HEALER: The One Who Can Heal...

By blueberriemoody

21.6K 4.6K 1.5K

YiZhan💚❤️ "අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුනොත්, මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතු... More

EP00
EP01
EP02
Discussion 01
EP04
EP05
EP06
EP07
EP08
EP09
EP10
EP11
EP12
EP13
EP14
EP15
EP16
EP17
EP18:Wang Yibo's Dream🔞🫦
EP 19:Xiao Zhan's Dream🔞🫦
EP20
EP21
EP22
EP23
EP24
EP25
EP26
EP27
EP28
EP29
EP30
EP31
EP32
EP33
EP34
EP35
EP36
EP37
EP38
EP39
EP40
EP41
EP42
EP43
EP44
EP45
EP46
EP47
EP48

EP03

550 133 28
By blueberriemoody

Wang Yibo's Pov:

"hello අම්මේ" මට අම්මාගෙන් කෝල් එකක් ආවා.මන් හිටියේ ටවුන් එකේ බඩු වගයක් ගන්න ඇවිල්ලා.

"hello, මේ ෆෝන් එකේ අයිති කෙනාගේ පුතාද??"

"ආආ- ඔව්,කවුද මේ කතා කරන්නේ??"

කවුද මේ????

"මන් හොස්පිටල් එකෙන් කතාකරන්නේ. ඔයාගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ගෙනාවා.patient ගේ තොරතුරු ටික fill කරගන්න ඕනී.පුලුවන් තරම් හොස්පිටල් එකට එන්න පුලුවන්ද??"

"මොකක්?? මගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා!! මොකක්ද හොස්පිටල් එක??? ඉන්න මන් ඉක්මනටම එන්නම්.ගොඩක් ස්තුතියී කිව්වට" මන් හොස්පිටල් එකේ නම අහගෙන ඉක්මනට කෝල් එක කට් කරලා බඩු ටිකත් එහෙම්ම දාලා ඇවිල්ලා බයික් එකට නැග්ගා.

අනේ දෙවියනේ!!! ප්ලීස්ස්ස්ස්ස්!! වදින්නම්..මගේ අම්මාව බේරලා දෙන්න!! එයාට මොකුත් වෙන්න දෙන්න එපා!! ප්ලිස්ස්ස්ස්ස්ස්!!

මන් හයියෙන් බයික් එක රේස් කරගෙන ඇවිත් හොස්පිටල් එක ඉස්සරහා නැවැත්තුවා. ඉක්මනටම කවුන්ටර් එක ලගට දුවලා ගිහීන් අම්මා ගැන ඇහුවා.

"අහ් ඒ patient දැන් ඉන්නේ surgery room එකේ.එයාගේ ඔලුව පැලිලා නිසා, ඒකට සර්ජරි එකක් කරනවා.අහ් මේ ෆෝම් දෙක පුරවලා දෙන්න මට" කවුටර් එකේ හිටපු කෙනා දුන්න ෆෝම් එක අතට ඇරම් මන් පුරවන්න ලෑස්ති උනා.

මගේ අත් මාරටම වෙව්වලනවා.අනේ දෙවියනේ,අම්මාව බේරලා දෙන්න.ප්ලිස්ස්ස්ස්ස්

"අහ්හ් ඔයාගේ මල්ලිව නම් නෝමල් ward එකකට දාලා තියෙන්නේ. එයාගේ එකත් fill කරලා දෙන්න"

"හෑ??? මගේ මල්ලී?? මට මල්ලී කෙනෙක් නෑනේ"

මට මාරම පුදුමයී..ඒ කවුද ඒ??

"අහ් එහෙම නෙමෙයිද?? අපේ අය එයාලා ඇක්සිඩන්ට් වෙලා හිටපු තැනට යද්දී ඒ lady patientට සිහිය තිබ්බා.එයා කිව්වෙම 'මේ දරුවවත් බේරගන්න!!ප්ලීස්ස්ස්ස්ස්!!!බේරගන්න කොහොමහරී,පුතා තමයි මාව බේරගත්තේ කියලා.ඉතිම් අපි හිතුවේ ඒකෙනා patientගේ පුතෙක් වෙන්න ඇති කියාලා.mistake එකට සමාවෙන්න."

"අහ්හ් ඒකට කමක් නෑ..එයා ඉන්නේ මොන වාට්ටුවේද??"

