Chapter 14

525 113 4
                                    

ශාන්ගෙ මූන ඒක දැකලා හතරැස් උනත් එයා මූන ඉක්මනට වෙනස් කරගත්තෙ ලස්සන හිනවකින් සරසගෙනයි. පුලුවන් තරම් ඉක්මනට යැන්ග්සිගෙන් මිදුන බෝත් ශාන් දිහා බලලා ලස්සනට හිනා උනා.  බෝගෙ ඇස් වලට ශාන් කියන්නෙ ලෝකෙ ඉන්න ලස්සනම කෙනායි.
            බෝගෙ හිනාව දැක්කත් බෝට විතරක් පෙනෙන්න විතරක් එයාට රවපු ශාන් එතනින් ආවෙ යැන්ග්සි එක්ක බෝ හිටන් හිටපු තැනට. සාමාන්‍ය විදිහට යැන්ග්සිට ආචාර කරපු ශාන් ඊලගට බෝ දිහාවටත් හැරිලා ඒ විදිහටම කතා කරල ඇතුලට ගියෙ බෝවයි යැන්ග්සිවයි එතන තනි කරලා. මේ මුලු වෙලාවෙම යැන්ග්සි හිටියෙ ශාන් දිහා සරදම් හිනාවකින් බලාගෙන. බෝ එක්ක කතා කලත් ශාන් බෝට එක හිනාවකින් සංග්‍රහ කලේ නෑ. බෝ ඉන්නෙ ඊයෙ රෑ හොදට හිටපු මනුස්සයට මේ මොකද උනේ කියල හිතාගන්න බැරුව. බෝට තේරුනේ නෑ මේ යැන්ග්සි නිසයි උනේ කියල. මොකද බෝ නෙමෙයි යැන්ග්සිව hug කලේ ඒ කලේ යැන්ග්සි. බෝට ඉතිං අත්දැකීම් තියන එකක්යෑ මේව ගැන. ඔවු ඔවු මේ බෝගෙ 1st love එක. ශාන්ගෙ කියලත් වෙනසක් නෑ.....
හැමදේම සාමාන්‍ය විදිහට සිද්ද උනා. හැබැයි මේ මුලු වෙලාව්ම ශාන්ගෙන් බෝට හම්බුනේ හොද සැලකිල්ලක් නෙමෙයි. 🤪

Main actor උනේ යීබෝ.. එතකොට ශාන්, ශාන් මුලින්ම බෝගෙ හොදම යාලුවා.... පස්සෙ බෝගෙ තරහකාරය වෙන්න තමා මේකෙ ශාන්ට තිබ්බෙ. යැන්ග්සිට තිබ්බෙ මුලින්ම ශාන්ගෙ gf වෙලා ඉදලා ඊලගට බෝගෙ gf වෙන්න. යැන්ග්සි මේ කතාවට මුලින්ම එකඟ උනේ බෝ ඉන්න නිසා විතරයි. ශාන් ඉන්නව කියල දැනගත්තම එය try කලා ශාන්ව අයින් කරන්න මුලින්ම. ඒත් බැරි උනා එයාට ඒක කරන්න මොකද ඩිරෙක්ට තදින්ම කියුවා නිසා මේ චරිතයට හරියන්නේ ශාන්මයි කියල. යැන්ග්සිට තාමත් මතකයි එදා talent show එකේදි වෙච්ච දේවල්.....

