Chapter 36

340 77 7
                                    

Wash දාන්න ගිහින් බෝට තරු පෙනුනේ ශාන්ගෙ නියපොතු වගේම දත් වලට පින් සිද්ධ වෙන්නයි. Shower එක ඇරපු ගමන් වැටෙන වතුරට බෝගෙ මුලු ඇගම දනවා වගෙයි එයාට දැනුනේ. ඔක්කොටම වඩා එයාගෙ උරහිසේ රැදිලා තිබුන දත් පාර වේදනා ගෙන දුන්නේ ශාන් ගොඩක් වෙලා එයාගෙ දත් වලින් එතනම අල්ලන් හිටපු නිසයි. "අම්මෝ බනී.... ඔයා නම් එසේ මෙසේ බනියෙක් නෙමෙයි..." බෝගෙ මූනේ ආයෙම අමුතු හිනාවක් ඇදුනේ ඊයෙ රෑ මතක් කරපු නිසයි.

බෝ wash දාගෙන එද්දි ආයෙම ශාන්ට නින්ද ගිහින්. ශාන්ගෙ ගාවට ගිහින් ශාන්ගෙ මූණ දිහාම බලන් හිටිය බෝට ශාන් ගැන තියන ආදරේ තත්පරෙන් තත්පරේට දවසින් දවස වැඩි වෙනවා කියලායි බෝට හිතුනේ. කොට්ටෙකුත් තුරුලු කරන් නිදාගෙන ඉන්න ශාන්ව දැක්කම බෝට දැනුනේ කියාගන්න බැරි හැඟීමකුයි. "ඔයා ඔහිම ඉද්දි නම් පුදුම අහිංසකකමක් තියෙන්නේ... ඒත් ඇහැරිලා ඉද්දිනේ මාව කන්න යන්නේ. ඊයෙ රෑත් මාව කෑවානේ. 🤩🤩 ආආඅ මට අමතක උනා ඔයා ඉතිං නපුරු මට විතරයිනේ... ඔය ඔක්කොම පාට් මට විතරනේ.... අනිත් ඔක්කොටම ඔයා තරම් හොද කෙනෙක් නෑ මුලු ලෝකෙටම.... 😂😂 ඔයා දන්නවාද බනී .... මම ආසම ඔයාගෙ ඔය මමත් එක්ක විතරක් තියන විකාර වලටයි.... කවදාවත්ම ඔය දේවල් වෙන කිසි කෙනෙක් ඉස්සරහ පෙන්නන්න එපා.... ඔයාගෙ ඔය හැම දේම අයිති මට විතරයි.... තේරුනාද..??? මම දන්නවා ඔයා ඇහැරිලා ටිකක් වෙලා කියල... ඒ නිසා තවත් බොරුවට ඔහොම නොඉද නැගිටලා එන්න... මට බඩගිනී..... මම යනවා කෑම order කරන්න... ඔහොම රතු වෙන්න තියාගන්න නම් එපා.... එහෙම උනොත් කෑම කෙසේ වෙතත් ඊළඟට වෙන දේවල් ගැන නම් මම වගකියන්නේ නෑ හොදේ.....😜😜" බෝගෙ අන්තිම වචන වලට ශාන්ගෙ කන් වගේම මූනත් තව තවත් රතු උනේ බෝගෙ මූනට සිනහවක් එක් කරමින්... බෝ ඉක්මනට ශාන්ගෙ නලල kiss කරලා එතනින් නැගිටලා ගියේ ඇත්තටම එයාට එයාගෙ පාලනය ගිලිහෙයි කියල බයෙන්.
බෝ ගියා කියල දැන ගත්තම ශාන් හිමීට ඇස් චුට්ටක් ඇරලා බැලුවා. බෝ කාමරයේ නෑ කියල දැනගත්තම ශාන් දඩි බිඩි ගාල washroom එකට රිංග ගත්තා. "අයියෝ එයා දැනගත්තේ කොහොම මම ඇහැරිලා කියල.... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...." ශාන් ඔලුවට අත් දෙකම තියාගෙන හිටියේ එයාට දැනුන ලැජ්ජාව නිසයි. හැබැයි එයාගෙ තොල් මත ලස්සනම ලස්සන සතුටු සිනහවක් රැදිලා තිබුනේ බෝගෙ ආදරණීය වචන ටික නිසයි. Wash දාන්න ගිය ශාන්ටත් බෝට වගේම පනිශ්මන්ට් එකක් ලැබුනේ ඊයෙ ගෙවුනු ඒ අනුරාගී රාත්‍රිය නැවත නැවතත් සිහිපත් කරවමින්. ශාන්ගෙ මුලු ඇඟ පුරාම ඉතිරි වෙලා තිබ්බ බෝගෙ ආදරයේ ලකුණු නිසා ශාන්ට තේරුනා කලින් පාරට වඩා වැඩි කාලයක් අත් දිගටම අදින්න වෙයි කියල.

