Chapter 23

450 100 5
                                    

ශාන්ට ඕන උනේ බෝගෙ ග්‍රහනයෙන් මිදෙන්නයි. ඒත් එයා හිටිය තත්ත්වය හැටියට වචනයක්වත් කියන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ එයාට. පරිස්සමට ශාන්ව අරන් ආපු බෝ එයාව රූම් එකෙ බිත්තියක් ගාවින් හිටෙව්වේ ශාන් ඒ බිත්තියට වාරු වෙද්දීයි. බෝ හිටියෙ පුදුම කලබයකින්. ඊටත් එහා එයා දැන් හොදින්ම දන්නවා එයා තමා වැරදිකාරයා කියල. සීතලටයි ගැහෙන ශාන්ව දැක්කම බෝට එයා එක්කම ආවෙ පුදුම තරහක්. බෝ එහෙ මෙහෙ ඇදලා කොහොමහරි තුවායක් හොයාගත්තා  ඒ එක්කම රූම් එකේ හීටර් එකත් එයා ඔන් කලා. එයා ශාන්ට අලුත් ඇදුමකුත් cupboard එකෙන් අරන් ඉක්මනට ශාන් ගාවට ඇවිත් ශාන්ගෙ ඔලුව පිහන්න ගත්තා. ඒ වෙද්දි ශාන්ට යාන්තමට අතපය හොලවගන්න පුලුවන් වෙලා තිබ්බා. බෝ ශාන්ගෙ ඔලුව පිහදාන්න ගත්තෙ ශාන්ට බනින ගමන්මයි. "ඔයාගෙ මොලේ හොද නැද්ද බනී... තව ටිකක් හිටිය නම් එහෙම ඔයාව ගල් වෙනවා සීතලට..." බෝගෙ මේ කියවිල්ල නිසා ශාන් කටකොනකින් හිනාවක් නැගුවා. ඊලගට එයා tryකලේ බෝගෙ අතේ තිබ්බ තුවාය අරගන්න. ඒත් බෝ ඒක ශාන්ට දුන්නෙ නෑ.
"යන්න මට පාඩුවෙ ඉන්න දීලා ඔයා යන්න මෙතනින්...." ඒ වචන ටික බෝගෙ තිතේ ගැඹුරුම තැනට ඇනුනේ උල් කටු වගෙයි. "මට සමාවෙන්න බනී.... please  මේ පාරට විතරක් ... please .... ඔයා අද මොනව කියුවත් මම යන්නෙනෑ" ඇස් වල කදුලු පුරවගෙන බෝ කියන්නෙ ශාන්ගෙ ප්‍රතික්ෂේප කිරීම දරාගන්න බැරුවයි. බෝ ශාන්ගෙ ඇදුම් බුරුල් කරන්න හැදුවෙ ඒවා හොදටම තෙමිලා තිබ්බ නිසයි. එත් ශාන් කැමති උනේ නෑ බෝ එයාව අල්ලනවටවත්. එයා බෝව දිගටම regret කලා. බෝට අන්තිමට සිද්ධ උනා පරාජය බාර ගන්න. මේ වෙද්දි ශාන්ට ටිකක් එහෙ මෙහෙ වෙන්න පුලුවන් වෙලා තිබ්බ වැටෙන්නෙ නැතුව. ශාන්ගෙ අතටම බෝ ඇදුම් ටික දීලා බෝ රූම් එකෙන් එලියට ගියෙ ශාන්ට change කරගන්න කියල. මෙච්චර දෙයක් වෙලත් තාමත් බෝගෙ කදුලු ශාන්ගෙ හිත ගොඩක් අසරණ කලා. ඒත් එයාට ඒ වෙලාවෙ බෝගෙ හැසිරීම අමතක කරන්නත් බැරි උනා. ඇදුම් මාරු කරගත්ත ශාන් හිමින් හිමින් ඇඳ ගාවට ගිහින් ඇඳේ ඇල උනා. එයාට දැනුනේ එයාගෙ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා කියලයි. එයාගෙ ඇස් ඒ එක්කම පිය වෙද්දි ශාන්ට බෝගෙ හඬ ඈතින් ඇහුනා.....

ශාන්ගෙන් react එකක් නැති තැන බෝ කාමරයට ආවෙ බැන්නොත් බැනුම් අහගන්න හිතන්මයි. ඒත් එයා දැක්කෙ ඇඳ උඩ ඇසුත් වහන් නිදාගෙන ඉන්න බනීව. බෝ හිමීට ශාන් ගාවට ආව. ඒත් එයාට තේරුනා ශාන්ගෙ තොල් වෙනදටත් වඩා රතු වෙලා කියල. මූනත් හුගක් මලානික පාට වෙලා තිබ්බා. බෝ ශාන්ගෙ තොල් මතින් එයාගෙ ඇගිල්ලක් තිබ්බෙ ආදරෙන්. ඒත් එයාට තේරුනා ශාන් ගිනිකබලක් ගානට රත් වෙලා බව. බෝ තවත් හුගක් කලබල උනා. එයාගෙ ඇස් වලින් ආයෙමත් එක දිගට කදුලු වැටුනෙ මේ සේරම එයා නිසයි කියල එයාට හිතුන නිසයි.
ඉක්මනට ගිහින් ඕඩිකොලොන් අයිස් කැට  වතුර සේරම අරන් ඇවිත් ශාන්ගෙ ඔලුවට ඕඩිකොලොන් දාල අයිස් කැට බෑග් එකකට දාල ශාන්ගෙ නලල තවන්න ගත්තා. අයෙ ඕඩිකොලොන් වතුරට දාල තුවායක් තෙත් කරලා ඒක ශාන්ගෙ නලලෙන් තිබ්බා. මේ විදිහට මුලු රෑම් බෝ ශාන්ගෙ ගාවටම වෙලා හිටියා. ශාන් උණ විකාරෙන් කියෙවුවෙත් බෝගෙ නමයි. "බෝ... බෝදි... ඒ මගෙ යාලුවෙක් .... මාව දාල යන්න එපා..., lio" ශාන්ගෙ මේ වචනයක් වචනයක් ගානෙ බෝ හිත එයාට දරාගන්න බැරි තරමට රිද්දුවා.
ශාන්ගෙ උණ අඩු උනාම බෝගෙ හිතට ලොකූ සහනයක් දැනුනා. ශාන් එක පාරටම ඇහරුනත් එයා මුකුත්ම නොකිය හිටියෙ බෝ එයා ගවින් ඉදන් අනිත් පැත්ත බලන් කියන දේවල් අහගෙනයි.

