HEALER: The One Who Can Heal...

By blueberriemoody

21.5K 4.6K 1.5K

YiZhan💚❤️ "අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුනොත්, මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතු... More

EP01
EP02
EP03
Discussion 01
EP04
EP05
EP06
EP07
EP08
EP09
EP10
EP11
EP12
EP13
EP14
EP15
EP16
EP17
EP18:Wang Yibo's Dream🔞🫦
EP 19:Xiao Zhan's Dream🔞🫦
EP20
EP21
EP22
EP23
EP24
EP25
EP26
EP27
EP28
EP29
EP30
EP31
EP32
EP33
EP34
EP35
EP36
EP37
EP38
EP39
EP40
EP41
EP42
EP43
EP44
EP45
EP46
EP47
EP48

EP00

1.9K 157 77
By blueberriemoody

"අම්මේ,මට නින්දේ යනකම් කතාවක් කියන්නකෝ" යීබෝ අම්මාගේ අතෙන් අල්ලලා නවත්තන ගමන් කිව්වා.

"හරී, මගේ චූටී පුතා හාංසි වෙන්නකෝ..මන් කියන්නම්" අම්මා යීබෝව බ්ලැන්කට් එකෙන් හොදට පොරවලා එයා ගාවින් ඉදගත්තා.

"ඔන්න එකමත් එක කාලෙක දෙවි කෙනෙක් හිටියා.එයාව හැමෝම හදුන්වව්වේ 'සනසවන්නා' නැත්තම් 'සුව කරන්නා' කියලා.ඒ ඇයි කියලා දන්නවද?"

"ඒ ඇයි අම්මේ??"

"මොකද ඒ දෙවියන්ට පුලුවන් කම තිබ්බා මනුස්ස ලෝකේ ඉන්න ලෙඩ වෙලා දුක් විදින මිනිස්සුන්ව සනීප කරන්න.ඒ නිසාම තමයි මනුස්ස ලෝකේ ඉන්න ගොඩාක් මිනිස්සූ මේ දෙවියන්ට වැදුම් පිදුම් කරන්න පටන් ගත්තේ.එයාට වන්දනා කරා නැතුවා හෝ ඒ දෙවියෝ ල්ලෝකේ ඉන්න හැම දුක් විදින මනුස්සයෙක්ටම පිහිට උනා."

"හැබැයි එක දෙයක් තියෙනවා.ඒ තමයි මේ දෙවියෝ මිනිස්සුන්ව සනීප කරද්දී ඒ ලෙඩාගේ වේදනාව මේ දෙවියන්ට දැනෙන එක.ඒ වේදනාව දරාගන්න අමාරුම උනත් මේ 'සනසවන්නා' දෙවියෝ කවදාවත්ම මිනිසුන්ව අත හැරලා දැම්මේ නෑ."

"මිනිස්සු මේ දේ දැන ගත්තට පස්සේ ගොඩාක් දුක් උනා,තමන්ට උදව් කරන දෙවියෝ එයාලා වෙනුවෙන් කොච්චර නම් දුක් විදිනවද කියලා. ඒ නිසාම මිනිස්සු ප්‍රාර්ථනා කරා මේ 'සනසවන්නා' දෙවියන්ව සනීප කරන්න වගේම ආරක්ශා කරන්න පුලුවන් කෙනෙක්ව
ඒ දෙවියන්ට හම්බෙන්න කියලා."

"හාස්කමක් වගේ මිනිස්සුන්ගේ ඒ ප්‍රාර්ථනාව ඉශ්ට උනා.අනිත් අයව සනීප කරන මේ 'සනසවන්නා' දෙවියන්ව, සනීප කරන්න පුලුවන් කෙනෙක් අන්තිමේදී එයාට මුණ ගැහුණා."

"එයත් දෙවි කෙනෙක්.ඒ දෙන්නම පලවෙනි බැල්මෙන්ම දෙන්නට දෙන්නා ආදරෙන් වෙලුනා.ඒ දෙවියන්ගේ ආදරයේ බලය කොච්චර නම් බලවත්ද කියනවානම්,මේ 'සනසවන්නා' දෙවියන්ට එයාගේ මූණ බැලුවත් ඇති එයාගේ හැම වේදනාවක්ම නැති වෙලා යන්න."

"පුතා දන්නවද, ඒ දෙවියෝ දෙන්නාම ගොඩාක්ම ගොඩාක්ක් ලස්සන වගේම හිත හොද අය.මේ දෙන්නා එකට ඉන්නකොට ඒ දෙන්නාගේ බලය ගොඩාක්ම බලවත්. ඒ නිසාම එයාලට ප්‍රශංසා කරන්න වගේම ඉරිසියා කරන්නත් කට්ටිය හිටියා."