"වාට්ටු අංක 13"

"තැන්ක්‍යු!! අහ්--- මිස් මට අම්මාව බලන්න බැරිද දැන්??"

"දැන් නම් බෑ.ඔයාට පුලුවන් waiting room එකේ ඉදගෙන ඉන්න, සර්ජරි එක ඉවර වෙනකම්"

"හරි, තැන්ක්‍යු"

මට දුන්න ෆෝම් එක මන් පුරවලා ඒ මිස්ට දීලා, හැරිලා ආවා waiting room එක පැත්තට ගියා.

ඒත් කවුද අනිත් කෙනා??? අම්මා ඇයි කිව්වේ එයාවත් බේරගන්න කියලා!!අම්මා දන්න කෙනෙක් වත්ද??

ගිහින් බලමුකෝ!!

මන් waiting room එකට යන්නැතුව ආපහු හැරිලා ආවේ 13 වාට්ටුව හොයගෙන.

"excuse me nurse" මන් ඒ වාට්ටුවේ හිටිය නර්ස් කෙනෙක් ලගට ගිහින් කතා කරා.

"ඕව්, කියන්න"

"මෙ~ ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු පිරිමි ලමයෙක් ඉන්නවද මේ වාට්ටුවේ? මේ දැන් ටිකක් වෙලා ගෙනාපු කෙනෙක්??"

"අහ්හ් lady patient කෙනෙක් එක්ක ගෙනාපු කෙනාද??"

"ඔව්"

"අර ඉන්නේ, අර කෙලවරේම ඇදේ!!" මන් එ නර්ස් කියපු විදිහට ඒ හෝල් එකේ කෙලවරේ ඇද දිහා බැලුවා.කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ,ඒ කොල්ලාගේ භාරකාරයෙක් හරි කවුරු හරී.

"ඔයාද ඒ patientගේ භාරකාරයා??" ඒ නර්ස් ඇහුවා.

මන් නෙමෙයී!!!

ඒත්.....

"ඔව්" මගේ කටෙන් එකපාරටම කියවුනා.මන් දන්නෑ ඒ ඇයි කියලා.

හරි කමක් නෑ..අම්මා කිව්වානම් එයාවත් බේරගන්න කියලා..එයාගේ භාරකාරයෙක් ඇවිල්ලත් නැත්තම් මන් හරි භාරකාරයා වෙන්නම්කො.අනික අම්මා කියලත්, අම්මාව බේරගත්තේ මෙයා කියලා.

"අපි එයාගේ ෆෝන් එකේ කාටහරි කතාකරන්න බැලුවා.ඒත් ඒකේ කාගෙවත්ම නම්බර් එකක් නෑ!!!ඉතිම් සිහිය එනකම් ඉන්න කියලා බැලුවේ."

"තැන්ක්‍යු,මිස්..එයාට දැන් හොදයිද??" ඒ නර්ස් එක්ක මන් ඒ කොල්ලාඉන්න පැත්තට යන ගමන් ඇහුවා.

"එයාගේ බාහිරින් නම් කිසිම තුවාලක් නෑ..හැබැයි එ patient ඉන්නේ මොකක් හරී වේදනාවකින්..අපිට හිතාගන්න බෑ,මොකක්ද කියලා..අපි මේ patientට test කිහිපයක්ම කරා..හැබැයී ඒවා normal කියන්නත් බෑ wrost කියන්නත් බෑ.ඉතිම් ඒ නිසාම තමයි අපි මේ patientව නෝමල් ward එකකට දැම්මෙත්.අපි එයාට අභ්‍යන්තර තුවාල තියෙනවද කියලාත් බැලුවා..හැබැයි තාම ඒවාගේ result ආවේ නෑ."

"හරි තැන්ක්‍යු"

අපි ඒ වෙනකොටත් ඒ කොල්ලා ඉන්න ඇද ගාවට ඇවිල්ලා හිටියේ.

"මූණෙන්ම පේනවානේ එයා වේදනාවකින් ඉන්නේ කියලා." ඒ නර්ස් මට එහෙම කියලා වෙන ලෙඩෙක් ගාවට ගියා.

මන් ගිහින් ඒ කොල්ලාගේ ඇද ගාවින් තිබ්බ පුදුවෙන් වාඩි උනා.

