ƈԋαρƚҽɾ 35

412 72 48
                                    


ශොප් එකේ හිටියට හසරැල්ගෙ හිත තිබුනේ වෙන කොහෙවත් කියන එක ගෞරිට නොතේරුනා නෙමෙයි. එයා දෙතුන් පාරක් ඇහුවත් හසරැල් මුකුත් නෑ කියන්න ඔලුව වනලා ඇස් හංගගෙන හිනා  උනා මිසක් හේතු පැහැදිලි කරන්න ගියෙ නෑ . එක අතකට ඒක ගෞරිට කියන්න පුලුවන් හේතුවකුත් නෙමෙයිනෙ.

හසරැල් කෙනෙක් එක්ක හාදුවක් බෙදාගත්තෙ ජීවිතේ පලවෙනි වතාවට.  ඒ වෙලාවෙ නුවේද්ගෙ ෆෝන් එකට ශශීගෙන් කෝල් එක නොඑන්න ඔය හාද්ද තව ටික වෙලාවක් දික් වෙන්නත් තිබුනා. හැබැයි අකමැත්තෙන් උනත් හසරැල්ට නුවේද්ට සමු දීලා ආයෙම එන්න සිද්ධ උනා.

ඊලඟ සතියත් පුරුදු විදියට ගෙවිලා ගියෙ හසරැල් ශොප් එකේ වැඩ වලටත් නුවේද්ව ප්‍රැක්ටිස් වලටත් හිර කරලා.. නිවේදිත් පාඩම් වැඩත් එක්ක බිසී වෙනකොට වෙනසකට කියලා වුනේ දවස් ගෙවෙන්න ගෙවෙන්න අනුරාධ වැඩි හරියක් ගෙදර ගැවසෙන්න පටන් අරන් තිබුන එක විතරයි . වෙනදට දවස් ගනන් ගෙදරින් පිට ඉන්න එයා හැමදාම රෑට ගෙදර එන්න පටන් ගත්තා.

නුවේද් එයාගෙ ප්‍රැක්ටිස් ඉවර වෙලා රෑට ගෙදර එනකොටත් හැමදාම පපා එයාගෙ ඔෆිස් රූම් එකේ වැඩ කරන ගමන් හරි එහෙමත් නැත්තම් ගාඩ්න් එකේ තියෙන බෙන්ච් එකක ඉඳන් අමායත් එක්ක කතා කර කර ඉන්න හැටි එයාගෙ ඇස් වලට අහු වෙද්දි එයාට ඇති උනේ පුදුමයක්. පපාගෙ වෙනසට හේතුව මොකක් උනත් එයාට ඒක සතුට ගෙනාපු කාරණාවක් උනේ පපා ටිකෙක් ටික හරි එයාලට ලං වේවි කියන පොඩි බලාපොරොත්තුව හිතේ ඇති වෙච්ච නිසා වෙන්න ඇති.

ඊලග දවසෙ එයා ගෙදර ආවම පපා එක්ක වචනයක් දෙකක් හරි කතා කරන්න හිතාගෙන ඔෆිස් රූම් එකට ගියත් අනුරාධ ඒ වෙලාවෙ හිටියෙ සෑහෙන බර කල්පනාවක. නුවේද්ගෙ කටහඬින් එයා පියවි සිහියට ආවත් කතා කරන්න තරම් ලොකු උනන්දුවක් පෙන්නුවෙනම් නෑ.

" දැන්ද ආවෙ ? "
" කාල නිදාගන්න. හෙට උදේ ආයෙ යන්න ඕනෙනෙ "

ඔන්න ඔය වගේ වචන කීපයක් මිසක් ඊට වැඩි දෙයක් එයා කතා කෙරුවෙ නැති තරම්.. නුවේද්ට දුක හිතුනෙ නෑ කිව්වොත් ඒක බොරුවක්.

" ඇයි අපිට බැරි ඕකෙ පොසිටිව් පැත්ත ගැන හිතන්න? හැමදේම හිතන පරක්කුවට සිද්ධ වෙන්නෙ නෑනෙ අයියෙ.. ඉස්සර දවස් ගනන් ගෙදරින් පිට ඉඳපු කෙනා දැන් හැමදාම හැන්දෑවට ගෙදර එනවා. වෙනදට උවමනාවකට ඇරෙන්න ඔයත් එක්ක කතා නොකරපු එයා දැන් ඔහොම පොඩි දෙයක් හරි කතා කරනවා. ඒක හොඳ දෙයක් නෙමෙයිද ? "

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Tempat cerita menjadi hidup. Temukan sekarang