Chapter 11

542 119 6
                                    

ශාන්ගෙ මේ ප්‍රතිචාරත් එක්ක බෝගෙ මෙච්චර වෙලා අමාවක අදුරු වෙලා තිබ්බ බෝගෙ මූන බල්බ් පත්තු කරපු තොරණක් වගේ එලිය උනා.
ඒ එක්කම ශාන් කතා කලා "හරි යීබෝ මම ඔයගෙ යෝජනාවට කැමති වෙන්නම් හැබැයි ඔයා ඔයාගෙ පොරොන්දු මතක තියා ගන්න ඕන. කිසිම විදිහකට මට බල කරන්න බෑ. තේරුනා ද??"

බෝ සතුටින් ඔලුව ඉහල පහල ගෙනිච්චෙ මේ දකින්නේ හීනයක්දෝ කියල හිතමිනුයි. චූටි බබෙක් වගේ ඔලුව වන වන ඇසුත් චුටි කරන් ඉන්න බෝව දැක්කම ශාන්ගෙ හිතට අමුතු කිතියක් දැනුනා. ශාන් තාමත් බෝ දිහා බලන් හිටියේ බෝගෙ කෝලම් වලට වශී වෙලයි. ඒව දැක්කම ශාන්ගෙ මූනෙ ඇදුනෙත් ලස්සනම ලස්සන හිනාවක්. ඒක දැක්ක ගමන් බෝගෙ හිනාව නතර උනා. බෝ ශාන්ගෙ cute මූන දිහා බලන් කෙල ගිල්ලෙත් පුදුම ආයාසයක් දරලයි. ශාන්ගෙ බනී හිනාවට බෝ ඒ තරම් ආස කලා.

"මගේ බනී... මගෙ විතරමයි" බෝ එහෙම කියන ගමන් ශාන්ගෙ තොල් වලට බර උනේ කලින් එයාම කියුව ඒවා අමතක කරලයි. එක පාරටම වෙච්ච දේ නිසා ශානුත් කලබල උනත් එයා පුරුදු විදිහටම බෝගෙ නුහුරු ස්පර්ශයන් හමුවෙ ඉබේම ඒවාට කීකරු උනා.
මල් පෙත්තක් සිපගන්න තරම් සීරුවට ශාන්ගෙ තොල් සිප ගත්ත  ඒත් ඒ නිමේශයකින් බෝ ඉක්මනටම ඒ තොල් වලින් මිදුනෙ එයාගෙ ශාන් එකඟ උනත් එයා ශාන්ගෙන් මේහෙම දේකට අවසර ගත්තෙ නෑ කියල මතක් වෙච්ච නිසයි. ඉක්මනට ඔලුව ඉස්සුව බෝ ශාන් ඉස්සරහ දනින් වැටුනේ වෙච්ච දේට සමාව ඉල්ලන ගමන් " අනේ මට සමා... සමාවෙන්න බනී... මම හිතල නෙමෙයි කලේ... ප්ලීස්..."
           වෙච්ච දේ එක්ක කලබල වෙලා හිටිය ශාන් එයාගෙ හරි සිහියට ආවෙ බෝගෙ බයයි දුකයි මිශ්‍ර වෙලා තිබ්බ කටහඬ්ට පින් සිද්ද වෙන්නයි.

ශාන් එතනින් යන්න හැදුවත් බෝ එයාගෙ අතකින් අල්ලගෙන ඇහුවෙ කලින් කියුව දේ වෙනස් කරන්නෙ නෑ නේද කියලයි මේ වෙච්ච දේ නිසා. ශාන් කියුවෙ මෙහෙම දෙයක් "මේ පාරට විතරයි....🤗🤗" ඒ උත්තරය බෝට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් උනා......

...................................................................................

ඉස්සරහට මොනා වෙයිද ළමයි??? බෝට පුලුවන් වෙයිද එයාව control කරගන්න ශාන් ඉස්සරහදි ??

රූ❤️

Love You More - Completed Where stories live. Discover now