" දිව්‍යලෝකේ ඉන්න ගොඩාක්දෙවි වරූ මේ 'සනසවන්නා' දෙවියන්ට ගොඩක් ඉරිසියා කරා.මොකද මනුස්ස ලෝකේ ගොඩක් මිනිස්සු ඒ දෙවියන්ට වැදුම් පිදුම් කරන්න පටන් ගත්ත නිසා අනිත් දෙවිවරුන්ට ඒකෙන් එයාලගේ වන්දනා කරුවෝ ටිකෙන් ටික අඩු උනා.
ඒ නිසාම ඒ දෙවිවරු මේ 'සනසවන්නා' දෙවියන්ට ගොඩක් කරදර කරා.ඒ හැම කරදරයකින්ම එයාව ආරක්ෂා කරන්න ආරක්ශක දෙවියන්ගේ ආදරේට පුලුවන් උනා.ඒත් ඒ එක්කෙනෙක්ටවත් මේ 'සනසවන්නා' දෙවියෝ වෛර කරන්න ගියේ නෑ"

"දිව්‍යලෝකය විතරක් නෙමෙයි රාක්ෂ ලෝකයත් මේ දෙවියන්ට වෛර කරා.මොකද රාක්ශයෝ කියන්නේ එයාලගේ මන්තර වලින් මිනිසුන්ට කරදර කරන අයනේ.එයාලා කොච්චර මිනිස්සුන්ට කරදර කරන්න ගියත් මේ දෙවියන්ට වන්දනා කරන ඒ එක මනුස්සයෙක්ටවත් කරදර කරන්න රාක්ශයන්ට බැරි උනා.මේ නිසාම රාක්ශ රජ්ජුරුවෝ ගොඩක් කේන්තියෙන් තමයි හිටියේ."

"මේ 'සනසවන්නා' දෙවියෝ වෙනුවෙන් මනුස්ස ලෝකේ ගොඩාක් දේවාල, දේව පිලිම, දේව පින්තූර නිර්මාණය කරා.ඒ වගේම ඒ දෙවියන් ගාවින්ම 'සනසවන්නා' දෙවියන්ව සනීප කරන්න පුලුවන් ආරක්ශක දෙවියන්ගෙත් දේව පිලිමයකුත් මිනිස්සු හදලා ඒ දෙන්නාටම එක සමානය වන්දනා කරන්න පටන් ගත්තා."

"ඒත් එක දවසක් මේ 'සනසවන්නා' දෙවියන්ට වෛරකරන දෙවිවරු, රාක්ශ රජු එක්ක එකතු වෙලා මේ දෙවියන්ව විනාශ කරන්න සැලසුම් කරා.ඒත් ඒ වැඩේ ලේසි වෙන්නෑ මේ 'සනසවන්නා' දෙවියන් ලග ඉන්න ආරක්ශක දෙවියො නිසා.ඒ නිසාම එයාලා ඒ ආරක්ශක දෙවියන්ට වැඩකට දවස් දෙක තුනකට මනුස්ස ලෝකෙට යැව්වා.ඒ ආරක්ශක දෙවියෝ මනුස්ස ලෝකෙට ආවට පස්සේ අර දෙවිවරුයි රාක්ශ රජ්ජුරුවොයි එකතු වෙලා අර 'සනසවන්නා' දෙවියන්ව විනාශ කරලා දාන්න ලෑස්ති උනා."

"ඒ සටනේදී මේ 'සනසවන්නා' දෙවියන්ට විරුද්දව දහස්ගානක් රාක්ශයොයී දෙවිවරුයි එක් වෙලා හිටියේ.එයාලාගේ ප්‍රහාර වලින් මේ 'සනසවන්නා' දෙවියෝ ගොඩක් තුවාල උනා"

"මනුස්ස ලෝකෙට ගිය ආරක්ශක දෙවියන්ට දැනුනා එයාගේ ආදරණීය 'සනසවන්නා' දෙවියන්ට කරදරයක් කියලා.ඒ නිසාම එයා ඉක්මනටම දෙව් ලෝකෙට ආවා.ඇවිල්ලා දැක්ක දෙයින් එයාට ගොඩක් කේන්ති ගියා වගේම හදවත පැලිලා යන්න වගේ දුක් ආවා.
මේ ආරක්ශක දෙවියෝ ආපහු ආවා කියලා දැනගත්තට පස්සේ එතන හිටපු ගොඩාක් දෙවිවරුයි රාක්ශයොයී පැනලා දිව්වා."

