The last omega 🐺💙 || Taekoo...

Galing kay -vkmystery-

178K 30.4K 5.9K

වසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනය... Higit pa

🐰❤️🐯
Introduction of characters
Wolf from
1. Siblings
2. Wild thoughts
3. Attack
4. Mate
5. Race to Daegu
6. Grand entrance
7. Moon child
8. 18th birthday
9. Hair colour
10. You bet
11. True blood alpha's voice
12. Jealous? Jealous.
13. All wishes come true
14. Let destiny do its job
15. Off road
16. I can give you a ride
17. Your smile is my favorite
18. Introduction of wolves
20. Sleeping beauty
21. Blue rose
22. Blue gifts
23. Blue butterfly
24. Be free
25. Motherly warmth
26. Surprise
27. 00:00
28. Special wolf
29. First night
30. Birthday celebration
31. Birthday greetings
32. Tenerife sea
33. Locket necklace
34. Intruders
35. Departure
36. Nesting
37. Heat
38. You have what we wanted
39. Large? Seriously?
40. Hourglass
41. One more
42. You're mine and mine alone
43. Dead meat
44. Belle knows how to calm the beast
45. Kim Taehyung
46. Blue box
47. Help me protect my brother
48. Vampire's secret
49. Changes
50. Possessive? Naah protective
51. Master
52. Family
53. Danger
54. Impostor
55. Shield
56. Guardian
57. Revelation
58. Powerful
59. Chosen mates
60. Gender
61. Kick
62. Unleashed
63. Eavesdrop
64. Twins
65. Distraction
66. Welcome home
67. Minjae
68. Miracle
69. Ritual
70. Until we meet again
71. Powerful couple
72. I am home
73. Park bogum
74. Seduce
75. Nursery
76. Bundle of joy
77. Full moon
78. Ceremony
New Book
79. Selene
80. Little bubble
81. Lingerie
82. Mirror
Epilogue
A/N
New Story

19. Inside out

1.9K 388 57
Galing kay -vkmystery-

විනාඩි කීපයකට පස්සේ අන්තිමේදි වෘකයෝ ටික මන්දිරයට ආවා. Blood moon එකේ ලූනා එයාලව පිළිගත්තා.

"හේයි ළමයිනේ, අද දවස කොහොමද?" ජන්ග්කුක්ගේ කම්මුලට තට්ටුවක් දාන ගමන් hye kyo ඇහුවා.

"ටිකක් කම්මැලි උනත් හොඳයි. අවුලක් නෑ." සේහුන් කිව්වම hye kyo එයාට රැව්වා.

"දැන් හැමෝම කාමර වලට යන්න. ගිහින් ඇඳුම් මාරු කරන් ටිකක් රෙස්ට් කරලා ගාඩ්න් එකට එන්න. මට ඔයාලා වෙනුවෙන් surprise එකක් තියෙනවා." බනියෙක් වගේ හා දත් ටිකත් දාන් එයත් එක්ක හිනා වෙන එයාගෙ පුතාට ඇහැක් ගහන ගමන් hye kyo කිව්වා.

"Thank you ලූනා." ටේහ්‍යුන් කිව්වම Hye kyo එයාගේ කම්මුලට මෘදු හාදුවක් දුන්නා.

"හැමෝම එනකන් මං 7 වෙනකම් බලන් ඉන්නම්. හරිද?" ලුනා කිව්වම හැමෝම හිස වනලා තම තමන්ගේ කාමරවලට ගියා.

වෘකයෝ ටික එයාලගේ කාමර වලට ගිහින් සුව පහසු විදිහට මාරු වුනා. පැයක් විතර රෙස්ට් කරපු කට්ටියම ගාඩ්න් එකට පිටත් වුනා. ගාඩ්න් එක සරසලා තිබුනු විදිහ දැකලා කට්ටියට පුදුම හිතුනා. එතන කොට්ට වලින් හදපු කුටි පහක්, බ්ලැන්කට්ස් ඒ වගේම හැමෝටම පාවිච්චි කරන්න පොඩි මේසයකුත් තිබුනා. තව තිබුනා screen projector එකක්, ලස්සන ලයිට්ස් වගේම සැරසිලි කිහිපයකුත්. ඒ වගේම කට්ටියටම ස්නැක් බාර් එකක් සූදානම් කරන්නත් ලූනා hye kyo අමතක කරලා නෑ.

