Love You More - Completed

Af Ruu_Kavi

30.4K 6K 465

සම්මත අසම්මත බවක් කොයින්ද ආදරකට...... Mere

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60 -Final Chapter
Special Chapter

Chapter 30

392 80 5
Af Ruu_Kavi

සති දෙකක වගේ කාලයක් තමා ඒ location එකේ ශූටින් තියෙන්න තිබ්බෙ එයාලට.. ඩ්‍රාමා එකේ ශූටින් පටන් ගෙන තිබ්බට ඒ තරම් ලොකු සීන් ටිකක් ශූට් කරලා තිබ්බෙ නෑ. මේ තමා කට්ටිය ඔක්කොම වගේ ප්‍රධාන වශයෙන්ම ශූටින් පටන් ගන්න යන්නේ.

බෝට තිබ්බ ලොකුම උවමනව තමා ශාන් එක්ක එකම රූම් එකක ඉන්න එක එහෙ ගිහින්. බෝ කොච්චර කියුවත් ශාන් මේ අදහසට එච්චරටම අකමැති උනේ බෝගෙ හැටි දන්න නිසා බෝගෙම හොඳටයි. එයා තේරුම් අරන් හිටියා එයාලගෙ මේ බැඳීමට ලොකූ ආශිර්වාදයක් ලැබෙන්නේ නැති බව. එයා බය උනේ මේ දේවල් ප්‍රසිද්ධ උනොත් බෝට මොනව වෙයිද කියලයි. මොකද එයා තාම බෝ තරම් ප්‍රසිද්ධ නොවුන නිසා එයා හිතුවා බෝට වෙන හානිය වැඩී කියල. ඒත් ඉතිං බෝ කියන්නෙ අනිත් අය කියන දේවල් වලට එයාගෙ ජීවිතේ පාලනය කරන්න දෙන්නේ නැති කෙනෙක්නේ. බෝ කිසිම වෙලාවකදි ශාන් කියන ඕනම දෙයක් ඇහුවත් මේ කාරණාව කියපු ගමන් ශාන් එක්ක තරහ ගන්නව කියල ශාන් මේ වෙද්දී අත්දැකීමෙන්ම දැනන් හිටියා. ඒ නිසා එයා පුලුවන් තරමින් බෝගෙන් ප්‍රසිද්ධියේ ඈත් වෙන්න උත්සාහ කලා. ඒත් මේ වෙද්දිත් ඩ්‍රාමා එකේ grp එකම officially නැතත් මේ දෙන්නා ගැන හිටියා. කාත් එක්කවත් වැඩි කතාවක් නැති ආඩම්බරකාර බෝ රැයක් දවාලක් නැතිව ශාන් පස්සේ කැරකෙන විදිහ.... ශාන් ගැන එයා වද වෙන විදිහ වගේම නොදැනුවත්වම ශාන් බෝ ගැන වද වෙන විදිහ... ඈත් වෙන්න උත්සාහ කලත් බෝගෙ දිහා බලද්දි ශාන්ගෙ ඇස් වල පිරිලා තියෙන ආදරේ.... මේ දේවල් හැම දේම කට්ටියට තේරිලා තිබ්බත් කවුරුවත් මුකුත් නොකියුවේ ඇත්තටම ඒ දෙන්නාගෙ ආදරේ ඒ ඔක්කොටම දැනුන නිසයි. යැන්ග්සි හැර අනිත් හැම කෙනෙක්ම මේ දෙන්නා දිහා බලලා සතුටු උනා...

කට්ටිය අලුත් location එකට පිටත් උනේ උදේ පාන්දර 4.30ට. බෝට ඕන උනේ එයාගෙ කාර් එකේ වෙනම යන්න ශාන් එක්ක. ශාන් කොච්චර දේවල් කියලාද බෝව කට්ටියත් එක්කම යන්න කැමති කරගත්තෙ කියනව නම් ශාන්ට කැමති වෙන්න උනා බෝගෙ විකාර ඉල්ලීමකටත්....ඒ තමා ශාන්ව makeup කරන්න බෝට ඉඩ දෙන්න ඕන කියල...😂 බෝට නම් මේ ගමන ට්‍රිප් එකක් වගෙයි දැනුනේ.... ශාන් එයා ගාව ඉන්නවා නම් එයාට අපායට ගියත් ඒකත් ට්‍රිප් එකක් වගේ තමා. 😜😜