"ඒ ආරක්ශක දෙවියෝ දැක්කා එයා ආදරය කරන කෙනා එයාගේ ඇස් ඉස්සරහාම ලේ විලක් මැද වැටිලා ඉන්නවා.එයා ඒ දෙවියන් ලග දනින් වැටිලා ඒ දෙවියන්ව බදාගෙන එයාගේ හැම බලයක්ම 'සනසවන්නා' දෙවියො වෙනුවෙන් දුන්නා.ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ.අන්තිමේදී ඒ 'සනසවන්නා' දෙවියෝ ඒ ආරක්ශක දෙවියන්ගේ අතේම අවසන් හුස්ම හෙලුවා."

"ආරක්ශක දෙවියන්ට ඒ දුක දරාගන්නම බැරි උනා.එයා 'සනසවන්නා' දෙවියන්ව හයියෙන් බදාගෙන ඇඩුවා."

"මේ ආරක්ශක දෙවියෝ 'සනසවන්නා' දෙවියන්වත් වඩාගෙන නැගිට්ටා.එයා හිටියේ පුදුම කේන්තියෙන්.ඒ දෙවියන්ගේ කේන්තියේ බලය කොච්චරනම් බලවත්ද කියනවානම්, සටනට ආපු හැම දේව, රාක්ෂ හා එයාලට අයිති හැම දේම එක තප්පරෙන් ගිනි තියලා අලු කරලා දැම්මා."

"ඒ නිසාම එයාගේ බලයත් හීන වුනා"

"ආරක්ශක දෙවියෝ 'සනසවන්නා' දෙවියන්වත් ඇරගෙන මනුස්ස ලෝකෙට ඇවිල්ලා කවුරුත් නැති කන්දක් මුදුනේ එයාව මිහිදන් කරා.මල් දහස්ගානක් ගෙනල්ලා ඒ දෙවියන්ගේ සොහොන් කොත වටේට අතුරලා එයාට ඒ මල් පූජ කරා.ඒ දෙවියෝ ගොඩාක්
වෙලා ඇඩුවා,එයාට ඒ දුක දරාගන්න ගොඩක්ම අමාරුම උනා.හදවත පැලිලා යන්න වගේ."

"ඒ ආරක්ශක දෙවියෝ ඒ සොහොන් කොත ඉස්සරහා දනින් වැටිලා මෙන්න මෙහෙම දෙයක් කිව්වා, ' අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුණොත්,මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම මන් ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ශා කරනවා කියලා'

"ඒ ආරක්ශක දෙවියෝගේත් හැම බලයක්ම හීන වෙලා ගිහින් තිබ්බ නිසා,එයාත් එයාගේ ආදරේ එක්කම එතනම මිහිදන් උනා.

"'සනසවන්නා' දෙවියෝ එයාගේ අවසන් හුස්ම හෙලන්න කලින් ප්‍රාර්ථනාවක් කරා. ඒ තමයී එයාගේ මේ මිනිස්සුන්ව සනීප කරන්න පුලුවන් බලය මනුස්ස ලෝකේ තෝරාගත් කොටසක් අතරේ,ඒ කියන්නේ අනිත් අයව සුවකරන්න හැකියාව ඇති මිනිස්සු අතරේ
බෙදිලා යන්න ඕනී කියලා.ඒ වගේම එයා ආදරේ කරන කෙනා: ආරක්ශක දෙවියෝ බැරිවෙලාවත් සටනෙන් එයාටත් ජීවිතේ බේරගන්න බැරි උනොත් එයාගේ මරණය වේදනාවකින් තොර එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරා."

"මේ 'සනසවන්නා' දෙවියන්ගේ මේ බලය බෙදිලා ගියේ මෙහෙම; දැනට ඉන්න වගේම, අනාගතේ බිහිවෙන්න ඉන්න හැම කාණ්ඩයකම වෛද්‍යවරෙක්ටම,therapistලට,Twin flame,Comforters,Healers වගේම soul matesලා අතරේ.(තවත් අය ඉන්නවා...)
මේ soul matesලා අතරේ මේ බලය බෙදුනේ ඒ දෙන්නට දෙන්නා සනසගන්න පුලුවන් නිසා."

"ඒ බලය ඔය විදිහට බෙදිලා ගියා."

