Chapter 27

415 85 6
                                    

පහුවදා වේලාසනම නැගිට්ටෙ බෝ. දෙන්නම අද වැඩනේ. බෝ එයාට තුරුලු වෙලා තාමත් සුව නින්දක ඉන්න ශාන් දිහා බලන් හිටියෙ ආදරය පිරිච්ච ඇස් වලින්... ශාන්ගෙ මුලු ඇඟ පුරාම ඉතිරි වෙලා තියන එයාලගෙ ආදරයේ සලකුණු දිහා බලන් හිටියේ. ආයෙත් ඒ රෑ ගැන මතක් උනාම බෝගෙ කට කොනකට අමුතු හිනාවක් ආව. මුලු ඇඟ පුරාම රතු සලකුණු වලින් වැහිල සීතලටයි තව තව එයාටම ශාන්ව දැක්කම දැන්නම් බෝට දුකකුත් හිතුනා.
      "මෙච්චර රිද්දුවා ද මම ඔයාට බනී...." බෝ ශාන්ගෙ ගෙලේ සටහන් වෙලා තිබ්බ සලකුණක් උඩින් මෘදුව ඇගිලි තුඩු අරන් යද්දි ශාන් ඇහැරුනේ කිතියක් දැනුන නිසයි. ශාන් හෙමින් හිමින් මූණත් හද හද ඇස් අරින විදිහට බෝට හිනා ගියා."මගෙ චූටි බනී..." ශාන් ඇස් අරිනකොටම දැක්කෙ එයා දිහා බලන් හිටිය බෝගෙ මූන. ශාන් ලස්සනට හිනා උනත් වෙච්ච දේවල් මතක් උන ගමන් ආයෙත් ශීට් එකෙන් මූනත් එක්කම වහගත්තෙ ලැජ්ජවටමයි.... ශාන්ගෙ මේ පුංචි පුංචි කෝලම් වලට බෝ නම් පුදුම තරම් ආදරේ කලා.

"බනී නැගිටින්න... අද වැඩනේද??? ඔයා කොහොමද යන්නේ...??" බෝ පුදුම තරම් ආදරෙන් ඇසුත් චූටි කරන් අහිංසක විදිහට ඇහුවත් ශාන්ට ඇත්තටම ඒ කියපු දේ තේරුනේ නෑ...  සෑහෙන්න කල්පනා කරලා එයා ශීට් එක ඇතුලෙ ඉදන්ම උත්තර දුන්නා... "වෙනදා වගේම තමා කාර් එකේ..."
"ඒක නෙමෙයි ඇහුවෙ මම ..." බෝ ආයෙමත් කියුවෙ ශීට් එක ශාන්ගෙ මූනෙන් අයින් කරන ගමන්. "එහෙනම්..." ඇසුත් ලොකු කරන් ශාන් අහද්දි බෝ මෙහෙම කියාගෙනම ඇඳෙන් බැස්සා. "ඔයාට පොඩ්ඩකින් තේරෙයි...😂"
"wash දාන්න යන්නෙ නැද්ද???? ඕනෙ නම් මට පුලුවන් උදව් කරන්න" බෝ මේ ටික කියද්දි බෝගෙ මූනෙ ඇදුනෙ මොනවගේ හිනාවක්ද කියල හිතාගන්න පුලුවන් නේ... එතකොට ශාන්ගෙ මූන... ඔව් ඔව් සුපුරුදු විදිහටම ශාන් රතුවෙලා ආයෙමත් මූන වගත්තා එයා. "ඕන නෑ..." ☺️☺️

බෝ ඉක්මනට wash දාගන එද්දි ශාන් දෙන්නටම කිරිකෝපි දෙකක් හදලා තිබ්බා.. ශාන් හිටියෙ breakfast එක හදන ගමන්.... බෝ ඉක්මනින් ලෑස්ති වෙලා පහලට ආවා. ශාන් හදපු කෝපි එක බොන්න ගත්ත බෝට පුදුම හිතුනා.. "බනී... ඔයා කොහොම මෙච්චර රසට මේක හැදුවේ..."
ශාන් ලස්සනට හිනා වෙලා බෝට කෑම ලෑස්ති කරලා දුන්නා අරන් යන්න. මොකද බෝට එතකොටත් පරක්කු වෙලයි තිබ්බෙ. බෝ ශාන්ගෙන් සමුගත්තේ ලොකු දුකකින් උනත් අද හවස අලුත් ඩ්‍රාමා එකේ වැඩ වලදි දෙන්නාට හම්බෙන්න පුලුවන් වෙන නිසා හිත හදන් ගියා. ඒත් එයා යන්න කලින් ශාන්ට kiss එකක් දීල කියුව දේ නිසා ශාන් ආයෙත් අපහසුතාවට පත් උනා.."මතක් කරලා අත් දිග බෙල්ල වැහිච්ච එකක් ඇඳන් යන්න නපුරු බනී...😜😜"

Love You More - Completed Dove le storie prendono vita. Scoprilo ora