Chapter 18

469 109 5
                                    

බෝ එයාගෙ අතින් අල්ලගත්තම ශාන්ට දැනුනෙ කියාගන්න බැරි හැඟීම් ගොඩක්. මේ වෙද්දි ෆිල්ම් එකේ තිබ්බ උණුසුම් සිදුවීම් වලින් මත් වෙලා හිටිය ශාන්ටත් බෝගෙ පහස තදින්ම උවමනා වෙලා තිබ්බා. බෝ ශාන්ගෙ අත සිපගන්න ගත්තෙ අවසර ඉල්ලන්නෙත් නැතුවමයි. බෝ එක පාරටම ශාන්ගෙ අතින් ඇද්දෙ ශාන්ව එයාගෙ ගාවට ඇදිල එන විදිහටයි. ඊට පස්සේ ශාන්ගෙ ඇස් දිහා ආදරෙන් බලන් හිටිය බෝ කියුවෙ "ආදරෙයි මම..... මට අයිති හැම දේටම වඩා.... ඔයාගෙ සම්පූර්ණ අයිතිය මට දෙනවාද බනී......" ශාන්ගෙ ඇස් අස්සෙ කිමිදෙමින් බෝ එයාගෙ ආදරේ කියුවෙ ඒ විදිහටයි. ශාන්ටත් තවත් එයාගෙ හැඟීම් සඟව ගන්න පුලුවන් උනේ නෑ.... බෝගෙ ඇස් දිහාට එහාට එයාගෙ ආදරේ පිරිලා තිබ්බ ඇස් හරවපු ශාන් උත්තරේ විදිහට කලේ බෝගෙ උකුල උඩට ඇවිත් වාඩි වෙලා බෝගෙ තොල් මතින් එයාගෙ තොල් තද කරපු එකයි.... බෝට තවත් ශාන්ගෙ හැඟීම් ගැන බයක් වෙන්න ඕන නැතිබව තේරුනා.

