HEALER: The One Who Can Heal...

By blueberriemoody

21.6K 4.6K 1.5K

YiZhan💚❤️ "අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුනොත්, මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතු... More

EP00
EP01
EP02
EP03
Discussion 01
EP04
EP05
EP06
EP07
EP08
EP09
EP10
EP11
EP12
EP13
EP14
EP15
EP16
EP17
EP18:Wang Yibo's Dream🔞🫦
EP 19:Xiao Zhan's Dream🔞🫦
EP20
EP21
EP22
EP23
EP24
EP25
EP27
EP28
EP29
EP30
EP31
EP32
EP33
EP34
EP35
EP36
EP37
EP38
EP39
EP40
EP41
EP42
EP43
EP44
EP45
EP46
EP47
EP48

EP26

350 88 26
By blueberriemoody

Xiao Zhan's Pov:

Next Day!

මන් උදේ නැගිටිනකොට වෙලාව නමයයී!!

"ආආආආආආ ඔලුව!!" මන් ඔලුවත් අල්ලගෙන නැගිට්ටේ ඔලුව මාරටම රෙදෙන නිසා!!

"මන් ඊයේ එච්චර බිව්වද අප්පා!!! ආආආ ඔලුව!!!" මන් එහෙම්ම නැගිටලා ඔලුවත් අල්ලගෙන කුස්සියට ගියේ වතුර ටිකක් බොන්න කියලා!

ඒත් මන් කුස්සියට ගියගමන්ම වගේ ආච්චි ගැහුවා හයියෙන් අතට එකක්!!!!

"ආහ්හ්හ්හ්හ්ව්ව්ව්!!! රෙදෙනවා!!" උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මන් කෑගැහගෙනම හැරිලා ආච්චි දිහා බැලුවා!!

"යසයී, ඊයේ රෑ ආපු විදිහ!! අනේ අම්මපා!! මේ කොල්ලා දැන් එන්න එන්නම මුරණ්ඩු වෙනවා!!"

"තියෙන විසේ!!" ආච්චී ආපහූ පාරක් මගේ අතට පාරක් ගහලා කිව්වා.

"ඇයි මන් මොනාද කරේ ඉතිම්??"

"කරේද??? කරපු නැති දෙයක් නෑ!! හොදවෙලාවට ඒ යීබෝ පුතා උනේ!! වෙන කෙනෙක් උනානම් පුතාව වෙන කොහේහරි දාලා එනවා, දුන්න වදේට!!"

"..."

ඇයි මොනා උනේ??

"ආහ්?? යීබෝ?? මාව ගෙනත් දැම්මේ යීබෝද?"

"නැතුව ඉතිම්!! පව් ඒ ලමයා!! ඔයාව කරේ තියාගෙන දුන්න දස වද ඔක්කොම ඉවසගෙන ගෙදර ගෙනල්ලා ගිහිල්ලා ඇදෙනුත් තිබ්බා!! අනේ මන්දා ඊටපස්සේ උන දේවල්නම් මන් මතක් කරන්නවත් කැමති නෑ!! ලැජ්ජාවේ බෑ"

හෑ???

"..."

"ඇයි මන් මොනා කරේ???"

"මගෙන් අහන්න එපා!! මතක් කරලම බලන්න!!"

ආච්චි එහෙම කියලා ගියාට පස්සේ මන් වතුර එකකුත් පුරවගෙන බිබී ඉන්නකොට ඊයේ රෑ උන හැමදේම මගේ ඇස් ඉස්සරහා තිරගත වෙන්න පටන් ගත්තා!!!

"පුහ්හ්හ්හ්හ්හ්!!!!!!" මන් බිබි හිටිය වතුර ටික එහෙම්ම මගේ කටෙන් එලියට විසික් උනේ මට මතක් උන දෙයින්!!

හත්තික්කේ!!!

සැක්කා!!

*ඊයේ රෑ සීන් එකේ Flashback*

"යී...බෝ...."

"ම්ම්ම්"

"බෝ..බෝ..."

