක්ලාස් එක මොකක්ද..?"
"අම්මාපා අමා..මෙන්න මේ පිස්සාට ගහපං...තෝ අද ක්ලාස් එක මොකක්ද කියලවත් නොදැනද ආවේ.."
"නෑ..මට දැන් ටික්කට කලින් මතක තිබ්බා..ඒත් දැන් මතක නෑ.."
යුගාන්ගේ මූණේ විහිළුවක් කරන පාටක් තිබ්බේ නෑ..ඒ වෙනුවට තිබුණේ වෙහෙසකාරී පෙනුමක්.
"මල්ලිට කතා කරපං..මට ගෙදර යන්න ඕනි..අම්මි ගාවට.."
"මේ අහපං යුගාන්..උඹට මොන යකෙක් වැහුනද මං දන්නේ නෑ..පැය දෙකහමාරක් අදිමු බං..සිංහලනේ..ඥානෙගේ බණ වලින් අල්ල ගන්නත් බැරි එකේ..ම්ම්...උඹ මගේ හොඳ එකානේ.."
අමල්ක කිව්වේ යුගාන්ගේ කෙස් අවුල් කරන ගමන්.කොච්චර හිනා වෙලා හිටියත් ඌ දැන් මාස තුනක් තිස්සේ ඉන්නේ හිතේ වේදනාවෙන් බව අමල්ක වගේම විරන්ත දැනන් හිටියා.කොල්ලා ඕලෙවල් කාලේ ඉදන් මන්ධීර්ට ලව්..ඒත් ඌ ඒක කාටවත් කිව්වේ නෑ බයට..ඒත් දවසක් යුගාන්ගේ පොතක පිටිපස්සේ ලියපු මන්ධීර්ගේ නම මාට්ටු උනේ කරුමෙටම මන්ධීර්ට.නිකන් නෙවෙයි ඒ නම ලියලා තිබ්බේ හාට් එකක් මැද්දේ..ඒක එහෙම මාට්ටු උනේ මන්ධීර් ගාථා කියනවද බලන්න පන්තියට ආපු වෙලාවක යුගාන් ගාථා යනවා කියලවත් සිහියක් නැතිව මොනවදෝ කුරුටු ගගා ඉද්දි.
එයා ලිව්වේ..
සොඳුර මට..
පේළි දෙක තුනක කවියක්වත්
ලියාගන්න තරම්වත් හිනා වෙන්න..
පන්තියේ ළමයි සේරම හිටියේ හිනාවෙවි බලාගෙන.මොකද කොල්ලා මොනවදෝ ලියනවා..කටත් උල් කරකර තොල් හද හදා..එකවයසේ උනත් උන්ගේ ඩිපුටියාත් බලාගෙන ඉන්නවා අත් දෙක පිටිපස්සට බැදගෙන.මන්ධීර්ගේ මූණට නම් අබ දැම්මත් පුපුරනවා..ඒත් යුගාන්ට ගාණක් නෑ..එයා දැනන් හිටියේ නෑ එයා ලියපු පද පේලිවලයි හාට් එක ඇතුලේ තිබුණ නමෙයි අයිතිකාරයා එයාගේ ඉස්සරහාට වෙලා බලන් ඉන්නවා කියලා.විරන්තයි අමල්කයි හිටියා නම් මෙච්චර දේවල් වෙන්නේ නෑ..අනිත් ළමයින්ට යුගාන්ට වෙන දේ ආතල් එකක් උනත් හිටියා නම් උන් දෙන්නාට කීයටවත් මේක ආතල් එකක් වෙන්නේ නෑ.
යුගාන්ට තාම මතකයි මන්ධීර් එදා එයාගේ නම කියලා කෑ ගහපු විදිහ.බය උන පාරට කොල්ලාට වචන අමතක උනා.එයාටත් එයාගේ අම්මාට වගේම බය උනාම වචන අමතක වෙන ලෙඩේ තිබුණා.
"තමුසේ මට ලව්ද..?"
එදා මන්ධීර් කොල්ලාගෙන් ඇහුවේ එහෙම..හැමෝම ඉන්න තැන.අනේ නෙහාරගේ අසරණයා.කතා කරේ කොල්ලාගේ ඇස් වල කඳුළු විතරමයි.වතුර බොන්න පහළට ගියපු අමල්කයි විරන්තයි පන්තියට ආවේ ඒ වෙලේ..ගාථා ඉවර උනාටත් පස්සේ.ඒත් උන් දෙන්නා පුදුම උනා ගාථා ඉවරවෙලත් ළමයි තාම ගිහින් නැති එක ගැන.ඒ මදිවාට ඔක්කොගෙම ඇස් තිබ්බේ යුගාන් ළඟ වෙද්දි යුගාන්ගේ ඇස් තිබුණේ මන්ධීර් ළඟ වෙද්දි උනේ හොඳක් නෙවෙයි කියන්න උන් දෙන්නාටම තේරුණා.
"යුගාන්..."
