The last omega 🐺💙 || Taekoo...

By -vkmystery-

176K 30.3K 5.9K

වසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනය... More

🐰❤️🐯
Introduction of characters
Wolf from
1. Siblings
2. Wild thoughts
3. Attack
5. Race to Daegu
6. Grand entrance
7. Moon child
8. 18th birthday
9. Hair colour
10. You bet
11. True blood alpha's voice
12. Jealous? Jealous.
13. All wishes come true
14. Let destiny do its job
15. Off road
16. I can give you a ride
17. Your smile is my favorite
18. Introduction of wolves
19. Inside out
20. Sleeping beauty
21. Blue rose
22. Blue gifts
23. Blue butterfly
24. Be free
25. Motherly warmth
26. Surprise
27. 00:00
28. Special wolf
29. First night
30. Birthday celebration
31. Birthday greetings
32. Tenerife sea
33. Locket necklace
34. Intruders
35. Departure
36. Nesting
37. Heat
38. You have what we wanted
39. Large? Seriously?
40. Hourglass
41. One more
42. You're mine and mine alone
43. Dead meat
44. Belle knows how to calm the beast
45. Kim Taehyung
46. Blue box
47. Help me protect my brother
48. Vampire's secret
49. Changes
50. Possessive? Naah protective
51. Master
52. Family
53. Danger
54. Impostor
55. Shield
56. Guardian
57. Revelation
58. Powerful
59. Chosen mates
60. Gender
61. Kick
62. Unleashed
63. Eavesdrop
64. Twins
65. Distraction
66. Welcome home
67. Minjae
68. Miracle
69. Ritual
70. Until we meet again
71. Powerful couple
72. I am home
73. Park bogum
74. Seduce
75. Nursery
76. Bundle of joy
77. Full moon
78. Ceremony
New Book
79. Selene
80. Little bubble
81. Lingerie
82. Mirror
Epilogue
A/N
New Story

4. Mate

2K 411 15
By -vkmystery-

Blood moon pack

Third person POV

පස් දෙනාම දහවල් විවේකයේදී පාපන්දු පිටියට ගියා. ගැහැණු ළමයින්ගේ අනවශ්‍ය සිතුවිලි ඇහෙන නිසා වගේම පිරිමි ළමයින් සමඟ රණ්ඩු වෙන්න සිදුවේ යැයි සිතූ නිසා ඔවුන් cafeteria එකට යන්න කැමති උනේ නැ.

හෝසොක් : "ඉතින්? මට පේන විදිහට තාම කවුරුත් මේට්ලව හොයාගෙන නෑ වගේ."

නම්ජුන් : "ඔව්. මං හිතන්නෙ මගේ මේට් තාම ඉපදිලා නැද්ද කොහෙද."

"ඇයි එහෙම කියන්නෙ? මේට් කෙනෙක් හම්බවෙන්නෙ නැති තාක් කල් අපිට කැමති විදිහට ඉන්න පුලුවන්." සේහුන් කිව්වෙ එයාගෙ එහාපැත්තෙ වාඩි වෙලා ඉන්න ජන්ග්කුක් ගේ අතට පහරක් ගහන ගමන්.

යුන්ගි : "ඔය දෙන්නා හැමවෙලේම හැසිරෙන්නෙ රස්තියාදුකාරයො වගේ."

ජන්ග්කුක් : "මගේ මේට් ඔමේගා කෙනෙක් උනොත් මං කෙල්ලොන්ට බැල්ම දාන එක නවත්තනවා."

සේහුන් : "ඒ කියන්නෙ ඔයා කවදාවත් කෙල්ලොන්ට බැල්ම දාන එක නවත්තන්නෙ නෑ කියන එක. අපි හැමෝම දන්නවනේ ඔමේගලා කියල ජාතියක් තවදුරටත් නැ කියලා."

ජන්ග්කුක් : "ඒක නිසා තමා මං එහෙම කිව්වෙ." ඒ කතාවට හැමෝම හිනා උනා.

නම්ජුන් : "මේට්ලා එක්ක තියෙන බැඳීම සුළුවෙන් හිතන්න එපා ගුක්. ඔයා ඔහොම හැසිරුනොත් කසේකින් ගුටි කකා ඉන්න වෙයි අපායක වගේ."

