ƈԋαρƚҽɾ 13

789 124 41
                                    

" ඔව් ඔව්.. මෙයා තමයි.. අක්කා හිතන්නෙ මං බොරු කියනව කියලද? "

හසරැල් එහෙම කියනකොට ගෞරි මං දිහා බැලුවෙ හෙන ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙන..

මට දැන් හිනා යන්නත් එනව.. ඒ උනාට මුන් දෙන්නව පොඩ්ඩක් බයිට් කරන්නත් ඕනේ..

ඔව් කියන්න වගේ මං ඔලුව වනනකොට ගෞරි මං දිහා බැලුවෙ නිකන් ආනන්තරීය පාපකර්මයක් කරපු එකෙක් දිහා බලන ගානට.. එතකොට හසරැල්ගෙ මූනෙ තිබ්බෙ දැක්කනෙ මං කිව්වෙ වගේ බැල්මක්..

" කෙල්ලෙක් එක්ක? සිරාවට? "

" ඔව් ඔව් යකෝ.. කෙල්ලෙක් තමා.ඇයි මට කෙල්ලො අකැපද ? "

" අකැපද කැපද බලන්න ඉතින් උබ ලයින් කරපු එකක්වත් ඒ කාලෙ සෙට් උනේ නෑනේ..  ඒවත් එක්ක බලනකොට උබට කෙල්ලො අකැපයි වගේ තමා.. "

කිණ්ඩියට වගේ හිනාවෙන ගමන් ගෞරි කියද්දි හසරැල් බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලෙ ගිහින් කැස්සක් ආවා..

" අනේ මේ.. මාව හෑල්ලුවට ලක් කරන්නෙපා හරිය.. උබ මේ පොඩි එකා ඉස්සරහ මගෙ සායම යවන්නෙපා.. කටවහන් ඉදු.. "

" ඇයි ඇයි ඒව කියනකොට ලැජ්ජද? උබට ඒ කාලෙ ඉඳන්ම ඉඳන්ම ලැජ්ජාවක් කියල එකක් තිබ්බෙ නෑනෙ.. කරන්න පුලුවන් අණ්ඩපාල වැඩ සේරම කරලා දැන් ඉතින් බබා පාට් දාන්න එපා ඈ"

" දැන් ඔය ඒ කාලෙ මං කරපු අණ්ඩපාල වැඩ තනියම කරපුවත් නෙමේනෙ... තොපි තුන් දෙනත් සහයට හිටියනෙ.. "

මං එහෙම කියද්දි ගෞරි කතාව වෙන පැත්තකට හැරෙව්වා..

" හරි ඒවයින් වැඩක් නෑ.. දැන් අර කෙල්ල කවුද කියපං මුලින්ම ? මේව සහ ගහන අපරාධ බල්ලො.. තෝ අපිට නොකියා කවද්ද කෙල්ලෙක් සෙට් කරගත්තෙ? මට තාමත් මේක විශ්වාස කරන්න බෑ ඕයි.. උබට කැමති උන කෙල්ලෙකුත් මේ ලෝකෙ හිටියා කිව්වම "

ගෞරි හෙන සීරියස් විදියට බනින්න පටන් අරන් අන්තිමට මාව දෙකේ කොලේට දාල කතා කරේ.. නෙදකින් මෙහෙම යාලුවො.. 😒😒

මං මුකුත් කියන්න කලින්ම ෆෝන් එක රින්ග් උනා.. ස්ක්‍රීන් එකේ වැටිච්ච නම දැකලා ඉබේම මගෙ මූණෙ හිනාවක් ඇඳෙන්න ඇති.. ගෞරි ඒකත් විහිලුවට ගත්තා..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Kde žijí příběhy. Začni objevovat