Xiao Zhan's Pov:
Exam Day!
"ආච්චී මන් යනෝ" මන් ආච්චිට වැදලා ගෙදරින් එලියට බැස්සා.
"පරිස්සමින් ගිහින් එන්න පුතේ!! විභාගේ හොදට කරන්න!!"
"හරේ!! මන් යනෝ"
මන් බස් හෝල්ඩ් එකට යනකන් කල්පනා කරේ ඊයේ උන සීන් එක ගැන!!
අනේ මට තාම තේරෙන්නේ නෑ!
කොහොමද මාව ඒ ඉක්මනට සනීප වෙන්නේ??
ඒකත් මේ ලගකදී ඉදලත් නෙමෙයී!! දැන් ටිකක් කල් ඉදන් තමයි මේ ඔක්කොම උනේ!!
මන් විදපු ගොඩක්ම වේදනාවල් වලදී ඒ සැනසීම ඒ හැම පාරම මට දැනුනා! මාව ඒ හැම පාරම මට සනීප උනා!
ඒත් ඒ කොහොමද?
ආච්චි කිව්වේ ඒ දේ කරන්න පුලුවන් ආරක්ශක දෙවියෝ ඉපදිලා හිටියොත් එයාගේ මනුස්ස ආත්මෙට කියලා විතරයිනේ!!
ආච්චි කිව්වා වගේ වගේ එදා මාව හොස්පිටල් එකේදී මාව සනීප කරෙත් එයා තමයි! ආරක්ශක දෙවියන්ගේ මනුස්ස ආත්මේ!
ඒත් ඒ කවුද??
මට අමාරු උන හැමවේලේකම වගේ මට ඒ සැනසීම දැනුනා!!
ඒ කියන්නේ ඒ හැම වෙලේකම එයා මන් ගාව හිටියා කියන එකනේ!!
ඒත් ඒ කවුද??
මට ඒ හැමවෙලේම ඒ වගේ වෙලාවට සිහිය නැති වෙනවා!!සැක්! ඊටපස්සේ දකින්නෙත් හීනයක්!! ඒකේ ඉන්න ආරක්ශක දෙවියොත් මට තාම හරියට පේන්නෙත් නෑ!! එයාගේ ඇස් දෙක විතරයී පේන්නෙත්!!
ඒත් වැඩේ කියන්නේ!
ඒ ඇස් මට දැකලා පුරුදුයී හොදට!!
"අහ්හ්!"
මන් ඒ එක්කම වගේ මොකක හරි ගිහින් හැප්පුණා!!
මේ මොකක්ද මේ?
මන් ඔලුව උස්සලා බලනකොට ඒ හිටියේ යිබෝ!
"zhan zhan, මොනාද ඔච්චර කල්පනා කරන්නේ?? ඉස්සරහා තියෙන දේවත් හරියට පේන්නේනැතිවෙන්න!! මන් ඇවිල්ලා නැවැත්තුවේ නැත්තම් ඔයා මේ කණුවේ හැප්පිලා අද විභාගෙට ලියන්න තිබ්බ පාඩම් කරපු හැමදේම අමතක වෙන්න තිබ්බා!!"
මන් කල්පනා කර කර ඔලුව නමාගෙන ඇවිත් හැප්පිලා තියෙන්නේ යීබෝගේ උරහිසේ!!
හත්තික්කේ!!
"තැන්ක්‍යු යීබෝ!! මන් නිකම් අරවා මේවා ටිකක් කල්පනා කර කර ආවේ!" මන් හිනාවෙන ගමන් කිව්වා!!
"අරවා මේවා තමයී!!"
"යීබෝ හොදට පාඩම් කරලද ආවේ??" මන් කතාව වෙනස් කරන්නත් එක්ක කිව්වා.
"ඕ" යීබෝ මන් දිහා බලලා ඔලුව වනන ගමන් හිනාවෙලා කිව්වා.
එවෙලෙම බස් එකක් ආපු නිසා අපි දෙන්නාම ගිහින් නැග්ගා.