යීබෝ මාවත් වඩාගෙන මගේ කාමරේ දොර ඇරගෙන ඇවිත් මාව හිමීට ඇද උඩින් තියලා නැගිටින්න හැදුවා.

ඒත් මන් තාමත් හිටියේ යීබෝගේ බෙල්ල බදාගෙන නිසා යීබෝට නැගිටින්න බැරි උනා!!

"නැගිටින්න එපා!!!!!!" මන් තවටිකක් හයියෙන් යීබෝගේ බෙල්ල බදාගෙන හයියෙන් කෑගහන ගමන් කිව්වා.

"zhan zhan, මගේ බෙල්ල......." යීබෝ එහෙම කියන ගමන් මගේ අත එයාගේ බෙල්ලෙන් ගලවන්න හැදුවා.

"එපා!!!!!!" මන් ආපහු පාරක් හයියෙන් කෑගැහුවා.

"යන්න...එපා.....!" මන් එහෙම්ම යීබෝගේ බෙල්ලන් අල්ලගෙන කොට්ටෙට ඔලුව තියාගත්තා!!

යීබෝ හිටියෙත් මගේ කොට්ටෙම ඔලුව තියාගෙන මගේ එහා පැත්තෙන්! මන් මගේ නිකට යීබෝගේ ඔලුව උඩින් තියන් හිටියේ!!

"යී...බෝ...."

"ඕ"

"බෝ..බෝ"

"ම්ම්ම්ම්ම්" ඒ එක්කම වගේ යීබෝ මගේ අත් දෙක හිමීට ගලවලා හිටගත්තා!!

"යන්න එපා!!!!!" යීබෝ නැගිටලා හිමීට යනකොටම මන් එකපාරටම ඇද උඩින් පැනලා යීබෝගේ කකුල බදාගත්තා!! මගේ ඉනෙන් උඩ කොට්ස බිම තිබ්බේ, ඒ විතරක් නෙමෙයි මගේ ඉනෙන් පහල තිබ්බේ ඇද උඩ!!!

"zhan zhan!!" මට ලාවට වගේ ඇහුණා යීබෝ මට කතා කරනවා!!

"ඕඕඕ....බෝ......බෝ.."

යීබෝ මොකුත් කියන්නැතුව මාව මගේ අත්දෙකෙන් අල්ලලා උස්සලා ඇද උඩින් තිබ්බා!!

යීබෝ මොනාහරි කිව්වද දන්නෑ!! ඒත් මට ඇහුන්නෑ මොකුත්!!

මන් යීබෝගේ කකුල අතහැරලා හිටියට ඒත් දැන් හිටියේ යීබෝගේ ශර්ට් එක අල්ලගෙන!!

"zhan zhan, මන් යන්නම් දැන්"

"එපා!!!!!!!!"

ඒ එක්කම වගේ මන් ඇඩුවා!!

"..."

ඇයි අඩේ මේ මන් අඩන්නේ???

"zhan zhan!! ඇයි අඩන්නේ??"

ඒත් මන් දන්නෑ ඇයි මන් අඩන්නේ කියලා!

"zhan zhan....??"

මන් තාමත් යීබෝගේ ශර්ට් එකෙන් අල්ලගෙන ඔලුව පහත් කරගෙන අඩ්න ගමන් හිටියේ!!

ඒත් ටික වෙලාවකින් මන් යීබෝගේ ශර්ට් එක අතහැරලා අත් දෙක දෙපැත්තට දික්කරගෙන කියපු දෙයින් මන් උඩ ගියා!!

"බදා...ග..න්න....ඕඔනී..." මන් ඔලුව පහත් කරගෙනම හිමීට කිව්වා!!

කොච්චර හිමීට කිව්වද කියනවානම් මට හිතාගන්න බෑ ඒක මන් හිතෙන්ද කිව්වේ නැත්තම් කටෙන් කිය උනාද කියලාවත්. යීබෝට ඒක ඇහුනද දන්නේත් නෑ!!

ඒත්....

