Chapter 43

321 87 7
                                    

බෝගෙන් මිදිලා දුවගෙන ආපු ශාන් නතර උනේ washroom එකෙන්... තාමත් එයාට දැනුනේ එයාගෙ මුලු ඇඟම ගිනි ගන්නවා වගෙයි. එයාට බෝව තදින්ම උවමනා බව පසක් උනත් ඒකට එයාට ඉඩක් නැති බව ආයෙ ආයෙත් මතක් කරගත්තා. ඇත්තටම ශාන්ට හරිම අමාරු කාලයක් තමා මේ එයා ගත කරන්නේ... දවසගානෙ බෝව රිද්දන්න කරන හැම දෙයක් ගැනම කල්පනා කර කර හැම රෑකම ශාන් හුඟක් ඇඬුවා. මුලු ලෝකෙටම රහසින් හැම රෑකම ඇඬුවත් ආයෙමත් පහුවදාට එයාට උනේ බොරු හිනහවකින් මූන සරසගෙන ඉන්න. තමන් ආදරේ කරන කෙනා තමන්ටත් ආදරේ කරද්දී ඒ මහ මෙරක් තරම් ආදරේ හිතේම කොනකට තල්ලු කරලා තමන්ව වගේම තමන්ගෙ පණ හා සමාන ආදරේට වැඩිපුරම රිදවන එයා වැඩියෙන්ම පිලිකුල් කරන ඒ යක්ශනීගෙ bf වගේ රඟපාන්න. තමන්ගෙම ආදරේට රිදවලා සතුටින් ඉන්නවා වගේ පෙන්නන්න. ශාන්ගෙ හැම කදුලු බිංදුවක් ගානෙම සාක්ෂි දෙන්න හිටියෙ එයාගෙ කොට්ටෙ විතරමයි....

මූනත් සෝදගෙන ශාන් ආයෙ set එකට ගියේ ඊලගට එයාගෙයි යැන්ග්සිගෙයි kiss seen එක ශූට් කරන්න තියන නිසයි. ඇත්තටම මේ පාර තිබ්බෙ කලින් පාර වගේ බොරුවට ගන්න නෙමෙයි. ඩිරෙක්ටට උවමනා උනේ අඩුමගානෙ තත්පර 10කවත් kiss seen එකක් ගන්නයි. මේ වෙලාවෙම බෝත් නැගිටලා ආවෙ ශාන්ව තව තවත් අපහසුතාවයට පත් කරමිනුයි. බෝව දැක්කම යැන්ග්සිට නම් දැනුනේ කියාගන්න බැරි සතුටක්. එයා ගොඩක් දුකෙන් හිටියේ මේක බෝ දකින්නේ නැති වෙයි කියල.

කොහොමින් කොහොම හරි ඒ shot එක ගද්දී ශාන් පුංචි පරතයක් හරි එයාල අතර තියාගන්න වෙහෙසෙද්දී යැන්ග්සි ශාන්ව එයාගෙ ඇඟට තව තවත් තෙරපගත්තේ ශාන්ගෙ ඉනවටේ එයාගෙ අත් දාලා තදකරලා අල්ලගෙනයි. බෝගෙ ඇස් තරහෙන්ම තද රතු වෙලා තිබ්බා. එයාට මේ තත්පර  10 දැනුනේ මාස 10කටත් වඩා ලොකු කාලයක් හැටියටයි. ශාන්ගෙ ඉන වටේට යැන්ග්සිගෙ අත් එතිලා තියෙද්දී බෝගෙ තරහා තවත් වැඩි උනා. එයා එයාගෙ තරහ පිරුන ඇස් වලින් බලන් හිටියේ ශාන්ගෙ දිහායි.
බෝව කේන්ති කරන්න මීට වඩා ලොකු අවස්ථාවක් ලැබෙන්නේ නෑ කියලා තේරුනාම ශානුත් කලේ යැන්ග්සිගෙ සිපගැනීමට අනුබල දුන්න එකයි. බෝගෙ ඇස් වලට තරහට අමතරව කදුලුත් පුරවන්න ශාන්ගෙ ඒ තත්පර ගානෙ හැසිරීමට පුලුවන් උනා.

