HEALER: The One Who Can Heal...

By blueberriemoody

21.6K 4.6K 1.5K

YiZhan💚❤️ "අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුනොත්, මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතු... More

EP00
EP01
EP02
EP03
Discussion 01
EP04
EP05
EP06
EP07
EP08
EP10
EP11
EP12
EP13
EP14
EP15
EP16
EP17
EP18:Wang Yibo's Dream🔞🫦
EP 19:Xiao Zhan's Dream🔞🫦
EP20
EP21
EP22
EP23
EP24
EP25
EP26
EP27
EP28
EP29
EP30
EP31
EP32
EP33
EP34
EP35
EP36
EP37
EP38
EP39
EP40
EP41
EP42
EP43
EP44
EP45
EP46
EP47
EP48

EP09

474 124 35
By blueberriemoody

Xiao Zhan's Pov:

මන් යීබෝ ගාවින් ඉදගෙන ඉන්නකොට මන් දැක්කා ඇදට එහා පැත්තේ මේසේ උඩ වතුර බෝතලයකුයි කෝප්ප ටිකකුයී මූනින් ගහලා තියෙනවා.

දුවන් ඇවිල්ලා මාරම මහන්සියී. වතුර ටිකක් බිව්වා නම් හරී.

මන් නැගිටලා ගිහින් වතුර ටිකක් බොන්න ගියේ.

ඒත්......

එකපාරටම මට දැනුනා මගෙ අතෙන් අල්ලනවා.

මන් ඉක්ම්නට හැරිලා යීබෝ දිහා බැලුවා.

? ? ? ?

යීබෝ තාමත් ඉන්නේ ඇස් වහගෙන ඒත් මගෙ අතෙන් අල්ලගෙන මට යන්න දෙන්නැතුව හිටියේ.

"යීබෝ, ඔයාට හොදයිද??" මන් ඉක්මනට ආපහු පුටුවෙන් ඉදගෙන ඇහුවා.

ඒත් කිසි සද්දයක් නෑ. ඇස් වහගෙන විතරයී.

"යීබෝ!!" මන් ආපහු පාරක් කතාකරා.

"zhan zhan, මට නිදිමතයී. කොහෙවත් යන්නැතුව ඔහොම ඉන්නකෝ" යීබෝ හිමීට කිව්වා.

හෑ??

"...."

මොකක්??? නිදිමතයී?? වට් ද හෙල් මෑන්???

ඇත්තටම මන් එහෙම් පිටිම්ම speechless උනා!!!!!!!

මොකක්ද යකෝ මේ උනේ??

මගෙන් කිසි සද්දයක් නැති නිසාමද කොහෙදෝ යීබෝ හිමීට ඇස් ඇරියා.

මෙන්න ඊටපස්සේ හිනාවෙනවා!!!

"...."

එතකොට මේ ඔක්කොම බොරුවක්ද??

"...."

යීබෝ හිනාවෙන ගමන්ම ඇද උඩ ඉදගත්තා. මන් තාම යීබෝ දිහා බලාගෙන ඉන්නේ මොනාවත් හිතාගන්න බැරිව.

ඇයි යකෝ කරකවලා අතහැරියා වගේ.

"බොරුවටද එතකොට ඉස්සෙල්ලා කලන්තේ දැම්මේ??" අන්තිමේදී මන් ඇහුවා.

"ඔව්ව්ව්ව්" කිසිම පැකිලීමක් නැතුව යීබෝ එකපාරින්ම උත්තර දුන්නා.

hahahahahahahahahahahahahah

මොකක්ද ඕකේ හිනාවෙන්න තියෙන්නේ ඔච්චර.

"Eh!!! කොහොමද මගේ ඇක්ටින්. ඔක්කොම කොර වෙලා ගියා. zhan zhan එහෙන් පිටින්ම රැවටුණා නේද??? hahahahahaha"

කියලා වැඩක් නෑ!! පුදුමයක් නෑ මට මොකුත් දැනුන්නැති එක!!!!

"ඔව්ව්ව්!! යීබොගේ ඇක්ටින් සුපිරි" මන් එහෙම කියලා හිමීට යීබෝගේ ඔලුව උඩින් අත තියලා තට්ටුවක් දැම්මා.

යීබෝත් හිනාවෙලා මන් දිහා බලාගෙන හිටියා.

"මොකද වෙන්නේ යීබෝ නලුවෙක් උනානම්??" ඔලුව උඩ තිබ්බ මගේ අත හිමීට ආවේ යීබෝගේ කන පැත්තට!!!