ඒ ගැන හිතන්න වෙලා තිබ්බේ නෑ, යීබෝ ඉස්සරහට නැමිලා මාව බදාගත්තා!!

යිබෝ මාව බදාගෙන මගේ ඔලුව උඩින් යීබෝගේ ලොකු අත තියාගෙන හිමීට මගේ ඔලුව අතගෑවා!!

"අඩන්න එපා...."

*Flashback end*

ඊටපස්සේ උන දේවල්නම් මට කිසි දෙයක් මතක් නෑ!!

"..."

කමක් නෑ!! මට ඊයේ උන කිසිම දෙයක් මතක නැල්ලූ!! යීබෝව හම්බුනොත් මොකුත් දන්නෑ වගේ ඉන්න ඕනී!!

"ඔය කෝප්පේ කන එක නවත්තලා, එන්න ඉදගන්න කන්න දැන්!!" ආච්චී මන් කොප්පේ අන්ඩ හප ඉන්නවා දැකලා මාව එහෙම්ම පුටුවක ඉන්දවව්වා!!

මන් කාලා ඉවර වෙලා නාලා ලෑස්ති උනේ, අර යීබෝ ඊයේ කිව්වේ කොහෙද යන්න තියෙනවා කියලා!!

අන්න එහේ යන්න!!

මට ලෑස්ති වෙලා 11ට වගේ බස් හෝල්ඩ් එකට එන්න කියලා තිබ්බේ!

මන් බස් හෝල්ට් එක ලගට යනකොට යීබෝ ඇවිල්ලා හිටියේ නැ! ඉතිම් මන් එතන තිබ්බ කනුවකට හේත්තුවෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියා ඉතිම් වෙන මොකුත් කරන්න නැති නිසාම.

ටිකවෙලාවකින් මට දැනුනා මන් දිහා කවුරු හරි බලන් ඉන්නවා වගේ!!

මන් හිමීට ඔලුව හරවලා බලනකොට නැන්දා කෙනෙක් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා!!

මන් ලාවට හිනාවෙලා ආපහු ෆෝන් එක දිහා බලන් හිටියා!!

"පුතේ...." අර නැන්දා මන් ගාවට ඇවිත් මට කතක් කරා!!

"ම්?"

"පුතාට මාව මතකද?? අර එක දවසක් පුතා මගේ බෑග් එක ගිහින් දුන්නේ!!"

මන් ටික වෙලාවක් ඒ නැන්දා දිහා බලන් හිටියට පස්සේ මට ඒ නැන්දාව මතක් උනා!!

අර එදා හැප්පුණ කෙනානේ!

"අහ්හ්!! ඔව් ඔව් නැන්දේ..මට මතකයී!" මන් හිනාවෙලා ෆෝන් එකත් සාක්කුවට දාගෙන ඒ නැන්දා දිහාට හැරිලා කිව්වා.

"අනේ! පුතේ....ඔයාට ගොඩක්ම පින්" ඒ නැන්දා මගේ අත් දෙකම එකට තියලා අල්ලගෙන කිව්වා.

"..."

ඒ ඇයී?

"පුතා එදා මගේ වේදනාව නැති කරලා බේරගත්ත නිසා තමයී, අද මම මෙහෙම ජීවතුන් අතර ඉන්නේ!! මන් ගොඩක්ම ණයගැතියී ඒකට"

"අහ්හ්!! ඒක එච්චර දෙයක් නෙමෙයී නැන්දේ. නැන්දට දැ--" මන් කියන්න ගිය දේත් අමතක උනේ ඒ නැන්දා කියපූ දෙයක් එකපාරටම මීටර් වෙලා!!

මොකක්??

වේදනාව නැති කරලා බේරගත්තා???

මේ නැන්දා කොහොමද ඒක දන්නේ??

"පුතා පුදුම වෙන්න එපා!! මන් දන්නවා පුතා එදා මාව බේරගත්ත විදිහ!! මොකද මගේ මහත්තයාත් ඒ වගේ කෙනෙක්!!ඔයාට ගොඩක් තැන්ක්‍යු දරුවෝ!!"