"ඊටපස්සේ ගොඩ කාලෙකට පස්සේ එක දවසක ඔය බලය තියෙන අය අතරේ එක පිරිමි ලමයෙක් එයාගේ ඒ බලය පාවිච්චි කරලා ගොඩක් මිනිස්සුන්ව සනීප කරා.ඒ පිරිමි ලමයා හොයාගත්තා එයාව සනීප කරන්න පුලුවන් කෙනෙක්.ඒ දෙන්නා ආදරෙන් වෙලුනා.ටික කාලයක් ගියාට පස්සේ ඒ දෙන්නා කසාද බැදලා ඒ පිරිමි කෙනාගේ නෝනට බබෙක් හම්බුනා.අම්මාගෙයී තාත්තාගෙයී බලය මිශ්‍ර වෙලා ඉපදුන ඒ පිරිමි ලමයාගේ බලය දෙගුණ වෙලා තමයී පිහිට්ටේ.ඒ ලමයට අවුරුදු පහක් උනාට පස්සේ,ඒ මුලු පවුලම අනතුරක් සිද්ද උනා.ඒ තමයී එයාලා ගිය
වාහනේ හැප්පුණ එක.ඒකේන් ඒ නෝනටයී බබාටයී ගොඩාක් තුවාල උනා.ඒ තාත්තා එයාගේ බලය පාවිච්චි කරලා එයාගේ නෝනාවයී ලමයාවයී බේරගත්තා.ඒත් එයා ඒ දෙන්නාවම බේරගන්න බලේ පාවිච්චි කරපු නිසා තාත්තට බේරෙන්න බැරි උනා.
එයාගේ නෝනටත් එයාව බේරගන්න බැරි උනේ,එයාගේ ඇගත් දුර්වල නිසා.කොහොමහරී පුතාවයී නෝනාවයී බේරගත්තා.තාත්තා මැරෙන වෙලාවේ එයා බදාගෙන හිටියේ එයාගේ පුතාව නිසා, තාත්තට වේදනාවකින් තොර මරණයක් තමයී උරුම උනේ."

"ඒ තාත්තාගේ මරණයට වේදනාවක් නැති කරේ ඔයා පුතේ" අම්මා නිදන් ඉන්න චූටි යීබෝගේ නලලට හාදුවක් දෙන ගමන් කියලා නැගිටලා ගියා.

•••••••••••••••••••••••••••••••••••••••••••••••

නැවත ඒ දෙන්නා හමුවෙයිද???

(මන් එඩිට් කරේ👉👈)

Xiao Zhan

• නම: Xiao Zhan.

• Nick name එක: zhan zhan.

• ආත්මය: 'සනසවන්නා' දෙවියන්ගේ පුනරුත්පත්තිය.

• බලය:අනිත් අයව සුව කිරීමේ බලය

• දුර්වලතාවය: ලෙඩේ සනීප කරද්දී ඒ වේදනාව දැනෙන එක

• පෞර්ශත්වය:Cute,ගොඩක් හොද කෙනෙක්,අහිංසකයි

• වයස:20

• වර්ථමාන තත්ත්වය:තාම ස්කෝලේ යනවා

• පාසලේ තත්ත්වය:පන්තියේ පලවෙනියා,පන්තියේ ලමයීගේ තාඩන පීඩන වලට ලක් වෙනවා.

• පවුලේ අය:ආච්චි විතරයී

Wang Yibo

• නම:Wang Yibo

• Nick name එක:Yibo, Bobo

• ආත්මය:ආරක්ශක දෙවියන්ගේ පුනරුප්පත්තිය.

• බලය:එයා ආදරය කරන කෙනාව සුව කිරීමේ බලය,දෙමුහුන් ආත්මීය බලය,මරණය වේදනාවකින් තොර කිරීමේ බලය

• දුර්වලතාවය:එයා ආදරය කරන කෙනාගේ වේදනාව

• පෞර්ශත්වය:Handsome,නපුරුයි, Cold,Look like gangster, හැමෝම එයාට බයයී, අම්මාට ගොඩක් ආදරෙයී.

• වයස:20

• වර්ථමාන තත්ත්වය:තාම ස්කෝලේ යනවා

• පාසලේ තත්ත්වය:බුද්දිමත්,පන්තියේ ලමයි එයාට බයයී,පන්තියේ කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ.

• පවුලේ අය:අම්මා විතරයී.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මේ කතාව එක්කත් ඉස්සරහට එකතු වෙන්න අමතක කරන්න එපා❤️

තැන්ක්‍යු❤️

-blueberriemoody

Continue Reading

You'll Also Like

22.7K 684 11
Keith's boyfriend Lance is blind which makes Keith, Lances guide dog (Lol) anyway, so basically it's gonna be a bunch of fluff or smut oneshots. I've...
Tired By Ludi

Fanfiction

13.8K 700 4
"You know I'll see you again."
127K 6.8K 79
Highest ranking #no.1 ranking in demonlord No.1 in succubus No. 1 in transmigration No. 5 in royal blood Elayne's life was so average, it was boring...
5.2K 72 25
y/n moves to Germany as her older brother got a better job offer. she meets the band and begins to hangout with them. when the kaulitz twins slowly s...