The last omega 🐺💙 || Taekoo...

By -vkmystery-

178K 30.4K 5.9K

වසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනය... More

🐰❤️🐯
Introduction of characters
Wolf from
1. Siblings
2. Wild thoughts
3. Attack
4. Mate
5. Race to Daegu
6. Grand entrance
7. Moon child
8. 18th birthday
9. Hair colour
10. You bet
11. True blood alpha's voice
12. Jealous? Jealous.
13. All wishes come true
14. Let destiny do its job
15. Off road
16. I can give you a ride
17. Your smile is my favorite
18. Introduction of wolves
19. Inside out
20. Sleeping beauty
21. Blue rose
22. Blue gifts
23. Blue butterfly
24. Be free
25. Motherly warmth
26. Surprise
27. 00:00
28. Special wolf
29. First night
30. Birthday celebration
31. Birthday greetings
32. Tenerife sea
33. Locket necklace
34. Intruders
36. Nesting
37. Heat
38. You have what we wanted
39. Large? Seriously?
40. Hourglass
41. One more
42. You're mine and mine alone
43. Dead meat
44. Belle knows how to calm the beast
45. Kim Taehyung
46. Blue box
47. Help me protect my brother
48. Vampire's secret
49. Changes
50. Possessive? Naah protective
51. Master
52. Family
53. Danger
54. Impostor
55. Shield
56. Guardian
57. Revelation
58. Powerful
59. Chosen mates
60. Gender
61. Kick
62. Unleashed
63. Eavesdrop
64. Twins
65. Distraction
66. Welcome home
67. Minjae
68. Miracle
69. Ritual
70. Until we meet again
71. Powerful couple
72. I am home
73. Park bogum
74. Seduce
75. Nursery
76. Bundle of joy
77. Full moon
78. Ceremony
New Book
79. Selene
80. Little bubble
81. Lingerie
82. Mirror
Epilogue
A/N
New Story

35. Departure

1.9K 343 49
By -vkmystery-

හැමෝම තමන්ගේ දිවා ආහාරය කන්න පටන් අරන් ටික වෙලාවක් ගියාට පස්සේ ජොන්ග් සුක් එයාලා පැක් එකෙන් දවස් කීපයකට පිට වෙලා යනවා කියලා ප්‍රකාශ කලා. අනිවාර්යයෙන්ම එයා කිව්වෙ නැ ඇත්තටම මොකද්ද සිද්ද වෙන්නෙ කියලා, ඒ වෙනුවට එයා කිව්වා එයාට රැස්වීමකට සහභාගී වෙන්න ඕන කියලත්, ජන්ග්කුක් ඊළඟ ප්‍රධාන ඇල්ෆා විදිහටත්, නම්ජුන් පැක් එකේ රණශූරයින්ගේ ප්‍රධානියා විදිහටත් එයත් එක්ක යන්න ඕන කියලත්.

ටේහ්‍යුන් මූන හකුළගත්තා විතරයි. එයාගෙ මේට්ගෙන් ඇත් වෙන්න යන එක ගැන එයාට පොඩි දුකක් දැනුනා. ඒත් එයා මේ තත්ත්වය ගැන බය උනේ නෑ. මන්දිරයෙන් පිටතට ඩේට් එකක් යන්න නම්ජින් දෙන්නා තීරණය කරනකොට ටේකුක් දෙන්නා ඇල්ෆගේ කාමරේ එකිනෙකා ගුලි වෙලා ඉන්න අතරේ hotel transylvania බැලුවා. අනිවාර්යයෙන්ම ඒක ටේහ්‍යුන්ගේ යෝජනාවක්.

"මාව මුලින්ම දැක්ක වෙලේ ඔයාටත් අමුතු දෙයක් දැනුනද?" ටේහ්‍යුන් එයාගෙ ඇස් විශාල රූපවාහිනියට යොමු කරන ගමන් ඇහුවා.

"හොඳයි ඔයාට කියන්න පුලුවන් ඒක ආදරය කියලා, ඒත් මං ඒක ගනන් ගත්තෙ නෑ."

"ඇයි?"