"අහ්හ් ඒක එච්චර දෙයක් නෙමෙයි නැද්දේ!! නැණ්දට දැන් හොදයිද?"

ඇත්තටම මට මොනාද කියන්න ඕනී කියලා හිතාගන්න බැරුව හිටියේ!!

මේ වගේ වෙලාවල් වලදි හරිනම් මොනාද කියන්න ඕනී!!

"අනේ ඔව්ව්.....මට හොදටම හොදයී!!"

"පුතේ මන් දෙයක් අහන්නද??"

"අහන්න නැද්දේ??"

"පුතාගේ වේදනාව නැති කරන්න පුලුවන් කෙනෙක් ඔයාට හම්බුනාද නැත්තම් තාම නැද්ද??"

"..."

යකාගේ ප්‍රශ්නනේ තියෙන්නේ??

මට එකපාරටම කට උත්තරත් නැති උනා!! කවුද හිතුවේ මෙහෙම දෙයක් අහයී කියලා!!

ඒ එක්කම වගේ මට මතක් උනේ යීබෝව!!

යීබෝයී ආරක්ශක දෙවියෝයි දෙන්නාවම මන් දිහා බලාගෙන හිනාවෙනවා මට මැවිලා පෙනුනා!!

"මට හම්බුනා!! දැන් කාලයක් වෙනවා... ඒත් දුක කියන්නේ එයා මන් ගාවට වෙලා මගේ වේදනාව නැති කරත් එයාව අදුරගන්න මට ගොඩක් කල් ගියා!! මන් මේ ලගදී දැනගත්තේ!! ඒත් මට තාම එයාට කියන්න බැරි උනා මන් ඔයාව හොයාගත්තා කියලා!!" මන් ලාවට

හිනාවෙලා අර නැන්දා දිහා බලාගෙන කිව්වා.

"පුතා දුක්වෙන්න එපා..ඔයාට ඉක්මනටම චාන්ස් එකක් හම්බෙයී එයාට කියන්න." ඒ නැද්දා මගේ අතකිනුත් අල්ලගෙන අනිත් අතෙන් මගේ පිටට හිමීට තට්ටු කරන ගමන් කිව්වා.

මන් හිනා උනා මිසක් මොකුත් කිව්වේ නෑ!!

"අහ්හ්!! පුතාගේ නම මොකක්ද??"

"මම Xiao Zhan නැන්දේ!!"

"පුතා මෙතන ඉන්නේ ටවුන් එකට යන්නද??"

"අහ් නෑ!! මගේ යාලුවෙක් එනවා කිව්වා.. එයා එනකම් ඉන්නේ මේ!!"

"අහ්හ්!! හරී පුතේ!! මාත් මේ ඉන්නේ අපේ පුතා එනකම්!! තාම නෑනේ මේ ලමයා!! අවුවේ ඉන්න ගියාමත් එපා වෙනවා!!"

මායී ඒ නැන්දයී දෙන්නම ගියේ බස් හෝල්ඩ් එකේ ඇතුල්ට!! ඒකේ ඉදගන්න එක ශීට් එකක් තිබ්බ නිසා මන් අර නැන්දට ඉදගන්නකියලා මාත් ටිකක් ඈතකින් හිටන් හිටියා!!

ඊටපස්සේ ඕන්නම් විනාඩි දහයක් වගේ යන්න ඇතී යීබෝ ආවා!!

"Zhan zhan!!!සොරී පරක්කු උනාට..." යීබෝ මලු ටිකකුත් උස්සගෙන මන් දිහා බලාගෙන හිනා උනා..

"යීබෝ..................." මන් කතාකරන්නත් කලින් අර නැන්දා එකපාරටම අපි දෙන්නා මැදින් මතු උනා!!

"අම්මා??"

"..."

අම්මා???

හෑ??

මේ අම්මායී පුතයිද??