ශාන් පහලට එනකොට grp එකේ කට්ටිය යන්න ලෑස්ති වෙලා හිටියේ. බෝත් ඒ අය අතර ඉදගෙන කතා බහ කරමින් ඉන්නවා දැක්කම ශාන්ට හිතුනේ ආයෙම හැරිලා යන්නයි.ශාන් බෝට එක පාරට කතා කරගන්න අපහසුවක් දැනුනේ ඊයෙ රෑ වගේම උදේ සිද්ධියත් නිසයි. ඒත් ඉතිං එහෙම යන්න බෑනෙ. කට්ටිය ඔක්කොම ආයෙත් යනවා උනාට ශාන් වගේම බෝත් අද යන්නෙ නෑ කියල තීරණය කරලයි තිබුනේ. එයාලට ඉතිං මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ හරිම කලාතුරකින් නේ.... ඒක miss කරගන්න දෙන්නාම කැමති උනේ නෑ.

උදේ කෑමෙන් පස්සේ කට්ටිය පිටත් උනා. යැන්ග්සිට මේ දෙන්නා එක්ක ඉන්න උවමනා උනත් එයාට යෙදිලා තිබ්බ cancel කරන්නම බැරි වැඩක් නිසා එයාට යන්න සිද්ධ උනා. ඒත් එයා යන්න කලින් ශාන් ගාවට ඇවිත් ඇස් වල කදුලු පුරවගෙන ආයෙත් පාරක් සමාව ඉල්ලන්න අමතක කලේ නෑ. එයා හොඳින්ම දැනන් හිටියා ශාන් කෞරුවත් අංඩනවාට කැමති නැති බව. ශාන් ලාවට හිනා වෙලා කමක් නෑ කියල කියුවේ හිමීට හොරෙන් බෝ දිහා බලන ගමන්. බෝ නම් හිටියෙ මේව දැක්කෙ නෑ වගෙයි. ශාන්ව වෙනස් කරන්න අමාරු නම් බෝට තිබුනේ තව එකම එක option එකයි. ඒ තමා ශාන්ගෙ ආරක්ශාව ගැන වැඩියෙන් බලන එක. බෝ ඉතිං හිතාගෙන ඉවරයි ශාන් ගැන ඉස්සරහට වැඩියෙන් බලාගන්න කියලායි.

කට්ටිය ගියාට පස්සෙ දෙන්නත් එක්ක ඇවිදින්න ගියේ snacks ටිකකුත් අරගෙනයි. දෙන්න එක්ක වටේ ඇවිදලා එද්දි හවස් වෙලා තිබ්බා. දවල් නොකෑවත් දෙන්නම ඉක්මනටම තමන්ගෙ කාමර වලට ගියේ කෑම මුකුත් order කරන්නෙත් නැතුව. හරියට හොර පූසො දෙන්නෙක් ගානටයි. ශාන්ගෙ වගේම බෝගෙ රතු වෙලා තිබ්බ මූනු දැක්කම ඕනම කෙනෙකුට තේරෙනවා ශාන් බෝ එක්ක මොකක් නමුත් හොර වැඩක් කරලා කියලයි. 😜😜
ශාන් wash දාලා එනකොට ම බෝ ශාන්ගෙ කාමරෙට වෙලා බලන් හිටියෙ makeup බඩු එකක්ම උස්සගෙනයි.....😂😂

..................................................................................
Makeup කාටද ළමයි...❤️😜😂
රූ...❤️

Love You More - Completed Where stories live. Discover now