"හ්ම්ම්ම්. මොකද අවංකවම කිව්වොත් මං කලින් මේට්ලව විශ්වාස කලේ නෑ. ඔයාගෙ අත මුලින්ම අල්ලපු වෙලේ මගේ ඇඟ දිගේ අමුතු ශක්තියක් යනවා මට දැනුනා. මට ඔයාගෙ සුවඳ දැනුනෙ නැති නිසා මං ඇත්තටම ඔයාව මගේ මේට් විදිහට හිතුවෙ නෑ. ඊටපස්සෙ දවස් ගෙවිලා ගිහාම ඔයා ගැන මට තිබුනු හැඟීම් එන්න එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. දැන් කවුද හිතුවෙ ඇත්තටම මගෙ මේට් ඔයා කියලා. කවුද හිතුවෙ අපේ අත් එකතු වුනු වෙලාවෙ මට දැනුනු ඒ ශක්තිය ඇත්තටම අමුතු දෙයක් කියලා." තමන්ගෙ පපුවට ඔලුව තියාගෙන ඉන්න ටේහ්‍යුන්ගේ කොණ්ඩේ ආදරෙන් පිරිමදින අතරේ ජන්ග්කුක් කිව්වා.

"එතකොට ඔයා? ඔයාටත් අමුත්තක් දැනුනද මාව දැක්ක හැටියෙම?" ජන්ග්කුක් ඇහුවා.

"ඔයා අමුතු දෙයක් කියලා අදහස් කරපු ඒ දේ ශක්තිය නම්, ඔව්. අපේ අත් මුලින්ම එකතු උනු වෙලාවෙ මටත් ඒක දැනුනා." ටේහ්‍යුන් කිව්වා. ඒ දෙන්නා හමුවුනු පළවෙනි දවස මතක් වීමෙන් දෙන්නම හිනා වුනා.

විනාඩි පැය බවට පත් වුනා. ඒ දෙන්නා hotel transylvania 1, 2 දෙකම බලල ඉවර කලා. ඊළ‍ඟ සීසන් එක බලන්න හැදුවත් ටේහ්‍යුන් ගැඹුරු නින්දක වැටිලා හිටියා.

ජන්ග්කුක්ට උදව් කරන්න බෑ. ඒත් නින්දෙන්ම කටත් උල් කරගෙන බබෙක් වගේ එයාට ගුලි වෙලා එයාගෙ නින්දෙන් ගොරවන ආදරණීය මේට්ව දැකලා එයා හිනා වුනා. ටේහ්‍යුන්ගේ කලවා වලට හෙමින් තට්ටු කරපු ජන්ග්කුක් මෘදු හාදුවක් එයාගෙ නළලට දීලා ඇස් පියා ගත්තා.

දෙන්නම එයාලගෙ ගැඹුරු නින්දෙන් ඇහැරෙන කොට රෑ කෑම ගන්න වෙලාවත් ඇවිල්ලා තිබුනා. ටේහ්‍යුන්ට පහළට යන්න ඕන වුනේ නෑ. එයාට ඕන වුනේ ජන්ග්කුක්ගේ අත් වල තුරුලු වෙලා ඉන්න විතරයි. එයාට ඕන වුනා රෑ කෑම ජන්ග්කුක්ගේ කාමරේ ඉඳන්ම ගන්න. ඉතින් ජන්ග්කුක් එයාගෙ ඔම්මට ඉක්මනින් මනසින් සම්බන්ධ වෙලා කෑම එයාගෙ කාමරේට කාවුරුහරි අතේ එවන්න කිව්වා.

"ටේහ්‍යුන්ට පහළට එන්න බැරිලු. ජන්ග්කුක් කිව්වා ටේ එයාට කෝලා පැටියෙක් වගේ ඇලිලලු ඉන්නෙ." අනිත් අයත් එක්ක රෑ කෑම කන අතරේ hye kyo කිව්වා.

"එයා ඇලිලම ඉඳීවි. මොකද ජන්ග්කුක් දවස් ගානකට එළියෙනෙ ඉන්නෙ." ජින් කිව්වා.

"ඇයි ඔයා එහෙම ඇලිලා ඉන්නෙ නැත්තෙ? මාත් දවස් ගානකට එළියෙ තමා ඉන්නෙ." නම්ජුන් ඇහුවා.

"අද මං මෝල් එකට යන්න හිටියේ. ඒත් ඔයා කිව්වා එහෙ ගොඩක් සෙනඟ ඉන්න නිසා යන්න එපා කියලා. ඉතින් මං තීරණය කලා තවත් ඔයාට ඇලිලා ඉන්න ඕන නෑ කියලා. මොකද ඔයාගෙ කිසිම ෆන් එකක් නෑ." ජින් කිව්ව දේට හැමෝම හිනා වුනා.