ආය මන් දෙපාරක් හිතුවේ නෑ මිරිකලා දැම්මා හයියෙන්!!!

"ආඅහ්හ්හ්හ්ව්ව්ව්ව්ව්ව්!!! රිදෙනවා." යීබෝ හයියෙන් කෑගැහුවා.

"මොකද කියන්නේ?? නලුවෙක් වෙනවද??" මන් තාමත් හිටියේ යීබෝගේ කන මිරිකගෙන.

ඇයි යකෝ ම්න් කවුරු කියලාද හිතන් ඉන්නේ??? අහ්හ්හ්හ්!!!!

මන් කොච්චර නම් බය වෙලාද හිටියේ!!! අනික මට යීබෝගේ වේදනාව දැනුනේවත් නෑනේ!! ඒකෙන් මාව දෙලෝ රත් උනා.

මූගේ ආච්චිට හාල් ගරන්න!!!

"aaww!!awww!!! රිදෙනවා රිදෙනවා!! හරි හරී මන් වැරදියි!!! සොරී!! සොරී!!!zhan zhan!!!!!!!!!!!!!!!!!!"

යීබෝ එයාගේ කන මිරිකගෙන හිටිය මගේ අත අල්ලගෙන කෑගැහුවා.

" සොරි??? සොරි කිව්වම හරිද??" මන් තව පාරක් ඇබරුවා.

"හරි!! හරි!! උතුමාණනී, මේ පව්කාරයාට සමාව දෙන්න!!! සොරී!!!!! දැන්වත් කන අත හරින්නකෝ!!!"

ඇත්තටම මට මාරම කේන්තියී. මගේ ඔලුව ගිනි ගන්නවා වගේ දැනුනේ!!

ඒ එක්කම වගේ දොර ඇරගෙන ඩොක්ටයි සිකියුරිටි අන්කලුයි දෙන්නම ආවා.

මන් යීබෝගේ කන හිමීට අතහැරලා හයියෙන් යීබෝගේ අතට පාරක් ගහලා දොර පැත්තට හැරිලා ඩොක්ටර් එනකම් බලන් හිටියා.

තමුසේ ඕවාට සුදුසුයී!!!

"ආආආආඅව්ව්ව්!!! zhan zhan, මන් ලෙඩෙක්!! ලෙඩ්ඩුන්ට ඔහොම සලකනවද?? අහ්හ්හ්?? ටිකක් හොදට සලකන්නකෝ!!"

මන් ආපහු හැරිලා යීබෝ දිහා බැලුවා.

මොකක්??? ලෙඩෙක්??

"හරි! හරි! සොරී"

ඒත් එක්කම ඩොකටර් අපි ඉන්න පැත්තට ආවා.

"මොකක්ද මේ ලමයාගේ ලෙඩේ?? අහ්හ්!! දැන් හොදයිද??" ඩොක්ටර් ඇද උඩ ඉදන් ඉන්න යීබෝ දිහා බලාගෙන ඇහුවේ ටිකක් පුදුම වෙලා!! මොකද සිකියුරිටි අන්කල් කියන්න ඇති යීබෝ කලන්තේ දාලා හිටියේ කියලා.

"මට දැන් හොදයි ඩොක්ටර්. කරදරයක් කරානම් සමාවෙන්න" යීබො එහෙම කියලා ඇදෙන් බහින්න ගියා.

ඒත්.............

යීබෝ ඔයා හිතනවද මට තාම කේන්ති නෑ කියලා!!

"නෑ ඩොක්ටර්!! යීබෝ බොරු කියන්නේ!! දැන් ටිකකට කලින් වමනේ යන්නත් ගියා!!"

යීබෝ ඉක්මනට මගේ මූණ දිහා බැලුවා. හරියට 'හෑ මොකක්?? වමනේ?? මේ මට??' වගේ.

"මොකද වෙන්නේ අර තිත්තම තිත්ත සිරප් එක දුන්නානම්.ඉක්මනටම සනීප වෙයී" මන් හිනාවෙන ගමන් යීබෝ දිහා බැලුවා.

යීබෝ දන්නැති උනත් ඩොක්ටර් දැනගත්තා මන් කියපු එකේ තේරුම. යීබෝ තාම ස්කෝලෙට අලුත් නිසා එයා ඒක දැනගන්න කොහොමවත්ම විදිහක් නෑ!! ha ha aha

"ahhhh!!! එපා ඩොක්ටර්!! ගොඩක් තැන්ක්‍යු. මට දැන් ගොඩක්ම හොදයි!! ඇත්තමයි!! මේ බලන්න!!" යීබෝ ඉක්මනටම ඇදෙන් බැහැලා අත් දෙක එහාට මෙහාට දිග හරින ගමන් කිව්වා.

