Chapter 23

41 4 2
                                    

23 ❄️

කුකී අද දවසම බූබු දිහා බලන් හිටියේ... එයාට තේරුනා බුබූ වෙනදට වඩා අවුලින් ඉන්නේ කියලා..ඒ නිසාම බුබුට දැනෙන් නැති වෙන්න කුකී එයා පස්සෙන් බැවුම පැත්තට හිමින් ඇවිදන් ගියා...

බෑවුම නම් ටිකක්  භය හිතෙන එකක් තමා... ඒත් මේක රාජකාරියක්.... ඊටත් වඩා බුබූ දාසොම්ගේ සිරුර දැක්ක වෙලේ ඉදන් පුදුම වේදනාවකින් ඉන්නේ... ඒ නිසාම වැරදිකාරයා අල්ලගෙන දඩුවම් දෙන්න බූට  ලොකු උවමනාවක් තිබ්බා... බුබූ දෙපාරක් නොහිතා බෑමුවට බහින්න අඩිය තිබ්බා...ඒත් වුණේ හිතපු නැති දෙයක්... බුබූගේ කකුල ලිස්සලා ගියා...

"ආහ් අක්කේ..............."

මට දැනුනේ මං මැරෙන්න යන්නේ කියලා.මොකද මේ බෑවුමේ හැටියට වැටුනොත් දාසොම්ට වෙච්ච දේම මටත් වෙනවා.... හේතුවක් මං දන්නේ නෑ ...ඒත් හැමෝටම වගේ  මතකෙට එන්නේ ඔම්මා වුනාට මගේ මතකෙට ඉස්සෙල්ලම ආවේ මාව ඔම්මා කෙනෙක්  වගේ බලාගන්න  කුකී අක්කව...

ඒත්....  මොකක් ?? මං වැ⁣ටිලා නෑ... මං ජීවත් වෙනවා...ම⁣⁣ට දැනුනා කවුරු හරි මාව  අල්ලගෙන ඉන්නවා වැටෙන්න නොදී... මං හිමීට ඇස් ඇරලා බැලුවා...

" කුකී අක්කේ...."

මං බුබූ පස්සේ ගියේම එයා හිටියෙ හොද මානසිකත්වෙක නෙවේ නිසා....මං හිතුවා හරි බුබු බෑවුමට බහින්න යන්නේ කිසිම ආරක්ෂාවක් නැතුව... මං පුලුවන් උපරිම වේගෙන්  දුවලා ගියා... ඒත් බුබූ පල්ලමට අඩිය තිබ්බා...

" බුබූ......"  මං හයියෙන් කෑ ගහුවා...

මට ... මට තාම හිතා ගන්න බෑ මට මොකක් වුනාද  කියලා... මං හිටියේ බුබූව අල්ලගෙන... මං කොහොමද මෙතන්ට ආවේ... මං දිව්වද ?? පියාඹලා ආවද... මං දන්නේ නෑ ... හැබැයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ මේ කෙල්ල තාම මං අල්ලගෙන ඉන්න නිසා...

මගේ කෑ ගැහිල්ලට අනිත් අයත් එතන්ට ආවා... ඇවිත් බූබූව උඩට ගන්න උදව්වුනා... මගේ ඇග තාම වෙව්ලනවා....  මේ මගේ නංගි... එයාට මොකක්  හරි වුනානනම් මං කොහොමද ජීවත් වෙන්නේ... මට කේන්තියයි දුකයි දෙකම...

චටාස්👋

" අක්කේ🥺🥺....මට... මට සමාවෙන්න..."

මං මට තිබ්බ කේන්තියටම බුබූගේ කම්මුලට ගැහුවා... ගහලා තද කරලා එයාව බදා ගත්තා....මට දැනෙනවා එයා ඉකි ගහනවා.... මං එහෙමම ටිකක් අඩන්න දීලා බදාගෙනම හිටියා. ටිකකින් මං බූබුව ඈත් කරලා මූණ දිහා බැලුවා.... අඩලා මූණ රතු වෙලා... මගේ අතේ පාරත් හිටලා එක කම්මුලක... මං හිමීට කම්මුල අත ගෑවා..

" ඔයා ම⁣ගේ පවුල... මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න බූ..මට ඔයාව ගොඩාක් වටිනවා.ඒක මතක තියා ගන්න..."

" හ්ම්ම්ම්ම්..."

මට කියන්න දෙයක් නෑ කුකී අක්කට.... මගේ වැරැද්ද... මං ගැන දුක්⁣ වෙන්න කී දෙනෙක් ඉන්නවද... මං කිසි සිහියක් නැතුව වැඩ කරලා  තව ටිකක් කුකී අක්කා පරක්කු වුනානම් කී දෙනෙක්ව රිද්දනවද...

" ජිවෝන්.... මෙතන ඉන්න කොන්ද පණ තියෙන පිරිමි කෙනෙක්ට කියන්න කේබල් එකක දාගෙන පරිස්සමෙන්  බෑවුම චෙක් කරන්න කියලා... මන්සුයා ටිකක් රෙස්ට් කරපුදෙන්..." 

කුකී කෙන්තියෙන් කියද්දි එතන හිටිය කොල්ලෝ ටික ලැජ්ජාවෙන් බිම බලා ගත්තා... බුබුව එක්කන් ඇවිත් පටුවක වාඩි කෙරෙව්ව කුකී ඒ අසලින්ම අසුන් ගත්තා.

" මෑම්.. මිස් මිං ජී මේ පැත්තට එනවා.. "

මතු සම්බන්දයි 🦋

Kishu ✍🏻

You've reached the end of published parts.

⏰ Last updated: Jan 17 ⏰

Add this story to your Library to get notified about new parts!

The Game Is OnWhere stories live. Discover now