ශාන් තමා මුලින්ම නැග්ගෙ වෑන් එකට. තැන් තැන් වලින් එක එක් කෙනාව දාගෙන ආපු වෑන් එකට බෝ නැගපු ගමන් බැලුවේ ශාන් කොහෙද කියලයි. බෝ හොයන්නෙ ශාන්ව කියල මුලු ඔක්කොම දැක්කා. ඒ වෙද්දිත් වෙන ගර්ල් කෙනෙක් ශාන්ගෙ එහා පැත්තෙන් වාඩි වෙලා හිටියා. ශාන් හිටියෙත් ඒ ගර්ල් එක්ක ලොකු කතාවක. බෝ මේක දැක්ක ගමන් ඒ ලස්සන මූන අටපට්ටමක් උනේ හැමෝටම වෙච්ච දේ තේරිලා හීන් හිනාවක් තොල් වල රැදෙද්දීයි. ශාන් දිහා බලලා හොදට රැවලා බෝ ශාන්ගෙ පිටි පස්සෙ ශීට් එකෙන් වාඩි උනා. වෑන් එක යද්දිත් ශාන් හිටියේ එහා පැත්තෙ ගර්ල් එක්ක කතාවෙමයි. ටිකකින් ඒ ගර්ල්ට නින්ද ගිහින් තිබ්බා. වෑන් එකේ වැඩි කොටසක්ම මේ වෙද්දි නිදි. බෝ ශාන් හිටපු හරියෙ නම් ඔක්කොමල්ලා නිදි. ශාන්ගෙ එහා පැත්තෙ හිටිය ගර්ල්ගෙ ඔලුව ශාන් උරහිසට වැටුනේ එයා නින්දෙදිමයි. දැන් එයා සනීපෙට හොදට හරිබරි ගැහිලා ශාන්ගෙ උරහිසේ නිදි. දැන්නම් ශාන්ට තරු පෙනුනා. එයාට ඒ ගර්ල්ව අයින් කරන්නත් බෑ. (මොකද එයාගෙ හිත හොඳ වැඩීනෙ...) ඒත් මෙහෙම ඉන්නත් බෑ. මොකද ශාන්ට මැවී මැවී පෙනෙනවා වගෙයි බෝගෙ තරහින් රතු වෙච්ච මූන වගේම ඒ නපුරු ඇස් දෙක. ඇත්තටම ඉතිං මේ ටික මේ වෙද්දි ඇත්තටම දකින්න පුලුවන්කම තිබ්බා ශාන්ට චූට්ටක් පිටි පස්සට හැරුනා නම්.....😡😡 ශාන් දැන් හිත හදාගෙන ඉවරයි ලොකු පනිශ්මන්ට් එකකට...😥😥
ශාන්ගෙ උරහිසේ වෙන කෙනෙක් ඔලුව තියන් ඉන්නවා දැක්කම බෝට නම් දැනුනේ පිච්චෙනවා වගෙයි. කාර්ටූන් එකක වගේ එයාටම සැකයි එයාගෙ කන් වලින් දුම් පිට වෙනවා පේන්වා ඇතිද අනිත් අයට කියල. " හරි බනී... හරි ඔහොම යමු.... ඔයාමයි මාව නරක් කරගන්නේ.... " බෝ හිතින් හිතුවෙ ශාන්ට මොනාද කරන්නේ කියලයි. "බැදලා ඩෙවල් දානවද නැත්නම් ස්ටූ දානවද???"😋😋 "කොහොම කලත් ඉතිං එයා රසයිනේ..." බෝ හිතින් හිතද්දි ඒ නපුරු මූනෙ හිනාවක් ඇදුනා. ඒත් ඒ හිනාවෙ තිබ්බෙත් නපුරුකමක්. ශාන් නම් ඒ හිනාව දැක්කනම් ඒකෙ තේරුම දන්න නිසා අනිවාර්යයෙන්ම හොදටම බය වෙනවා... 😖😖

එක පාරටම ශාන්ගෙ උරහිසේ ඔලුව තියන් හිටිය ගර්ල් ඇහැරුනේ "ආවු...." කියාගෙන කකුලත් අල්ලගෙන. ඒ වෙච්ච දේ නිසා ශානුත් ගැස්සුනා. "Ohhh I'm srryy..." බෝගෙ කටහඬ පිටි පස්සෙන් ඇහෙද්දි ශාන් තේරුම් ගත්තා වෙච්ච දේ..."පව් අර ගර්ල්ගෙ කකුලට ගහන්න ඇති අනිවාර්යයෙන්ම.... jealous Lio" ශාන්ගෙ හිතින් හිතුවේ එයාගෙ මූනෙත් ලස්සන හිනාවක් පැතිරෙද්දීයි. නින්දෙන් එක පාර ඇහැරුන නිසා තාමත් තෝන්තු ගතියෙන් හිටියත් ගර්ල්ටත්බ්තේරුන වෙච්ච දේ. එයා ඊට පස්සෙ ශාන්ට සමාවෙන්න කියල ශීට් එකෙ අනිත් පැත්තට හැරිලා ආයෙත් ඇස් වහගත්තා.