"වාව් ලූනා. ඒක ගොඩක් ලස්සනයි." සරසලා තිබුනු වත්ත පුරාම ඇස් යවන ගමන් ජීසු කිව්වා. ඒගොල්ලන්ගේ ගෙවත්ත ලස්සන තියටර් එකකට වෙනස් වෙලා තියෙන විදිහ දැකලා කට්ටියම ගොඩක් පුදුම වුනා.

"So perfect" ටේහ්‍යුනුත් ගෙවත්ත පුරා ඇස් යවන ගමන් කිව්වා. මේ අතරේ ජන්ග්කුක් ගෙවත්තේ ආලෝකයෙන් ටේහ්‍යුන්ව කොච්චර ලස්සනට පේනවද ඒ වගේම අහිංසකද කියලා හිතන ගමන් එයා දිහා බලන් හිටියා.

"ඔයා ඒකට කැමතිද?" Hye kyo ඇහුවා.

"ලූනා, මං ඒකට කැමතියි. මේක ගොඩක් ලස්සනයි. Surprise කලාට thank you." ටේහ්‍යුන් එයාගෙ boxy smile එක දාන ගමන් කිව්වම එයාගෙ ඒ හුරතලේ හැමෝගෙම හිත් නිවන්න සමත් වුනා. හැමෝම තමන්ගේ තැන් වලට යන්න කලින් hye kyo ටේහ්‍යුන්ගේ කම්මුලට පුංචි තට්ටුවක් දැම්මා.

"එහෙනම් විනෝද වෙන්න ළමයිනේ." Hye kyo ආයිත් එයාගෙ පුතාට ඇහැක් ගැහුවා.

කට්ටියම මේට්ලා එක්ක තම තමන්ගේ කොට්ට වලින් හදපු කුටි වලට යන අතරේ ජන්ග්කුක් දැක්කා ඉතුරු වෙලා තියෙන්නෙ එක කුටියයි කියලා. ඒත් ටේකුක් දෙන්නා තාම ඒකට ගියේ නෑ.

ජන්ග්කුක් එයාගෙ ඔම්මා එක්ක මනසින් සම්බන්ධ වුනා. මොකද එයාට තේරුනා මේකත් ඔම්මගේ වැඩක් කියලා.

"ඔම්මා ඔයා නම්?! මෙතන කුටි පහක් විතරද තිබ්බේ? ඔයාට අමතක උනාද මමයි ටේහ්‍යුනුයි මේට්ලා නෙමෙයි කියලා?"

"පුතා, ඔය දෙන්නා මේට්ලා නෙමෙයි නිසා එකලඟ වාඩි වෙන්න බෑ කියලා එකක් නෑනේ. Come on."

"එයාට ඕන නැත්තන් මොකෝ කරන්නේ?"

"ඔයා ඒකට උත්සහා කලේ නැත්තන් කවදාවත් ඒක දැන ගන්න හම්බවෙන්නෙත් නෑ. දැන් මට කතා කරන එක නවත්තන්න."

ජන්ග්කුක් විහිලුවට වගේ එයාගෙ ඔම්මාට රැව්වා. ඇත්තටම ජන්ග්කුක් ඔම්මගෙයි එයාගෙයි මේ සම්බන්දෙට ගොඩක් කැමතියි. ඒ දෙන්නගේ බැඳීම හරියට යාළුවෝ වගේ. අප්පත් එක්කත් ඒ වගේ තමා. ඒත් ඊටවඩා ජන්ග්කුක්ට එයාගෙ ඔම්මත් එක්ක ඉන්න කොට ලොකු සැහැල්ලුවක් දැනුනා.

ඊටපස්සේ කුටිය ගාව හිට ගෙන ඉන්න ටේහ්‍යුන් ගාවට ජන්ග්කුක් ඇවිද ගෙන ගියා.

"අපි ශෙයා කර ගමුද?"

"ඔහ් හරී." ටේහ්‍යුන් ජන්ග්කුක් එක්ක හිනා වෙන ගමන් කිව්වා. ටේහ්‍යුන්ගේ හිනාව දකින හැම වෙලේම ජන්ග්කුක්ගේ හදවත දිය වෙනවා වගේ එයාට දැනුනා.

තක්කාලි ගෙඩියක් වගේ මූන රතු වෙලා තිබුනු ටේහ්‍යුන්ගේ එහා පැත්තෙන් ජන්ග්කුක් වාඩි වුනා. ඊටපස්සෙ හැමෝම බලන්න ෆිල්ම් එකක් තෝරන්න පටන් ගත්තා.

රියුජින් : "අපි friends with benefits බලමු."

ජීසු : "no strings attached කොහොමද?"

