Chapter 15

30 6 1
                                    

අනිද්දා ගමන ගැන බුබූ කල්පනා කරමින්ම නඩු වාර්තා ටික බලන්න ගත්තා.

රෑ 23:20ට ජන්ග්කුක් එවලා තිබ්බ මරණ පරීක්ශන වාර්තාවත් අතට ගත්ත බුබූ ජනෙල් පඩිය උඩ වාඩි වෙලාම බලන්න ගත්තේ මේ වෙලාවට නිදහස් නිසා.බුබූගෙ අවදානය එකටම යොමු උනේ ජිවෝන් ටක්ගේ බොඩී එකේ ෆොටෝස් වලට.ජන්ග්කුක් ලස්සනට ෆයිල් එක ලෑස්ති කරලා තිබ්බා. අදාල පිංතූරයෙ තිබෙන සෑම තුවාලයක්ම සිදූ වූ ආකාරය,ආයුධ,පැය ගාන,වෛද්‍යවිද්‍යාවට අනුව ඒ පහර දීම් වලදි දැනුන වේදනාවන් හරි අපුරුවට ඔහු කරුණු සදහන් කරලා තියෙනවා.

එකටම තිබ්බේ ශරීරයේ මාලු කෑවා කිව්ව තුවාල.ජන්ග්කුක් ලියා තිබෙන විස්තර අනුව,

එම මත්සයින් වදවෙමින් සිටින ඊල් වර්ගයේ මාලුවෙක්.බර ග්‍රෑම් 500ක් සහා දිග සෙන්ටිමීටර් 50ක් පමණක් වන ඔවුන් වැඩියෙන්ම සිටින්නේ හේංජූ පාලම අවට මෝය අසලයි.

" වෙයිට්...... "

බුබූ ඉක්මනින් මෙසේ අසලට ගිහින් ගත්තේ නඩු වාර්ථාව. එම වාර්ථාවට අනුව බොඩී එක ගැන පැමිනිල්ල ලැබිලා තියෙන්නේ ජම්සිල් දුම්රිය පාලම පාගමන මංතීරු අවටින්.

" ජම්සිල් වල ඉදලා හේංජූ වලට කිලෝමීටර් 26.6ක් තියෙනවා,,,, එතකොට "

ටොක් ටොක්......

" කව්ද? "

" බූ මම... "

දොර යාන්තමින් ඇරලා ඔලුව විතරක් ඇතුලට දාන් කුකී පොඩි එකෙක් වගේ කිව්ව විදිහට බුබූට හිනා.

" එන්න එන්න... "

කුකී ආවේ බිස්කට් පැකට් ටිකකුත් අරගෙන.

" ඔය මොනාද? "

" මේ නම් බිස්කට්, එතකොට මේකේ කෝපි... "

කුකී විස්තර කරමින් ගෙනාපූ ඔක්කොම පොඩි මේසයක් උඩින් තියලා බුබූගෙ මේසෙ ලග පුටුවෙන් වාඩි උනා.

" ම්ම්ම්,,, ආ ඔයා වැඩ නේ... මන් පස්සේ එන්නම්... "

" නෑ නෑ.... ඔහොම ඉන්න... මට කොහොමත් ඔයාගෙ හෙල්ප් එක ඕනේ,, දන්නවනේ ඒක.. "

.

බුබූ ෆයිල්ස් වගයක් මෙසේන් තියන ගමන් කිව්වා, දෙන්නම හිනා වෙලා අවධානයෙන් පරික්ශා කරන්න මටන් ගාත්තා.ඒ අතර මැදින් බුබූ හොයා ගත්ත විස්තරත් කිව්වා.

The Game Is OnWhere stories live. Discover now