Chapter 37

316 82 7
                                    

ශාන් washroom එකෙන් එලියට ආවෙ ඉන වටේට තුවය ලාවට පලවගෙන විතරයි. එයා දන්නේ නෑනෙ ඉතිං බෝ මේ වෙද්දිත් එයාගෙ රූම් එකට වෙල washroom එකේ දොර දිහාම බලන් ඉන්න බව. දොර ඇරන් එලියට එද්දිම ශාන්ව ගැස්සුනේ බෝව දැකපු නිසයි. එයාට ටික වෙලාවකට පස්සෙයි මතක් උනේ ඉන්නේ තුවය පිටින් නේද කියල. ඒක මතක් උනේ ශාන්ව දැක්ක වෙලේ ඉදන් කටත් ඇරගෙන එයා දිහා බලන් ඉන්න බෝගෙ ඇස්වල රැදුන ශෘංගාරාත්මක බැල්ම නිසයි. ශාන් ඉක්මනට අත් වලින් එයාව cover කරගත්තත් බෝ නම් ඒ වෙද්දිත් ආයෙම ශාන්ගෙ ගාවට ඇදුනේ අඩ සිහියෙන් වගෙයි. බෝ ඉස්සරහට තියන අඩියක් ගානේ ශාන් ටිකෙන් ටික පිටි පස්සට ගියා. අන්තිමට අදත් ශාන් නතර උනේ බිත්තියකට ඇලිලයි. ඒත් එක්කම ශාන්ව මැදි වෙන විදිහට අත් දෙක ශාන්ගෙ දෙපැත්තෙන් තියාගත්ත  බෝ තාමත් බලන් ඉන්නේ ශාන්ගෙ කොන්ඩෙන් තවමත් ගිලිහෙන පුංචි දිය බිංදු ගමන් කරන රටාවයි.

ඒ දිය බිංදු ඔස්සේම බෝ එයාගෙ ඇස් අරන් ගියේ ශාන්ගෙ ඇගට අතවත් නොතියායි. ඒත් ශාන්ට නම් හුස්ම ගන්නත් අමතක උනේ බෝගෙ සුසුම්වල පහස එයාගෙ උඩුකය පුරාම ගමන් කරද්දියි.

ශාන්ගෙ කම්මුලක් මතට වැටෙන දිය බිංදුවක් සෙමින් සෙමින් ගලාගෙන ඇවිත් ඒ දෙතොල් අසලට ඇවිත් ඒ තොල් අතර අතුරුදහන් උනේ බෝගෙ නෙත් වල බැල්ම ශාන්ට තියා දිය බිංදුවටවත් දරාගන්න බැහැ වගෙයි.
තවත් බිංදුවක් ශාන්ගෙ mole එක මතට වැටුනේ වටේ පිටේ තිබුනු දිය බිදිතිත් ඒයාට එකතු කරගෙන. ඊට පස්සේ ඒ බිංදුව ශාන්ගෙ ගෙල මතින් ගලාගෙන ගියේ බෝගෙ ඇසුත් ඒ මතම රදවගෙනයි. මේ වෙද්දී නම් ශාන්ගෙ ඇස් පියවිලා තිබුනා. මොකද ශාන්ට බෝගෙ රළු ස්පර්ශයන් කොහොම දරාගත්තත් සියුම් ස්පර්ශයන් දරාගන්න ගොඩක් අමාරු නිසයි. මේ අවස්ථාවෙදි ශාන් විඳිමින් හිටියෙ බෝගෙ සුසුම් වල හා නෙත්වල පහස විතරයි උනත් ශාන්ට ඒ පහසවත් දරාගන්න අපහසු උනා...
ශාන්ගෙ හුස්ම අක්‍රමවත් වෙද්දි එයාගෙ ගෙලේ උගුරු ඇටය වේගයෙන් ඉහල පහල යද්දි බෝ හුස්ම ගන්න අමතක උනා. ගෙලේ වේගවත් චලනයන් නිසා දිය බිංදුව ශාන්ගෙ පපුවට ගලාගෙන ගියේ ශාන්ව තවත් අපහසුතාවයට ලක් කරමින්. මොක්ද ඒ පස්සෙන් බෝත් ගියානේ... ඒ පපුව මතදි දිය බිඳ ගමන් කරන වේගය අඩු උනත් එයට නැවත තවත් දිය බිඳිති එකතු වෙච්ච නිසා වේගයෙන් ගලාගෙන යන්න පටන් ගත්තා. අවසානයේදී එය ශාන්ගෙ නාභිය අසලින් ගමන් කරද්දි බෝගෙ තොල් ඒ මතට ලං උනේ එය අල්ලාගැනීමට උනත් ‍එය එකවරම තුවාය තුල අතුරුදහන් උනේ බෝව නොසන්සුන් කරමින්. බෝ ශාන්ගෙ තුවායට අත තියද්දිම රූම් එකට කෙනෙක් තට්ටු කලා. බෝට ඒ ගැන ගානක් නැති උනත් ශාන්ව පියවි සිහියට ගෙන එන්න එය ප්‍රමාණවත් උනා.
එයාට ඉක්මනින් එතනින් ඉවත් වෙන්න පුලුවන් උනේ උනේ බෝගෙ අත් එයාගෙ දෙපැත්තෙන් නැති නිසයි. මොකද බෝ හිටියේ මේ වෙද්දී ශාන් ගාව දණගහ ගෙනයි. ශාන් අයින් වෙද්දි ආයෙත් දොරින් ආපු ශබ්දයත් එක්ක මේ පාර නම් බෝ පියවි සිහියට ආවා. බෝ දොර ගාවට යද්දි ශාන් ඉක්මනින් ඇදුමකුත් අරන් අයෙම washroom එකට පැන්නා.
ශාන් ඇදුමත් ඇදගෙන එද්දී බෝ කෑම ටික පිලිවෙල කරන ගමනුයි හිටියෙ. ශාන්ගෙ කාමරේට එන්න කලින් එයා කෑම order කරලයි ආවෙ. ඒ කෑම එක තමා waiter කෙනෙක් අරන් ආවෙ ශාන්ගෙ රූම් එකට.

