Chapter 03

31 8 1
                                    

" බුවෑහ්.. "

ආයු වමනෙ දාද්දි කුකී පිටපස්සට වෙලා බලන් ඉදියෙ දුකින්..

" මන් උබට කිව්ව ඊයේ.. අර බුබුවගෙ කෑමත් කාලා තව  චිටෝස් එකටත් වැඩේ දෙන්න එපා කියලා. දැන් හරිද.. කෝ ඉන්න මේ බෙහෙත් ටික බොන්න.."

   කුකී එයා අරන් ආපු ගෑස්ට්‍රයිටිස් වලට බොන පෙති ටිකයි වතුර වීදුරුවකුයි ආයුට ලං කලා..

" ඉම්ස්තූට්ගියි කුකියෝ.. මම යනව හරිද.."

ඒ වෙද්දිත් වැඩට යන්න ලෑස්ති වෙලා ඉදපු ආයු ශූස් දෙකත් දාගෙන යන්න ලෑස්ති වුනා.

" ඒ වුනාට මම නම් කියන්නෙ ආයුවෝ අද ඉදපන් කියලා . උබට වැඩි උනොත් මොකද කරන්නෙ.."

" බය වෙන්නෙපා නාකිච්චියේ.. මට මුකුත් වෙන්නෑ.."

" නාකිච්චි.. කව්ද යකෝ නාකිච්චි.. උබට වඩා අවුරුදු 2යි වැඩිමල් හහ්.."

   කුකීව තරහ ගස්සලා ආයු එලියට බැස්සා.

" ඔහොම ඉන්න.. මං එක්ක යං.. මම ඩ්‍රොප් කරන්නම්.."

" හරී.."

  ආයුව එයාගෙ ස්කූල් එක ලගින් බස්සනගෙ කුකී වැඩට යද්දි ආයු එයාගෙ ආසම තැන වුන ඩාන්සින් රූම් එකට ගියේ මගදි හම්බෙන හැමෝටම ලස්සන හිනාවක් එක්ක උදෑසන සුබපැතුම එක්කරමිනුයි.

ආයුගෙ කට කොච්චර හොදින් කිව්වත් එයා ඉදියේ හොදින් නෙමෙයි.. බඩ ඇතුලෙන් එක දිගට උදේ ඉදන් එන දැවිල්ල ආයුව අපහසුතාවෙට පත් කලා.

" ආහ්.."

  ආයු බඩත් අල්ලගෙන බිත්තියකට වාරු උනේ ඉන්නම බැරි තැන.

" මිස් ආයු.. ඕ මයි ගෝඩ්.. මොකද මේ.."

   දාඩිය පෙරාගෙන ඉන්න ආයුව මුලින්ම දැක්කෙ ආයුගෙම වයසෙ ඉන්න සූජි.

" සූජී.. හොස්පිට්ල් .. හොස්පිට්ල්.."

   ආයු අමාරුවෙන් උනත් කිව්වෙ එයාව හොස්පිට්ල් එක්ක යන්න කියලයි.

සූජි සහ තවත් කිහිප දෙනෙක් එකතු වෙලා ඉක්මනටම ආයුව හොස්පිට්ල් එක්ක ගියා.

" ඩොක්ට ජන්කුක්ට එන්න කියන්න මෙතනට. මට මගෙ වෝඩ් එකට යන්න වෙනවා."

The Game Is OnWhere stories live. Discover now