අම්මෝ ශීට් එකක් තිබේ!!
අපි ස්කෝලෙට යනකොට ලමයි ගොඩක් ඇවිල්ලත් හිටියේ.
පේපර්ස් ටිකත් බෙදලා ඉවර වෙලා 8.30ට වගේ අපිට exam පටන් ගත්තා!!
පැය දෙක ගානේ විශයන් තුනක් තියෙනවා ලියන්න දවස් දෙකකට!
අද තිබ්බේ ENGLISH, MATHS, SCIENCE!!!!
අපිට exam ඉවර වෙද්දී වෙලාව හවස හතරට ලන් වෙලා වගේ තිබ්බේ!!
එකත් ඉවර වෙලා ස්කෝලෙන් එලියට ආවේ බස් එකට යන්න.අද යීබෝත් බස් එකේ යන්නේ.. බයික් එක ගෙනත් නෑ.
අපි බස් හෝල්ඩ් එකට යනකොට ඒ යනපාරේ ශෝට්කට් පාරකින් කෙල්ලෙක් අඩනවා වගේ සද්දයක් ආවා!
"යීබෝ, කවුද දන්නෑ ඒ?"
"හ්ම්ම්!! අරහෙන් වගේ! යන්කෝ බලම්න පොඩ්ඩක්!"
යීබෝයි මායි ඒ පැත්තට යනකොට කෙල්ලො සෙට් එකක් හිටියේ! උන්ගෙන් එක කෙල්ලෙක් තව කෙල්ලෙක්ගේ කොණ්ඩෙන් අදින ගමන් හිටියේ!
අනේ අම්මාපා!! මේ ගෑණුන්ටත් වෙන වැඩ නැති හැටි!!
ඒත් ටිකවෙලාවකින් අපි දැක්කා ඒ හිටියේ අර නන්ගි කියලා!
Yang mi!!
මායි යීබෝයී ඒ පැත්තට දුවගෙන ගියා!
ඒත් ඒ කෙල්ලො ටික අපි එනවා දැක්කේ නෑ. ඒ නිසාම එක කෙල්ලේක් අත උස්සලා යන්ග්මීට ගහන්න යනකොටම යීබෝ ගිහිම් ඒ අත වලලුකර ගාවින් හයියෙන් අල්ල ගත්තා!
යන්ග් මී හොදටම අඩලා හිටියේ!! ඒ නන්ගිගේ ඇස් හොදටම රතුවෙලා තිබ්බේ!!
අර කෙල්ල ඉක්මනට කේන්තියෙන් ඔලුව හරවලා බැලුවේ කවුද එයාව නැවැත්තුවේ කියලා.
එයාගේ අතෙන් අල්ලන් හිටපු කෙනා දැකලා ඒ කෙල්ල එකපාරටම බය උනා වගේ උනා!!
"යී-යීබෝ gge"
යීබෝට හොදටම කේන්ති ගිහින් හිටියේ!! ඒ කෙල්ලෝ සෙට් එක විතරක් නෙමෙයි මායි යන්ග්මීයි දෙන්නාමත් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා බලන් හිටියේ ඒ මූණ දැකලා!!
මාරටම බය හිතෙනවා!
කොටි වගේ ගොරව ගොරව හිටපු කෙල්ලො සෙට් එක යීබෝගේ ඒ බැල්මෙන් දැන් පූස් පැට්ටු වෙලා!!
ඒත් ඒක නෙමෙයි!!
කොහොමද මෙයාලා යීබොගේ නම දන්නේ??
???
වෙන්න පුලුවන්!! යීබෝ ප්‍රසිද්දයිනේ ස්කෝලේ!! Hahaaha
යීබෝ ඒ අත අල්ලන් ඉන්න ගමන්ම හැරුනේ යන්ග් මී දිහාට! ඒ කෙල්ල හිටියේ මගේ පිටිපස්සට වෙලා!