ඒ නර්ස් කිව්වා හරී, එයා මහා ලොකුම අමාරුවකින් තමයි ඉන්නේ.ඒක එයාගේ මූනෙන්ම පේනවා.ඒ වගේම ඒ කොල්ලා එයාට පොරවලා තිබ්බ බ්ලැන්කට් එකත් හයියෙන් අතින් මිරිකගෙන හිටියේ...

ඇයි අනේ ඒ?? ගොඩක් අමාරුයී වගේ!!

"ඔයා හොදින්ද?" ඒ කොල්ලාට මාව ඇහෙන්නෑ කියලා දැන දැනත් මන් එයාගේ එක අතකින් අල්ලගෙන, හිමීට ශීට් එක අයින් කරා.ඒත් එක්කම එකපාරටම එයා මගේ අත හයියෙන් අල්ලගත්තා.

මන් උඩ ගියා!! ඒත් ඉබේම මාත් එයාගේ අත තද කරලා අල්ලගත්තා.

එයාගේ ඇස් දෙකත් තදට වැහිලා තිබ්බේ..අනේ~~ පව් කියලත් හිතෙනවා.

මට තවත් බලන් ඉන්න බැරි තැනම, මන් මගේ අත එයාගේ නලල උඩින් තිබ්බා!!! තිබ්බා නෙමෙයි තිය උනා!! මන් දන්නෑ ඒ ඇයි මන් මේ හැමදේම කරන්නේ කියලා.ඉබේම වෙනවා වගේ!!!!!

ඒත් ටික වෙලාවකින්.................

එයාගේ වේදානාවෙන් තිබ්බ මූණ ටිකෙන් ටික සැහැල්ලු වෙන්න ගත්තා!!

ඒ වගේම හයියෙන් අල්ලන් හිටිය මගේ අතත් ලිහිල් උනා..ඒත් එයා මගේ අත, අත හැරියේ නෑ..එහෙම්ම අල්ලන් හිටියා.

එයාගේ මූණත් සන්සුන් වෙලා තිබ්බේ.ඒ නිසාම මාරම ලස්සනයී.පුර හද වගේ!! ඇත්තටම කිව්වොත් මට මගේ ඇස් අයින් කරගන්න විදිහක් තිබ්බෙම නෑ.එක තැන ලොක් වෙලා වගේ..

ඒත් එක්කම මන් දැක්කා එයාගේ එක ඇහැකින් කදුලක් වැටෙනවා...

ඇයි ඔයා අඩන්නේ??

මන් එයාගේ නලල උඩ තියන් හිටිය අත ඇරගෙන ඒ කදුල පිහිදලා දැම්මා.

මන් එහෙම්ම එයාගේ මූණ දිහා බලන් ඉන්නකොට, එකපාරටම එයා ලාවට හිනා උනා.

අනේ!!!!කාටහරි පුලුවන්ද මෙහෙම ලස්සනට හිනා වෙන්න??

ඒත් එක්කම මගේ ෆෝන් එක රින් උනා.එතකොට තමයි මන් පියවි සිහියට ආවේ!!!

"hello"

"hello,Mr.Wang..ඔයාගේ අම්මාගේ සර්ජරි එක සාර්ථකයි.එයාව දැන් අපි normal ward එකකට දානවා."

"ගොඩක් පිං ඔයාලට!!! කීවෙනි ward එකද?? මන් දැන්ම එන්නම්"

"ward අංක 3නේ 6 වෙනි ඇදේ"

"Thank you!! Thank you so muchhh!!!"

මන් කෝල් එක කට් කරලා නැගිටින්න යනකොට දැක්කා, තාම මේ කොල්ලා මගේ අතෙන් අල්ලන් නේද ඉන්නේ කියලා.

මන් ෆෝන් එක සාක්කුවට දාගෙන, එයාගේ අතෙන් හිමීට මගේ අත එලියට ගත්තා.ඊටපස්සේ බ්ලැන්කට් එකත් තව ටිකත් පොරවලා ward එකෙන් එලියට ආවා.

අනේ මන්දා ඇයි මන් එයාට එච්චරා හොද කියලා???

~

මන් ඉක්මනටම අම්මා ඉන්න ward එකට ගියා.එතකොටත් අම්මාව ward එකට දාලා තිබ්බේ.හැබැයි සිහිය ඇවිල්ලා තිබ්බේ නෑ.