"බනී... මම... මම... ඔයාව අතාරින්න ඕනද අර චෙං කියනවා මට ඔයාව අතාරින්නලු... ඔයාව රිද්දුවා තමා මම.... අනේ ඒත් මට මේ පාරට විතරක් මේ පරට විතරක්ම සමාව දෙන්න පුලුවන්ද???" බෝ එයාගෙ ඇස් වල කදුලු අත් දෙකෙන්ම පිහාගෙන ශාන්ගෙ දිහාට හැරෙද්දි ශාන් ඉක්මනින් ඇස් පියාගන ආයෙත් නිදි වගේ හිටියා. බෝ එයාව අතාරින්නද කියල අහද්දි ශාන්ගෙ ඇසුත් කදුලින් බර වෙලා තිබ්බා. ඒ ඔක්කොම වහගන්නයි එයා නිදි වගේ හිටියෙ.

බෝ එයාගෙ ඇඟිලි තුඩු ශාන්ගෙ ඇහිබැම මතින් අරන් ගියෙ ශාන් ඇහරෙයි කියල බයෙනුයි. "මම කොහොමද බනී ඔයාව අතාරින්නෙ??? මට බෑ... ඊයේ මම හොඳටම බය වෙලයි ඒ වෙලේ ඔයාව හෙව්වේ ඒත් ඔයා අර චෙං එක්ක ඉන්නව දැක්කම මට මාවම control නැති උනා.... එයා ඔයාව අල්ලගත්තාම මට හිතුනේ ඔයාව ඔක්කොම ඉස්සරහදිම මගෙ පපුවට තුරුල් කරගන්න. ඔයා මගේ කියල මුලු ලෝකෙටම කියන්න මට ඕන උනා... ඒත් මම කලේ වෙනස්ම දෙයක්.... ඇත්ත මට ඕන උනේ ඔයාව රිද්දන්න.... ඒත් ඒකෙන් ඊට වඩා මට රිදෙනවා කියල මට තේරුනේ නෑ. ඊයෙ ඔයා මාව regret කරද්දි මට කොච්චර රිදුනද දන්නවද??? අනේ මට සමාවෙන්න....  "
මේ විදිහට ශාන්ගෙ මූන දිහා බලන් කියපු බෝ ශාන්ගෙ තොල් සිපත්තෙ ශාන්ට දැනෙන නොදැනෙන ගානට...

වෙච්ච දේට බෝ කොච්චර දුක් වෙනවද කියල ශාන්ට හොදටම තේරුනා. බෝගෙ කදුලු පිහදාලා තුරුලු කරගන්න හිතුනත් එයා එහෙම්මම හිටියෙ බෝට දෙන punishment එකක් විදිහටයි. බෝගෙ සිපගැනීම එක්ක ශාන්ගෙ කදුලු එයාට තවත් රදවගන්න බැරි විත්ත්තිය එයාට දැනුනා... බෝගෙ ඊලඟ වචන එක්ක ශාන්ගෙ කදුලු ගලාගෙන ගියෙ බෝව නොසන්සුන් කරමින්...
"මගෙ අහිංසක බනී... නෑ නපුරු බනී.... මාව දාල යන්නෙ නෑ නේද ??? මගෙ විතරමයි නේද ඔයා??" 😥😥😥
               මේ වචන එක්ක ශාන්ගෙ ඇස් වලින් ගලන්න ගත්ත කදුලු නිසා බෝ ආයෙමත් ශාන්ගෙ නලලට අත තියලා බැලුවෙ ආයෙමත් උණද කියලයි. ශාන් ඇස් අරපු ගමන් දැක්කෙ එයාගෙ මූනටම එබීගෙන උනේ මොකක්ද කියල හිතාගන්න බැරුව අසරණ විදිහට එයා දිහා බලන් ඉන්න බෝව. බෝහෙත් ඇස් රතු වෙලා තිබ්බෙ රෑ නිදිමැරුවට අමතරව අඩපු නිසයි.
එක පාරටම ඇස් ඇරපු ශාන් දිහා පුදුම වෙලා බලපු බෝ තවත් පුදුම උනේ ශාන් එක පාරටම එයාගෙ තොල් වලින් බෝගෙ තොල් අල්ලගත්ත නිසයි.......

...................................................................................
ඊලඟ කොටස රොමෑන්ටික් එකක්ද නිකන් එකක්ද ඕන ඔයාලට ළමයි .....

රූ...❤️

Love You More - Completed Where stories live. Discover now