ƈԋαρƚҽɾ 14

777 117 26
                                    

අති සාර්ථක විදියට මැද්දෙන් ඇඩ් එකක් දාලා ගෞරි අර තිබ්බ මූඩ් එක සම්පූර්ණයෙන්ම විනාස කරලා දැම්මා..

හසරැල් මගෙන් ඇස් අයින් කරගෙන අහකට වෙනකොට මං තේ කෝප්පෙත් අරගෙන ඩයිනින්ග් රූම් එකට යන්නයි හැදුවෙ.. හැබැයි යන්න ගිය ගමන නවත්තලා ගෞරි ගාවින් ටිකකට නැවතුනා..

නැවතුනාට මොකද මුකුත් නොකියම මං බලන් හිටියෙ ගෞරි දිහාවට පිච්චිලා යන විදිහෙ නපුරු බැල්මක් එක්ක..

" මොකද බං ? "

ඒ ගෞරි..

" මම මේ උබට ස්තූති කරන්න වචන හොයනවා.. "

" ඒ මොකටද? "

ගෞරි හෙනම සීරියස් විදිහට ඇහුවෙ මං අදහස් කරපු දේ නොතේරිලාද කොහෙද.. එහෙම්මම මං ආයෙ පිටිපස්ස හැරිලා හසරැල් දිහා බලනකොට එයා හිටියෙත් අපි දෙන්නා දිහාම බලාගෙන..

ගෞරිට උත්තර නොදීම මං ඩයිනින්ග් රූම් එක ඇතුලට ගියා..

කෝප්පෙත් හෝදන ගමන් දැන් ටිකකට කලින් වෙච්ච දේවල් ආයෙම ඇස් ඉස්සරහ මැවෙන්න ගත්තා..

ඒ අස්සෙන් මං කියපුවත් නිකන් ආයෙ ආයෙම ඇහෙනවත් වගේ..

"Don't bite your lip දිනේත්‍ර !!!!!!!!!!! "

" Stop staring at me with this look that makes me wanna kiss you right now, idiot "

මල මගුලයි.. මොනාද මං ඒ වෙලාවෙ කිව්වේඒඒඒඒඒඒ....

මං දැන් අර මනුස්සයට මූණ දෙන්නෙ කොහොමද දෙයියනේ.. මෙතනින් කාටවත් නොපෙනී අතුරුදහන් වෙලා යන විදියක් නැද්ද ශිට්..

අද දවසනම් මහ විකාරයක් වගේ හිතෙනවා.. ඒත් ඒ අස්සෙන් හිත ඇතුලෙ අලුතෙන් එකතු වෙච්ච අමුතුම හැඟීම් ගොඩක් මොනාද කියන්න හදනවා..  මෙන්න මේ හැම මගුලටම හේතුව අර නපුරු කොල්ලා.. හැබැයි ඔය හැම නපුරුකමක්ම මට විතරද කොහෙද.. ඒකත් ඉතින් අර මොකද්ද මල් පැළයක් නිසානෙ... නැත්තම් මේක ඔහොම නෙමෙයි පටන් ගන්නෙ.. හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න..  මොනා පටන් ගන්නද ? එහෙම මුකුත් නෑ..

ඔලුවටත් පාරක් ගහගෙන මං ඕව හිත හිත ඉන්නකොට මොකද්ද මියුසික් එකක් එක්ක හසරැල්ගෙ කටහඬ ඇහුනා..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now