Chapter 19

19 6 4
                                    

හැමෝම රාත්‍රි ආහාරය ගැනීමට එලියේ තියෙන කෑම මේසෙට ආවා. එතැන හරිම නිස්කලංක ලස්සනක් තියෙනවා කියලා හැමෝටම හිතුනා.

" මෙහෙ නම් මාරම ලස්සනයි, "

ජන්ග්කුක් නිහඩතාවය බිද දැමුවා.

" ඒක නම් ඇත්ත.. "

යුන්ගි පැවසුවේ මස් කැබැල්ලක් කන ගමන්.

බුබූ බලන් උන්නෙ ආයූ දිහා. ආගන්තුක හැගීමක් බුබූට වගේම අනිත් හැමෝටමත් දැනෙන බව බූ දන්නවා. ඒ දේ නැති කරන්න ඕනෙ ආයූ කියලත් ඇය හොදාකාරවම දන්නවා.

" ඉතින් ආයූ, මොකද කතා පෙට්ටිය වැහිලා.. "

හොබී ප්‍රමුඛත්වය ගත්තා.

" එහෙම නෑ ඔප්පා... "

" මොනාද විස්තර ඉතින් ? "

" මේ දවස්වල ස්විස් යන්න ඩොකියුමන්ට්ස් හදනවා හොබී ඔප්පා.. "

කට්ටිය මුහුණින් මුහුණ බලා ගත්තේ ඇයගෙ තීරනය වෙනස් වී නොමැති බව තේරුම් ගනිමින්.

රාත්‍රී කෑමෙන් පසුව හැමෝම වේලපහා නිදා ගන්න ගියෙ අද මහන්සි දවසක් නිසා.

" බූ, තාම මොකද කරන්නෙ වොශ්රූම් එකේ...? "

පැයකට ආසන්න කාලයක් යුන්ගි බලන් උන්නෙ බුබූ වොශ්රූම් එකෙන් එලියට එනකම්.

" මොනා කරනවද අහන්නෙ අනේ.. ඔයා වොශ්රූම් ගිහින් කරන දේවල්ම තමා මාත් කරන්නෙ... "

යුන්ගිගෙ මූන රතු වෙලා පුපුරන්න ලං වෙලා තිබ්බේ. තවත් යමක් කීමට පෙරම බුබූ එලියට ආවා.

" යුන්ගි බබා මොකද මේ මූන රතු කරන්න්න්න්න්... "

" ඔය ෆෝන් එක නම් අහුවෙන්න තියන්න එපා මට... ඕක අරන් ඇතුලට ගියාම මිනිහෙක් මැරුනත් ගානක් නෑ.. "

" හහ් හහ් හා 😂... "

බුබූගෙ හිනාවට තවත් පුපුරමින් යුන්ගි වොශ්රූම් එකට ගිහින් දොර වහගත්තා. ඒත් එක්කම යුන්ගිට ඇහුනෙ පාරෙන් වාහනයක් ස්ටාර්ට් කරන හඩක්. හරියටම එය ඔවුන් නැවතී සිටි නවාතැන අසලින්මයි.

යුන්ගි ඉක්මනට මුහුණ හෝදගෙන එලියට ආවේ බුබූට කියන්න. ඒ එද්දිත් බූට නින්ද ගිහින්. ඇයව නොඇහැරෙන්න ඇදේ පැත්තකින් යුන්ගි ඇල උනා.

The Game Is OnWhere stories live. Discover now