දෙන්නාම එතනට ගියත් ඒ යනකොටම යුගාන් තුරුළු කරගෙන උන්න පොත ගත්ත මන්ධීර් ඒ පොතේ අන්තිම පිටුව ඉරලා ඇරගෙන අතේ ගුලි කරගත්තා.
"මන්ධීර්..තෝ..මො...."
"ෂ්...ගෙවල් වලට පලයව්..."
විරන්ත කොහොමත් හයේ හතරේ සද්දන්තයෙක් වෙද්දි ඌ මන්ධීර්ගේ කොලර් එකෙන් අල්ල ගන්න හැදුවත් ගානක් නැතිවම විරන්තව තල්ලු කර මන්ධීර් එහෙම කියාගෙන යන්න ගියා.
එදා ඉදන් යුගාන්ට එයාගේ පන්තියේ ළමයින්ගෙන්වත් මන්ධීර්ගෙන්වත් හංගන්න දෙයක් තිබ්බේ නෑ..එයා උත්සහා කරා මන්ධීර්ගේ හිත දිනා ගන්න..ඒත් තාම එයාට බැරි උනා ඒ හිතේ ඉඩක් ගන්න.
2.20 වෙලාව.හරියටම 2.20ට යුගාන්ගේ ෆෝන් එක රින්ග් උනා.ඒක කොහොමත් පුරුදු ඇමතුමක්.
"හෙලෝ අප්පච්චි..."
"කොහෙද ඉන්නේ.."
"දැන් ක්ලාස් එකට ආවේ අප්පච්චි..."
පුංචි නිශ්ශබ්දතාවක්.ඒ ප්‍රතාප් පොඩ්ඩක් විමසිල්ලෙන් යුගාන්ගේ පැත්තෙන් ඇහෙන සද්ද වලට ඇහුම්කන් දෙනවා.
"අප්පච්චි.."
"පහාටනේ ඉවර..මල්ලි එක්ක ගෙදර එන්න.."
"හරි අප්පච්චි.."
දුරකථනය විසන්ධි උනා.ඒ කෝල් එක අනිවාර්යයෙන්ම ප්‍රතාප් මග නොහැර ගන්න ඇමතුමක්.ඔය 2.20 කෝල් එක එන්නේ යුගාන්ට විතරයි.මොකද යුගාන් කියන්නේ නෙහාරගෙම කොපිය කියලා ප්‍රතාප් දැනගෙන හිටියා.නෙහාරට පාර වැරදුනාම එයාට පිහිට වෙන්න ප්‍රතාප් හිටියාට තමන්ගේ ලොකු පුතා පාර වරද්ද ගත්තොත්..තමන්ගේ දරුවාව තමන්ට මුළු ජීවිත කාලෙම උනත් බලා ගන්න පුළුවන් උනත් නෙහාරට උන වැරැද්දම යුගාන්ට වෙයි කියලා හිතන්නවත් ප්‍රතාප් බය උනා.ප්‍රතාප් හොඳටම දන්නවා ඉස්කෝලේ ඉදන් පන්තියට යන්න යන වෙලාවයි..ඉස්කෝලේ ඉදන් ගෙදරට යන්න යන වෙලාවයි..ඉතින් ප්‍රතාප් දැනන් හිටියා කොල්ලා පන්තියට ගිහින් ඉදගන්නේ 2.20ට කියලා.කෝල් එකෙන් ඇහෙන සද්ද වලින් ප්‍රතාප්ට හොයා ගන්න පුළුවන් කොල්ලා ඉන්න තැන.
අමාරුවක්වත් හිතේ කරදරයක්වත් නෑ උදේට කාර් එකේ ගිහින් දාලා පන්ති යන්නත් ඩ්‍රයිවර් එක්ක වාහනේ දීලා පන්තියෙන් එන්නත් වාහනේ දුන්නාට...ඒත් යුගාන් කියන්නෙත් කොල්ලෙක්..ප්‍රතාප්ට ඕනි උනේ නෑ නෙහාර වගේ රටේ ලෝකේ ගැන දැනුම නැතිව කොල්ලා හැදෙනවට.ඒකයි කොල්ලෝ දෙන්නාටම බස් වල කට්ට කාලා තැලිලා පොඩි වෙලා සමාජේ එක්ක ගැටෙන්න ඉඩදීලා පස්සෙන් ඉන්නේ.යුහාෂිට නම් මේ තියරිය වෙනස්.කෙල්ල උදේට ඉස්කෝලේ ගියේ ප්‍රතාප් එක්ක කාර් එකේ..ක්ලාස් නම් ක්ලාස් එක්ක ගියේ විරාජ..මොකද විරාජගේ දුවත් යුහාෂිගේ ක්ලාස් එකේ නිසා.ක්ලාස් නැති දවසට කෙල්ලව ගෙදරට ගෙනත් දාන්නෙත් විරාජ.
_________________________________________________
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
මන්ධීර්ට සෙත් පතන් යන්න ළමයි