"ඔයා තාම මාව reject කරන්න උත්සාහ කරනවා නේද බනී.... ටිකකට කලින් අපි අතර උන දේත් ඔයාට ඔච්චර ඉක්මනට අමතක වෙන්න විදිහක් නෑනේ.... මට රිදෙනවා කියල දැන දැනත් ඔයා ඔහොම හැසිරෙන්නේ මාව හිතා මතාම රිද්දවන්න නේ.... අපි බලමු කාටද වැඩිපුරම රිදෙන්නේ කියල....." අවසාන සිතුවිල්ලත් එක්ක බෝගෙ මූනෙ මතු උනේ කලාතුරකින් මතු වෙන පලිගන්න සලකුණුයි.....

ශාන් ඒ ශොට් එක ඉවර වෙලා හිමීට හෙව්වේ බෝවයි. ඒත් ඒ වෙනකොට බෝ හිටියේ ගානක්වත් නැති විදිහට එතන හිටපු වෙන girl කෙනෙක් එක්ක හොදට හිනා වෙවී කතාවක. ඇත්තටම ශාන් බලාපොරොත්තු උනා තරහින් පිපිරෙන බෝ කෙනෙක්වයි. ඒත් බෝගෙ මේ හැසිරීම ශාන්ගෙ හිතේ ලොකූ දුකක් ඉතුරු කලා. "එයා මෙච්චර ඉක්මනට මාව අත් හැරලාද???" ලේසියෙන්ම කදුලු පිරෙන ඇස් වල පිරිලා තිබ්බ කදුලු හංග ගන්නයි ශාන් ආයෙත් washroom එකට ගියේ.....

ශාන් වගේම යැන්ග්සිත් බෝගෙ මේ අරුම පුදුම හැසිරීමෙන් පුදුමයට පත් වෙලායි හිටියේ...

යැන්ග්සිගෙ වගේම ශාන්ගෙ හිත් වල මේ වෙද්දි ඉන්න ඕන කියල මැවිලා තිබ්බ බෝගෙ මූනටත් වඩා ගොඩක් රුදුරු පෙනුමක් තමා ඇත්තටම මේ වෙලාවෙ බෝගෙ මූනෙ තිබ්බෙ. එයාගෙ මූන ඒ දෙන්නාගෙන් කවුරු හරි දැක්කානම් ඒක අනිවාර්යයෙන්ම තේරෙනවා. ඒත් ඒ කවුරු බෝගෙ මූන නොදැක්කේ බෝ උවමනාවෙන්ම අනිත් පැත්තට හැරිලා හිටිය නිසයි.

මේ අතරෙදි ඩිරෙක්ට බෝට කියුව දේ අහපුවාම බෝගෙ ඇස් නපුරු පාටින් දිලිසෙන්න පටන් ගත්තේ එයාට ශාන්ගෙන් පලි ගන්න පුලුවන් වෙන නිසයි.....මොකද ඩිරෙක්ට කියුවේ ඩ්‍රාමා එකේ අන්තිමට එන බෝගෙයි යැන්ග්සිගෙයි kiss seen එක හෙට ගන්නවා කියලයි.
Washroom එකේ ඉදලා ආයෙමත් ඇවිදගෙන එන ශාන්ට මේ ටික ඇහුනා. ඒත් එක්කම එයාගෙ මූන ඊරිසියාවෙන් පිරුනේ මුලු මූනම කලු වෙද්දීයි. අහම්බෙන් වගේ අනිත් පැත්තට හැරෙන්න ගිය බෝ හොදින්ම දැක්කා ශාන්ගෙ මූනෙ මේ වෙච්ච වෙනස.

"හරි බනී.... හෙට තමා දවස.... බලමුකෝ ඔයා ඔයාගෙ ඔය ඊරිසියාව හංගගෙන ඉන්න හැටි....." බෝගෙ කටේ පැත්තකින් පිට වුනේ අමුතුම හිනාවක්....

...................................................................................
මොනවා වෙයිද ළමයි හෙට....????
මම මේ ටිකේ වැඩිය ඔයාලගෙ comments වලට reply කරන්නේ නෑ ළමයි..... ඒත් ඒ ඔක්කොම කියොනවා.....❤️
කතාව spoil වෙයි කියල බයයි....😂😂
අදත් පොඩ්ඩයි නම් සොරී..... හෙට අනිවාර්යයෙන්ම දිගටම දිග කොටස් දෙන්නම්❤️
මම බොරු කියන්නේ නෑ....

රූ...❤️

Love You More - Completed Where stories live. Discover now