"යන්ග්මී!!!! මන් කිව්වෙ නැද්ද, මෙයාලා ආපහු ඔයාට කරදර කරොත් මට කියන්න කියලා!" යීබෝ කේන්තියෙන් ඇහුවේ!!
යීබෝ මෙයාට බනින්න එපා! මේ කෙල්ල බයවෙලා ඉන්නේ!
"සො-රී අයියේ! මන් කියන්න ගියේ. ඒත්-" එ නන්ගී අඩන ගමන්ම බිම බලාගෙන හීමීට කිව්වා.
"යිබෝ මේ නන්ගිට බනින්න එපා! එයාගේ නෙමෙයි නේ වැරැද්ද!!" මන් එහෙම කිව්වට පස්සේ යීබෝ හැරුනේ අර කෙල්ල පැත්තට!
"තමුසේ කවුරු කියලද හිතන් ඉන්නේ මගේ නන්ගිට මෙහෙම සලකන්න තරම්! අහ්හ්??" යීබෝගේ ඒ සද්දෙට අර කෙල්ලො නෙමෙයි මාත් උඩ ගියා!!
අම්මෝ යීබෝ!! ඔයාව මෙහෙම දැක්කාමයී!!
ඒත් නන්ගී?? යීබෝට නන්ගි කෙනෙක් ඉන්නවද?? මම් දන්නෑනේ!! මට කියලාත් නෑනේ!!
ඒකත් මේ නන්ගි??
ඒ දෙන්නා ඊයේනේ හම්බුනේ!!
එතකොට??
මට සිහිය නැති උන වෙලෙත් මන් දැක්කේ මේ නන්ගිව! ඒත් එයා ආරක්ශක දෙවියන්ගේ නන්ගිනේ!!
වට් ද හෙල්???
මට මේ මොකුත් තේරෙන්නේ නෑ!!
"න-නන්ගී??" අර කෙල්ලට අදහාගන්න බැරුව ගොතගගහා ඇහුවා! එයා විතරක් නෙමෙයි අනිත් කෙල්ලො ටිකත් කන්ෆියුස් වෙලා හිටියේ!!
"ඔව්!! නන්ගී තමයී!!"
"තමුසෙලා ආය මගේ නන්ගිට කරදර කරලා අහු උනොත් මන් මොනා කරයිද කියලා හිතාගන්නවත් බැරිවෙයි තමුසෙලාට! යන්ග්මීට විතරක් නෙමෙයි වෙන අයටත් කරදර කරලා අහුවෙන්න එපා!"
යිබො පුලුවන් තරමක් එයාගේ වචන සන්වර කරගෙන කතාකරේ මේ ඉන්නෙව් කෙල්ලො නිසා!! ඒකත් නන්ගිලා!
"හෙට වෙද්දී යන්ග්මීගෙන් ගත්ත සල්ලී ඔක්කොම ගෙනත් දුන්නේ නැත්තම් ලෑස්ති වෙන්න ප්‍රින්සිපල් සර් හම්බෙන්න යන්න!"
එක කියපු ගමන්ම ඒ කෙල්ලෝ සෙට් එක උඩ ගියා!! අපි හැමෝම දන්නවා ප්‍රින්සිපල් සර් හෙන නීති කාරයා කියලා! ආය ඉතිම් ගැලවෙනවා බොරු!! ස්කෝලෙනුත් අස් කරලා වෙන එකකට යන්න බැරි වෙන්නම නැත්තම් හිරේ දාන සීන් එකේ ඉන්නේ!!
"අහ්හ්!! නෑ නෑ..අපි ආය එහෙම දෙයක් කරන්නෑ!! පොරොන්දු වෙන්නම් අපි ආය කටවත් කරදර කරන්නෑ කියලා.. යීබෝ ge සොරී!!" ඒ කෙල්ල බයෙන් ඉක්මනට කිව්වා.
"මට සොරි කියලා වැඩක් නෑ! යන්ග්මීගේ ඉස්සරහ තුන් දෙනාම දන ගහගෙන කියන්න සොරි කියලා.. නැත්තම්--"
එ තුන් දෙනා මුලදි කියන්න කැමති නැති උනත් යීබෝගේ මූණ දැක්ක ගමන්ම යන්ග්මී ඉස්සරහා දන ගැහුවා!