ජින් : "යා.. මේ කෙල්ලො නම්. ඕවා බලන්න බෑ. ඕවා ටිකක්, ඔයා දන්නවනේ...sex පැත්ත වැඩී."

සේහුන් : "ඔහ් ඇයි ඒක ගැන හිතන්නේ? අපි හැමෝම දැන් වැඩිහිටියෝ. අපි අතර virgin අය කවුරුත් නෑනේ."

යුන්ගි : "එහෙනම් අපි ඒ වෙනුවට 365 days බලමු. Are you lost baby boy?" යුන්ගි ජිමින් දිහා බලාගෙන ඒ චිත්‍රපටියේ ප්‍රසිද්ධ දෙබසක් මිමුනුවේ මූනේ හිනාවකින් තොරව රාගික විදිහට. යුන්ගිත් ඒ විදිහට කාමුක චිත්‍රපටයක් බලන්න යෝජනා කලා.

"එපා! ටේහ්‍යුන් තාම virgin වගේම එයා තාම පොඩි දරුවෙක් වගේ. තව සති දෙකයි තියෙන්නේ එයාට 18 ක් වෙන්න. අනික තාම එයාට මේට් කෙනෙක් නෑ. අපි එයාගේ අහිංසක හිත නරක් කරන එක වැරදියි. ඒ නිසා එපා!" ජින් හරියට අම්මා කෙනෙක් වගේ පැහැදිලි කලා.

"Virgin හහ්, ඔයාගෙ මේට් ගොඩක් වාසනාවන්තයි." ජන්ග්කුක් තනියම හිතුවා.

සේහුන් : "ජන්ග්කුක්ටත් මේට් කෙනෙක් නම් නෑ තමා. ඒත් එයාගෙ මනසනම් දැනටමත් ගන්න දෙයක් නෑ. එයා දැන් දවස් ටිකකට කලිනුත් sex කලේ."

ජන්ග්කුක් : "නෑ, අපි එහෙම කලේ නෑ. මං ඒ කෙල්ලව එයාගෙ ගෙදරට ඇරලවලා ආපහු මෙහෙ ආවා." ජන්ග්කුක් ගේ විස්තරය blood moon pack එකේ අල්ෆලා හතරදෙනාව පුදුම කලා. එයාලට ඒක විශ්වාස කරන්න බැරි වුනා.

නම්ජුන් : "සිරාද? මං විශ්වාස කරන්නෙ නෑ."

"එහෙනම් විශ්වාස කරන්න එපා. මේක බොරුවක් නෙමේ හියුන්. මං ඇත්ත පැහැදිලි කරා විතරයි."

ඒක ඇත්ත, ජන්ග්කුක් බොරු කිව්වේ නෑ. දින කිහිපයකට උඩදී කට්ටියම එයාවයි ලීසාවයි පාක් එකේ දාලා ගියාට පස්සේ ඒ දේ කරන්න ඕනෙ කියලා ජන්ග්කුක්ට හිතුනෙ නෑ. Midnight pack එක එයාලගේ පැක් එකට ආපු දවසෙ ඉඳන් කාත් එක්කවත් sex කරන්න එයාට හිතුනෙ නෑ. ඒක කොහොමවත් සාමාන්‍ය දෙයක් නෙමෙයි. එයාට කාත් එක්කවත් ඉන්න හිතුනෙ නෑ. එයාට ඕන වුනේ එයාගෙ යාළුවෝ එක්ක ඉන්න....ඇත්තම කිව්වොත් ටේහ්‍යුන් එක්ක ඉන්න.

හෝසොක් : "සන්සුන් වෙන්න බ්‍රෝ, ඒක ටිකක් අමුතුයි තමා, ඒත් එකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ඔයාව විශ්වාස කරන්නෙ නෑ කියන එක."

යුන්ගි : "ඔයා කැමති දෙයක් කරන්න."

"රිලැක්ස් වෙන්න අපි හොඳ ෆිල්ම් එකක් බලමු." ටේහ්‍යුන් කිව්වම හැමෝම සන්සුන් වෙලා ෆිල්ම් එකක් තෝරන්න ආපහු පටන් ගත්තා.

විනාඩි කීපයක්ම රණ්ඩු වෙමින්, එකිනාගෙ අදහස් වලට එකඟ නොවෙමින් අන්තිමේදී කට්ටියම තීරණය කලා ටේහ්‍යුන් කැමති එක බලන්න.

යුන්ගි : "අපි කොහොමද මේක බලන්නේ?"

