ƈԋαρƚҽɾ 30

875 122 45
                                    

මම ඕඩර් එකකට ආපු මල් bouquet එකක් හදන්න ගත්තෙ එහෙ මෙහෙ දුවන හිත එක තැනක නවත්තගන්න පුලුවන් හොඳම විදිය ඒක නිසා. Airpods දෙකත් ගහගෙන සින්දුවක් අහ අහ මගේ වැඩේ කර කර ටික වෙලාවක් ඉන්නකොට නුවේද් ඇවිල්ලා airpod එකක් ගලවලා එයාගෙ කනක රඳවගන්න ගමන් මං දිහා බලද්දි මං පුදුම උනේ මේ මනුස්සයා මොකාටද එන්න හදන්නෙ කියලා හිතන  ගමන්.

එයාව ලොකුවට ගනන් නොගෙන ඉන්න ට්‍රයි කරන ගමන් රැවිල්ලක් එයාගෙ දිහාවට පා කරලා මං ආයෙම මගෙ වැඩේ කරන්න ගන්නකොට එයා ටේබල් එකට එහා පැත්තෙන් හේත්තු උනා.. මෙයා මෙහෙම ඉද්දි එයාව ඩෝන්ට් කෙයා ටයිප් එකට දාලා ඉන්න හැදුවට ඇස් කොනින් මට පේනව එයා මගෙ දිහා බලන් ඉන්නෙ ආපු වෙලාවෙ ඉඳන්.. ඒකම මට අපහසුවක් වෙද්දි එයා airpod එක ගලවලා ටේබල් එක උඩට දානකොට මාව ගැස්සිලා ගියා. මගෙ ඇස් ආයෙම එයාගෙ ඇස් වල නවතිනකොට මොකද්දෝ හේතුවකට මට එයාගෙන් ඇස් අයින් කරගන්න හිතුනෙම නෑ.. ගෞරි අක්කා ඇවිත් කතා කරනකන් මං එයා දිහාම බලන් ඉඳලා..

පිස්සු නටන හිතත් අරගෙන ගිහින් දොර ගාව තිබ්බ ටේබල් එක ලග වාඩිවෙනකොට ගෞරි අක්කාගෙයි එයාගෙයි කතාව මැද්දට පනින්න සිද්ධ උනේ එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියපු කතාව නිසා.. එහෙම බොරු කියන්නෙ මොකටද එදා මං ඇස් දෙකටම දැක්කනෙ.. නුවේද්ගෙ ෆෝන් එකට ඒ වෙලාවෙ අර ගර්ල්ගෙන් කෝල් එකක් එනකොට ගෞරි අක්කා ඒකට ආන්ස්වර් කරලා හොඳට අඳුරන කෙනෙක් වගේ කතා කරනකොට මට හිතුනෙම මං මොකක් හරි වරද්දගෙනද කියලමයි.

ගෞරි අක්කා ගියාම එතන ඉතුරු උනේ මායි එයයි විතරයි.මගෙ නම ගැන එයාට හෙනම ප්‍රශ්නෙ. නම හසරැල් උනාට හිනාවෙන්නෙවත් නැහැල්ලු.. මං කොහොමත් අනිත් අය එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි , සෝශල් මනුස්සයෙක් නොවෙන බව ඇත්ත. ගෞරි අක්කා එක්ක උනත් ඒ දවස් ගානට නෝමල් කතා කරන්න ගියා මිසක් ඕනාවට වඩා ලොකු ෆ්‍රෙන්ඩ්ලි ගතියක් මම පෙන්නන්න ගියෙ නෑ.. මගෙ වැඩ ටික කරගෙන පාඩුවෙ ඉන්නයි මං කොහොමත් කැමති. එහෙම එකේ මං ලොකුවට හිනාවෙලා කතා බහ කරනවනම් කරන්නෙ මගෙ ඉනර් සර්කල් එකේ ඉන්න අය එක්ක විතරයි.සමහරවිට අනිත් අය ඒක මගෙ ලොකුකම විදියට , එහෙමත් නැත්තම් හෙන කෝල්ඩ් ටයිප් කෙනෙක් කියලා හිතනවත් ඇති.හැබැයි මම අනිත් අය හිතන ඒව කවදාවත් කෙයා කරේ නෑ.

සුළඟ නුඹ ( Sinhala BL )Where stories live. Discover now