Chapter 28

377 86 4
                                    

යැන්ග්සි කියන්නෙ චූටි කාලෙ ඉදන්ම එයාට උවමනා වෙන ඕන දෙයක් බලෙන් හරි ලබගන්න පෙලඹුන කෙනෙක්. එයාට ඒ දේවල් කරන්න උවමනා සල්ලි වගේම බලයත් ඕනෑවටත් වඩා තිබ්බනේ.. යැන්ග්සිගෙ දෙමව්පියන්ට එයා එක්ක රැදෙන්න වැඩිපුර කාලයක් තිබුනෙත් නෑ. මොකද එයාලා ගොඩක් busy අය හින්දා. ඉතිං යැන්ග්සි කියන්නෙ ගොඩාක් තනි වෙච්ච කෙනෙක්. එයාට කවදාවත්ම වෙම කෙනෙකුගෙ සිතුවිලි තියා එයාට එයාගෙ සිතුවිලවත් හරියට අදුනගන්න බැරිඋනා. ඇත්තටම එයාට බෝ ගැන තිබ්බෙ ආදරයක්ම නෙමෙයි ඒක ආසාවක්. එයා කවදාවත්ම කාගෙන්වත්ම reject වෙච්ච කෙනෙක් නෙමෙයිනේ 1st time තමා එයාව reject කරපු කෙනා තමා බෝ. ඉතිං ඒ නිසා යැන්ග්සිට බෝ ගැන තිබ්බ ආසාව වැඩි උනා. එයා විශ්වාස කලා කවදාම හරි දවසක බෝ එයා ගාවට එයි කියල ඒත් දැන් මේ කොහෙන්දෝ ආපු කෙනෙක් බෝව අයිති කරන් කියල තේරුනාම එයාට හිතුනෙ දුකක් නෙමෙයි තරහක්. එයා බෝට ආදරය කලානම් එයාට හිතෙන්න ඕන දුකක්නෙ. ඒත් ඒ දෙකේ වෙනස යැන්ග්සි දැනන් හිටියෙ නෑ. ඒ වගේම එයාට දැනගන්න උවමනා උනෙත් නෑ.
"ශාන්..... ශාන්..... ශාන් ......කොහෙ ඉදන්ද මෙහෙටම පාත් උනේ...... මට නැති මොනාද තමුන් ගාව තියෙන්නේ......" යැන්ග්සි කෑගහන්න ගත්තෙ කවුරුත් නැති තැනකට ගිහිනුයි...
"මරනවා මම තමුන්ව....   මරල දානවා..... ර්ර්ර්ර්" පිස්සියෙක් වගේ කෑගහන කවුරුහරි දැක්කනම් අනිවාර්යයෙන්ම mental hospital එකකට කතා කරනවා. එයා හැසිරෙන්නේ ඒ තරම්ම අමුතු විදිහටයි...
යැන්ග්සි මේ කෑගහන තැනට තවත් කෙනෙක් ආවා. එයා යැන්ග්සි දිහා මුලින්ම බලන් හිටියෙ පිලිකුලකින් වගේයි. හැබැයි යැන්ග්සිගෙ අන්තිම වචන ටික ඇහෙද්දි එයාට එයාවම පාලනය කරගන්න බැරි උනා...
"මරන්න.... ශාන්ගෙ එකම එක කෙස් ගහට හරි මොනාහරි වෙලා තිබ්බොතින් මම මේ විඩියෝ එක දෙනවා මීඩියා වලට....." ඒ හිටියෙ බෝ නම් නෙමෙයි. ඒ චෙං. චෙං යැන්ග්සිට පෙන්නුවේ යැන්ග්සි මේ දැන් වෙලා පිස්සියෙක් වගේ කෑගහපු වීඩියෝ එකයි.
"තමුන්.... තමුන්.... දැන්මම ඩිලීට් කරනවා ඔය වීඩියෝ එක..." යැන්ග්සි චෙං වටේ උඩ පැන පැන කැරකෙන්නෙ චෙං උඩට කරල අල්ලන් ඉන්න phone එක ගන්න හිතාගෙනයි. කියන්න සතුටුයි පිංවතුනි යැන්ග්සි නිකන් දහ අට සන්නිය නටනවා වගෙයි. අන්තිමට එයාටම මහන්සි දැනිලා අයින් වෙනකන්ම චෙං කලේ phone එක උඩට කරල අල්ලන් හිටිය එක.
"ඒ දෙන්නට ඒ දෙන්නාගෙ පාඩුවෙ ඉන්න දෙන්න. මැද්දෙන් එක එක ඕන නැති වැඩ කරලා ශාන්ව අඬවන්න හදන්න එපා..." චෙං එහෙම කියල phone එක ආයෙත් යැන්ග්සිට පෙන්නල එතනින් යන්න ගියා. යැන්ග්සිගෙ පස්සෙන් එන්න ආපු බෝත් මේ වෙච්ච දේ දැක්කා. චෙං කරපු දේට බෝට එයාට thank කරන්න උවමනා උනත් ශාන් ගැන චෙං ගොඩක් දුරට හිතනවා කියල දැන ගත්තා මේ සිද්ධිය නිසා. එයාට ඒ නිසා චෙං එක්ක තිබ්බ කේන්තිය නම් නැති උනේ නෑ. බෝ හිතාගත්තෙ ශාන්ව චෙං ගාව පොඩි වෙලාවකටවත් තනි කරන්නෙ නෑ කියලයි.