"අපිට සමාවෙන්න යන්ග්මී.. අපි ආය ඔයාට කරදර කරන්නෑ!!" එ කෙල්ලො සෙට් එක එකපාර වගේ කිව්වා.
යන්ග්මී තාම ඉන්නේ මගේ පිටිපස්සේ!!
"හ්ම්ම්" එ නන්ගි හ්ම්ම් කිව්වා හැර වෙන මොකුත් ම කිව්වේ නෑ!
"මන් හෙට එනවා තමුසෙලාගේ පන්තියට! හෙට ඔක්කොම සල්ලි ගෙනත් දෙන්න ඕනී! හෙටම!! තේරුනාද?? YangZi!!" යිබො ඒ කෙල්ලගේ බැජ් එක දිහා බලලා නම කියවව්වා!!
Yangzi / 12B
"ඔ-ඔව්!! යීබෝ ge"
"දැන් යන්න!!!" එ කෙල්ලො ටික එතනින් ඉක්මනට දුවගෙන ගියා!
එයාලා ගියාට පස්සේ මන් හැරුනේ යන්ග්මී දිහාට!
ඒ කෙල්ල තාමත් බිම බලාගෙන ඉන්නේ!
"දැන් ඉතිම් ආය බයවෙන්න දෙයක් නෑ හරිද! එයලා ආය ඔයාට කරදර කරන්නේ නෑ!!"
මන් එහෙම කිව්වට පස්සේ ඒ නන්ගී ඔලුව උස්සලා මන් දිහා බැලුවා!
එවෙලේ තමයි අපි දෙන්නම දැක්කේ ඒ නන්ගිගේ කම්මුලේ ලොකු අත් පරක් තියෙනවා කියලා!
යීබෝට ඒක දැකල කේන්ති ගියා!
ඒක තවත් බලන් ඉන්න බැරි තැනම යීබෝ අනිත් පැත්ත හැරිලා හයියෙන් බිත්තියට අතෙන් පාරක් ගැහුවා!
යීබෝට විතරක් නෙමෙයි මටත් හොදටම කේන්ති ගිහින් හිටියේ!!
මේ කෙල්ල මොනා කරාටද මෙහෙම විදවන්න ඕනී?? ඊයෙත් සෑහෙන්න අමාරුවෙන් හිටියෙත්!!
කෙල්ලො නිසා බේරුනෙව්! නැත්තම් යීබෝ මෙලහාකටත් තලලා හොදටම උන් ටිකට!!!
-_-
"අපි දැනට යන්කෝ මෙතනින් එලියට" මන්න් එහෙම කියලා දෙන්නාවත් එක්කරගෙන බස් හෝල්ට් එක ගාව පිටිපස්සේ තියෙන බන්කු ගාවට!
ඒ දෙන්නට එතන ඉන්න කියලා මන් ගියේ කඩෙකට!! මොකද දෙන්නම තුවාල වෙලානේ!!
මන් ආපහු එනකොට දෙන්නා හිටපු දැකලා මට හිනත් ගියා!!
දෙන්නා බන්කු දෙකක අයිනටම වෙලා ඉදගෙන ඉන්නවා!
යීබෝ හිටියේ අත් දෙකත් බැදගෙන ඇස් දෙක වහගෙන!!
යන්හ්මී හිටියේ ඔලුව පහත් කරගෙන!!
මන් ඉස්සෙල්ලාම ගියේ යන්ග්මී ගාවට! එයාගේ එහා පැත්තෙ ඉදගෙන මන් ගෙනාපු අයිස්ක්‍රීම් එකක් එයාගේ අතේ තිබ්බා!
"යන්ග්මී... යිබෝge, බැන්නා කියලා හිතන්න එපා!! එයා ඔයා ගැන දුක් වෙන නිසා තමයි එයාට කේන්ති ගියේ! ඒ නිසා එවෙලේ බැන්න එක හිතට ගන්න එපා හරිද!!"