හෝසොක් : "මොකක් උනත් මේක හොඳ ෆිල්ම් එකක්." ෆිල්ම් එක බලන ගමන් හෝසොක් කිව්වා.

යුන්ගි : "මං දන්නවා මේක හොඳ ෆිල්ම් එකක්. ඒත් සිරාවට? අපි හැමෝම වගේ ඩේටින්, ඒත් අපි මෙතන ඉඳන් inside out බලනවා?"

ජිමින් : "අනේ කටවහ ගන්නකෝ. ඔයා තරහින් වගේ ඉන්නේ." ෆිල්ම් එක බලමින් විනෝද වෙන ජිමින් කිව්වා.

සමහර අය ෆිල්ම් එක ගැන එකේක ඒවා කිව්වත් අන්තිමේදී බලන්න කැමති වුනා. හැමෝම ස්නැක්ස් කන ගමන් ෆිල්ම් එක බැලුවා, හැබැයි ජන්ග්කුක් හැර. එයා කලේ සැරින් සැරේ ටේහ්‍යුන් දිහා බලන එක.

එයා ටේහ්‍යුන්ගේ හැසිරීම තිරයෙන් වැටෙන ආලෝකයෙන් නිරීක්ෂණය කලා. චිත්‍රපටයේ යන සිදුවීමෙන් සෑහීමකට පත් වුනාම එයා හිනා වෙන විදිහ, චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කනස්සල්ලෙන් ඉන්නකොට එයත් දුකින් නලල රැළි කරන විදිහ, චිත්‍රපටයේ ඉන්න ගෑණු ළමයා කාඩ් වලින් හදපු ගොඩනැගිල්ල කැඩුනම එයා කේන්තියෙන් ඇහි බැම එකට එකතු කරන විදිහ, ඒ ගෑණු ළමයා ළමයෙක්ට පීසා එකක් දුන්නම එයා අකමැත්තෙන් මූන හකුලන විදිහ, ගෑණු ළමයා මකුළුවෙක්ට බය උනාම එයත් කනස්සලට පත් වුනු විදිහ ජන්ග්කුක් නිරීක්ෂණය කලා.

"එයාගේ හැම හැසිරීමක්ම ගොඩක් ලස්සනයි." ටේහ්‍යුන් නහය පොඩි කරන අතරේ ජන්ග්කුක් තනියම හිතුවා.

"අනේ, ඒක ගොඩක් දුකයි. මට ඇඬෙන්න වගේ." මුහුණත් ඇ‍ඹුල් කරන් ටේහ්‍යුන් කියන අතරේ එයා පිටිපස්සට වුනාම දෙන්නගෙ අත් එකට ඇතිල්ලුනා. හම එකට ගෑවෙනවත් එක්කම ආයිත් ඒ දෙන්නට ලොකු ශක්තියක් දැනුනා. ඒ දෙන්නගේ ශරීර වලින් ගිනි පුළිඟු පිට වෙනවා වගේ දැනුන නිසා දෙන්නම දෙපැත්තට පැන්නා.

"ඔයා හොඳින්ද?" බයෙන් ඇස් ලොකු වෙලා බලන් ඉන්න ටේහ්‍යුන්ගෙන් ජන්ග්කුක් කලබලෙන් ඇහුවා.

"ඔ-ඔව්. මං හොඳින්."ජන්ග්කුක්ට ඒ අමුතු ශක්තිය දැනුනේ නෑ කියලා හිතපු ටේහ්‍යුන් වැඩිය මුකුත් කියන්න ගියේ නෑ.

මේ අතරේ ජීසු, රියුජින් දෙන්නා හැර අනිත් හැමෝම ඇස් ලොකු කරන් බලන් හිටියා. මොකද ඒ ගොල්ලො දැක්කා ජන්ග්කුක්ගෙත් ටේහ්‍යුන්ගෙත් බෙල්ලේ හඳ පළුවක හැඩයක් මතුවෙලා දිලිසෙන හැටි. ඒ වගේම මේක true blood alpha ජොන්ග් සුක් වගේම hye kyo ත් දැක්කා.

හෝසොක් : "ඔයගොල්ලො ඒක දැක්කද?"

රියුජින් : "දැක්කද??මොකද්ද?" රියුජින් හෝසොක් දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බැලුවා.

නම්ජුන් : "ඔව් මාත් ඒක දැක්කා."

