ƈԋαρƚҽɾ 17

756 119 51
                                    

මං විනාඩි ගානක් යනකල්ම හිටියෙ එයාගෙ දිහා බලාගෙන.. ඒ ළගින් යන එන කීප දෙනෙක් හසරැල් දිහා අමුතු විදියට බල බල ගියෙ එයාගෙ අමුතු කොන්ඩෙ නිසා වෙන්න ඇති.. හැබැයි හසරැල්ගෙ නම් ඕව ගනන් ගන්න පාටක් පේන්න තිබ්බෙ නෑ.. එයාගෙ අවධානෙ තිබුනෙ එකින් එක පත්තු කරන පහන් වල..

එයාගෙ වැඩේ ඉවර වෙලා වටපිට බලනකොට එක තප්පරේකදි එයාගෙ ඇස් මගෙ ළග නැවතුනා.. ඊලග තප්පරේ ඒව පුදුමෙන් ලොකු වෙනකොට මං අතක් වනලා එයාට කතා කරාට එයි කියලා විශ්වාසයක් තිබ්බෙ නෑ.. යක්ස පැටියා.... දන්නවනෙ මුගෙ හැටි..

ටිකක් වෙලා කල්පනා කරලා එයාගෙ මගෙ දිහාවට ඇවිදගෙන ඇවිත් මං ගාව නැවතුනා..

මං ඇස් වලින් මගෙ එහා පැත්ත පෙන්නුවෙ ඉඳගන්න කියලා ඉඟියක් දෙන ගමන්.. හැබැයි අර සුපුරුදු රැවිල්ල එයාගෙ මූණ වහගන්න ගියෙ හෙන පුංචි වෙලාවයි..

එහෙම්මම එයා මගෙ දිහා බලන් ඉන්නකොට මං කතා කරා..

" පාරමී අම්මා එක්ක ඇතුළට ගියා.. මෙතනින් ඉඳගන්නවා.මං තමුසෙව ගිලින් නෑ.. "

ඔන්න එහෙම කියනකොට එයාගෙ මූණෙ ආයෙම පුදුමයක් ඇඳෙනකොට මුකුත් නොකියා එයා මට එහා පැත්තෙන් ඉඳගත්තා..

විනාඩි දෙකක් තුනක්.. නෑ විනාඩි දහයක් විතරම අපි දෙන්නා කිසිම දෙයක් කතා කරේ නෑ..

බණ මඩුව දිහායින් ඇහෙන කවි , ඉඳලා හිටලා ඇහෙන ඝංඨාර සද්දේ..

හීතල හුළඟ.. ඒ හුලඟට හෙලවෙන බෝ කොල , එතකොට හැමතැනම පැතිරිලා යන හඳුන්කූරු සුවඳ..
ඒ සේරම අරන් ආවෙ හිත නිවෙන විදියෙ හරිම පිරිසිදු හැඟීමක්..

හැබැයි ඔය උඩ කිව්ව හැමදේමත් එක්ක මගෙ හිත හොල්ලපු මනුස්සයා මේ දැන් මගෙ එහා පැත්තෙන් ඉඳන් ඉන්නවාය කියලා හිතෙනකොට දැනෙන හැඟීම වචනෙන් විස්තර කරන්න තරම් මං දක්ශ නැහැ..

ටිකකින් මං එයා දිහා බලනකොට එයා හිටියෙ අර පහන් වැට දිහා බලාගෙන මොකද්ද කල්පනාවක ගිලිලා.. මට ඕනා උනා අපි දෙන්නා අතරෙ තිබ්බ නිහඬ බව බිඳලා එයත් එක්ක කතා කරන්න..

" දිනේත්‍ර.."

" ඔයා කොහොමද අපේ හොල්මනව දන්නෙ? "

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now