Chapter 38

314 85 7
                                    

ශාන් ඇස් දෙක ඇරපු ගමන්ම ආයෙත් වහ ගත්තේ බය උන නිසයි. ඒත් ඒ එයාගෙම මූන කියල ආයෙත් මතක් උනාම ශාන්ට දැනුන හැඟීම විස්තර කරන්න බැරි එකක්. කේන්තිය, බය, තරහ ඔය ඔක්කොම අස්සෙ ශාන්ට හිනා යන්නත් ආවා. බෝ නම් ශාන් දිහා බලන් ඉන්නේ ශාන් දැන් නිකන් princess කෙනෙක් ගානට ලස්සනයි වගෙයි.
කියන්න ලස්සනයි මිත්‍රවරුනි ශාන්ගෙ මූන ගැන. ඇහිබැමි දෙකම ලොකූවට කලු කරලා.... eyeliner වලින් ඇස් වටේ තද කලු කරලා... මුලු මූනම කහ පාට කරලා... කම්මුල් දෙක විතරක් තද රෝස පාටයි... ඒ තොල්... ඒ තොල් දෙක තද රතු කරලා... ඔක්කොමත් හරි කියමුකෝ.... ශාන්ගෙ මූනෙ තැන් 4කම කලු පාටින් dots තියලා තිත් මුවෙක් වගෙයි....
ශාන්ට ඇත්තටම ආයෙත් එයාගෙ ඇස් ඇරලා එයාගෙ මූන බලන්න කිසිම ආසාවක් තිබ්බේ නෑ.... එයාට ජීවිතේ පලවෙනිම වතාවට එයාගෙ මූනම දකින එක අප්පිරියාවක් වෙන්නම බෝ ලස්සනට වැඩේ කරලා තිබ්බා.....😂😂😂

"බනී බලන්නකෝ ඉතිං ලස්සනද කියල ....." බෝ කියන්නේ පුදුම සතුටකින්.... ශාන් බොහෝම අමාරුවෙන් තමා එයාගෙ හැඟීම් පාලනය කරගත්තේ.... එයා හිමින් හිමින් ඇස් ඇරලා හොඳටම බැලුවේ දැනුයි. ශාන් ඇස් අරිද්දී බෝ කෝකටත් කියල දොර ගාවට කිට්ටු වෙලයි හිටියේ..... "බෝබෝ.....😡😡😡" ශාන්ගෙ කේන්තියෙන් පිරුන කටහඬ ඇහෙද්දිම බෝ කලේ කාමරෙන් පැනල දුවලා එයාගෙ රූම් එකට ගිය එක. ඒ ගිහින් එයා බැලුවේ ශාන්ව makeup කරපු photo ටිකයි. ශාන්ට හොරෙන් makeup කරද්දි බෝ ගත්ත photos තමා ඒ........
ශාන් washroom එකට ගියේ බෝගෙ පස්සෙන් එලවන්නවත් ඒ විදිහට එලියට බහින්න බැරි නිසයි. ශාන්ව ඒ විදිහට කවුරු හරි දැක්කොත් බයවෙනවා zombie කෙනෙක් කියල. ඒ තරම් ලස්සනයිනේ ඉතිං...
බෝ නම් ආයෙ ශාන්ගෙ රූම් එක පැත්තටවත් ගියෙ නැත්තේ ගියොත් ශාන්ගෙන් හොඳවයින් අහගන්න වෙන බව දන්න නිසයි. මොනා උනත් රෑ වෙද්දි නම් එයාට තනියම ඉන්නම බෑ කියලයි හිතුනේ... ඕන දෙයක් උන දෙන් කියල එයා ශාන්ගෙ කාමරය ගාවට ගිහින් දොරට තට්ටු කරන්න ගත්තෙ පොඩි බයකුත් හිතේ තියෙද්දී. මොකද ශාන් අනිත් ඔක්කොටම අහිංසක උනාට බෝට වෙලවකට යක්ෂ version එකක් පෙන්නන විත්ත්තිය එයා එයා දන්නවානේ..... "මටත් පාඩුවෙ ඉන්න බෑනේ...." බෝ එයාට ම කියාගත්තේ අතින් කම්මුලකටත් ගහගන්න ගමන්. ශාන් මේ බෝගෙ විකාර දිහා බලනුයි හිටියේ door viewer එකෙන්. එයාටත් බෝ නැතිව පාළුවෙනුයි හිටියෙ කොහොමත්. මොකද එයාල හෙට ආයෙත් යන්න ඕන ගෙවල් වලට. ගොඩක් කාලෙකින් ගෙදර ගිහින් තිබ්බෙ නෑනෙ දෙන්නාම. "මගෙ පිස්සු Lio"
ශාන් හිතින් එහෙම හිතින් හිතලා දොර ඇරියෙ තරහ මූනක් ආරූඪ කරගෙනයි. බෝ නම් ශාන් දොර ඇරපු ගමන් කලේ ශාන්වත් පෙරලගෙන ඇතුලට ගිය එක. හැබැයි එයා ගිය වේගෙටම නතර වෙලා ආපහු හැරුනේ ශාන් horror movie එකක් දාලා තිබ්බ නිසයි. බෝ යද්දිම හොල්මනත් පෙන්නුවෙ නිකන් plan කරලා තිබ්බ දෙයක් වගෙයි.
ශාන රූම් එකෙ lights ටිකත් ඕෆ් කරලයි තිබ්බේ. එක light එකක් විතරක් දාලයි දොර අරින්න ආවෙ එයා. බෝ හැරුන පාර නැවතුනේ පිටිපස්සෙන් ආපු ශාන්ගෙ ඇඟේ හැප්පිලායි. ශාන්ගෙ ඇඟේම හැප්පිල බෝ යටිගිරියෙන් කෑගැහුවේ ශාන්වත් බය කරලායි. ඉක්මනට switch එක හොයාගෙන ශාන් light එක දැම්මාම තමා බෝට වෙච්ච දේ තේරුනේ. ශාන් බෝගෙන් ඇහුවේ ඇයි කෑගැහුවෙ කියලයි. ඒත් ඒකට බෝගෙන් කිසිම උත්තරයක් ලැබුනේ නැතිකොට ශාන් බෝ හිටිය තැනට ගිහින් බැලුවේ ඔච්චර බය වෙන්න එතන තියෙන්නේ මොනවද කියලයි. එතනට ගියාමයි ශාන් දැක්කේ TV එක පේනවා එතනට කියලා. ඔන්න දැන් තමා ශාන්ට වෙච්ච දේ තේරුනේ. ශාන් බොහොම අමාරුවෙන් හිනාව නතර කරගෙන ගිහින් වාඩි වෙලා ආයෙ ෆිල්ම් එක බලන්න ගත්තේ බෝව එයාට පේන්නෙ නැති ගානටයි. බොත් හිමීට ඇවිත් ශාන්ට තුරුලු වෙලාම වාඩිවුනේ බයටමයි. ටිකක් වෙලා යද්දි ශාන්ට තේරුනේ බෝ බය වෙන වාරයක් පාසාම ශාන්ගෙ පපුවේ මූන හංගගන්නවා කියල. ශාන්ට නම් හරිම සතුටුයි. "Makeup එකට දඩුවම තමා බෝ ඕක...." ශාන්ගෙ කටින් පිට උනේ නැති හිතේ ඇදුන වචන ටික තමා ඒ...
ටිකක් වෙලා යද්දි බෝ ශාන්ගෙ පපුවට තුරුලු වෙලාම නින්දට වැටිලා තිබ්බා. ශානුත් ෆිල්ම් එකත් ඕෆ් කරලා බෝව උස්සගෙන ඇවිත් ඇඳෙන් තියලා නින්දට වැටුනේ බෝට තුරුල් වෙලායි.