ජින් : "මොකද්ද දැක්කේ?" දෙන්නගෙම බෙල්ලේ හඳ පලුවක් දිලිසෙනවා ජින් දැක්කා වුනත් එයා ඒක දැක්කෙ නැති විදිහට සැකයක් ඇති නොවෙන්න රඟපෑවා. මොකද ටේහ්‍යුන්ගේ බෙල්ලේ සලකුණ දිලිසුනේ නිල් පාටින්. හරියට එයාගෙ ඇස් වල පාට වගේම. නිල් පාට කියන්නේ true blood omega කෙනෙක්ව හඳුන ගන්න පුලුවන් සාධකයක්. ඉතින් ජින්ට එයාගෙ මල්ලි ගැන පොඩි බයක් ඇති වුනා.

යුන්ගි : "මාත් දැක්කා. මං හිතන්නෙ ඒක මායාවක් විතරයි."

ජිමින් : "සමහරවිට ඔය හැමෝම නිදිමරගාතේ ඉන්න නිසා වෙන්නැති. ඔයාලා ඇත්තටම මොකද්ද දැක්කේ?" ජින්ගේ මූනෙන් එයා බොරුවක් කිව්වේ කියලා පැහැදීවම තේරුනු ජිමින් ඉක්මනින් කිව්වා. ජිමින් ඒක දැක්කත් දැක්කේ නෑ වගේ හිටියා.

සේහුන් : "සමහරවිට ඒක ස්ක්‍රින් එකෙන් ආපු ලයිට් එකක් වෙන්නැති. දැන් ඕක ගැන කතාව නවත්තමු."

ජීසු : "ඔයාලා මොනවද අනේ දැක්කේ?"

සේහුන් : "මුකුත් නෑ බබා." ජීසුගෙ බෙල්ලට මෘදු හාදුවක් දීපු සේහුන් ජීසුගේ කනට කෙඳිරුවා.

ජීසු : "ඔප්පා, මොකද්ද උනේ?" ජීසු එයාගේ හියුන්වයි ජිමින්, රියුජින් දෙන්නවයි මනසින් සම්බන්ධ කරගත්තා.

රියුජින් : "ඔව්. ඔයාලා හැමෝම මොනවා ගැනද කතාකරන්නේ?"

ජිමින් : "අපි දැක්කා ටේහ්‍යුන්ගෙයි ජන්ග්කුක්ගෙයි බෙල්ලෙ හඳ පලුවක හැඩයක් මතුවෙලා දිලිසෙනවා. True blood alpha කෙනෙක්ව හඳුනගන්න පුලුවන් රතු පාටින් තමා ජන්ග්කුක්ගේ සලකුණ දිලිසුනේ."

ජින් : "එතකොට ටේහ්‍යුන්ගේ බෙල්ලේ සලකුණ දිලිසුනේ නිල් පාටින්. True blood omega ලගේ පාට."

ජීසු : "මොකක්?! Oh my god ඔප්පා. අපි දැන් මොකද්ද කරන්න ඕනේ?"

තමන්ගේ මේට්ගේ සුවඳ වෙනස් වෙනවා තේරුනු නම්ජුන් වගේම සේහුන් තමන්ගේ මේට්ගේ අත පිරිමදින්න ගත්තා. දෙන්නම තමන්ගේ මේට්ලට විතරක් දැනෙන සන්සුන් සුවඳ පිටකලා. අයියයි නංගියි ඒකෙන් ටිකක් සන්සුන් වුනත් කනස්සලෙන් තමන්ගේ මේට්ගේ බෙල්ලට ඔලුව තියාගත්තා.

"ඇයි මං ඒක දැක්කෙ නැත්තේ?" ජීසු තනිවම හිතුවා.

•••••••••••••••••••••••••••••

Vote, commen කරන අයට ගොඩක් thank you 😘❤️

දිගටම vote, comment කරන්න 😊❤️

kim_tae_kd

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

208K 35.9K 56
ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyung 🌚 comedy and Fluff fluff fluff lot o...
25K 4K 13
ගායකයෙක් කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඒත් රසිකයා ගායකයට නිදහසේ ඉන්න සීමා පනවනවා නම්, ගායකයට අයිතියක් තියෙනවා රහසිගත ජීවිතයක් අරගෙන යන්න.
47.9K 3.7K 39
Iu duk sikur për disa çaste nuk mund të merrte dot frymë. Ndjeu një ngushtim në zemër, një ndjenjë faji e pendese që s'e dinte se nga i buronin. Fjal...
13K 1.2K 42
გათამამებული და უძლიერესი სუფთა სისხლის ალფა,რომელსაც მხოლოდ თითის გაქანება სჭირდება იმისთვის ,რომ ყველა შიშისგან კანკალებდეს,ემორჩილებკდეს და თუ ს...