බෝ බල බල හිටියෙ ශාන්ව තනි කරගන්න අවස්ථාවක් ලැබෙනකන්. ශාන් washroom යද්දි බොත් ඒ පස්සේ ගියෙ ශාන්ගෙ හැසිරීම බෝට ප්‍රෙහෙලිකාවක් වෙලා තිබ්බ නිසායි. ශාන් එලියට එනකන් බලන් හිටිය බෝ ශාන්ගෙ අතෙන් තදින් අල්ලගෙන ඇදන් ගියෙ ටිකක් එහායින් තිබ්බ රූම් එකකට. ඒ රූම් එක ඩිරෙක්ටගෙ ඉල්ලීම පිට අද එයාලගෙ event එකේ වැඩ වලට ඉල්ලන් තිබ්බෙ බෝයි. ශාන්ව ඇදන් ගිහින් රූම් එකේ තිබ්බ සොෆා එකට තල්ලු කරපු බෝ ඒ එක්කම දොර lock කලා ඒ කරලා ශාන්ගෙ ඇග උඩට ආපු බෝගෙ තරහින් රතු වෙච්ච ඇස් දිහා දැන් නම් ශාන් බලන් ඉන්නෙ එයාගෙ ඇස්වල කදුලු පුරවගෙන. එයාගෙ අත් බෝගෙ යකඩ වගේ අත් වලින් ගලව ගන්න උත්සාහ කරන ගමන් ශාන් ඇඩුවෙ ඇත්තටම එයාට හොඳටම රිදුන නිසා වගේම බෝ යැන්ග්සි එක්ක හිටපු විදිහ මතක් වෙච්ච නිසායි. ශාන්ට ඒක දැකපු වෙලේ ඉදන්ම අඩන්න ඕන උනත් එයාට අඩන්න අවසර නෑ කියල එයා හොදටම දැනන් හිටියා.
බෝට ශාන්ගෙ වේදනාව ගැන තේරුමක් නෑ තාම එයා තවත් තදින් ශාන්ගෙ අත් අල්ලන් ශාන්ගෙ මූනටම එබිල ඇහුවෙ මෙහෙම දෙයක් "ඇයි මෙහෙම කරන්නෙ ඔයා හිතන් ඉන්නෙ මම කවුරු කියලද?? මුලු ඔක්කොම එක්ක කතා කරන්න හිනා වෙන්න හොදයි. මාත් එක්ක පොඩ්ඩක් හිනා වෙන්න බෑ...මම මොනාද කලේ ඔයාට??? " අන්තිම ටික කියද්දි නම් බෝටත් ඇඩුනා. ඇත්තටම බෝත් එක්ක තිබ්බ තරහට බෝට පේන්න ශාන් කලේ අනිත් අය එක්ක වෙනදටත් වඩා කතා බහ කරමින් හිනා උන එකයි.
            ශාන් අඩමින්ම බෝට කිවුවෙ "ඔයා....... ඔයා මට රිද්දනවා යීබෝ..." මේ වචන ටිකත් එක්ක බෝ තදින් අල්ලන් හිටිය අත් වල ග්‍රහනය ටිකක් ලිහිල කලා. ශාන් දිගටම කතා කලා එ බෝගෙ ඇස් දිහාම බලන්. "ඔයාට මොනාද මගෙන් ඕන කරන්නෙ යීබො. යැන්ග්සිව බදාගෙන හිටියෙ අද මම එද්දිත්...ඊට එහා මුල් දවසෙම එයා එක්ක ඇවිද ඇවිද හිටියෙ... එතකොට ඔයාට ඒ දේවල් වැරදියට පේන්නෙ නැද්ද???? " ශාන්ගෙ මේ කතාවත් එක්ක බොට තේරුනා මොකක්ද වෙලා තිබ්බෙ කියල... මේ පාර බෝ තවත් ශාන්ගෙ ඇස් වලට එබුනේ සතුටින් දිලිසෙන ඇස් වලින් ඒ උවන විදින ගමන්.. "බනී ඔයාට jealous හිතිලද මේ.." බෝගෙ මේ වචන ටිකත් එක්ක ශාන්ට තේරුනා වැඩේ ඉවරයි බෝට තේරුනා කියල. ඒත් එයා සටන අතැරියෙ නෑ මිත්‍රවරුනි..😂😂 බය වෙච්ච ඇස් වලින් බෝ දිහා බැලුව ශාන් "නෑ පිස්සුද මට මොකටද එහෙම වෙන්නෙ" කියල නැගිටින්න හැදුවත් බැරි උනේ බෝ තාමත් ඉන්නෙ ශාන්ගෙ ඇග උඩ නිසයි. "අයින් වෙන්න" බෝගෙ ඇස් මග අරින ගමන් ශාන්ගෙ උත්සාහ කලේ බෝව එයාගෙ ඇග උඩින් අයින් කරන්න. ඒත් ඉතිං කොහෙද බෝ එක්ක.. බෝට මාර happylu ඉතිං එයාගෙ බනීට ඊරිසියා හිට්තිලා... කොච්චර සතුටුයිද????😍😍
බෝ ශාන්ගෙන් ඇහුව දේට ශාන්ට දැනුනේ මුලු ඇගම හිරිවටිලා යනවා වගෙයි.
"මට ඔයාව kiss කරන්න permission දෙනවද බනී...??? පුදුම අහිංසක මූනක් හදාගෙන බෝ අහද්දි ශාන්ගෙ යටිහිතත් ඉල්ලුවෙම ඒ පහසමයි... ඒත් උඩුහිත කියුවේ එපා කියල... ශාන්ගෙන් උත්තරයක් නැති තැන බෝ ආයෙමත් ශාන්ගෙ ඇස් අස්සට එබුනේ ශාන් බෝගෙ ඇස් අස්සෙ අතරමං වෙද්දි. බෝගෙ සුසුම් හමුවෙ වෙනද වගේම ශාන්ගෙ ඇස් පියඋනේ බෝට අවසර දෙනව කියල කියන්න වගෙයි......😜❤️
බෝ එහෙම්ම ශාන්ගෙ මුවට පහත් උනේ ශාන්ගෙ පියඋන ඇස් දිහාම බලාගෙන.....

...................................................................................

රූ...❤️

Love You More - Completed Opowieści tętniące życiem. Odkryj je teraz