" මන් දන්නවා ඔය දෙන්නම මන් ගැන කරදර වෙනවා කියලා! ඒත් මට දුකයි!! මන් දන්නෑ ඇයි කියලා.. මට යීබෝge ගේ මූන බලන්නත් බයයි වගේ!"
"බයවෙන්න එපා! යීබෝ ඔහොම හිටියට එයා ඇත්තටම නපුරු නෑ!කො දැන් මූන උස්සන්න තුවාලෙට බෙහෙත් දාන්න" මන් ඇත්තටම බෙහෙත් දාන ගමන් එයාව සනීප කරන්න ගියේ..ඒත් ඒ නන්ගි මාව නැවැත්තුවා.
"Zhange, ඔයා අදත් මගේ වේදනාව නැති කරලා දාන්න ඕන්නෑ! මේක එච්චර රිදෙන්නේ නෑ" එ නන්ගි එහෙම කියලා මන් දිහා බැලුවා.
මන් ඒ අහලා උඩ ගියා..මෙයා කොහොමද දන්නේ???
"Zhange පුදුම වෙන්න එපා!! මන් දන්නවා ඔයාගේ බලේ ගැන! ඒත් මන් කලින් විශ්වාස කරේ නෑ.. ඒත් දැන් කරනවා! අපේ සීය්ත් ඒ වගේ කෙනෙක්! මට ඔය ගැන කලින් අපේ ආච්චි කියනවා ඇහිලා තියෙනවා! ඒත් මන් හිතුවේ ආච්චි කතාවටවත් කියනවා ඇති කියලා! ඒත් ඊයේ zhange මාව සනීප කරාට පස්සේ මට ඒ ගැන හිතන්නැතුව ඉන්නම බැරි උනා! ඉතිම් ඒ නිසා මන් ඊයේ ගෙදර ගිහින් ආච්චිගෙන් ඇහුවට පස්සේ ආච්චි මට හැමදේම කිව්වා ඒ ගැන!"
"Zhangeට ගොඩක්ම තැන්ක්‍යු මාව ඊයේ බේරගත්ත එකට! මන් කවදාවත්ම අමතක කරන්නෑ ඔයාගේ උදව්ව! ඔය දෙන්නාගෙම!"
යන්ග්මි මන් දිහා බලලා හිනාවෙලා කිව්වා.
"නන්ගී, ඔයා දන්නවානම් මගේ බලේ ගැන එහෙනම් මට ඔයාව සනීප කරන්න දෙන්න"
"එපා!!!! මන් හොදින්!! ආච්චි කිව්වා ඒ වේදනාව ඔයාට දැනෙනවා කියලා!! Zhangeට තවත් වේදනාව දෙන්න මට බෑ!!"
"නන්ගී!!! ඕක එච්චර අමාරුවක් නෙමෙයි මට! අනික මට ඔයාගේ මූණ ඔහොම බලන් ඉන්නත් බෑ. මට විතරක් නෙමෙයි යීබෝge කැමතිත් නෑ!! එයා ගොඩක් දුකෙන් ඉන්නේ ඔයගේ මූන ගැන! අනික කෙල්ලෙක්ගේ මූනේ පැල්ලම් තියෙන්නත් හොදන්නෑනේ"
මන් එහෙම් කියලා එයාගේ කම්මුල උඩින් එක් අතක් තියලා ඇස් දෙක පියගත්ත!!
ඒක එච්චර වේදනාවක් නෙමෙයි! වැඩි වෙලාවක් ගියේ නෑ..ඉකමනට සනීප කරා!
"දැන් හරි!! ඔයායිස්ක්‍රීම් එක කන්න දියවෙන්න කලින්"
"තැන්ක්‍යු zhange"
මන් එහෙම්ම නැගිටලා ආවේ යීබෝ ගාවාට!
එයා තාමත් ඇස් වහගෙන!