චෙං ඇත්තටම ශාන්ගෙ ගෙලේ තිබ්බ රතු පැල්ලම් දැක්කෙ ශාන් ආපු ගමන්ම වගෙයි. බෝ එක්ක ශාන් අද හැසිරෙන විදිහත් එක්ක චෙංට අමාරු උනේ නෑ වෙච්ච හිතාගන්න. එයාගෙ මුලු හදවතම කඩන් වැටුනා වගේ දැනුන නිසාමයි එයා ශාන් ගාවට නොගියෙ කතාවට. ඒත් අන්තිමට එයා හිත හදාගත්තෙ ශාන්ගෙ හිනාව දැකලයි. බෝ ශාන්ට කොච්චර ආදරේද කියල බෝගෙ ඇස්වල සටහන් වෙලා තිබ්බා. චෙං ඒ දිහා බලලා සැනසුනත් යැන්ග්සි ඒ මැද්දට ඇවිත් නටපු විකාරෙ නිසායි චෙංට මේ සිද්ධියට මැදිහත් වෙන්න උනේ. එයාට කොහෙත්ම ඕන උනේ නෑ මොන හේතුව නිසාවත් ශාන්ව අඩවන්න. ශාන්ගෙ ඇස්වලට ආදරණීය හිනාවක් ගෙන්න පුලුවන් බෝට විතරයි කියල චෙං තේරුම් ගත්තෙ බෝ ශාන්ට රිද්දන්න රඟපාපු දා මයි.

චෙං වගේම චෙංගෙ පිටිපස්සෙන් බෝත් ආයෙම හෝල් එකට ආවා. ඒ වෙද්දිත් ශාන් බෙල්ලත් දික් කර කර බෝව හොය හොය තමා හිටියෙ.
"චෙං thank you. ආයෙ මගෙයි ශාන්ගෙයි ප්‍රශ්න වලට පැටලෙන්න එපා. මට පුලුවන් ඒවා  බලාගන්න." බෝ එහෙම කියල ඉක්මනට ශාන් ගාවට ගියෙ චෙංගෙ මූනෙ ලස්සන හිනාවක් ඇඳෙද්දීයි..."කෝලම් දෙකක්... " චෙං හිතින් හිතුවා...

බෝ ආපු ගමන් ශාන් බෝගෙන් ඇහුවෙ කොහෙද ගියෙ කියලයි. "Washroom...😜"  බෝ එහෙම කියල ශාන්ට ඇහැකුත් ගැහුවා. ශාන් බෝ දිහා පුදුම වෙලා බැලුවත් ඊලගට එයාගෙ බැල්ම වෙනස් උනේ "හදන්න නම් බෑ...." වගේ එකකටයි. ශාන්ගෙ මූඩ් එක දැක්ක ගමන් බෝ එයාගෙ cute version එකට මූඩ් එක වෙනස් කරගත්තෙ ශාන්ව ශේප් කරගන්නයි.....

...................................................................................

Cute බෝ කොයි වගේ ඉන්න ඇතිද ළමයි..??😁

රූ...❤️

Love You More - Completed Where stories live. Discover now