"අම්මා???" මට එකපාරටම කිය උනේ ඒ නැන්දයී යීබෝ දිහයී මාරුවෙන් මාරුවට බලන ගමන්!!

"අහ්හ්! zhan zhan, මේ ඉන්නේ අපේ අම්මා!!"

"අම්මා, මේ තමයී Zhan zhan!!"

මන් විතරක් නෙමෙයී යීබොගේ අම්මාත් කන්ෆියුස් උන්ගා බුන්ගා!!

"අනේ..... පුතාලා දෙන්නා යාලුවොද??"

"ඔව් අම්මේ!!"

"අනේ!! ඒක කොච්චර නම් දෙයක්ද?? යීබෝ ඇයි ඔයා මට කලින් කිව්වේ නැත්තේ මේ ලමයව දන්නවා කියලා??"

"ඉතිම් අම්මා ඇහුවේ නෑනේ කියන්න"

යීබෝයී එයාගේ අම්මායී එයාලගේ කතාවේ ඉද්දී මට එකපාරටම මටත් උනේ මන් එදා කල්පනා කරපු දේ!!

ඒ කියන්නේ එදා හොල්පිටල් එකේ හිටියෙත් යීබෝ!!!

මේ නැන්දව සනීප කර කර හිටපු දවසේ මගේ වේදනාව නැති කරේ යීබෝ!!

මන් එහෙම්ම හැරිලා බැලුවේ යීබෝ දිහා!!

අහ්හ්හ්rrrrrrr!!!!

මට මාරම කේන්තියී!!

මට කේන්තියී මාත් එක්කම!!

ඇයි මන් මෙච්චර මෝඩ!!

ඇයි මන් මෙච්චර ස්ලොව්ව්!!

ඒ එක්කම වගේ මට දැනුනා මගේ ඇස් වල කදුලු පිරෙනවා!!

අඩන්න එපා!!

මෙතන අඩන්න එපා!!

මන් ඉක්මනට මගේ කදුලු හන්ග ගත්තේ යීබෝ හරි එයාගේ අම්මා හරි දැක්කොත් කියලා!!

"අම්මේ.. අහ්! මන් ගෙනාවා, කියපූ දේවල්!!! ඔය ටිකත් ඇරගෙන පරිස්සමට ගෙදර යන්න!! මන් යනවා එහෙනම්!!"

"හරී..පරිස්සමින් ගිහින් එන්න දෙන්නම!!"

"මන් යන්නම් නැන්දේ!" මන් අර නැන්දට යන්නම් කියලා අපි දෙන්නම බලන් හිටියේ යීබෝගේ අම්මා යනකම්!!!

ටික වෙලාවකින් බස් එකත් ආව නිසා අපි දෙන්නම බස් එකට නැග්ගා!

මන් හිතුවේ බයික් එකේ යන්න වෙයී කියලා!!

හම්බෝ හොදයී නැති එකම ඒක!!

අපි දෙන්නම ගිහින් ශීට් එකක ඉදගත්තට පස්සේ මන් හැරුනේ යීබෝ දිහාට!

"යීබෝ, අපි කොහෙද යන්නේ??"

"හෙල්මට් එකක් ගන්න"

"..."

"හෙල්මට් එකක්???"

"ඔව්ව්ව්"

"ඉතිම් ඒකට මට එන්න කිව්වේ ඇයී??"

"මොකද zhan zhanට කියලා එකක් තෝරගන්න ඕනී නිසා."

"..."

අනේ අම්මපා මෙහෙම දෙයක් දන්නවානම් එන්නෙත් නෑ!!

යීබෝ කියපු විදිහටනම් එහේට යන්න පැයක් වත් යනවාලූ!!

අපි එහේට යනකොට 12.45ට වගේ ඇයී!!

අම්මෝ අව් කාස්ටකේ ඇවිදින්න ගියාම එපා වෙනවා!!

මන් එහේට යන්න කලින්නම් හිතන් හිටියේ එහෙම තමයී!!

