Chapter 16

35 7 0
                                    

වෙනදා මෙන් විමර්ශන වලට සොල් වලින් පිට යනවා උනත්, මේ වතාවේ මාස ගානකට පසුව කට්ටියගෙ හිත් වල අමුතු හැගීමක් තිබ්බා. ඒකට හේතුව අද බුබූ එක්ක යුන්ගි වගේම, කුකී එක්ක හොබා යනවා. ඉතින් කෙල්ලෝ දෙන්නගෙ මූණවල් අද මල් දෙකක් වගේ.

ඒත් එක ප්‍රශ්නයක් තිබ්බා, ඒ ආයූ...

'' කුකී... ආයූ එන්නේ නෑ කිව්වද? ''

'' අලුත් කම්පිටිශන් එකට ප්‍රැක්ටිස් කිව්වා, එන්න ආස උනත් විදිහක් නෑ කිව්වේ... ''

පාන්දර දෙන්නම නැකිටගෙන උදේ කෑම ලෑස්ති කරන ගමන් දේවල් බෙදාගන්නවා. ඒ පුරුද්ද එදා වගේම අදත් නොවෙනස්ව තියෙනවා දෙන්නා අතර.

'' මට දුක ජන්ග්කුක් ගැන... ''

'' ඇයි ඒ? ''

කුකී ඇහැව්වේ උණුසුම් බෝතලයට තේ දාන ගමන්.

'' ඌට දෙන්න තරම් වෙලාවක් අපේ එකීට දැන් නෑ.. මට හිතෙන විදිහ‍ට ආයූ ජන්ග්කුකාව මගඅරිනවා.. ''

කුකී හිස වනමින් කල්පනා කලා. හදලා ඉවර උන දේවල් දෙන්නා කතාබහක් නැතුවම බෑග් වලට දාන්න පටන් ගත්තේ මේ යාලුකමට වෙන්න යන්නේ මොකක්ද කියලා හිතමින්.

'' බූ,, වෙලාව 5.15යි.. වොශ් එකක් දාන් ලෑස්ති වෙන්න.. ''

'' ඕකේ,, ඔයත් යන්න.. ''

'' මං ආයුව බලාගෙනම යන්නම්.. ''

කුකී පඩිපෙල නැගන් උඩට යන විදිහ බුබූ බලන් උන්නේ කලකිරීමෙන්.

'' අනේ මන්දා, හැමදේම වෙන්නේ හොදට කියනවනේ... ''

බුබූ එහෙම කියාගෙනම කාමරයට ගියා.

ආයූගෙ කාමරේ දොර හිමීට විවර කරගෙන ඇතුලට ආව කුකී ඇදේ කොනකින් සද්ද නොකර වාඩි උනා.

' සනීපෙට නිදි... '

හිමින් මිමිණූ කුකී නැකිට ශීට් එක හොදට ආයූව වැහෙන සේ දමමින් ඇගේ හිසට කෙටි හාදුවක් දුන්නා. අඩ නින්දෙන්ම ආයූ අනිත් පැත්ත හැරිලා ආයේ නිදා ගත්ත විදිහ දැකලා කුකීගෙ මුවේ සිනහවක් ඇදුනා. විනාඩි 5ක් පමණ ඇය දිහා බලන් උන්න කුකී නැවතත් ආ‍යූගෙ අතක් අල්ල ගත්තේ හරි පරිස්සමින්.

' ඔච්චර වෙනස් වෙන්න එපා ආයූ, ඔයා අපෙන් ඈතට යනවා වගේ නෙවෙයි ආයේ මෙතැනට එන්න ඕන උනාම. බැදීම් වලින් වෙන් වෙන්න ලේසියි ආයූ, හැබැයි අපිට ආයේ ඒ බැදීම් ඕන උනත් පරණ තිබුන ආදරය නැති වෙන්න පුලුවන්. ඒක නිසා පුලුවන්නම් ඉස්සර උන්නා වගේ ඉන්න... '

The Game Is OnTempat cerita menjadi hidup. Temukan sekarang