ශාන් දැනුයි දැක්කේ බෝ උස්සන් ඇවිත් තිබ්බ makeup box එක. ශාන් කල්පනා කලේ මේ මොකක්ද මොකටද කියලයි.
බෝ ශාන් එනවා දැක්ක ගමන් ශාන් දිහාවට හැරිලා හිනා උනා. ඒත් ඉතිං ඒකෙ තේරුම නම් උනේ පස්සේ අල්ලගන්නම් වගේ එකක්. ශානුත් බෝට හිනා උනේ හොද වැඩේ වගේ තේරුමකිනුයි. මොකද බෝට උවමනා දේ කරගන්න හම්බුනේ නෑනෙ...😂😂

"බෝබෝ මොකක්ද මේ..." ශාන් එහෙම ඇහුවේ makeup box එක දිහාවට ඇඟිල්ල දික් කරලා. " ආආ ඒක makeup box එකක්... ඉක්මනට එන්න කන්න බඩගිනී..." බෝ කියුවේ ගානකටවත් ගන්නේ නැතුව.... "ඇයි ඔයාට මතක නැද්ද බනී ඔයා පොරොන්දුවක් උනේ මට .... ඔයාව makeup කරන්න දෙනවා කියල. " බෝගෙ ඒ උත්තරේ එක්කයි ශාන්ට ඒක මතක් උනේ ආයෙත්. ශාන් බෝ එක්කම වාඩි වෙලා කන්න ගත්තෙ makeup පොරොන්දුව අමතක කරන්න කියල ආයාචනා කරමිනුයි. ඒත් බෝගෙ තීරණයේ කිසිම වෙනසක් උනේ නෑ.

කාල ඉවර උන ගමන් ශාන්ව ඇදගෙන ගිහින් ඩ්‍රෙසින් ටේබල් එක ගාවින් වාඩි කරවපු බෝ එයාගෙ makeup වැඩේට බැස්සා.
"බෝ ඔයා දන්නවාද මේව කරන හැටි..."
"අපොයි ඔව් මම video ගොඩාක් බැලුවා...." අන්තිමට ශාන් කට වහගත්තෙ මොනවා උනත් ඉන්නේ ඒ දෙන්න විතරනෙ කියල හිත හදාගෙනයි. 
🐰"ආව් බෝ රිදෙනවා...."
🦁"හරි හරි තව ටිකයි...."
🐰"ඒයි ඔය මොනවද ...?? ඕක උලක් මනුස්සයො අනින්න එපා රිදෙන්වා...."
🦁"උලක්.... මේක මෙහෙමනෙ use කරනවා කියල තිබ්බේ...."
🐰"හචින්.... හ්ම්ම්...... හචින්.... බෝ මොනවද ඔය උලන්නේ...."
🦁"චුට්ටකට හුස්ම ගන්නේ නැතුව ඉන්නවකො බනියෝ... ඉවරනේ එතකොට ..."
🐰"නහයෙ ඇතුලෙ ගාන්න එපා.... "
🦁"එතකොට තමා ලස්සන ....."
🐰"කට ඇතුලට යනවා ඔවා.... වහද දන්නෙත් නෑ..."
🦁"නෑ.. නෑ... වස නෙමෙයි මේවා... මම අහලයි ගත්තේ.... පොඩ්ඩක් ඉන්නකො නටන්නෙ නැතුව...."
පැය දෙකක් තිස්සේ බෝ ශාන්ව makeup කලේ එකී මෙකී නොකී ශාන්ගෙ චෝදනා මැද්දෙයි......

"අම්මෝ .... ඉවරයි....." බෝගෙ ඒ වචන ටික ශාන්ට ගෙනාවෙ නම් මාරම සහනයක්..... හරි දැන් හිමීට ඇස් දෙක අරින්න......
බෝ එහෙම කියද්දි ශාන් ඇස් ඇරියෙ ඇත්තටම එයාටත් බෝගෙ makeup කිරිල්ල කොහොමද කියල බලාගන්න ආසාවක් ඇති වෙද්දීයි .....

...................................................................................
ශාන් කොහොම ඇද්ද ළමයි.....
මගෙ කතාවෙ 18+ කෑලි තියනවා ළමයි මම හිතන්නේ අනිත් ඒවට වඩා....
අකමැති නම් කියන්න බහුතර කැමත්තට අනුව ඒව අයින් කරන්නම්.....
රූ...❤️

Love You More - Completed Where stories live. Discover now