එහේ ගොඩක් අව්ව තිබ්බාට ඒ ඉර එලිය මාරම fresh ගතියක් දැනුනේ!! ඒ නිසාමද කොහෙදෝ වැඩිය රස්නයක් දැනුනෙත් නෑ වගේ!!

එහේ වැඩිය වාහන තිබ්බෙත් නෑ!! මාරම නිස්කලංකයී!!

අපි දෙන්නම ගිහින් නැවතුනේ උසම උස බිල්ඩින් එකක් ලග!!

ඒකේ අපිට ඕනී හැමදේම වගේ හොදම බ්‍රෑන්ඩ් වලින් සාදාරණ ගනන් වලට ගන්න තියෙනවාලූ!!

"සුපිරිම භාණ්ඩ එහෙම ගන්න ඕන්නම් මෙන්න තැන!! යන්කෝ අපී!! zhan zhanට ගියාම තේරේයී!!" යීබෝ හිනාවෙලා කියන ගමන් ඉස්සර උනා!!

අපි දෙන්නම ලිෆ්ට් එකට නැග්ගා. යීබෝ 18වෙනි බටන් එක!! අපි ඒ floor එකට ආවට පස්සේ යීබෝ මාව එක්කන ගියේ ඒ තට්ටුවේ පැත්තක තිබ්බ ශොප් එකකට!!

අපි ඒකේ ඇතුල්ට ගියාට පස්සේ මගේ කට භාගෙට ඇරුණා.

මන් වැඩිය බයික් ගැන දන්නෑති උනාට ඒ ශොප් එකේ ඇතුල සුපිරී!!!

"වාව්ව්ව්"

ඉස්සෙල්ලා යනකොට තියෙන්නේ එක එක වර්ගයේ බයික්!!

වාව්ව්!! වාව්ව්!!

සුපිරී ඒවා!!

තව ඉස්සරහට යද්දී තියෙන්නේ බයික් වලට සම්බන්ද එක එක කොටස්!!

තව ටිකක් ඉස්සරහට යද්දී තමයී හෙල්මට් තියෙන සෙක්ශන් එක හම්බුනේ!!

හම්බෝ!!!! මන් කටත් ඇරන් බලන් හිටියේ ඒවා දිහා.

එක එක වර්ග වලින් විතරක් නෙමෙයි එක එක බ්‍රෑන්ඩ් වලින් එක එක පාට වලින් මාරම ලස්සන හෙල්මට් තිබ්බේ!!

මට මේ දැන් දැනෙන ෆීලින් එක කොයි වගේද කියලා තේරෙනවද??

මට දැනෙන්නේ හරියට මන් කෞතුකාගාරයකට ආවා වගේ!

වෑව්ව්ව්!!

"zhan zhan, මේ පැත්තට එන්නකෝ"

යීබෝ කතා කරපු පැත්තට යනකොට මන් කලින් දැක්කට වඩා සුපිරි හෙල්මට් ගොඩක් දැක්කා!!

ඒවා පොලිශ් කරලා නිසා දිලිසෙනවා! මාරම ලස්සනයී!! මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බෑ!!

"මෙතනින් හොද එකක් තෝරන්න"

"..."

යීබෝ එතනම තියෙන හෙල්මට් ටික පෙන්නන ගමන් ඇහුවා!!!

කොහොමද මන් දැන් මෙතනින් හොද එකක් තෝරන්නේ??

ඊටවඩා ලේසියී අර ඈත කන්දේ යන කූඹි රැලේ අන්තිමට යන කූඹියා යටට ඇදන් ඉන්නේ මොනපාට underwear එකක්ද කියනවා!!

"..."

"ඒහ්හ්! මේ ඔක්කොම ලස්සනයී!!"

"එකක් තෝරන්න zhan zhan, මේ ඔක්කොම ගන්න මට සල්ලී නෑ" යීබෝ ටිකක් හයියෙන් හිනාවෙන ගමන් කිව්වා!!

"ඒවා ඔක්කොම එකවගේ මාරම ලස්සනයීනේ!! කොහොමද අප්පා මන් එකක් තෝරන්නේ??"