ජන්ග්කුක් : "එහෙම වෙන්නෙ නැ."

නම්ජුන් : "මම කැමති මගේ මේට් බීටා කෙනෙක් වෙනවනම්. මොකද මං කැමති නෑ ආධිපත්‍ය ගැන ප්‍රශ්නයක් එනවට."

යුන්ගි : "මමත්. ආධිපත්‍යය දරන්නෙ කවුද කියන එක සම්බන්ධව රණ්ඩු කරන්න මාත් කැමති නැ. ඒ නිසා මං කැමතී මගේ මේට් ඇල්ෆා කෙනෙක් නොවනව නම්."

හෝසොක් : "මට නම් කමක් නැ මගේ මේට් ඇල්ෆා කෙනෙක් උනත් බීටා කෙනෙක් උනත්. මං එයාව හොයාගන්නවා."

මේ කට්ටිය තමන්ගේ මේට්ලා ගැන වගේම තවත් බොහෝ දේවල් ගැන දිගටම කතා කරමින් ඉඳියා. ඇත්තෙන්ම සේහුන් වගේම ජන්ග්කුක් තමන්ගේ මේට්ලා ගැන උනන්දුවක් නොදක්වන්නේ එවිට ඔවුන්ට කැමති දෙවල් සිදු කරමින් නිදහසේ ජීවත් වීමට නොහැකි වේ යැයි සිතූ නිසා. වෙනත් වෘකයන්ගෙන් වගේම මිනිස්සුන්ගෙන් සතුටු වීම මගින් පමණක් මේ දෙන්නා සෑහිමකට පත් උනා. නැත්නම් එලෙස සෑහීමකට පත් විය හැකි යැයි ඔවුන්ට සිතුනා.

මිනිත්තු 30 කට පමණ පසු ජන්ග්කුක්ගේ ෆෝන් එක ring වෙන්න පටන් ගත්තා. Caller ID එකේ ප්‍රධාන ඇල්ෆාගේ නම දැක්ක කට්ටියම බය උනේ හදිසි අවස්ථාවකදී මිස එයලාගෙ ඇල්ෆා තමන්ගෙ පුතාට විශේෂයෙන් යුනි එකේ ඉන්න කොට කෝල් ගන්න එක සාමාන්‍ය දෙයක් නොවූ නිසා.

"අප්පා? හැමදේම හොඳින්ද?" ජන්ග්කුක් ටික වෙලාවක් තාත්තට ඇහුම්කන් දීහෙන හිටියා. ජන්ග්කුක්ගේ හැසිරීම තව දුරටත් කලබල නොවූ නිසා පිරිමි ළමයි හතර දෙනා සන්සුන් උනා.

"හරි අප්පා. මං අනික් අයට කියන්නම්." ජන්ග්කුක් කෝල් එක කට් කලා.

නම්ජුන් : "මොකද්ද වෙලා තියෙන්නෙ?"

ජන්ග්කුක් : "වෙන පැක් එකක කට්ටියක් හෙට මෙහෙ එනවලු. අපිත් එක්ක මාස දෙකක් විතර ඉන්න යන්නෙ එයාලගෙ පැක් එක තිබුනු විදිහට හදාගන්නකන්."

සේහුන් : "ඒ කියන්නෙ කවුරු හරි එයාලට පහරදීලද? කවුද පහරදීලා තියෙන්නෙ?"

ජන්ග්කුක් : "ඒගොල්ලො දන්නෙ නෑලු කවුද පහරදීලා තියෙන්නෙ කියලා. හැබැයි පැක් එකට නම් ගොඩක් හානි වෙලාලු. පැක් එකේ බාගයක් විතර මැරිලලු."

හෝසොක් : "අපොයි! ඉතින් ඒගොල්ලො අපිත් එක්ක ඉන්න එක ආරක්ෂිතද?"

සේහුන් : "අපිත් එක්ක යුද්ධයක් පටන් ගන්න කවුද නිර්භීත වෙන්නෙ?"