"යීබෝ මට ඔයාගේ අත දෙන්න"
යිබො ඇස් දෙකවත් අරින්නැතුව එහෙම්ම හිටියා! ඒත් අත දුන්නෑ.. මාව ඇහෙන්නෑ වගේ!
"යීබෝ??? අත දෙන්න"
එත් නෑ!! ඒ නිසාම මන් එයාගේ අත හිමීට ඇදලා ඇරන් බැලුවේ අතේ අල්ලගාව තිබ්බ තුවාලේ!!
ඉස්සෙල්ලා බිත්තියට ගහද්දී තුවාල විච්ච එක!ඒ ගහපු විදිහට අතේ ඇටකටු කැඩුනද දන්නෑ!! ඒ තරම් හයියෙන් ගැහුවේ!
යීබෝගේ අතේ එතන හීරිච්ච තුවාලයක් වගේ තිබ්බ්බේ! ඒත් එතන ටිකක් වෙව්ලනවා වගේ!
මන් ගෙනාපු බෙහෙත් වලින් ඒ තුවාලේ පොඩ්ඩක් හෝදලා ප්ලාස්ටර් එකක් ගැහුවා!
ඒත් යීබෝ තාමත් ඉන්නේ ඇ වහගෙන කිසි දෙයක් දැනෙන්නේ නෑ වගේ!!
මම් හිතන්නේ මේ අත රෙදෙනවා ඇතී! ටිකක් ඉදිමිලත් වගේ!
මන් පොඩ්ඩක් එතන තද කරන ගමන් යීබෝගේ මූණ දිහා බැලුවා!
එයාගේ ඇහිබැම චුට්ටක් හෙල්ලුනා! හරියට රෙදෙනවා වගේ!
මන් හිතුවා හරි! අත වැදුන පාරට මොනා හරී වෙලා තමයී!!
යීබෝ ඇස් වහගෙනම ඉන්න නිසා මන් එයාගේ එ අත ගාවින් මගේ අත තියලා ඇස් දෙක වහගත්තා!
ඒත්!!!!!!
ඒ එක්කම වගෙ යීබො මගේ අතෙන් එයාගේ අත ඇදලා ගත්තා.
මන් ඒ එක්කම ඇස් ඇරලා බැලුවෙ මොකො කියාලා!
"ඒක රිදෙන්නේ නෑ" යිබෝ අහක බලාගෙන අත ආපහු බැදගෙන කේන්තියෙන් වගේ කිව්වා.
මන් උඩ ගියා! යිබෝ කවදාවත් මෙහෙම කතාකරලානැති නිසා!!
ඒත් මන් ගනන් ගන්නැතුව ආපහු පාරක් යීබෝගේ අත ගන්න බැලුවේ!!
ඒත්!!
"මන් කිව්වානේ රෙදෙන්නේ නෑ කියලා" යිබෝ එහෙම කියලා හිටගත්තා!
මොකෝ උනේ!! බනින්න තරම් මොනාද කරේ මන්??
මන් එතනම ඉදගෙන බලන් හිටියේ මොකක්ද යීබෝට එකපාරටම උනේ කියලා හිතාගන්න බැරුවම!!
යීබෝ එහෙමම ගියේ යන්ග් මී ගාවට! එතනට ගිහින් එයාට මොනහරී කිව්වා!
ඊටපස්සෙ ආවේ මන් ඉන්න තැනට!
මන් තාමත් බලන් හිටියේ යීබෝ දිහා! ඒත් යීබෝ හිටියේ අහක බලගෙන.
"Zhan zhan, බස් එක එනවා! එන්න යන්"
මම් ඉස්සර උනාට පස්සේ යීබෝ මගේ පස්සෙන් ආවා.බස් එක ආවට පස්සේ මන් ගිහින් නැග්ගාට පස්සේ යීබෝත් නැග්ගා. එවෙලේ වැඩිය කට්ටිය හිටියෙත් නෑ.
මන් නැගලා ගිහින් පිටිපස්සෙම ජනේලේ ගාවින් ඉදාත්තා.
