Chapter 20

25 4 1
                                    

" අත ඇරපන් මාව... Heeelllpppp...!!!!! "

" අ.. අන්නේඒ මාව බේරගන්න.... ම් මාව ක්..කාටවත් ඇහෙන්න්න්නේ නැද්ද දෙයියනේ.... ආආආආආආආආආ..... "

" කට වහපන් "

චටාස්......!!!! 👋

පාන්දර 3:12ට විලාප තියමින් කෑගසන දා සොම් ට ඇහුම්කන් දෙන්න කෙනෙක් ඒ අවට සිටියේ නැත.

2022 12 15 උදෙන්ම සූදානම් උන දා සොම් එලියට බැස්සෙ හැමදාම තියෙන සුන්දරම හිනාවත් එක්කමයි. ඇයට අසල්වාසින් පැවසුවේ චෙඔන්සා සොම් ලෙසයි. ඇය ඒ තරමටම පුංචි සුරංගනාවියක් වගේ.

සෑම දිනකම උදේ 7:35ට නිවසින් පිටත් වන ඇය රැකියාවට යන්නෙ ආසාවෙන්. අදත් වෙනදා වගේම ඇය රැකියාවට ගියා.

" ගුඩ් මෝර්නින්ග් දා සොම්! "

" ගුඩ් මෝර්නින්ග්...! "

දා සොම්ගෙ යාලුවෝ ඇයව වට කරගත්තා.

" දා සොම් අද සර් කිව්වා පාර්ටියක් දෙනවා කියලා.. අද නම් ඉන්නම ඕනෙ ඔන්න.. "

" ඔයාලා දන්නවනෙ මන් ඉන්න පැත්ත ටිකක් අවුල් කියලා... ඉතින් කලුවර වෙන්න කලින් ගෙදර යන්න ඕනෙ.. අනික අප්පා මන් එනකම් බලන් ඉන්නවා එවුන් ජී... "

එවුන් ජී, දා සොම්ගෙ හොදම යාලුවා. ඇය වෙනදා පාර්ටිස් වල රෑ උනොතින් දා සොම්ව ගෙවල් ලගින් ඩ්‍රොප් කරන් යනවා.

" මන් උබව ගෙදරින් දාන්නම්.. අනික බන් එච්චර ‍රෑඅ වෙන්නෙ නෑ කිව්වා සර්.. දැන් වෙන කතා බෑ ඕකේ.. ප්ලීස් බන් උබ නැතුව මට එතන ඉන්න බෑ.. "

එවුන් ජීගෙ කරදරය නිසාම දා සොම් හා කිව්වා.

රෑ 9ත් පහු වෙනකම් කිසිම කෙනෙක්ට ගෙදර යන්න අදහසක් තිබ්බෙ නෑ. දා සොම් රැදි සිටියේ ඇයව ගෙදරින් ඩ්‍රොප් කරන්නම් කිව්ව නිසා. ඒත් එවුන් ජී ටිකක් විතර මත් වෙලා කියලා ඇය දන්නවා.

ට්‍රීං......! ට්‍රීං......! ට්‍රීං......! 📱📱📱📱

" අප්පා "

" දා සොම්.. තාම පාර්ටිය ඉවර නැද්ද දරුවෝ..!! "

" තව ටිකෙන් ඉවර වෙයි අප්පා.. කෑම කෑවද අප්පා?"

" ඔව් පුතේ... පරිස්සමින් ගෙදර එන්න එහෙනම්.. එලියෙ ගොඩක් සීතලයි ජැකට් එක දාගෙන හොදට කවර් කරන් එන්න.... "

The Game Is OnNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