Chapter 16

463 114 5
                                    

බෝගෙ මනමාල හිනව වගේම ශාන්ගෙ රතු උන ලැජ්ජාශීලී මූන යැන්ග්සිගෙ හිතේ ඇති කලේ පුදුම කුතුහලයක්. ඒත් එක්කම එයාට note උනේ ශාන්ගෙ තොල් වෙනදටත් වඩා තද රතු වෙලා කියල. වෙච්ච දේ උපකල්පනය කරපුවාම යැන්ග්සිගෙ මුන යක්ෂ මූනක් උනේ නිකන්මයි. හැබැයි එයා හොදින්ම දැනන් හිටියා බෝ එයාවවත් එයාගෙ කේන්තියවත් ගනන් ගන්නෙ නෑ කියලා.

කොතන මොන දේ කලත් බෝගෙ ඇස් සැරෙන් සැරේ ශාන්ගෙ ගැන විපරමින් ඉන්නෙ කියල දැක්කම එයාට තවත් තරහා ගියා. බෝ ඩිරෙක්ට එක්ක කතාවක් කරන අතරෙ යැන්ග්සි ශාන්ගෙ ගාවට ලන් උනා. වට පිටාවෙ ඉන්න අයට එයා ශාන් එක්ක හිනා වෙවී ලොකු කතාවක ඉන්නව කියල පෙනෙන විදිහට ශාන්ට කිව්ව දේවල් වලට ශාන්ට දෙන්න උත්තර තිබ්බෙ නෑ. යැන්ග්සි ශාන්ට කියුවෙ " ඇත්තටම තමුන්ට ලැජ්ජ නැද්ද?? ජනප්‍රිය වෙන්න නිසා බෝගෙ ඇඟේ එල්ලෙන්න යන්නෙ.... අනික බෝ තමුනට වඩා බාලත් එක්කනේද?? අප්පිරියයි මට නම් තමුන්ව"
        මේ වචන එක්ක ශාන් හරි අසරණ විදිහට බිම බලාගත්තා. එයාට යැන්ග්සිට කියන්න දාහක් දේවල් තිබ්බත් මුකුත්ම කියාගන්න බැරි විදිහට එයාගෙ කට lock වෙලා තිබ්බා. ඇස් වලට පිරෙන්න පොරකන කදුලු වලට තදින්ම තරවටු කරන ගමන් ශාන් ඈතින් හිටිය බෝ දිහා බැලුවෙ ඒ අසරණ ඇස් වලින්මයි. ඒත් එක්කමයි බෝ අනිත් පැත්තට හැරුනේ ශාන්ව බලන්න. බෝට හොදටම තේරුනා ශාන්ගෙ ඇස් වල වෙනස... මොකද ශාන්ගෙ පුංචිම පුංචි වෙනසක් උනත් බෝට අදුරගන්න අමාරු නැති නිසා. ඒත් එක්කම ශාන්ගෙ එහා පැත්තෙන් ඉදන් හිටිය යැන්ග්සිව දැක්කම බෝට තේරුනා ශාන්ගෙ ඇස් වල වෙනසට හේතුව යැන්ග්සි තමා බව.... බෝට ශාන්ගෙන් ඒ ගැන අහන්න උවමනා උනත් බෝට එන්න විදිහක් තිබ්බෙ නෑ ශාන්ගෙ ගාවට ඒ වෙලාවේ. ශාන් ගාවට එන්න බැරිනිසා බෝ ගොඩාක් අසරණ උනා.

කලබලකාරී දවසක අවසානයේදී හැමෝම හුගාක් මහන්සියෙන් තමා හිටියෙ. දවසෙ ඉතුරු වෙලාවෙම ශාන් කලේ බෝව මග ඇරපු එකයි. අන්තිමට බෝ ශාන් ගාවට යද්දි ශාන් ආයෙමත් කලේ පැනල ගිය එකයි. ශාන් කට්ටියට ඉක්මනට කියල ගෙදර යන්න ගියේ එයාගෙ ඔලුව එක එක අදහස් වලින් පිරිලා තියන නිසායි. ගෙදරට ගිය ශාන් යැන්ග්සි කියුව දේවල් එක්ක බෝව හම්බුන දවසෙ ඉදලා මේ වෙනකන් වෙච්ච හැම දෙයක්ම ආයෙ ආයෙ හොදට කල්පනා කරලා බැලුවේ එයාගෙ හිතේ බෝ ගැන තියන හැඟීම තේරුම් ගන්න ඕන නිසයි.. සේරම අවසානයෙදි ශාන්ට තේරුනා බෝ ගැන එයාගෙ හිතේ තියන්නෙ ගොඩක් වැදගත් තැනක් බව. ඒ නිකන්ම නිකන් යාලුවෙක් නෙමෙයි බව.
        මේ අතර බෝ එයාගෙ අපාර්ට්මන්ට් එකට ගිය ගමන් කලේ ශාන්ට call එකක් ගත්ත එක. බෝ ශාන්ගෙන් ඇහුවෙ යැන්ග්සි මොනාද එයාට කියුවෙ කියලයි. ඒත් ශාන්ගෙ උත්තරේ අහුවම බෝට හිතුනේ පියාඹගෙන ශාන් ගාවට එන්න...    "ඇයි ඔයා වෙන කෙනෙක් ගැන, වෙන කෙනෙක් කියුව දේවල් ගැන worry වෙන්නෙ...අපි දෙන්න ගැන කතා කරන්න දෙයක් නැද්ද?? "  මේ වචන ටිකත් එක්කම ශාන් බෝට කියුවේ එයාට හෙට බෝව හම්බෙන්න ඕන කියලයි. ඒ දෙන්න හම්බෙන්න යොදාගතෙත් අරුම පුදුම විදිහක් තමා. ඒ තමා හෙට රෑ තියන අන්තිම ෆිල්ම් එක බලන්න යන්න.....

...................................................................................

රූ...❤️

Love You More - Completed Where stories live. Discover now