ƈԋαρƚҽɾ 10

1K 150 19
                                    

උදේම ෆෝන් එක රින්ග් වෙනකොට මට යකා වැහුනා..

මගෙ සැප නින්දට බාධා කරේ කවුද කියලා බලන්න ෆෝන් එක ගන්නකොට ඒ ගෞරි..

අනේ ඇත්තමයි මුන්ටත් කෝල් කරන්න වෙන වෙලාවක් ඇත්තෙම නැද්ද?

" මොන මගුලක්ද බං? නිදාගන්න දීපියකො රෙද්ද.. "

කෝල් එක ආන්ස්වර් කරලා එච්චරමයි කිව්වෙ.හැබැයි ගෞරි ඕක ගනන් ගත්තු බවක්නම් පේන්න තිබ්බෙ නෑ..

" නැගිටපම් යකෝ.. මේ මට කියහම් කම්පෙටිශන් එක මොකෝ උනේ? සිලෙක්ටඩ් නේ? ඔව්නෙ ? ඔව් කියපං.. කියපංකො "

" ඔව් යකෝ ඔව්.. නිදියන්න දීපන් දැන්වත්.. උබනම් මාවම කන්න ආපු එකෙක් බං.. මං තිබ්බා "

තිබ්බා කිව්වට මං කෝල් එක කට් කරේ නෑ..

" අඩෝ පට්ට සතුටුයි බොක්ක.. ශශියාගෙ එක අදනෙ? "

" යාහ් යාහ් "

" මේ පැත්තෙ එන්නෙ නැද්ද? "

" දවල් වෙලා එන්නම්.. ටික දවසකට නිදහස් මේ ටිකේ.."

" හ්ම් හ්ම්.. එහෙනම් පස්සෙ සෙට් වෙමු.."

කෝල් එක ඉවර උනේ එහෙමයි.ඊට පස්සෙ ආයෙම මම ටිකක් නිදාගත්තෙ දවල් වෙලා ශොප් එක පැත්තෙ ගිහින් එන්න හිතාගෙන..

කොහොමත් ඔහොම හරි විස්තර අහන්න, මං ගැන සතුටු වෙන්න හිටියෙ සුදූ, ලොකුඅම්මා ඇරුනම මුන් තුන් දෙනා විතරයි.. ශශීනම් ඊයෙ විශ් කරා.. එතකොට සුදූත්.. පපාට කියන්න, එයා සතුටු වෙන හැටි බලන්න ඕනෙ උනත් ඒව හීන විතරයි.ඊයෙ කම්පෙටිශන් එක ඉවර වෙලා ගෙදරට එනකොට අර තිබ්බ සතුට කොහෙදෝ පාවෙලා ගියෙ පපාගෙ හැසිරීමත් එක්ක.. අනික කොහොමත් ඕව නුපුරුදු දේවල් නෙමේනෙ...

මං ආයේම ඇහැරෙනකොට 10ත් පහු වෙලා තිබ්බෙ.. ටිකක් වෙලා ඉඳලා ලෑස්ති වෙලා ගෙදරින් එලියට බහිනකොට 11 යි..

යන ගමන් මට මතක් උනේ අද අර ඇන්ග්‍රි බර්ඩ්ව , එයාගෙ තරහෙන් රතු වෙච්ච මූණ දකින්න හම්බෙනව නේද කියලයි.. ඇයි ඒ?ඇයි? මං අහන්නෙ ඌව දකින්න හම්බුනත් නැතත් මට පාන්ද?

මං දොරත් ඇරගෙන ඇතුලට ගියාට කවුරුත් පේන්න හිටියෙ නෑ...හැමතැනම බලලා අන්තිමට ඉතුරු උනේ පිටිපස්සෙ තිබ්බ ඩයිනින්ග් රූම් එක විතරයි.. ඇතුලට යද්දි හසරැල් හිටියෙ පිටිපස්ස හැරිලා මොකද්ද සින්දුවකුත් මුමුණන ගමන්.. ඉලෙක්ට්‍රික් කෙට්ල් එකේ වතුර උණු කරනවද කොහෙද.. තේ හදන්න.. එයා මාව දැක්කෙ නෑ.. එතන දොරට හේත්තු වෙලා මං එය දිහා බලන් හිටියා.. කෙට්ල් එක ඔටෝ ඕෆ් උනාම එයා තේ හදන්න පටන් ගත්තා.. මිනිහට වටපිටාව ගැන මෙලෝ සිහියක් නෑ.. එහෙට මෙහෙට නට නට පිස්සෙක් වගේ සින්දු කිය කිය නටන විකාරෙ දැක්කම මොන හේතුවකටද මන්දා මට ඒ වෙලේ ඒක වීඩියෝ කරන්නම හිතුනා.. පසුවට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් නෙ... උබ ඉවරයි හසරැල්.. එහෙම හිත හිත ෆෝන් එක අරගෙන වීඩියෝ ඔන් කරලා විනාඩියක් විතර වීඩියෝ කර කර එයාගෙ ළගට පොඩ්ඩං ලං උනේ කියන එක අහගන්නත් එක්ක..

සුළඟ නුඹ ( Sinhala BL )Onde histórias criam vida. Descubra agora