ශාන් හිමීට බෝ දිහා බලලා පුලුවන් උපරිමයෙන් ගොන් පාට් එකක් දාල හිනා උනත් බෝ එයා දිහා බැලුවෙ නම් ඔරවගත්ත මූනකින්... ශාන් ඇදලා හිටියෙ ශොර්ට් එකකුයි ටී ශර්ට් එකකුයි. ටිකකින් එයාට දැනුනෙ එයාගෙ කකුල දිගේ ඉහලට ඇදෙන  දැනෙන සියුම් ස්පර්ශයකුයි. ශාන්ට කිතියක් දැනුනත් දඟලන්නත් බැහැ. මොකද කට්ටියට තේරුනොත් අවුල්නේ. ශාන් ආයෙත් හිමිහිට බෝ දිහා ආයාචනාත්මක බැල්මකින් බැලුවෙ එයාට ඒ ස්පර්ශයන් දරාගන්න බැරි නිසයි. ඒත් බෝ නම් ශාන්ට දුන්නේ හොද වැඩේ වගේ බැල්මකුයි. 'කුම්බලා මාලු කෑවනම් ඉවසපන් බළලෝ...' කියන කියමන මතක් කරගත්තත් ශාන්ට නම් තවත් ඉවසන්න බැරි උනා. එයා phone එක අරන් බෝට msg එකක් දැම්මේ "ප්ලීස්ස්ස්ස්....." කියලායි. 

ඒ msg එකත් එක්ක බෝගෙ ස්පර්ශයන් නතර උනත් ඒකට ආපු reply එකනම් කොහෙත්ම සුබදායි උනේ නෑ.... "මගෙ කකුල ටිකක් ගෑවුනාම තමා ප්ලීස් ප්ලීස් ගාන්නේ.... අර එක එක අය උරහිසේ ඔලුව තියන් නිදන් හිටියෙ... ඒවාට අවුලක් නෑ... අද බලා ගමුකො...." ඒ තමා ඒ අසුබදායක reply එක. බෝට ආයෙත් කියල දෙන්න දෙයක් තිබ්බෙ නෑ මෙච්චර කාලෙකට කිසිම ගර්ල් කෙනෙක් ඉස්සරහවත් අසරණ නොවුන විදිහට බෝගෙ එක ඇඟිල්ලක ස්පර්ශයක් හමුවේ ශාන් අසරණ වෙන විත්ත්තිය. මොකද ඒක බෝම් හොදටම දැනන් හිටියා.
කොහොමින් කොහොම හරි හොටෙල් එකට ආපු කට්ටිය. එයාලගෙ බෑග් ටිකත් අරන් බැස්සා. මේ වෙලාවෙදි තමා ඩිරෙක්ට සර් කට්ටියට (විශේෂයෙන්ම ශාන්ට )ඒ සුබම සුබ news එක කියුවෙ... "කට්ටියටම වෙන වෙනම රූම්ස් තියනවා. මේ ලිස්ට් එකේ පිලිවලට ඒ ඒ රූම්ස් වල keys අරන් තම තමන්ගෙ කාමර වලට ගිහින් rest කරන්න ළමයි. අපි හෙට උදේ ඉදන්ම වැඩ පටන් ගන්න ඕන. බෝගෙ මූන බලන්න ලස්සනයි. එයා ඩිරෙක්ට දිහාත් බැලුවෙ පතාගෙන එන සතුරෙක් දිහා බලනවා වගේයි. එහෙම බලල ශාන් දිහා ආයෙත් රවල බලල බෑග් එකත් උස්සන් ගියේ පුදුම හදිස්සියකින් වගෙයි. ශාන්ගෙ මූන නම් හඳ පායලා වගේ සිරියාවයි. හැබැයි ඒ ලස්සන වැඩි වෙලාවක් නොරැදුනේ හොටෙල් entrance එකේ ඉදන් එයා දිහා සරදම් හිනාවෙන් බලන් ඉන්න යැන්ග්සිව දැකපු නිසයි. ශාන් හිමීට බිම බලන් හොටෙල් එකට ගියේ කලු වෙච්ච මූන හංගගෙනයි.

යැන්ග්සි ආවෙ එයාගෙ personal vehicle එකක. මොකද එයා කැමති උනේ නෑ ශාන් බෝ එක්ක එකට එනවා දකින්න. හැබැයි එයා අද නම් ආව නම් සතුටු හිතෙන්න තිබ්බ වෑන් එකේදි උන දේවල් දැක්කානම්.........
ශාන් එයා ගාවින් පාස් වෙද්දිම යැන්ග්සි කියුවෙ......

...................................................................................
මොනවා කියන්න ඇතිද ළමයි යැන්ග්සි.....
ආයෙ ඔන්න දිගම දිග කොටසක් අරන් ආවා......❤️❤️

රූ...❤️

Fortsæt med at læse

You'll Also Like

566K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation
3.6K 558 5
ඔයා ඔහොම නෙවෙයි කොහොම මොනවා කිව්වත් වැඩක් නෑ... ඔයා දැන් මගේ... මගේ විතරයි එච්චරයි... ඔයා හිතන්නේ නිදාගත්ත පලියට මන් ඔයාගෙ කියලද...
29.1K 5.3K 42
දෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑය...
97.8K 15.8K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...