නම්ජුන් : "ඒක ඇත්ත. අනික true blood ෆැමිලි එකක් එක්ක? මං නම් ඒ ගැන හිතන්නවත් ට්‍රයි කරන්නෙ නැ."

යුන්ගි : "අපි තමා ලෝකෙ ඉන්න බලවත්ම පැක් එක. කාටහරි තමන්ගෙ මුලු පැක් එකම විනාස කරගන්න ඕන නම් අපිත් එක්ක යුද්දෙකට එයි.

ඉතින් මොකද්ද ඔය මෙහෙ නවතින්න එනව කිව්ව පැක් එක?"

ජන්ග්කුක් : "Midnight pack එක."

"මොකක්!" හෝසොක් කෑගැහුවා.

යුන්ගි : "මොන මඟුලකටද මනුස්සයො කෑගහන්නෙ? මොකද්ද ප්‍රශ්නෙ?"

හෝසොක් : "ඒ පැක් එක කිම් ෆැමිලි එකයි පාක් ෆැමිලි එකයි නිසා ටිකක් ප්‍රසිධයි."

ජන්ග්කුක් : "එතකොට කවුද ඒ විකාර පොඩි උන් ටික?"

යුන්ගි : "ජන්ග්කුක් ඔයාට අමතකයි ඔයත් තාම පොඩි එකෙක් කියලා." ජන්ග්කුක් යුන්ගිට රැව්වා.

හෝසොක් : "ඒගොල්ලන්ට පුදුම ලස්සනක්ලු තියෙන්නෙ. Specially එක බීටා කෙනෙක් ඉන්නවලු එයා ඔමේගා කෙනෙක් වගේම ගොඩක් ලස්සනයිලු. මට නම් ගොඩක් සතුටුයි එයාලව හම්බවෙන එක. සමහර විට එයාලගෙන් කෙනෙක් අපේ මේට් කෙනෙක් වෙන්නත් පුලුවන්.

පාක් ළමයි දෙන්නා තමා ප්‍රධාන ඇල්ෆගෙ දුවයි පුතයි. කිම් ළමයි තුන් දෙනාවනම් අරන් හදාගෙන තියෙන්නෙ. ඒ පැක් එකේ පෙනුම තමා ඒ තුන්දෙනා. විශේෂයෙන් බාලයා තමා ලස්සනම."

සේහුන් : "ඒගොල්ලො සෝශල් මීඩීයා වල ඉන්නවද?"

හෝසොක් : "මං හිතන්නෙ ඔව්. ඒත් ඒවා ප්‍රයිවට් දාලද කොහෙද."

ජන්ග්කුක් : "ඒගොල්ලො ගැන හොයන්න එපා. අපිම හෙට බලාගමු."

නම්ජුන් : "ඔව්. මටත් කුතුහලයක් තියෙනවා වගේම පොඩි සතුටකුත් තියෙනවා. කොහොමහරි මට කාටවත් රිද්දන්න නම් ඕන නැ."

සේහුන් : "හෝසොක්ව නම් එයාලා ගොඩක් අගය කරයි එනකන් බලන් ඉඳපු එකට."

ඊටපස්සෙ සේහුන් ජන්ග්කුක්ට මනසින් කියපු දේ නිසා ජන්ග්කුක් කට කොනකින් හිනා උනා වගේම ටිකක් සතුටු උනා.

"අපිට හොඳ ආතල් එකක් ගන්න පුලුවන් බ්‍රෝ."

••••••••••••••••••••••••••••

Vote, comment කරන අයට thank you 😙❤️❤️

Continue Reading

You'll Also Like

7K 1.5K 27
හීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්‍යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්‍ය...
26.9K 5K 30
මගේ මේට් කොහොමද මට වඩා බලවත් වෙන්නේ..මං එයාව ප්‍රතික්ෂේප කරනවා.. මගේ මේට් අහිංසක ඔමෙග කෙනෙක් නොවී ඇයි නපුරු ඇල්ෆම උනේ..මං එයාව ප්‍රතික්ෂේප කරනවා..
94.8K 16.8K 40
A young man who is evil because of his lost love... For the sake of the child, a young man who made his life a child... __ 🇵 🇦 🇮 🇳 �...
25.9K 7.2K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...