"අම්මේ" මන් අම්මාගේ අතෙන් අල්ලගෙන කතා කරා.

"patientට දැම්ම නම් සිහිය එන්නැති වෙයී.තව පැය භාගයක් වගේ යයී" Doctor අපි ඉන්න තැනට එන ගමන් කිව්වා.

"අනේ ඩොක්ටර්, අම්මාට හොදයි නේද??"

"ඔව්ව්, සර්ජරි එකත් හොදට කෙරුණා..අම්මාට හොද වෙයි ඉක්මනටම"

"Thank you!! Thank you so much doctor" මන් ඩොක්ටර්ගේ අත් දෙකෙන්ම අල්ලගෙන කිව්වා.

"Don't mentioned it!! ඒත් ඔයා මේ patientගේ පුතා නිසා,මට දෙයක් කියන්න තියෙනවා..එනවද මගේ ඔෆිස් එකට"

මන් ඒ ඩොක්ටර්ගේ පස්සෙන් එයාගේ ඔෆිස් එකට ගිහින් ඉදගත්තා.

"මොකක්ද ඩොක්ටර් කියන්න තියෙන්නේ??"

"ඔයාගේ අම්මාව අපි හොස්පිටල් එකට ගේනකොටත් එයාගේ ඔලුවේ තිබ්බ තුවාලෙන් ගොඩක් ලේ ගිහින් තිබ්බේ.ඔය වගේ ලෙඩ්ඩුන්ව අපිට ගොඩක් හම්බෙනවා.ඒත් ඔයාගේ අම්මාගේ තරම් මොලෙන් ලේ ගිහින් හිටපු කෙනෙක් අපිට හම්බෙලාම නෑ. සාමන්‍යයෙන් නම් ඔය තත්ත්වේ ඉන්න කෙනෙක්ව ජීවත් කරන්න පුලුවන් සම්භාවිතාව 0%යී. ඒත් කොහොමහරී ඔයාගේ අම්මාව බේරගන්න අපිට පුලුවන් උනා. ඒ කොහොමද කියලා නම් තාම හිතාගන්න බෑ.මේක හාස්කමනක් වගේ."

"ඒ ලේ ගිහින් තිබ්බ තරමත් එක්ක බලනකොට, හරිනම් ඔලුවේ තියෙන තුවාලේ 7cm-8cm ක් දිගට වගේ ඇරිලා තියෙන්න ඕනී!! ඒත් ඔයාගේ අම්මාගේ ඔලුවේ තිබ්බ පැල්ම ඒකෙන් භාගයක් වත් නෑ. 2cm-3cmක වගේ පොඩි පැල්මක් තමයි තිබ්බේ.මට තාම හිතාගන්න බෑ ඒක කොහොමද උනේ කියලා..ඒ වගේම ඔයාගේ අම්මාගේ ජීවිතෙත්. කොහොමහරී මන් ඔයාට සුභ පතනවා, ඔයාට ඔයාගේ අම්මාව ආපහු හම්බුණ එක ගැන."

"මන් මේ ඔක්කොම කියන්න හේතුව තමයි,ඔයාගෙ අම්මාට දැන් හොද උනාට ඉස්සරහට වෙන වෙන ලෙඩ එන්න පුලුවන් සම්භාවිතාව වැඩියි කියලා. මට කියන්න තියෙන්නෙ අම්මාව දැන් ඉදන් හොදට පරිස්සන් කරන්න කියලා."

"තුවාලේ හොදවෙන්න මන් බෙහෙත් ටිකක් ලියලා දෙන්නම්.ඒ වගේම හැම සතියකම එක දවසක එන්න, අම්මාගේ මොලේ scan කරලා බලන්න."

මට තේරෙන්නෑ මොනාද කියන්න ඕනී, කරන්න ඕනී කියලා.

"තැන්ක්‍යු ඩොක්ටර්!!" මට කියන්න පුලුවන් උනේ එච්චරයී.

මන් ඩොක්ටර් දුන්න රිසිට් එකත් ඇරගෙන ඔෆිස් එකෙන් එලියට ආපහු අම්මා ඉන්න ward එකට ආවා.