මන් ඔලුවත් කහන ගමන් ඒ හෙල්මට් පේලිය දිහා දිගට හරහට බල බල ඉද්දී මන් දැක්කා බිත්තිය පැත්තට වගේ වෙන්න තිබ්බ හෙල්මට් එකක්!!

ඒක කොළ පාට එකක්!!

ඒක දැක්ක ගමන්ම මට හිතුනේ ඒක යීබෝට හොදටම ගැලපෙනවා කියලා.

"අරක ලස්සනයී!!" මන් ඒ හෙල්මට් එක පැත්තට අත දික් කරලා කිව්වා!!

"වාව්ව්!!! ඔව් මයී!! මන් ඒක දැක්කේවත් නෑනේ!!" යීබෝ එහෙම කියලා ඒ හෙල්මට් එක අතට ඇරන් බැලුවා!!

යීබෝ ඒක ගැන ඒ ශොප් එකේ අන්කල් කෙනෙක් එක්ක කතාකර කර හිටියේ!!

"යීබෝ මන් පහල ඉන්නම්, වටේ බල බල!! ඉවර වෙලා කෝල් එකක් දෙන්න!!"

මන් එහෙම කියලා ආපහූ ගියේ ඒ බිල්ඩින් එකෙන් එලියට!!

මොකද ඒ බිල්ඩින් එකට වඩා ඒ පැත්තේ එලියේ පරිසරය මාරම ලස්සනයී!!!!!

මන් එලියට ගිහින් ඉර එලියට මූණ අල්ලගෙන ටික වෙලාවක් ඇස් දෙක වහාගෙන හිටියේ ඒ ෆීලින් එකට මන් මාරම ආසම නිසා!!

වාව්ව්!! මාරම සනීපයී!!

තග්!!!!!

ඒත් ඒක්කම වගේ මහ අමුතු සද්දයක් ඇහුවා!!

ඒ සද්දෙට උඩ ගිහින් මන් ඉක්මනටම ඇස් ඇරලා වට පිට බැලුවේ මොකක්ද ඒ සද්දේ කියලා!!!!

ඒත්.....

මන් ඒ දැක්ක දෙයින් මන් හොදටම බය උනා!!

ඒ හිටියේ කොල්ලෙක්!! එයා හිටියේ කාර් එකක් උඩ!!

ඒ කොල්ලා මේ බිල්ඩින් එක උඩ ඉදන් පහලට වැටිලා!! ඒකත් කාර් එකක් උඩට!!

ඒ වැටුන පාරට ඒ කාර් එක පහලට නැමිලා තිබ්බේ!! ඒ විතරක් නෙමෙයී ඒ කාර් එකේ ඉස්සරහා වීදුරු ස්ක්‍රීන් එක කුඩු වෙලා තිබ්බේ!!

ටික වෙලාවයි ගියේ ඒ කොල්ලා වැටිලා හිටිය විදීහට පෙරලිලා ඇවිත් එහෙම්ම ඒ කාර් එකෙන් බිමට වැටුණා!!

••••••••••••••>

ඒ කොල්ලා බේරෙයිද??😥

සමහරක් වෙලාවට හිතෙනවා zhan zhanගේ බලේ මටත් තිබ්බා නම් කියලා😪

මේ කොටසට කැමතිදෝ??

හැමදාම වගේ කියවන කමෙන්ට් කරන වෝට් කරන හැමෝටා ගොඩක් තැන්ක්‍යු වගෙම අලාවියෝ❤️

Blueberriemoody

Continue Reading

You'll Also Like

49.6K 1.6K 66
This is divided into parts. But these parts are not necessarily connected. Thank youuu. 😘 Enjoy! 💕
263K 15K 72
Lee Jeno is a rookie police officer-the Chief's favourite rookie, at that. Na Jaemin is a rich, flirty teenage delinquent whose tribulations run muc...
2.1K 489 22
ලේ පිපාසිත වැම්පයරයෙකුගේ ආදර කතාව...
1.8M 127K 45
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...