පහුවදා උදෙන්ම ඇහැරුනේ ශාන්. එයා ඉක්මනට ගිහින් wash දාල ඇවිත් බෑග් එක ලෑස්ති කරගන්න ගත්තේ අද එයා එයාගෙ ගෙදර යන නිසයි. එයාව ගන්න තාත්තා එනවා කියල තිබ්බෙ 10ට. තාම නම් වෙලාව 7යි. බෝ ඇහැරුනේ 8ට විතර. එයා ඇහැරෙද්දි ශාන් ඔක්කොම pack කරලත් ඉවරයි.
බෝ නම් ගොඩක් දුකෙන් බලන් හිටියේ ශාන් ලෑස්ති කරලා තිබ්බ බඩු දිහා....
එයාත් washroom එකට ගියේ ශාන් රූම් එකේ පේන්න හිටියේ නැති නිසයි. බෝ wash දාලා එද්දි ශාන් ආයෙම ඇවිත් හිටියා රූම් එකට....
ශාන් බෝට විහිලු කරන්න ගත්තේ ඊයෙ ෆිල්ම් එකට බය වුන විදිහ මතක් කරලයි. එතකොට තමා බෝට ඊයෙ වෙච්ච දේ මතක් උනේ... එය ඉක්මනටම එයාගෙ රූම් එකට යද්දි ශාන් ආයෙම බෝට කතා කරලා කියුවේ කන්න යමු කියලයි.
දෙන්නත් එක්කම කාල ටිකක් වෙලා හොටෙල් එකේ open space එකට වෙලා දෙන්නම ඉදගෙන හිටියේ දේන්නත් එක්කම ගිහින් බෝගෙ බඩුත් pack කරලා ඇවිල්ලායි. ඒත් එක් කෙනෙක්වත් වචනයක්වත් කියුවේ නෑ. දෙන්නාගෙම මූනු වලින් වෙන් වෙන්න තියන අකමැති බව හොදටම පෙනුනා. 9.45 වෙද්දි ශාන් බෝට කතා කරලා කියුවේ පරිස්සමට යන්න කියලායි. බෝව ගෙනියන්නත් vehicle එක එන්න තිබ්බෙ 10ටම තමා. දෙන්නාම වෙන් උනේ ඒ හිත් දෙකම වේදනාවෙන් බර වෙද්දීයි. මුලින්ම ආවෙ ශාන්ගෙ තාත්තා. ශාන් බෝව එයාගෙ තාත්තාට අදුන්වල දෙද්දී බෝගෙ vehicle එකත් ආවා.

ශාන්ගෙ ගෙදර අය ශාන් එන සතුටට හිනා වෙද්දි බෝගෙ ගෙදර නම් අද මලගෙයක් වාගෙ වෙලා තිබ්බා......

...................................................................................
බෝගෙ ගෙදර ඇයි ළමයි එහෙම වෙන්න ඇත්තේ...???
රූ...❤️
Ashley Everleigh  thank you නංගී මේ cover එකටත්..❤️

Love You More - Completed Where stories live. Discover now