Chapter 51

289 74 5
                                    

Love You More❤️

Chapter 51

එතනට ආවෙ චෙං... චෙංව දැකපු ගමන් ශාන්ගෙ මූනෙ ලස්සන හිනාව ඇදුනා... චෙංව දැක්කම බෝටත් පොඩි සතුටක් දැනුනේ යැන්ග්සිගෙන් බේරෙන්න චෙං උදව් කරන නිසයි. ඒත් ඒ සතුට නැතිවුනේ ශාන්ගෙ මූනෙ ඇදුන හිනාව නිසයි. බෝගෙ මූන ඊරිසියාවෙන් පිරිලා යන්න එක තත්පරයක්වත් ගත උනේ නම් නෑ....
"ඔච්චර සතුටු වෙන්න දෙයක් උනේ නෑනෙ මෙතන..." බෝ එයාටම කියගත්තේ චෙං සතුටින් හිනා වෙවී කතා කරන ශාන් දිහා බලලා රවන ගමන්මයි. බෝට අමතරව තවත් කෙනෙක් මේ දිහා තරහෙන් බලන් හිටියා... ඒ තමා ඉතිං යැන්ග්සි.... එයා නම් චෙංට වඩා තරහ ගත්තේ ශාන් එක්කයි... "ඉන්න ඔක්කොම කොල්ලො එක්ක මාර යාළුකමක්නේ මෙයාට තියෙන්නේ...." බෝ වගේම යැන්ග්සිත් ඒ ටික කියාගත්තේ එයාටමයි.

චෙං ඇත්තටම තවත් ගොඩක් කඩවසම් වෙලා තිබුනා මේ ටික කාලෙදි... චෙංව දැක්කම යැන්ග්සිගෙ හිතත් ටිකක් හෙල්ලිලා ගියෙ ඒ නිසාමයි....

දවස ගත උනේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට ඒත් ඒ ගෙවුනු වෙලාවෙදි යැන්ග්සි හොදටම ප්‍රත්‍යක්ෂ කරලා දැනගත්තා බෝගෙයි ශාන්ගෙයි අතර අනිවාර්යයෙන්ම ආයෙත් මොනවා හරි තියනවා කියලා...
" ඔයා එහෙනම් මම කියන දේ ඇහුවේ නෑනේ..... බලමු එහෙනම් ශාන් අපි....." යැන්ග්සි එහෙම හිතින් හිතාගත්තා.... ඒ වෙලාවෙදි එයාගෙ මූනෙ ඇදුනේ වියරු සිනහවක්.... මේ සේරම දේවල් චෙං හොදටම බලන් හිටියා...

දවසේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න යද්දි යැන්ග්සි ශාන්ට කතා කලේ පොඩ්ඩක් කතා කරන්න ඕනෙයි කියලායි... ඒ වෙද්දිත් බෝ නම් පිටත් වෙලායි තිබුනේ මොකද එයාට රෑට තවත් වැඩකට යන්න තිබුන නිසා.... අකමැත්තෙන් උනත් බෝට සිද්ධ උනා ශාන්ව චෙංට බාර දීලා යන්න.... බෝ එයාට කියුවත් නොකියුවත් කොහොමත් චෙං ශාන් ගැන බලනවා.... ඒ නිසාමයි බෝ ඒ තරම්ම අකමැති චෙං ශාන්ට ලං වෙනවාට....

ශාන් යැන්ග්සි පස්සෙන් ගියේ පුදුම බයකින්... බෝ ඉද්දි ශාන් බය නැතුව හිටියත් එයාට බෝ නැති තැනදී යැන්ග්සි කරන්න යන දේ ගැන දැනුනේ බයක්ම විතරයි...
හැම තිස්සේම ශාන්ගෙම පස්සෙන් ගිය ඇස් දෙකක් එයාල දෙන්නගෙ පස්සෙන්ම ආපු විත්තිය ඒ දෙන්නම දැනන් හිටියෙ නෑ.....
යැන්ග්සි ශාන්ව එක්කන් ගියේ ටිකක් ඈතින් හදලා තිබුන පාළුවට ගිය පොඩි ලොජ් එකක් වගේ තැනකට......
එත්නට ගිය ගමන් එයාගෙ පස්සෙන් ආපු ශාන්ගෙ දිහාවට හැරිලා රවලා බලපු යැන්ග්සි අත ඉස්සුවේ ශාන් කම්මුලට පාරක් ගහන්නමයි...
ඒත්... ඒත් ඒ එක්කම එයාගෙ අත වෙන යකඩ වගේ අතකට අහු උනේ යැන්ග්සිට හිතාගන්න බැරි වෙද්දීයී....

ඒ එක්කම යැන්ග්සිව බිත්තියකට තද වෙද්දීයි එයා ඒ කෙනාගෙ මූන දැක්කේ..... ඒ මූන දැක්කම එයාගෙ මූනෙ ඇදුනේ තරහ, දුක, අසරණකම වගේම තවත් විස්තර කරන්න බැරි හැඟීම් ගොඩක්.....

ඒ ඇවිත් හිටියේ වෙන කෙනෙක් නෙමෙයි චෙං තමා.... චෙං ශාන්ට කතා කරලා කියුවේ එලියට යන්න කියලයි.... ශාන් ඒ ක්ෂනයකින්ම එලියට දියුවේ එයාට ඒක ඇතුලේ හුස්ම ගන්නවත් බැරි වෙලා තිබුන නිසායි....

ශාන් එලියට යද්දිම......

...................................................................................
මොනවා වෙන්න ඇද්ද ළමයී...

රූ...❤️

Love You More - Completed Where stories live. Discover now