"පුතාට දැන් හොදයි කිව්වාට, පස්සේ ආපහූ හැදුනොත්!! ඒ නිසාම දැන්ම බෙහෙත් බොමු" ඩොක්ටර් එහෙම කියන ගමන් හිනාවෙලා ගියා බෙහෙත් එක ඇරන් එන්න.

ඒ තිත්ත සිරප් එක බිව්වාම මොකුත් වෙන්නේ නෑ!! ඒක ආයුර්වේද බෙහෙතක්!! ලෙඩක් ඕනිම නෑ ඒක බොන්න. ඇගට හොදයී!!

ඩොක්ටර් ඒ බෙහෙත් එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා පීරියඩ් කට් කරලා බොරු ලෙඩ දාන් එන ලමයින්ට!! මොකද ඒක බිව්වම බොරු ලෙඩ දාන් ආපහු කවුරුත් එන්නැති නිසා.

"zhan zhan!!! ඇයි ඔයා මට මෙහෙම කරන්නේ??"

"ඇයි අහන්නේ?? ලෙඩ සනීප කරගන්න ඕනී නම් බෙහෙත් බොන්න ඕනි!! ඔයා බයවෙන්න එපා යීබෝ!! මේ බෙහෙත් එකට ලෙඩේ නිට්ටාවටම සනීප වෙනවා. මාව විශ්වාස කරන්නකෝ"

අනේ අම්මෝ!!! මන් මගේ හිනාව පාලනය කරන් ඉන්නේ මාර අමාරුවෙන්!! hahahahha

ඩොක්ටර් සිරප් එකත් ඇරන් ඒකෙන් පොඩ්ඩක් හැන්දකට දාගෙන ඇවිත් යීබෝට පොවන්න ගියා.

ඒත් යීබෝ ඉන්නේ හොදටම බයවෙලා!!! යීබෝ ඉක්මනටම මාව ඉස්සරහට කරලා මගේ පිටිපස්සෙන් හැන්ගුනා.

"අනේ එපා!!! මට ඇත්තටම දැන් හොදයී. zhan zhan, මාව බේරගන්න"

අනේ අම්මෝ!!! මට බෑ!!! hahahhahahahahah

"එහෙම හරියන්නෑ යීබෝ!! බෙහෙත් බොන්නම ඕනී!!" මන් එහෙම කියලා ඩොක්ටර්ගෙන් හැන්ද ඇරගෙන යීබෝගේ පැත්තට හැරුණා.

"කෝ ආආආආආ කියන්න" මන් එහෙම කියනවත් එක්කම යීබෝ ඉක්මනටම කට හයියෙන් වහගත්තා.

"කෝ ඉතිම්!! ආආආ" ඒත් කට අරින්නෑ.

කොහොමද මන් දැන් කට ඇරගන්නේ.

"අහ්හ්!! යීබෝ, මන් අද ඔයාට දෙයක් ගෙනාවා. මට පස්සේ මතක් කරන්න ඒක දෙන්න"

"ඒ මොකක්ද??" මන් එහෙම කියනවත් එක්කම යීබෝ කට ඇරිලා.

මන් ඉක්මනටම අර සිරප් එක යීබෝට පෙව්වා!!

Mission Complete!!!

hahahahahaahhahhahaa!!!!!!!

යිබෝ ඒක බිව්වා විතරයී!! මූන දෙක උනා!! hahahahahaha

අඩේ අඩේ මට බෑ!! අම්මෝ මූන!! අනේ, මට හිනාව නවත්තගන්න බෑ!! hahahahahhhahah~~~

"දැන්නම් සනීප වෙන එක ඒකාන්තයී!! පුතා ආය බයවෙන්න එපා!!" මට විතරක් නෙමෙයි ඩොක්ටර්ටත් මාරටම හිනා!!! hahahaha~~

යීබෝ තාමත් මූන දෙක කරගෙන! අඩන්න ඔන්න මෙන්න වගේ!!

"එන්න ඉක්මනට යන් පන්තියට!!!" මන් එහෙම කියලා යීබෝගේ බෑග් එකත් ඇරන් ඩොක්ටර් පැත්තට හැරුණා.

"තැන්ක්‍යු ඩොක්ටර්!! උදෙන්ම කරදර කරන්න උන එකට අපිට සමාවෙන්න!!"