නිදහසේ ශාන්ට එයාව සිපගන්න බෝ ඉඩදුන්නා. හැබැයි ශාන් දැනන් හිටියෙ නෑ හරියටම සිපගන්න විදිහ. ශාන්ගෙ සිපගැනීම උනේ බෝගෙ තොල් මත එයාගෙ තොල් තද කරන එකයි.
ඉතිං බෝ සිපගැනීම එයාගෙ අතට ගත්තෙ තවත් එයාට ශාන්ගෙ සිහින් ස්පර්ශයන් දරාගන්න බැරි වෙද්දීයි.
ශාන්ගෙ ඉන වට අතදාල තදින් අල්ලගත්ත බෝ අනිත් අතින් ශාන්ගෙ හිස තදින් අල්ලගත්තා. මේ වෙද්දිත් තදින් පිය වෙලා තිබ්බ ශාන්ගෙ ඇස් දිහා බැලුව බෝ ඒ ඇස් මතින් සිහින් සිපගැනුමක් සටහන් කලා. බෝගෙ උණුසුම අයදිමින් ගැහෙන ශාන්ගෙ රතු දෙතොල් මතට එයාගෙ දෑස් අරන් ගිය බෝ මුලින්ම කලෙ ශාන්ගෙ යටිතොලේ කෙලවරක් එයාගෙ දත් වලින් අල්ලලා හිමින් ඇදපු එක. ශාන්ගෙ මුවින් සිහින් කෙදිරියක් පිට උනා එතකොටම. ශාන් උත්සාහ කලේ බෝගෙ තොල් මත එයාගෙ තොල් තද කරගන්න. ඒත් බෝට අද හදිස්සියක් තිබ්බෙ නෑ... බො ඊලගට ශාන්ගෙ mole එක මත එයාගෙ තොල් තියලා එයාගෙ දිවෙන් mole එක තෙත් කලේ ශාන්ගෙ නොසන්සුන් මුහුණ වගේම කෙදිරිලි හඬ විඳිමින්. ආයෙත් ශාන්ගෙ තොල් බෝ එයාගෙ දිවෙන් තෙත් කරද්දි තවත් නම් ශාන්ට මේ සිහින් ස්පර්ශයන් දරාගන්න බැරි උනා. එයා බෝගෙ බෙල්ල වටේ අත් දෙක දාලා බෝගෙ සිනිදු හිසකෙස් අදින්න ගත්තෙ එයාගෙ දරාගන්න බැරිකම කියන්න වගෙයි. ඒත් එක්කම ශාන්ගෙ දෙතොල් මත බෝ එයාගෙ දෙතොල් තද කලා. බෝගෙ මේ සිප ගැනීම ශාන්ට යම් වේදනාවක් දුන්නත් ශාන් ඒ වේදනාවට ආදරය කලා. මාරුවෙන් මාරුවට ශාන්ගෙ උඩුතොල වගේම යටිතොල බෝ සිපගනිද්දි ශාන්ගෙ සිපගැනුම උනේ බෝගෙ තොල් සපාකෑමක් වගේ දෙයක්. දිගින් දිගටම දෙන්නා විවේකයක් නැතුව සිපගත්ත සිපගැනුම නතර උනේ දෙදෙනාගෙම මුවට ලේ රසක් දැනෙද්දි. ඊලගට දෙන්න මාරුවෙන් මාරුවට දෙතොල් දිවෙන් තෙත් කලේ තවත් සිපගෙන අනෙකාට තවත් වේදනාවක් දෙන්න අකමැති උන නිසයි. බෝගෙ එක අතක් ශාන්ගෙ දෙතොල් දිවෙන් තෙත් කරන අතරෙ ශාන්ගෙ ටී ශර්ට් එක තුලට ගියෙ තවත් රසතැන් සොයාගෙනයි. ශාන්ගෙ කුසමත බෝගෙ අත් වැදෙද්දී ශාන් ඇඹරෙන්න ගත්තෙ එයාට කිචි තිබ්බ නිසයි. ඒත් බෝ එක අතකින් එයාව තදින් අල්ලන් හිටපු නිසා එයාට වැඩිය දඟලන්න ලැබුනෙ නෑ. හිමින් හිමින් තවත් ශාන්ගෙ ශරීරය මතින් තවත් උඩට ගිය බෝගෙ අත් ඊළඟට නැවතුනේ ශාන්ගෙ පපුව මතයි. බෝ තවමත් ශාන්ගෙ තොල් දිවෙන් තෙත් කරන එක නතර කරලා තිබුනෙත් නෑ මේ වෙද්දී ඒත් ශාන්.... ශාන්ට නම් මේ වෙද්දි වෙන මුකුත් කරගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ එයාගෙ මුවින් සියුම් කෙදිරිලි පමණක් පිට වෙද්දි බෝගෙ දරාගන්න බැරි ස්පර්ශයන් දරාගන්න එයා බෝගෙ කොන්ඩෙ තවත් තදින් ග්‍රහනය කරගත්තා. මේ අතර බෝ ශාන්ගෙ පපුවේ සියුම්ම ස්ථානයන් මාරුවෙන් මාරුවට ඇගිලි වලින් පොඩි කරමින් තදින් අදිමින් වගේම සිහින්ව ස්පර්ශ කලා. ශාන්ට තවත් නම් දරාගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ මේ ස්පර්ශයන්. ශාන්ගෙ මුවින් පිට වෙන කෙදිරිලි හඩ තීව්‍ර වෙන්න ගත්තා මේ නිසා. බෝ ඉක්මනින්ම ආයෙත් ශාන්ගෙ දෙතොල් එයාගෙ දෙතොලින් අල්ලගත්තෙ ඒ නිසයි. ශාන්ගෙ කෙදිරුම් බෝගෙ මුව තුලම අතුරුදහන් උනේ ශාන්ව අඩපන කරමින්. මේ විදිහට විවේකය එනකන්ම මුලු වෙලාවම ඒ දෙන්නාටම විතරක් අයිති ලොකෙක ගත කරපු දෙන්නා. විවේක කාලයෙදි එලියට ඇවිදින්න යන්න තීරණය කලේ ෆිල්ම් එකේ බලපු දෙයක් නැති නිසයි.

බෝගෙ බයික් එකේම නැගල දෙන්න ඔහේ එහෙ මෙහෙ ගියෙ දෙන්නාගෙම හිත් අමුතු සැහල්ලුවකින් වෙලෙද්දියි. ශාන්ට තවත් බෝව මගාරින්න උවමනාවක් තිබ්බෙ නෑ වගේම බෝට ශාන්ගෙ හැඟීම් ගැන තවත් බයෙන් ඉන්න ඕන උනේ නෑ. බෝ බයික් එක නතර කලේ ගඟක් ගාවිනුයි. දෙන්නාත් එක්කම බැහැල ඇවිත් එතන තිබ්බ බංකුවක් උඩින් වාඩි උනා. ශාන් හිමින් සැරේ එයාගෙ හිස බෝගෙ උරහිස උඩ රැන්දුවෙ සැනසීමෙන් මෙහෙම කියන ගමන්.."මගෙ Lio..." මේ වචන වලට බෝගෙ හිත සතුටින් පිරුනා. මොකද ශාන් බෝට එයාගෙ කියල අයිතිවාසිකම් කියුව නිසයි. හැබැයි ශාන්ගෙ ඊලඟ වචන ටික බෝගෙ ඇස් රතු කලේ තරහින්...

...................................................................................
මොනවා කියන්න ඇද්ද කියල guess කරන්න බලන්න ළමයි.....
❤️❤️

රූ...❤️

Love You More - Completed Kde žijí příběhy. Začni objevovat