ජන්ග්කුක්ගේ කාමරේ දෙන්නම එයාලගෙ රෑ කෑම කෑවා. ටේහ්‍යුන් එයාගෙ කෑම කෑවේ ජන්ග්කුක්ගේ උකුල උඩ ඉඳන්. ඒත් ජන්ග්කුක් ඒකට මැසිවිලි නැගුවෙ නෑ, මොකද එයත් ඒකට කැමති වුනා. ජන්ග්කුක් කැමති වුනා එයාගෙ මේට් එයාට ඇලිලා ඉන්න එක ගැන, හරියට එයාගෙ ජීවිතේ රැඳිලා තියෙන්නේ ජන්ග්කුක් මත වගේ.

රෑ කෑමෙන් පස්සෙ ටේහ්‍යුන් පිරිසිදු වෙන්න එයාගෙ කාමරේට ගියා. පහසු පිජාමා එකකට මාරු වුනු එයා ඊටපස්සේ එයාගෙ මේට්ගේ කාමරේට ආපහු ගියා. අද දවසේ බලලා ඉවර කරන්න තීරණය කරපු නිසා hotel transylvania සීසන් 3 ඒ දෙන්නා බලලා ඉවර කලා. ජන්ග්කුක්ගේ අත් ටේහ්‍යුන් වටා එතිලා තිබුනේ හරියට කොට්ටයක් බදන් ඉන්නවා වගේ. ටේහ්‍යුන් ජන්ග්කුක් ගාවට ළ‍ං වෙලා එයාව බදා ගත්තා. එයාගෙ මේට් එයාට දෙන උනුහුමට ටේහ්‍යුන් ආදරය කලා. ජන්ග්කුක්ගේ බෙල්ලට නැඹුරු වෙන්න කලින් good night කියලා මිමිනුව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බෙල්ලට හාදුවක් දුන්නා.

උදෑසන ඉක්මනින් ආවේ හරියට ජන්ග්කුක් විනාඩි 15 ක් විතරක් නිදා ගත්තා වගේ. ටේහ්‍යුන් නම් තවමත් හිටියේ නිදා ගෙන. හතට පිටත් වෙන්න ඕන නිසා true blood alpha ට ලෑස්ති වෙන්න යන්න ඕන වුනා. එයාගෙ මේට් තාමත් එයාට තුරුලු වෙලා ඉන්න නිසා එයා ඇඳෙන් නැගිටින්න වෙහෙසුනා. එයාව ඇහැරවන්න ජන්ග්කුක්ට ඕන වුනෙත් නෑ.

අන්තිමේදි ජන්ග්කුක් සාර්ථකව ටේහ්‍යුන්ගේ සිනිඳු අත් වලින් ගැලවුනා. එයාලට මෙහෙයුමක් නොතිබුනා නම් ජන්ග්කුක්ට ටේහ්‍යුන්ගේ උනුසුම දාලා යන්න ඕන වුනේ නෑ. ඒත් අනාගත ප්‍රධාන ඇල්ෆා විදිහට එයා හැමදෙයක්ම ඉගෙන ගන්න ඕන. විශේෂයෙන් මේ වගේ හොරුන් සම්බන්ධ තත්ත්වයකදී පාලනය කරන්නෙ කොහොමද කියන දේ එයා ඉගෙන ගන්න ඕන.

ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ කුඩා සිරුර උරහිස් වෙනකන් බ්ලැන්කට් එකෙන් පොරවලා එයාගෙ නළලට හාදුවක්  දුන්නා. ඊට පස්සෙ ඇල්ෆා සූදානම් වෙන්න පටන් ගත්තා. කලින් රාත්‍රියේ එයාගෙ මේට්ගේද උදව් ඇතුව ඇ‍ඳුම් බෑග් එක පැක් කරපු නිසා එයාට දැන් ලෑස්ති වෙන්න ගියේ විනාඩි තිහක් විතරයි.

ඊටපස්සෙ ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ මූනට මෘදු හාදු වලින් තෙත් කරන්න ගත්ත නිසා ඔමේගා හිමින් එයාගෙ ඇස් ඇරියා.

"Good morning මැණික."

