Chapter 33

378 81 7
                                    

ශාන්ගෙ අතින් ඇදගෙන ආපු බෝ නතර උනේ එයාගෙ කාමරයෙන්. ශාන් නම් තාමත් ඉන්නෙ බිම බලාගන. බෝගෙ අත තාමත් ශාන්ගෙ අතේ පැටලිලා තිබ්බා. බෝ ශාන්ව එක්කන් ගිහින් සෝෆා එකෙන් වාඩි උනේ ශාන්ව එයාගෙ එහා පැත්තෙන් වාඩි කරවගෙන.
දෙන්නාගෙන් එක් කෙනෙක්වත් තාමත් වචනයක්වත් කතා කලේ නෑ. බෝ බලන් හිටියෙ ශාන්ගෙ බිමට යොමු වෙලා තියන මූණ දිහායි. අන්තිමටම ශාන් බෝ දිහා බලලා ඇහුවෙත් ප්‍රශ්නයක් "බෝ ඇයි ඔයා මට කැමති ???" ශාන්ගෙ ඒ ප්‍රශ්නෙට බෝ දුන්න උත්තරය ශාන්ට තව තවත් බෝගෙ ආදරය තහවුරු කලා.
"දන්නේ නෑ.... ඔයාගේ බනී හිනාවටද ඔය මූණටද ඔය ලොකු ලස්සන ඇස් වලටද ඉවරයක් නැතිව කියවන ඔය කියවිල්ලටද ඔයාගෙ ඔය පොඩි දේකටත් කදුලු පිරෙන අහිංසකකමටද තරහ ගියාම ඔයා මට කරන නපුරුකම් වලටද මාව අවුස්සන ඔයාගෙ දඟ වැඩ වලටද කාවවත් රිද්දන්න බැරි ඔයගෙ ඔය හොද හිතටද මම දන්නෙ නෑ බනී...... ඒත් මම දන්නවා ඔයාගෙ හැම දේකටම මම ආදරෙයි... ඔයාගෙ හැම දේකටම .... මගේ මේ මුලු ජීවිතේටම ඒ ඔයා විතරමයි...." බෝගෙ උත්තරේ ශාන්ගෙ ඇස් වලට ආයෙත් කදුලු පිරෙව්වා.
බෝගෙ උකුල උඩට ඇවිත් බෝගෙ දෙපැත්තට කකුල් දාලා වාඩි උන ශාන් බෝගෙ තොල් වලට බර උනේ "ආදරෙයි මමත්.... මගේ ජීවිතේටත් වඩා...." ඒ වචන ටිකත් එක්කමයි. ශාන්ගෙ සියුම් සිපගැනීම ටික වෙලාවකින් සැපීමකට පෙරලුනා. තාමත් ශාන්ට ඒ සිපගැනුම හරියට කරන්න බැහැ. බෝ ඒ නිසයි ඒ තොල් දෙකේ kiss එකේ අයිතිය එයාට නතු කරගත්තෙ. ශාන්ගෙ ඇඟිලි තුඩු බෝගෙ හිසකෙස් අතර කන් මත වගේම මූණ මතත් රටා මවද්දි බෝගෙ අත් ශාන්ගෙ පිට පුරා නොසන්සුන්ව දිව ගියා. ගොඩාක් කාලෙකින් ඒ පහස නොලැබුන නිසා දෙන්නාටම තව තවත් ඒ පහස උවමනා උනත් බෝ kiss එක break කලේ හෙට අලුත් තැන ශූටින් පටන් ගන්න නිසයි. ශාන් ඉස්සරහදි බෝගෙ සේරම සීමා මායිම් බිඳෙන නිසයි. ශාන් බෝගෙ තුරුලේ තවත් ඒ පහස හොයද්දී බෝ ශාන්ගෙ කනට කරලා කියුව දේ නිසා ශාන්ගෙ මූණ තවත් රතු වෙලා ඒ ඇස් පුදුමයෙන් ලොකු උනා. අකමැත්තෙන් උනත් ශාන් බෝගෙ මුවින් ඉවත් වෙලා ඒ පපුවෙන් ඔලුව තියාගත්තා ඒ වචනත් එක්ක.... " බනී.... තවත් ටිකක් හරි දුර ගියොත් මට මාව control නැති වෙයි. එතකොට හෙට ශූටින් එකේ costumes අඳින්න බැරි වෙයි ඔයාට......."

Love You More - Completed जहाँ कहानियाँ रहती हैं। अभी खोजें