Chapter 01

209 12 8
                                    

2022

" ගුඩ් මෝර්නින්ග්!🥰"

" ගුඩ් මෝර්නින්ග් මිස්!😍 අයිස්ඩ් ඇමරිකානො එකක් නේද මිස්"

" හිහී,,, ඔව් 🤭"

" වාඩිවෙලා ඉන්න ටක්ගාලා ගේන්නම්"

"තැන්ක් යූ!"

"යු ආර් වෙල්කම්!"

දොරත් ඇරන් ඇතුලට එද්දි හැමෝම දන්නවා ඇය බොන්න ආසම දේ. ඉතින් බුබූ ගිහින් වාඩි උනේ උඩ තට්ටුවේ කෙලවරේම තිබ්බ ටේබල් එකෙන්. එතැනට හරි ලස්සනට සෝල් නගරය පේනවා. හැමදාම ආවත් එපා නොවෙන එකම තැන මෙ රෙස්ටුරන්ට් එක. මීට අවුරුදු දෙකකට විතර කලින් වැඩකට යන ගමන් කොෆී එකක් බොන්න අහම්බෙකින් ආව තැනක් මෙතන. මුලින් නම් කැෆේ තියෙයි කියලා ශුවර් එකක් තිබ්බෙ නෑ. මොකද මේක රෙස්ටුරන්ට් එකක් නිසා, ඒත් ඇතුලු වෙන තැනම තිබුන දැන්වීමෙ කෑම ජාතී, බීම ජාති හැමදෙයක්ම තියෙනවා කියලා දාලා තිබ්බා. ඇය ආස උනා ඒ දේට. හැමදේම එකම තැනකින් සහා නිදහස් තැනක්. තමන්ගෙ රස්සාවත් සමග ගැටෙන එක කෙතරම් මහන්සි වූවත් මේ තැන හරි අපූරුවට ඇගෙ මහන්සිය නැති කරනවා.එදා පටන් බුබූගේ ප්‍රියතම තැන මේ රෙස්ටුරන්ට් එක. විනාඩි 20ක පමණ දුරක් තිබුනත් ඇය නොවරදවාම එනවා. ඒත් ඒකට තව විශේශ හේතුවකුත් තිබුනා.

 ඒත් ඒකට තව විශේශ හේතුවකුත් තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මිස් කැෆේ එක 🧋"

කල්පනාවෙන් උන්න බුබූට වේටර් ලගට එනකම්වත් දැනුනේ නෑ

" ඕහ් තැන්ක්ස් 🤭"

කැෆේ එක මේස උඩින් තිබ්බ වේටර් සිනහවකින් ඇයට සංග්‍රහා කර එතනින් නික්ම ගියා. කැෆේ එකට අමතරව වෙනම බටර් කේක් කෑල්ලකුත් තියෙනවා දැක්කම ඇයගේ මුහුණේ මනමාල සිනහවක් ඇති උනේ ඉබේටමයි.

The Game Is OnWhere stories live. Discover now