ඔමේගා ඒකට පිළිතුරු දෙන්නෙ නැතුව ඒ වෙනුවට ජන්ග්කුක්ගේ බෙල්ල වටේ අත් යවලා එයා ගාවට ඇදලා ගත්තා. එයාගෙ මේට් එයාට මෙච්චරම ඇලෙන විදිහ දැකලා ජන්ග්කුක්ගේ කටින් හිනාවක් පිට වුනා.

"යන්න එපා කුකී." ටේහ්‍යුන් කටත් උල් කරන් කිව්වා.

"ඒත් මට යන්න වෙනවනෙ love. මං ප්‍රොමිස් වෙනවා, මං ඔයාට සැරින් සැරේ මැසේජ් කරන්නම්." කිව්ව ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ තොල් වලට පුංචි හාදුවක් දුන්නා.

"ඔයාට මාව මතක් වෙන්න කලින් මං ආපහු එනවා මැණික." ජන්ග්කුක් කිව්වා.

එයාගෙ මේට් එළියට යනවට ටේහ්‍යුන් අකමැති වුනත් එයා තවමත් දන්නවා ඒ රැස්වීම වැදගත් එකක් කියලා විශේෂයෙන් එයා blood moon pack එකේ ඊළඟ ප්‍රධාන ඇල්ෆා විදිහට.

එකිනෙකාගෙ අත් වල තුරුල් වෙලා ඉන්න ඒ දෙන්නට තව තවත් ඕන වුනත්, දැනටමත් එයාලා පිටත් වෙන වෙලාව ඇවිල්ලා තිබුනා.

"පුතා, යන්න වෙලාව හරි." ජොන්ග් සුක් එයාගෙ පුතාට මනසින් සම්බන්ධ වුනා.

"ඉන්න අප්පා."

"මැණික, මට දැන් යන්න වෙනවා." ජන්ග්කුක් කිව්වා. එයාගෙ මේට්ට යන්න දුන්නු ටේහ්‍යුන් කටත් උල් කරගෙන ඇඳේ වාඩි වුනා.

"කවුරුවත් නැතුව තනියම ගෙදරින් එළියට යන්න එපා. හරිද?" ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් හිස සැලුවා.

ටේහ්‍යුන්ගේ උල් වෙලා තියෙන තොල් වලට දිගු මෘදු හාදුවක් දුන්න ජන්ග්කුක් එයාගේ මේට්ව තමන්ගේ උනුහුමට ඇදලා අරන් තුරුලු කරගත්තා.

"මං ඔයාට ආදරෙයි මැණික. මට දැන් යන්න වෙනවා." ජන්ග්කුක් කිව්වා.

"පරිස්සමින් ඉන්න. මාත් ඔයාට ආදරෙයි කුකී." ටේහ්‍යුන් පිළිතුරු දුන්නා. එයාගෙ මේට්ගේ පිටත් වීම බලන්න කැමති නොවුනු ඔමේගා ජන්ග්කුක්ගේ කාමරේ ඇතුලෙම රැඳී සිටියා.

•••••••••••••••••••••••••••••••••••••••••
Continue vote & comment 💜💚

A/N : හායි වෘක පැටව්නේ 😁 කුකී ගියා 👀


බායි
ලව් යූ 😘

Stay safe 💜️
Thank you all ❤️❤️

kim_tae_kd

Continue Reading

You'll Also Like

81K 16.6K 51
හුදකලා වූ කිඳුරෙකුගේ ප්‍රේම චාරිකාව.. Taekook fanfiction Top tae Power bottom kook Happy ending Taehyung as a murmen & Jungkook as a Uni student �...
50.4K 10K 56
වැම්පයර්වරුන්ගේ විනාශය බලාසිටින නරවෘකයන්... නරවෘකයන්ගේ විනාශය බලාසිටින වැම්පයර්වරුන්... සියල්ලන්ගේම සාමය සතුට පතන සුරදූතයන්... අහිංසක සතුටින් දිවි ගෙ...
25K 4K 13
ගායකයෙක් කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඒත් රසිකයා ගායකයට නිදහසේ ඉන්න සීමා පනවනවා නම්, ගායකයට අයිතියක් තියෙනවා රහසිගත ජීවිතයක් අරගෙන යන්න.
13K 1.2K 42
გათამამებული და უძლიერესი სუფთა სისხლის ალფა,რომელსაც მხოლოდ თითის გაქანება სჭირდება იმისთვის ,რომ ყველა შიშისგან კანკალებდეს,ემორჩილებკდეს და თუ ს...