මන් හිතුවේ යීබෝ මට ඉස්සෙල්ලා බැන්න නිසා ගිහින් වෙන තැනක ගිහින් ඉදගනියි කියලා!
ඒත් නෑ!! ඇවිල්ලා මන් ලගින්ම එහාපැත්තෙන් ඉදගත්තා!!
මුකුත් කතාකරන්නැතුව අපි දෙන්නම හිටියේ දෙපැත්ත බලාගෙන.
ඒත් මට තවත් බලන් ඉන්න බැරි තැනම යීබෝගේ අතෙන් අල්ල ගත්තා!
මන් එහෙම්ම අහක බලාගෙන ඇස් දෙක පියගත්තට පස්සේ ඒ එයාගේ අතේ වේදනාව මටත් දැනෙන්න පටන් ගත්තා!!
වලලුකර ගාවට ටිකක් උඩින් අල්ල ගාව ටිකක් හීනී වේදනාවක් දැනුනේ.ඒක දැනෙන්නෙත් නෑ වගේ ඒත් රෙදෙනවා!
ටිකවෙලාවකින් ඒ අතෙන් දැනෙන වේදනාව නැතිවෙලා ගියා! දැන් හරී!!
මගේ අතේ ඒ වේදනාව දැනුනත් ඒක එච්චර දෙයක් නෙමෙයි.
ඒත් ඒ එක්කම වගේ යීබෝ මගේ අතෙන් අල්ලගත්තා!
ඒ රෙදෙන තැනින්!
ඒත් එක්කම වගේ ඒ වේදනාව නැති වෙලා ගියා!
මන් ඒ එක්කම බැලුවේ යීබෝගේ මූන දිහා! ඒත් යීබෝ අහක බලාගෙන හිටියේ!
කොහොමදා එහෙම වෙන්නේ???
යීබෝ කොහොමද ඒ වේදනාව නැති කරේ??
ආරක්ශක දෙවියන්ගෙ මනුස්ස ආත්මෙට විතරයි නෙ පුලුවන්!!
ඒ කියන්නේ!!.
යීබෝද ඒ කෙනා!
"යීබෝ" මට යීබෝගෙන් ඒ ගැන අහන්න ඕනි උනත් එයා මාව නැවැත්තුවා!
"බහින තැන ලගයී! එන්න යන්" යීබෝ මගේ අතෙන් අල්ලගෙනම නැගිට්ටා.
අපි දෙන්නා බස් එකෙන් බැහැලත් අපේ ගේ ගාවට එනකම්ම කතා කරේ නෑ!!
"මම් යන්නම් යීබෝ" මන් එහෙම කියලා හැරිලා ටික දුරක් යද්දී යීබෝ ආපහු මට කතා කරා!
"Zhan zhan"
මන් හැරෙනවත් එක්කම වගේ යීබෝ මාව බදාගත්තා.
"..."
මේ මොකෝ??
"Zhan zhan, ඉස්සෙල්ලා බැන්නට සොරී~~~ හාද" යිබෝ මගේ උරහිස උඩින් ඔලුව තියාගෙන මගේ ඉන වටේට අත් දෙක දාගෙන මාව බදාගෙන හිටියේ!!
මන් කන්ෆියුස් උන්ගා බුන්ගා!!!
"අහ්! ඒක-ට ක-කමක් නෑ යී-බෝ" මට වචනත් ගොතගැහුනා යීබෝ මාව බදන් හිටපු විදිහට!!
තව ටික වෙලාවක් යීබෝ මාව එහෙම්ම බදාගෙන ඉදලා මට යන්න දුන්නා!!!!
••••••••••••••••••••••>
අද කොටස නම් සෑහෙන්න දිගයී!!කොහොමදෝ??
හැමදාම වගේ කියවන වෝට් කරන කමෙන්ට් කරන හැමොටම ගොඩක්ම තැන්ක්‍යු වගේම අලාවියෝ❤️
-blueberriemoody