"ඒකට කමක් නැ. ඔය දෙන්නා දැන් ඉක්මනට පන්තියට යන්න.

මායි යීබෝයී දෙන්නම් එලියට ආවා. මන් යීබෝගේ බෑග් එකත් බදාගෙන ඉස්සරහින් ආවා. යීබෝ මගේ පස්සෙන් කිසි සද්දයක් නැතුව ආවා.

මට ඒ එක්කම මාරම වතුර තිබහක් සෙට් උනා. ඒත් මගේ වතුර බෝතලේ වතුර ඔක්කොම අර බල්ලී බීලා ඉවර කරානේ!!

මන් එ නිසාම යීබෝ දිහාට හැරුණා.

"යීබෝ, වතුර ටිකක් දෙන්නකෝ!!"

යීබෝ හිටියේ ඔලුවත් පහත් කරගෙන ඔරවගෙන.hahhahahaha

"බෑග් එකේ ඇති ගන්න!"

මේ ඇයි මේ??? මොකෝ උනේ එකපාර??

"හරේ, තැන්ක්‍යු" මන් එයාගේ බෑග් එකෙන් වතුර බෝතලේ ඇරන් වතුර ටිකක් බොන ගමන් හිටියේ යීබෝ එනකම්.

"යීබෝ~~ මොකෝ සද්දයක් නැත්තේ?"

"කතාකරන්න එපා මාත් එක්ක!! මන් තරහයී!!" යීබෝ එහෙම කියලා අහක බලාගත්තා.

අනේ~~~ පොඩි බබෙක් වගේ~ කීයද වයස??? hahahha ayiooooo!!!!

"ඉතිම් ඔයානේ බොරු කරේ!! මායි සිකියුරිටි අන්කලුයී දෙන්නම බය උනා!! "

"මන් එහෙම කරේ ඔයා වෙනුවෙන්නේ!! මන් එහෙම කරේ නැත්තම් ඔයා අද එලියේ තමයී!! හ්ම්ම්ප්!!" යීබෝ එහෙම කියලා අහක බලා ගත්තා.

"හරි, හරී!! යීබෝට ගොඩක් තැන්ක්‍යූ!!" මන් එහෙම කියන ගමන් හිනාවෙලා යීබෝගේ මූණට එබුණා. ඒත් යීබෝ අනිත් පැත්ත හැරිලා අහක බලාගත්තා.

"මන් කිව්වානේ මන් තරහයී කියලා. කතාකරන්න එපා මට!!"

"හරේ!! මන් කතාකරන්නෑ එහෙනම්!! ඔයාගේ කැමැත්තනේ." මන් එහෙම කියන ගමන් හිනාවෙලා ඉස්සරහට ආවා.

අපි දෙන්නාටම දැනට පීරියඩ් දෙකක්ම කට් වෙලා තිබ්බේ.

"යීබෝ ඔයා බෑග් එකත් ඇරන් පන්තියට යන්න. මන් ටිචර්ට කියලා එන්නම් අපි දෙන්නා ස්කෝලේ ආවා කියලා" මන් එහෙම කියලා යීබෝට එයාගේ බෑග් එක දීලා යන්න යනකොටම යීබෝ මගේ අතෙන් අල්ලලා මාව නැවැත්තුවා.

මාත් හැරිලා බැලුවා. ඒත් කිසි කතාවක් නෑ. මගේ බෑග් එක ගලවලා ඇරන් පන්තියට ගියා විතරයී. '

••••••••••••••••>

Comry ගායිස් ඊයේ ඔයාලව බය කරාට😂 කමෙන්ට් දැකලා මට මාරටම හිනා😂😂 බුදම්මෝ මට බෑ😂😂😂

යීබෝගේ ඇක්ටින් වලින් ඔක්කොම කොර උනා නේද?😂💚

කොහොමද අද කොටස ❤🙈

හැමදාම කියවන කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ගොඩක් තැන්ක්‍යු❤️ වගේම අලාවියෝ❤️ ගොඩාක්ම.

-Blueberriemoody

Continue Reading

You'll Also Like

263K 15K 72
Lee Jeno is a rookie police officer-the Chief's favourite rookie, at that. Na Jaemin is a rich, flirty teenage delinquent whose tribulations run muc...
139K 3.2K 25
The Daughter of an interdimensional conqueror. A New God. An Amazon Demigoddess Warrior Princess who ascends to higher status. Lost Kryptonians, reun...
12.5K 2.6K 13
"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්‍යුන්.."
1.3M 69.9K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...