ඒත් අම්මා කිව්වේ, අම්මාව බේරගත්තේ අර කොල්ලා කියලානේ!!! මන් අම්මා ගාවින් ඉදගෙන අම්මාගේ අත අල්ල ගත්තා.

"අම්මේ!! ඉක්මනට නැගිටින්නකෝ!!"

ටික වෙලාවකින් මන් අම්මාගේ අත හිමීට ඇද උඩින් තියලා කාමරෙන් එලියට ආවා.

"අම්මා ඇහැරුණාම කන්න මොනාහරි ඇරන් ආවා නම් හරී" මන් හොස්පිටල් එකෙන් එලියට ඇවිත් බයික් එකේ නැගලා ආපහු අර ඉස්සෙල්ලා බඩු ටිකත් දාලා ආපුකඩේට ආවා.

මගේ වාසනාව කියන්නේ ඒ කඩේ අක්කා ඒ ටික ඇරන් තියලා.ආපහු ආවොත් දෙන්න.මන් සල්ලි ගෙවලත් තිබ්බේ. ඒ ටිකයී දොඩම් ගෙඩි මල්ලකුයී ඇරගෙන එනකොට මට ආපහු මතක් උනා අර කොල්ලාවත්!!

එයාටත් මොනහරි ඇරගෙන යමූකෝ~

ඒ කොල්ලා මොනාට කැමති වෙයිද කියලා දන්නේනැති නිසා මන් ගොඩක් දේවල් ගත්තා.

කොහොමහරී ඒ ටිකත් ඇරගෙනමන් ආපහු මන් හොස්පිටල් එකට ආවා.

අම්මා ඉන්න තැනට යන්න කලින් මන් ගියේ අර කොල්ලා හිටිය ward එකට.

"excuse me nurse" මන් ගිහින් නර්ස්ට කතා කරා.

"ඕ!! හොද වෙලාවට ඔයා ආවේ.මට මේ ෆෝම් එක පුරවලා දෙන්න.ඔයා අර patientගේ භාරකාරයානේ." නර්ස් මගේ අතට ෆෝම් එකක් දෙන ගමන් කිව්වා.

"දැන් නම් හොදයි ඒ patientට.Mr. ගියාට පස්සේ ඒ ලෙඩාගේ හාර්ට් එක stable උන නිසා අපි ආපහු test වගයක් කරා.ඒවාගේ result දැක්කම, කලින් ඒවා තනිකර බොරුවක් උනා.ඇත්තටම අපේන් උන වැරැද්දට සමාවෙන්න.ඒත් දැන් නම් බයවෙන්න දෙයක් නෑ. එයා හොදට නිදි.."

"it's okay" මන් ඇත්තටම කියන්නේ මොනාද කියලා හිතාගන්න බැ.

ඒ මොනා උනත් ඔයාට සනීප උන එක ගැන මට සතුටුයී.

"නර්ස්, මට හදිසි වැඩකට යන්න තියෙන නිසා, මන් එයාට කෑම වගයක් ගෙනාවා. එයා නැගිට්ටම එයාට මේ පාර්සල් දෙන්න පුලුවන්ද?"

"okay, no problem..ඒ ලෙඩාගේ locker එකට දාලා යන්නකෝ.එයා නැගිට්ටම මන් කියන්නම්."

මන් පාර්සල් එකත් ඇරගෙන ඒ කොල්ල හිටිය තැනට ආවා.

"මට මෙයාව දැකලා පුරුදුයී වගේනේ!!ම්ම්ම්ම්ම් කවද්ද දැක්කේ??" මන් පාර්සල් එක ලොකර් එකට දාලා ආපහු ආවා.

-------------------------------------------------------->

ඔන්න දැම්මා බෝනස් එකක්😭❤️ ඔයාලා කැමති වෙයි කියලා හිතනෝ🙏

හැමදාම වගේ කියවන, කමෙන්ට් කරන, වෝට් කරන හැමෝටම තැන්ක්‍යු❤️ අලාවියෝ❤️

-blueberiiemoody

Continue Reading

You'll Also Like

27.9K 4.6K 69
හිතින් අල්ලා දෑත් අත්හැරි ප්‍රේමයක්...
717K 35.5K 47
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
4.1M 170K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
49.8K 6.7K 50
🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ මසිත සුවඳින් මත් කලා ලෝකයේ රුදු නෙත් වස...